ගඩාෆි ඝාතනයෙන් දස වසකට පසුත් වසන්තය නුදුටු ලිබියාව

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අරගලකරුවන්ටත් ආණ්ඩුබලය‍ේ සිටින අයටත් හ‍ොද පාඩමක් .. අපි යායුත්ත‍ේ ක‍ොතනටද කියා ...

    4ucqDKeTJkOSplWt_%E0%B6%A7%E0%B7%8A%E0%B7%8F.jpg

    ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆි ඝාතනයට ලක් වී පසුගිය ඔක්තෝබර් 20 වැනිදාට දශකයක් සපිරුණා. "ආරාබි වසන්තය" නම් ලද මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාව මූලික කරගත් විරෝධතා රැල්ලත් සමඟ ලිබියාව තුළ ඇති වූ ගැටුම්කාරී වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස ගඩාෆි ඝාතනයට ලක් වුණා.
    අරාබි වසන්තය යනු උක්ත සඳහන් කලාපීය රාජ්‍යන්යහි පැවති පාලන තන්ත්‍රවල ස්වභාවය වෙනස් කොට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මාවතකට ඒ රටවල් අවතීර්ණ කරවීමට ගත් උත්සාහයක් ලෙස හැඳින්විය හැකි යි. නමුත් එයට හාත්පසින් ම අනිකක් සිදු වූ ඒ නැඟීසිටීම්වල දේශපාලන, සමාජීය හා අර්ථික බලපෑම් තවමත් ඒ රටවලින් පහ ව ගොස් නැහැ.

    PuvRBeT2xGZRS2Bu_ss.jpg
    ආරාබි වසන්තය 2011 - 2021 කාටූන් ඇසින් - Khalid Albaih - ]aljazeera.com
    වසර ගණනාවක් තිස්සේ මුවම්මර් ගඩාෆිගෙන් තොර දේශපාලනයක් ලිබියාවේ ජනතාව පැතූ බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. තම පාලනයට එරෙහි බලවේග ගඩාෆි කළමනාකරණය කළ අන්දම සහ උතුරු අප්‍රිකානු කලාපයේ අනෙකුත් රාජ්‍යයන්වලට සාපේක්ෂ ව ලිබියාව තුළ ඉතා යහපත් ආර්ථිකයක් පැවතීම යන කරුණු හමුවේ ගඩාෆිගේ පාලනය ස්ථාවරව පැවතුණා.
    මේ හේතු නිසා ටියුනීසියාවෙන් ඇරඹුණු අරාබි වසන්තය ලිබියාවට පැමිණේවියැ යි බොහෝ දෙනා අපේක්ෂා කළේ නැහැ. එහෙත්, අරාබි වසන්තයේ බලපෑම අන් කවර රාජ්‍යයකටත් වඩා ලිබියාව තුළ වර්ධනය වීම ඇරඹුණා. මූල්‍යමය වශයෙන් ස්ථාවර වීම පමණක් ලිබියානුවන්ට නිදහස සඳහා ප්‍රමාණවත් නොවන බව පෙනෙන්නට තිබුණා.
    සැබැවින් ම ලිබියානුවන් අපේක්ෂා කළ ප්‍රජාතන්ත්‍රවාදය ආරබි වසන්තය හරහා ලැබුණ ද?
    ගඩාෆි පාලන සමයට සාපේක්ෂ ව ලිබියාව අද තිබෙන්නේ කොතැන ද?
    මේ ඒ ගැන කරන සොයා බැලීමක්.

