ගංවතුර VAT

hardwell123

Member
Feb 4, 2017
77
7
0
Worth to share

ගංවතුර සහ නායයාමෙන් පීඩාවට පත් සිය සහෘදයන් වෙනුවෙන් සිදුකරන මෙහෙවර සඳහා, මේ දිනවල සෙසු ශ්‍රී ලාංකික ජනතාව වියපැහැදම් කරන දෛනික මුදල දළව ඇස්තමේන්තු කළොත් මෙසේය:
ආහාර (පිසූ සහ අමුද්‍රව්‍ය) - රු. මිලියන 8
පානීය ජලය - රු. මිලියන 6
ඖෂධ, වෛද්‍ය උපකරණ - රු. මිලියන 5
ගෘහ හා සනීපාරක්ෂක මෙවලම් - රු. මිලියන 4
ඉන්ධන සහ ප්‍රවාහනය - රු. මිලියන 1.5
දුරකථන සහ සම්බන්ධීකරණ - රු. මිලියන 1
එකතුව - රු. මිලියන 25.5.
ආපදා සහන අවශ්‍ය තීරණාත්මකම වකවානුව සති තුනක් සේ සැලකුවහොත් (ඉන්පසු කෙරෙන සියළු ආධාර නොසලකා හරිමු), සමස්ත පරිත්‍යාගශීලී ජනතා වියදම රුපියල් මිලියන 535.5 කි.
මේ දැවැන්ත ප්‍රජා සත්කාරය වෙනුවෙන් ඔබ මිලදීගත් හෑම වතුර බෝතලයකටම; හෑම ළූණු පරිප්පු කිලෝවකටම, පැනඩෝල් පෙත්තකටම; පාරක් අහගන්නට කෝල් එකක් ගන්ට දමාගත් හැම රීලෝඩ් එකකටම, 15%ක VAT එකක් වශයෙන් බදු වැදී ඇත
එනම්, සබ්බ-සකලමනාව විනාස වී ජීවතේ පවත්වාගෙන යන්ට වෙර දරනා සහෘද ශ්‍රී ලාංකිකයන් පන්ලක්ෂයක කුසගින්න ව්‍යාධිය දුරලන ඔබේ මෙම වෑයම තුළින් ද, අපේ ආණ්ඩුව රුපියල් මිලියන 80.5ක් ගසාගෙන ඇත.
ආපදා සහන වෙනුවෙන් රජය වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 45 ක් පමණි.
වෙනත් වචනයෙන්:
2017 නිරිත දිග මෝසම නිසාවෙන් සිදු වූ මනුශ්‍ය සංහාරයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව රුපියල් මිලියන 35.5ක ලාභයක් ඉපයීමට නියමිතව ඇත.
- - -
තීරුබදු රහිත තවත් BMW 730 හෝ Mercedes S 350 යක් ගෙන්විය හැක.

Copied from Buddhika Dassanayake
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    2017 නිරිත දිග මෝසම නිසාවෙන් සිදු වූ මනුශ්‍ය සංහාරයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව රුපියල් මිලියන 35.5ක ලාභයක් ඉපයීමට නියමිතව ඇත.
    - - -
    තීරුබදු රහිත තවත් BMW 730 හෝ Mercedes S 350 යක් ගෙන්විය හැක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,112
    31,870
    113
    Kuveni1.gif