ගඩාෆිගේ රත්රන් පිස්තෝලය
ගඩාෆිගේ රත්රන් පිස්තෝලය හමුවෙයි -Photo
ගඩාෆිව මැරුවේ අවුරුදු විස්සක කොල්ලෙක්ලු
ලිබියානු නායක කර්නල් මුවම්මර් ගඩාෆි සර්ට් නගරය ආසන්නයේ අපවහන නලයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගන්නා විට ඔහු සතුව රත්රන් පිස්තෝලයක් තිබූ බවත් ඔහු බොරු කොණ්ඩයක් පැළඳ සිටි බවත් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ බ්‍රහස්පතින්දා උදෑසන 8.30 ට පමණ ගඩාෆිගේ රථ පෙළකට ප්‍රංශ ගුවන් යානා විසින් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බවයි.
පසුව ලිබියානු නායකයා මෙම අපවහන නලයේ සැඟවෙන්නට ඇතැයි විශ්වාස කරන බව මෙම මාධ්‍ය වාර්තා අනාවරණය කරන අතර ඔහු කැරළිකරුවන් විසින් අත්අඩංගුවට ගන්නා විට දෙපා වලට හා පසු පසට වෙඩි වැදී තිබුණු බව සඳහන්ය.
ගඩාෆිව කැරළිකරුවන් විසින් ජීවග්රහයෙන් අල්ලා ගත්බව දැක්වෙන වීඩියෝ දර්ශනද මේ වනවිට ලොව පුරා විකාශය කර තිබෙන අතර පසුව ඇතිවූ වෙඩි හුවමාරුවකින් ගඩාෆි මරණයට පත්වූ බව පැවසුවද එම සිද්ධිය එතරම් පැහැදිලි නැත.
කෙසේවෙතත්, ගඩාෆි මියගිය පසුව ඔහුගේ ශරීර කොටස් ඩී.එන්.ඒ. පරීක්ෂණ වලට බඳුන් කර ඔහුගේ අනන්‍යතාවය තහවුරු කරගත් බව සඳහන්ය.
වසර 42 ක් ලිබියාව පාලනය කළ ගඩාෆි අවසන් මොහොතේත් භාවිතා කළ බව පැවසෙන රත්රන් පිස්තෝලයක් කැරළිකරුවන් විසින් මේ වනවිට මාධ්‍ය වෙත පෙන්වා තිබෙන අතර අවුරුදු 20 ක් පමණ වන මොහොමඩ් අල්-බිබි නැමති තරුණයා අතින් ගඩාෆි මැරුම් කෑ බව වැඩිදුරටත් වාර්තා වේ.
ගඩාෆිගේ රත්රන් පිස්තෝලයේ සේයාරූ මෙන්න.