    G31bv0n6SpnsQgmU_libya-africa-map.jpg
    ලිබියාවේ පිහිටීම - .beautifulworld.com

    ගඩාෆිගේ අවසාන දවස්

    2011 මාර්තු මාසයේ එක්තරා දිනෙක මුවම්මර් ගඩාෆි ට්‍රිපොලි නගරයේ මහජන කොංග්‍රසයට පැමිණියා. එය ඔහුගේ අවසාන ප්‍රසිද්ධ හමුවීම්වලින් එකක් ලෙස ඉතිහාසයේ සනිටුහන් වුණා. වෙනදාට වඩා වයස්ගත පෙනුමක් දකින්න ලැබුණු ලිබියානු නායකයා ශාලාවට ඇතුළු වී ආවේගශීලි කතාවක් පැවැත්වූවා.
    ලිබියාවේ අර්බුදයට නේටෝ සංවිධානය මැදිහත් වුණහොත්, ලිබියාවේ අන්ති ම පිරිමියා සහ කාන්තාව දක්වා සටන් කරන බවට ඔහු ගිගුරුම් දුන්නා.
    කැරලිකරුවන් මර්නදය කිරීම ගඩාෆිට එතරම් අපහසු කටයුත්තක් නොවන්නට ඉඩ තිබුණා. නමුත්, නේටෝව මැදිහත් වුවහොත්, තත්ත්වය අතිශයින් බැරෑරුම් වීම වැලැක්විය නොහැකි වනු ඇති.

    wHWaDAFNvfoOzya0_February-22-2011-Libyan-l-011.jpg
    රට තුළ කලබල උත්සන්න වූ අවධියේ මිනිසුන් අමතන ගඩාෆි - theguardian.com
    තම පාලනයට විරුද්ධ ව කැරලි ගසන මිනිසුන් සටන අත්හරින්නේ නම් ඔවුන්ට මුදල් සහ නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවත්, තමා නැති ලිබියාව තුළ මිනිසුන් වහලුන් බවට පත්වීම වැලැක්විය නොහැකි බවත්, කොංග්‍රසය හමුවේ ගඩාෆි පවසා සිටියා.
    2011 අගෝස්තු මාසය වන විට බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය ප්‍රමුඛ ගුවන් යානා යුද්ධයට අවතීර්ණ වීමෙන් පසු ගඩාෆිට පක්ෂපාතී මිනිසුන්ගේ ගණන බෙහෙවින් අඩු වූ අතර, සිවිල් යුද්ධයේ අවසාන ප්‍රතිඵලය කැරලිකරුවන්ට වාසිදායක අයුරින් ගොඩ නැඟුණා.
    ලිබියාවේ අගනුවර වූ ට්‍රිපොලි හි බලය අහිමි වෙමින් පවතින වාතාවරණය තුළ ගඩාෆි සිය සමීපතමයන් සමඟ වෙරළබඩ නගරයක් වූ සර්ටේ වෙත පලා ගියා. සර්ටේ යනු මුවම්මර් ගඩාෆි උපන් ප්‍රදේශය වන අතර, ගඩාෆි හිතවාදී අවසාන කඳවුර බවට පත් වුණෙත් සර්ටේ ප්‍රදේශය යි.
    පුද්ගලික රියදුරකු සහ ආරක්ෂකයන් කිහිප දෙනකු සමඟ සර්ටේ කරා පැමිණි ගඩාෆි, නගර මධ්‍යයේ පිහිටි කුඩා නිවසක දී සිවිල් යුද්ධය ගැන සාකච්ඡා කිරීම පිණිස ඔහුගේ පරිපාලන නිළධාරීන් දෙදෙනකු හමු වුණා. ඉන් එක් අයකු ගඩාෆිගේ පුත්‍රයකු වූ මුතාසිම් බව පැවසෙනවා. සර්ටේ ප්‍රදේශයේ ආරක්ෂාවට අණදෙන අතරතුර මුතාසිම් නිතර ම ගඩාෆිගේ සුවදුක් විමසීමට පැමිණ තිබුණා.

    ppRBVSvfisKXB9iw_Tripoli-Street-Misrata.jpg
    සිවිල් යුද්ධයට පෙර හා පසු ට්‍රිපොලි නගරයේ වීදියක එකම ස්ථානය පෙනෙන අයුරු - anticonquista.com

