ගංජා ගැන ඔබ දන්නේ මොනවාද?

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ගංජා ගැන ඔබ දන්නේ මොනවාද?


    ගංජා... මාර ආතල් නේද?:P කියවලම බලන්නකො..:rofl:

    cannabis_leaf.gif

    ලංකාවේ ඉතාම බහුල ලෙස භාවිතා වන නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වනුයේ කැනබිස්, හෙරොයින් හා ඕපියම් ය. ලංකාවේ වගා කරනු ලබන එකම මත්ද්‍රව්‍ය වනුයේද කැනබිස් ය. එය රටේ නැගෙනහිර සහ දකුණු පළාත් වල වියළි කලාපයේ බහුලව වගා කෙරේ. හෙක්ටාර් 500 පමණ කංසා වගා කර ඇතැයි සැලකෙයි.


    ශ්‍රී ලංකාවේ කැනබිස්, මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන නිසා, ඕස්ට්‍රේලියාවට හා යුරෝපා රටවලට නීති විරෝධී ලෙස අපනයනය කරනු ලබයි. 1996 වන විට ලංකාවේ කංසා භාවිතා කරන්නන් ගණන 200,000 පමණ වන බව වාර්තා වේ.


    කැනබිස් යනු නීතිවිරෝධී මෙන්ම හානිකර මත්ද්‍රව්‍යකි. පොළිස් වාර්තාවන්ට අනූව ලංකාවේ කැනබිස් භාවිතය ඉහළ යන බව පෙනේ. ගම්බද හා නගරබද විශාල පිරිසක් දිනපතා කංසා භාවිතා කරති. කංසා යනු මිනිස් සිරුරට හානිකර නොවන ආයුර්වේදීය ඔසුවක් බව බොහෝ දෙනාගේ මතයයි.


    මෙය සම්පූර්ණයෙන්ම වැරදි අදහසකි. පර්යේෂණ හෙළිකරන අන්දමට, කංසා භාවිතය නිසා බරපතල මානසික මෙන්ම සමාජයීය බලපෑම්ද ඇතිවිය හැක. මේ ආකාරයේ වැරදි මත තුරන් කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යාපනය මෙන්ම ඖෂධ පිළිබඳ දැනුමක්ද සමාජය තුළ ව්‍යාප්ත කිරීම අත්‍යවශ්‍ය වේ.


    ආයුර්වේද ඖෂධ සඳහා අවශ්‍ය වන කංසා සීමිත වශයෙන් වගාකිරීම දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් නීතිගත කරන ලද අතර, මෙය බොහෝ දෙනාගේ කුතුහලයට හේතු විය. ඒ, ලංකාව තුළ කංසා "අන්තරායකර ඖෂධයක්" ලෙස ගැනෙන බවත්, කංසා වගාව, නිපදවීම, ළඟතබා ගැනීම, විකිණීම, අපරාධ ගණයට ගැනෙන බවත්, සියළු දෙනා පාහේ දන්නා බැවිනි.


    කැනබිස් ගැන සැබවින්ම අප දන්නේ මොනවාද? දේශීය වශයෙන් එය "කංසා" ලෙස හැඳින්වේ. මෙම ශාකයෙන් නිපදවන මත්ද්‍රව්‍ය "ගංජා" නම් වේ. කැනබිස් වනාහි "Narcotic" වර්ගයේ මත්ද්‍රව්‍යක් වන අතර, පුරාතන හිංදු සාහිත්‍යයට හා දේශීය ආයුර්වේදයට අනූව එය ඖෂධීය හා වේදනානාශක ගුණයෙන් යුක්ත වන්නකි.


    පාසැල් අසළ කුඩා වෙළෙඳසැල්වල විකුණනු ලබන "මදන මෝදක ගුලි" පාසැල් යන වයසේ පිරිමි ළමුන් අතර ඉතා ජනප්‍රිය වේ. එසේම, මදන මෝදක යනු ආයුර්වේදීය ඖෂධයක් වන අතර, ආයුර්වේද සංස්ථා හා නීතිගත ආයුර්වේද වෙළඳසැල් වල විකුණනු ලබයි. මදන මෝදක පිළියෙල කරන ආකාරයද ශ්‍රී ලංකා ආයුර්වේද ඹෟෂධ සංග්‍රහයෙහි දැක්වෙන අතර, කැනබිස් ශාකයේ පත්‍ර සහ බීජ සහ තවත් ආයුර්වේදීය ශාක එහි අඩංගු වේ. ලිංගික උත්තේජකයක් වශයෙන්ද වශයෙන් හා ආහාර රුචිය අඩු කිරීම ආදීය සඳහා මදන මෝදක උපයෝගී කරගනී.


    කැනබිස් භාවිතය නිසා උදාසීනකම, සීතීමේ දුර්වලතාවන්, නිදිමත ස්වභාවය හා තම එදිනෙදා සනීපාරක්ෂක කටයුතු අතපසුවීම යන ගැටළු ඇති වේ.


    කැනබිස් භාවිතය තුළින් උන්මාද රෝග වැළඳීමේ අවධානම ඉහළ යන අතර, psychosis වැළදුනු අයගේ සුවය ලැබීමේ සම්භාවිතාවයද අඩු කරවයි. කැනබිස් භාවිතය හා psychosis වැළඳීමේ ප්‍රවණතාවය අතර සැලකිය යුතු සම්බන්ධතාවයක් පවතී. මෙය cannabis - induced psychosis ලෙස හැඳින්වේ.


    Psychosis තත්වය යටතේ තර්කාන්විත සිතිවිලි හා සංවේදනයන්ට බරපතල ලෙස බාධා සිදු වේ. Psychosis වැළඳුන රෝගියෙකුට ව්‍යාජ දැනීම් (hallucinations) හා මිත්‍යා විශ්වාසයන් (delusions) ඇතිවිය හැකි අතර, පෞරුෂත්ව වෙනස්කම් හා අවුල් සහගත සිතිවිලිද උද්ගතවිය හැකි වෙනත් ලක්ෂණ වේ. දැනටත් මානසික රෝගයකින් පෙළෙන අයෙකු තුළ නැවත හටගැනීමක් ඇති කරවීමද කැනබිස් භාවිතය නිසා සිදුවිය හැක.

    වැඩේ මාර ආතල්ද? මාරක ආතල්ද?
    :nerd::nerd::nerd::nerd:

     

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    ekane ban hadata yanawa kiyanne.manasika athal ekak nathuwa jeewithata lankawe idan hadata yanna puluwanda? :P:P:D mada pamanata ganeema kookatath hodai.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පිස්සු හැදෙයි.... කොහෙද ඉතින් අපේ මිනිස්සුන්ට ඕවා තේරෙන්නේ නැහැනේ.. ලාබෙට ලොකු ආතල් එකක් ලැබෙන නිසා මල් ගහනවා....

    ස්තූතියි මචං දැනුවත් කිරීමට... :D
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Wow..Dannethi dewal godak denagaththa :D..
    Godakma tharuna aya athara meka janaprioya wenne trend ekak widiyata..godakma nodanuwath kama hindai..meka kiyawalath samahara ayata danenne naha eh hinda idiriyata " psychosis" ganath thread ekak damu :yes:
     

    Similar threads