ගඩාපි අපට සමාවෙනු මැනවි
කඩා වැටෙන මන්දිර සමතලා වී
බිඳී වැටෙන සිහිනය හුදෙකලා වී
දිනෙන් දිනම මරණය වෙත ලඟා වී
බාලා සිටිති ලොව නුඹ දෙස ගඩාපී
නුඹේ පැත්ත ගන්නට බෑ නුඹ වැරදී
නුඹට එරෙහි එරටුන් කොහොමත් වැරදී
ඇත්තක් ඇතත් පැත්තක් නැති විප්ලව වී
අරාබියේ වස්සානය ජන ගොස වී
බලය නුඔට දුන්නේ සිය ජනතාවයි
බලය මතින් කළ දෑ ආ පිට පෙරලෙයි
ගෙදර ගියත් මග සිටියත් දැන් ඉවරයි
ජන බල සෙනඟ ධනයට වැඩියෙන් ඉහලයි
ටියුනීසියා ඊජිප්තුව පසු කරමින් ලිබියාව
වයිරස් වගේ පැතිරී දැන් සිරියාව
ලෝකය වෙනස් වන බව නම් සහතිකය
ජනයා පෙලන කාටත් හොඳ පාඩම්ය
උදය ආර්. තෙන්නකෝන්
කඩා වැටෙන මන්දිර සමතලා වී
බිඳී වැටෙන සිහිනය හුදෙකලා වී
දිනෙන් දිනම මරණය වෙත ලඟා වී
බාලා සිටිති ලොව නුඹ දෙස ගඩාපී
නුඹේ පැත්ත ගන්නට බෑ නුඹ වැරදී
නුඹට එරෙහි එරටුන් කොහොමත් වැරදී
ඇත්තක් ඇතත් පැත්තක් නැති විප්ලව වී
අරාබියේ වස්සානය ජන ගොස වී
බලය නුඔට දුන්නේ සිය ජනතාවයි
බලය මතින් කළ දෑ ආ පිට පෙරලෙයි
ගෙදර ගියත් මග සිටියත් දැන් ඉවරයි
ජන බල සෙනඟ ධනයට වැඩියෙන් ඉහලයි
ටියුනීසියා ඊජිප්තුව පසු කරමින් ලිබියාව
වයිරස් වගේ පැතිරී දැන් සිරියාව
ලෝකය වෙනස් වන බව නම් සහතිකය
ජනයා පෙලන කාටත් හොඳ පාඩම්ය
උදය ආර්. තෙන්නකෝන්