ගංජා පර්යේෂක ආචාර්ය වැලිඅංගේ ගංජා වැව්වා කියා තණමල්විලදී අත්අඩංගුවට!

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,255
    8,264
    113
    M-Town

    ගංජා පර්යේෂක ආචාර්ය වැලිඅංගේ ගංජා වැව්වා කියා තණමල්විලදී අත්අඩංගුවට!

    ගංජා පිළිබඳව විවිධ පර්යේෂණ පවත්වන පර්යේෂකයෙකු වන ආචාර්ය වසන්ත වැලිඅංග මහතා ගංජා වගාවක් පවත්වාගෙන යමින් සිටියදී ඊයේ (20දා) අත්අඩංගුවට ගත් බව තණමල්වල පොලීසිය පවසයි.

    තණමල්විල ප්‍රදේශයේ පිහිටී කතරගම දේවාලයට අයත් බව කියන ඉඩමක ආචාර්ය වසන්ත වැලිඅංග මහතා ගංජා වගා කර ඇති බවට කතරගම ඉඩම් නිලධාරි විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු සමග එම ඉඩමේ වගා කර තිබූ ගංජා පැළ 685ක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

    ගංජා ශාකයේ භාවිතාවන් පිළිබඳව හා ගුණාත්මක භාවයන් සම්බන්ධයෙන් ඔහු විසින් සිදුකරන ලද පර්යේෂණයන් පිළිබඳව ග්‍රන්ථයක්ද එළිදක්වා ඇති අතර, ඔහු පසුගිය කාලය පුරාම ගංජා නීතිගත කරන ලෙස ඉල්ලමින් සමාජයේ හඩක් නැගු පුද්ගලයෙකුද වෙයි. ගංජා සම්බන්ධයෙන් විවිධ පර්යේෂණ සිදුකරන අයෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අප කළ විමසීමකදී උසස් පොලිස් නිලධාරියෙකු පැවසුවේ, ආචාර්ය වසන්ත වැලිඅංග මෙවැනි පර්යේෂණ කිරීම සඳහා කිසිදු නීතිමය අවසරයක් ලබාදී නොමැති බවයි.

    ඒ අනුව ගංජා වගා කිරීමේ වරද යටතේ අත්අඩංගුවට පත් ආචාර්ය වසන්ත වැලිඅංග වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.







    ගහක් මතු උනා මේ මිහිපිට සරුව
    මලක් හිනැහුනා ඒ මහා ගහ දැරුව
    පලක් නෑ තවත් පසු බැස්සොත් දරුව
    තවත් ගහක්! පණ දෙමු අපි හැම මැරුව

     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,508
    47,680
    113
    ඕකත් ඉරාජ් කාරයගෙ+අාණ්ඩුවෙ මාකටිං පාරක්ද මංද.ඉරාජය ගෑවුන දෙයක් විශ්වාස කරන්නන බෑ..මතකනේ බැන්ඳ කියලත් බොරු කියල සිංදුවක් මාකට් කරා..
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    තෙල් ඕනි නෑ ගොඩ එන්න. මේක හරියට මොනිටර් කරල කරා නන්. ගන්ජ බොනව කියන එක ඔය ගහෙන් ගන්න තියෙන අනික් ප්‍රයෝජන එක්ක බලද්දි වැලි ඇටයක් වගේ පොඩි දෙයක්.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    Ganja newe adu gane industrial hemp wawanam cbd oil walin loku ganak ratata ganna tibba.china wala cbd oil walin billion ganan profit gannawa
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Nodanna nisa ahanne....Ganja walain rath karala bona eka araenna wena ganna deyak aththema ndda?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    අනේ බන් මේ ගංජා වවල රට ගොඩගන්න. නිකන් බයිල ගහන්න එපා බන්. ගංජා වලට වඩා ඉල්ලුමක් තියෙන ගස් තමයි තේ පොල් රබර්. කීයෙන් කීයද හම්බෙන්නෙ.
    වෙන ගහක් වවපන්කො ඔච්චර ඕනෙනන්.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    One of the main reasons cannabis is so widely grown, UNODC said, is because of its low labor costs and high returns. Three times cheaper to cultivate than opium, the net income from a hectare of cannabis is $3,341 compared to $2,005 for opium.

    - 2010 news report

    Legal Marijuana Market Report Scope

    Report AttributeDetails
    Market size value in 2021USD 13.5 billion
    Revenue forecast in 2028USD 70.6 billion
    Growth RateCAGR of 26.7% from 2021 to 2028
    Base year for estimation2020
    Historical data2014 - 2019
    Forecast period2021 - 2028
    Quantitative unitsRevenue in USD million/billion and CAGR from 2021 to 2028


    If Government can establish a Government entity and focus on Legal Marijuana exports under the extreme supervision of the legal authorities, we can make some dollars.

    be493a58-7ed5-4d42-b2f1-17ff84f2c3ff.jpg