ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.
ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ.
.
.
.
.
.
.
.
.
.
.
..
ලබන ජූලි මාසයේ සිට ඖෂධහල් වෙතින් ගංජා මිලදී ගැනීමේ ඉඩකඩ සැලසීමට උරුගුවේ රාජ්‍යය පියවර ගෙන ඇත.
මේ සමග වෛද්‍ය නිර්දේශයකින් තොරව ගංජා නිත්‍යානුකුලව අලෙවිකරන පළමු රට බවට උරුගුවේ පත්වනු ඇත.
2013 වසරේදී ගංජා වෙළෙඳාම නිත්‍යානුකුල කිරීමට පැනවුණු නීතියත් සමග මේ පියවර ඉදිරියට ගෙන යැවිණි.
එහෙත්, එය ක්‍රියාත්මක වීම මන්දගාමී විය.
නව නීතිය අනුව ගැනුම්කරුවන් ජාතික වශයෙන් ලියාපදිංචිවීම අවශ්‍ය වන බව උරුගුවේ ජනාධිපතිවරයාගේ සහායක හුවාන් අන්ද්‍රේස් රොබල්ලෝ පැවසීය. මේ අනුව ගංජා ග්‍රෑම් 1ක් ඩොලර් 1.30 ක් මිලකට අලෙවි කෙරෙනු ඇත.
ලියාපදිංචිවන්නන් උරුගුවේ පුරවැසියන් හෝ ස්ථිර නෙවාසිකයින් වීම අනිවාර්යවන අතර මසකට ග්‍රෑම් 40ක (අවුන්ස 1.4) උපරිම ගංජා ප්‍රමාණයක් මිලදී ගත හැකිය.
මීට අමතරව නිවෙස්වල ගංජා වැවීමට හෝ ගංජා වගා කිරීමේ නියුතු සමූපකාර සමාජ හා සම්බන්ධාවීමේ හැකියාවද නීතිය මගින් සලසාලනු ලැබ ඇත.
කෙසේවෙතත්, මිල පාලනයකට යටත් කෙරෙන ගංජා අලෙවියෙන් ලැබිය හැකි මුල්‍යමය ප්රතිලාභ කෙරෙහි ඖෂධහල් හිමියෝ සැක පළකරති.
මේ අතර ජාතික වශයෙන් ලියාපදිංචිවීම හරහා සිය පුද්ගලිකත්වයට හානි පැමිණෙන බවට මැසිවිලි නගන ඇතැම් උරුගුවේ ගැනුම්කරුවන් මාසික මිලදී ගැනීමේ සීමාවකට යටත්වීමටද අකමැත්ත පළකර ඇත.
මේ වනවිට ඖෂධහල් 16ක් සමග උරුගුවේ ආණ්ඩුව ගනුදෙනුවට එළැඹ සිටින අතර එය තවත් ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.
ලියාපදිංචිය ඇරඹීමට පෙර මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙනු ඇති බවද ජනාධිපතිවරයාගේ සහයකයා පැවසීය.
මේ වන විට ගන්ජා ප්‍රබල ඖශධයක් ලෙස ලොව පුරා භාවිතයට ගනිමින් තිබෙනවා. විශේෂයෙන්ම පිළිකා නාශකයක් ලෙස ගංජා භාවිතය සීඝ්රයෙන් ඉහල යමින් පවතිනවා. පහත වීඩියෝවෙන් ගන්ජා නිස්සාරනයෙන් ඖශධ නිපදවන ආකාරය දැකගත හැකිය.