    සර්ටේ බිඳ වැටෙයි

    කැරලිකරුවන් සර්ටේ නගරයට ඇතුළු වීමත් සමඟ ම නගරයේ බටහිර කෙළවරේ පිහිටි ජනගහනය අඩු ප්‍රදේශයක් කරා යෑමට ගඩාෆි උත්සහ කළ බව වාර්තා වෙනවා. දශක හතරක් ලිබියාව පාලනය කළ නායකයා අවසානයේ දී සිය ආරක්ෂකයන් සමඟ විශ්වාසවන්ත ආහාර මූලාශ්‍රයක් සොයා ගත නොහැකි තරමට අසරණ වූ බව කියවෙනවා.
    ලිබියාවේ තෙල් සම්පත හරහා ලබා ගත් ධනස්කන්ධය තීරණාත්මක අවස්ථාවේ දී ගඩාෆිගේ පිහිටට පැමිණියේ නැහැ. කෝලාහල හමුවේ අතහැර දැමූ නිවාසවලට රිංගා ගත් ආරක්ෂකයන් ගඩාෆි වෙනුවෙන් කෑම සෙවීමට පවා පෙලඹුණා. ජල ටැංකි බොහෝමයක් සටන් අතරතුර විනාශ වූ නිසා පානීය ජලය සොයා ගැනීමත් දුෂ්කර වුණා. අවසාන දින කිහිපයේ දී ගඩාෆි වැඩි කාලයක් කුරාණය කියවීමට සහ යාච්ඤා කිරීමට යොදා ගත් බව සඳහන්. සන්නිවේදන මූලාශ්‍ර සියල්ල ම පාහේ අහිමි ව ගොස් තිබූ හෙයින්, අවට ලෝකය ගැන දැනුම්වත් වීමත් ගඩාෆිට පහසු වුණේ නැහැ.

    bmtRO4XiNvSmKq7p_Libya-A-Militant-s-Pa_Horo-e1495917415990.jpg

    ගැටුම්වලින් විනාශ වූ සර්ටේ නගරයේ දර්ශනයක් - timesofisrael.com
    ආරක්ෂක තත්ත්වය දිනෙන් දින අභියෝගයට ලක් වන පසුබිම තුළ සර්ටේ නගරයෙන් ගඩාෆි ඉවත් කර ගැනීමට මුතාසිම් ඇතුළු ගඩාෆි හිතවාදීන් සැලසුම් කළා. කැරලිකරුවන්ගේ බලමුළුව බිඳ හෙළිය හැකි සන්නද්ධ රථ පෙළක් සංවිධානය කොට නගරයෙන් පලා යෑම ඔවුන්ගේ සැලසුම වුණා. එහෙත්, කැරලිකරුවන් ඔවුන්ට පෙරාතු ව නියමිත ස්ථානවල ස්ථානගත ව සිටියා. පලා යන ගඩාෆිගේ රථ පෙළට ප්‍රහාරයක් එල්ල වූ අතර, සැණෙකින් සන්නද්ධ රථ පෙළේ බලය බිඳ වැටුණා.
    ආරක්ෂාව පතා ගඩාෆි අසල පිහිටි ජලාපවහන නළයක් තුළට රිංගා ගත් නමුත්, කැරළිකරුවන් ඔහු සොයා ගෙන දරුණු වද හිංසාවකට ලක් කළා. කැරළිකරුවන් ගඩාෆිට අමානුෂික අන්දමින් පහර දෙන අයුරු අන්තර්ජාලයේ පවා එකල ප්‍රසිද්ධියට පත් වුණා. ඒ සමඟ ම ලිබියාවේ නායකයා ලෙස වසර 42 ක් මුවම්මර් ගඩාෆි දැරූ භූමිකාව අවසන් වුණේ ලිබියාවේ අනාගතය අවිනිශ්චිත කරමින්.

    dSf5zb4FVsfuZGpF_libya_gaddafi_dead_drainage_ditch.jpg
    ගඩාෆි සැඟවීමට උත්සහ කළායැ යි කියන ජලාපවහන පද්ධතිය - www.pri.org

