ඖෂධ මාෆියාව වැඩ පෙන්වයි! ඖෂධ 160ක් හදිසි මිලදී ගැනීමක 💊💲

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    13,094
    27,685
    113
    ඖෂධ වර්ග 160 ක් හදිසි මිලදී ගැනීම් යටතේ ගෙන්වීමට සැලසුම් කර තිබෙනවා.

    ඒ අනුව ඖෂධ හිඟය මාස දෙකක් ඇතුළත මගහරවා ගැනීමට අවශ්‍ය මිලදී ගැනීම් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ ය.

    පිළිකා සදහා අවශ්‍ය වන ඖෂධ වර්ග 65 ක් මේ වන විට ඇනවුම් කර ඇති අතර මෙරටට ආනයනය කරන ඖෂධ වෙනුවෙන් සාමාන්‍යයෙන් මාස 06 ක කාලයක් ගතවන බැවින් හදිසි මිලදී ගැනීම් ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ ය.

    කෙසේ වෙතත්, වත්මන් ආර්ථීක රටාවට අනුව නිර්දේශිත ඖෂධ පමණක් ගෙන්වීමට සැලසුම් කර ඇත.

    ---

    සෞඛ්‍ය අමාත්‍යාංශය පාලන වෙමින් ඇත්තේ ඖෂධ මාෆියාවේ යෙදෙන සමාගම් කිහිපයක් සමග විසින් බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරයි.

    එහි සභාපති රවි කුමුදේශ් මහතා පෙන්වා දෙන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාට වෘත්තිය සමිති මර්දනයට බල කරමින් සිටින්නේ මෙම සමාගම් බවයි.

    මෙම සමාගම් විසින් කියන කියන තාලෙට අමාත්‍යවරයාත් නටනවාද යන්න වෘත්තීය සමිති බලා සිටින බවත් ඔහු පැවසීය.

    සෞඛ්‍ය සේවාවේ වියදම හතර ගුණයකින් වැඩි වී ඇති නමුත් විදුලි බිල් ඇතුළු අත්‍යවශ්‍ය සේවා සැපයුම් වලට ගෙවීම් සිදුකර නොමැති බවද පැවසූ ඔහු විදුලි බිල නොගෙවූවාට තුන් ගුණයක් වැඩි මිලට ගත් වෛද්‍ය උපකරණ මිලට ගනිමින් සිටින බවත් චෝදනා කරයි.

    තවත් ඖෂධ වර්ග 130ක් දේශීයව මිලදී ගැනීමක් සිදු කිරීමට පසුගිය සතියේ අනුමැතිය ලබාදී ඇති බවත් එයින් ඖෂධ මිල හතර ගුණයකින් වැඩි වන බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.