ගං දෑල දොඩමළුය............

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    ගං දෑල දොඩමළුය............

    ගං දෑල දොඩමළුය
    ලංවෙලා දියවරට...
    පුරපසේ සොමි කිරණ
    නැග එන්න මගෙ හිතට...

    සේපාලිකා මල් සුවඳ
    ගෙන ඇවිත් මගේ හිතට...
    සුළං රැල නුඹ කොහේ
    දුර ගිහින් සැඟවුණිද...

    ආදරය පිරීගිය
    සිනාවෙන නුඹේ නයන...
    පෙනී නොපෙනී හිඳියි
    සිහිනයේ මම නිදන...

    විල් තෙරේ තඹර පෙති
    මත නේක රූ මවන...
    සඳ එළිය නුඹ කොහොම
    දැව්වාද මගේ සිහින...


    ~dreamzd~

    **අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
     
    Last edited:
    • Like
    Reactions: TakurZ and rcccc