    ගඩාෆිට පෙර ලිබියාව

    දෙවන ලෝක යුද්ධයේ සිට 1951 නිදහස ලබා ගැනීම දක්වා ලිබියාව බටහිර ජාතීන්ගේ සූරාකෑමට ලක් වෙමින් ඉතා දුඛිත තත්ත්වයක පසු වුණා. නිදහස ලබා ගැනීමෙන් පසු ඉද්‍රිස් රජුගේ මූලිකත්වයෙන් පිහිටුවා ගත් රාජාණ්ඩුවට පවා වැටී සිටි ආගාධයෙන් ලිබියාව ගොඩ ගැනීමට හැකි වුණේ නැහැ. ඉද්‍රිස් රජුගේ පාලනයත් එක්තරා අන්දමක බටහිර ගැති දුර්වල පාලනයක් වීම ඒ සඳහා මූලික ව ම බලපෑවා.
    නිදහසින් පසු ව පවා බ්‍රිතාන්‍යය සිය ආර්ථික සහ යුදමය අවශ්‍යතා ප්‍රවර්ධනය කරන ස්ථානයක් ලෙස ලිබියාව යොදා ගත්තා. 1959 දී ලිබියා භූමියෙන් තෙල් සංචිත සොයා ගැනුණත්, එයින් ලබා ගත් ධනය නිසි අයුරින් ජනතාව අතර බෙදී ගියේ නැහැ. බලවත් මූල්‍ය විෂමතාව හමුවේ ලිබියාවේ ජනතාව අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, සමාජ ආරක්ෂණය සහ ආර්ථිකය අතින් බොහොම පසුගාමී ස්ථානයක සිටියා.
    1969 සැප්තැම්බර් 1 වන දින මුවම්මර් ගඩාෆිගේ නායකත්වයෙන් යුත් කැරලිකාර හමුදා නිලධාරින් කණ්ඩායමක් ඉද්‍රිස් රජුට එරෙහි ව කුමන්ත්‍රණයක් සිදු කළ අතර, එය අරාබි ජාතිකවාදයෙන් කුළු ගැන්වුණු විප්ලවයක් ආකාරයෙන් ඉස්මතු වුණා. විප්ලවය හමුවේ ඉද්‍රිස් රජුගේ රාජාණ්ඩුව අභාවයට ගිය අතර, ගඩාෆි පාලන යුගය ආරම්භ වුණා.

    A4nQAKIauh5lWBKu_EZ1ezwIWkAAiZpR.jpg
    ගඩාෆි යටතේ ලිබියාව අත් කරගත් දියුණුව සැකෙවින් - twitter.com

    ගඩාෆි යටතේ ලිබියාව

    1969 විප්ලවයේ ජයග්‍රහණය ලිබියාව නවමු මාවතකට යොමු කිරීමේ ආරම්භක පියවර ලෙස සනිටුහන් වුණා. පිහිටුවා ගත් නව රජය යටතේ ඛනිජ තෙල් සම්පතෙන් ලැබෙන ආදායම ජනගහනය අතර බෙදා හැරීමේ වැඩපිළිවෙළක් ගඩාෆි ආරම්භ කළා.
    රට තුළ ආර්ථික හා සමාජ සංවර්ධනය වැඩි දියුණු කිරීම සඳහා වූ අලුත් ආකෘතියක් ගොඩනංවමින් එම මුදල් බෙදා හැරීම ඇරඹුණා. බටහිර ඛනිජ තෙල් සමාගම් ජනසතු කිරීම හරහා ආර්ථික ස්වෛරීභාවය රැක ගැනීමේ ප්‍රතිපත්තියක් මත ගඩාෆි ක්‍රියා කළ බව පෙනෙන්නට තිබුණා.

