ගංජා නීතිගත කිරීමට යයි....

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගංජා නීතිගත කිරීමට යයි....

    marujuana_300_199.jpg

    උරුගුවේ පාර්ලිමේන්තුව මරිජුවානා (ගංජා) නීතිගත කිරීමට යයි.මෙම පනත මේවන විට උරුගුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් අනුමත කර ඇති අතර එය ඉදිරියේදී සෙනෙට් සභාවට ඉදිරිපත් කිරීමට නියමිතයි. සෙනට් සභාව මගින් මෙම පනත සම්මත කළහොත් උරුගුවේ රාජ්‍යය මරිජුවානා නීතිගත කළ ලොව ප්‍රථම රාජ්‍යය බවට පත්වන බව විදෙස් වාර්තා කියයි

    මෙම පනත සම්මත වුවහොත් ගංජා නිෂ්පාදනය බෙදාහැරීම සහ අළෙවිය නිදහසේ සිදුකිරීමට අවස්ථාව ලැබේ. මෙමගින් වඩා අනතුරුදායක හෙරොයින් ,හෂීස් වැනි මත්ද්‍රව්‍ය භාවිතය අතහැර බොහෝ පිරිසක් ගංජා පානයට එක්වනු ඇතැයි රජය අපේක්ෂා කරයි. එමෙන්ම නීති විරෝධී ලෙස මෙම කටයුතු පවත්වාලෙන යාමේදී සිදුවන අපරාධ,මිනීමැරුම් ආදිය මෙමගින් අවම වනු ඇති බව රජයේ විශ්වාසයයි.

    මෙම ගංජා මිලදී ගැනීමට රජයේ දත්ත පද්ධතියක ලියාපදිංචි විය යුතු අතර එමගින් එම පුද්ගලයා වයස අවුරුදු 18ට වැඩි බව සනාථ විය යුතුය.එලෙස සනාථ වීමෙන් පසු මසකට ගංජා ග්රූම් 40ක් බැගින් මිලට ගැනීමට එම පුද්ගලයාට නීතිමය අවසරය හිමිවෙයි.
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    මරිජුවානා නීතිගත කළ ලොව ප්‍රථම රාජ්‍යය ????