    සහනදායී සමාජ වැඩසටහන්​

    ගඩාෆිගේ පාලන කාලය පුරා ම අධ්‍යාපනය, සෞඛ්‍යය, නිවාස, විදුලිය, ජලය සහ මූලික ආහාර අවශ්‍යතා සඳහා සහනදායී සමාජ වැඩසටහන් ක්‍රියාත්මක වුණා. 1969 දී අප්‍රිකා මහද්වීපයේ දුප්පත් ම රටක සිට 2011 වසරේ මානව සංවර්ධන දර්ශකයට අනුව මහද්වීපයේ ප්‍රමුඛයා වීම දක්වා ලිබියානුවන්ගේ ජීවන තත්ත්වය සැලකිය යුතු මට්ටමෙන් ඉහළ දැමීමට ගඩාෆි ක්‍රියා කළා.
    එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනට අනුව 2010 දී මැද පෙරදිග සහ උතුරු අප්‍රිකානු කලාපීය රාජ්‍යයන් අතර ඉහළ සංවර්ධිත මට්ටමක් ඇති රාජ්‍යයක් ලෙස ලිබියාව සැලකුණා. එහි සාක්ෂරතාව 90% ට ආසන්න වූ අතර, ආයු අපේක්ෂාව අවුරුදු 74.5 තරම් ඉහළ අගයකින් පවත්වා ගැනීමට ලිබියාව සමත් වුණා. අරාබිකරයේ අනෙකුත් රාජ්‍යයන්ට සාපේක්ෂව ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවත් ඉහළින් ම පැවතුණා.

    nIoBPKg9I8HNFoGk_77374810001_5836571725001_1236233826001-vs.jpg

    කැරලිකරුවන් ගඩාෆි අල්ලා ගත් මොහොත - military.com
    ලිබියානු භූමියේ විවිධ සම්ප්‍රදායයන් හා සම්භවයන් ඇති ජන වර්ග රාශියක් ජීවත් වෙනවා. මේ එක් එක් ජන වර්ග එකිනෙකා සමඟ ගැටීමේ සම්භාවිතාව සහ ඔවුන් කලාපීය වශයෙන් වෙන් වෙන් ව ජීවත් වීම යන ගැටලු සමඟ ගඩාෆිට නිතරම කටයුතු කරන්න සිද්ධ වුණා. මෙම තත්ත්වය නිසි ආකාරයෙන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වුවහොත්, අභ්‍යන්තර ගැටුම් පවා හට ගැනීමේ හැකියාවක් තිබුණා.
    ගඩාෆි පාලනය මේ එක් එක් කලාප අතර පවත්නා සබඳතාව හැකිතාක් අවම වන අයුරින් පවත්වා ගැනීමට කටයුතු කළා. සෑම ප්‍රදේශයක් ම එක හා සමානව සංවර්ධනය කිරීමෙන් එක් කලාපයකින් තවත් කලාපයකට සංක්‍රමණය වීමේ අවශ්‍යතාව අවම වෙනවා. ලිබියාවේ සාමය පිළිබඳ ව ඔහු නිරතුරුව ම ඒ අයුරින් සැලකිලිමත් වුණා.

    ITZlNEguD8a6N9pn_cde.jpg

    මුවම්මර් ගඩාෆි, මාගරිටා දූපතේ 2009 සැප්තැම්බර් 27 දා පැවති අප්‍රිකා-දකුණු අමරිකා සමුළුවේ දී - reuters.com

    අප්‍රිකාවේ ඉහළ ම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය

    ගඩාෆි ඝාතනයට ලක්වන විට ලිබියාව අප්‍රිකාවේ ඉහළ ම ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය පෙන්වූ රාජ්‍යය බවට පත් ව තිබුණා. නෙදර්ලන්තයටත් වඩා අඩු පිරිසක් දරිද්‍රතා රේඛාවට පහළින් සිටීමට තරම් ලිබියාව සෞභාග්‍යමත් වී තිබුණා.
    ගඩාෆිගේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තරමක් ආන්තික ස්වභාවයක් ගත් බව පෙනෙන්නට තිබුණා. ඔහු එක්සත් ජනපදය ප්‍රමුඛ බල කඳවුරේ සහයෝගය ප්‍රතික්ෂේප කළ අතර, අරාබි රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වූවා. ගඩාෆි යනු අරාබි රටවල් එක්සත් කිරීම සහ අරාබි ජාතිකවාදය අඩංගු මතවාදයක් මත පිහිටා කටයුතු කළ පුද්ගලයෙක්. මෙය අමෙරිකාව ප්‍රමුඛ බල කඳවුරේ දැඩි වෛරයට හේතු වුණා. මීට අමතරව, වෙනිසියුලාව, කියුබාව, ප්‍රංශය, රුසියාව වැනි රටවල් සමඟ සමීප සබඳතා පැවැත්වීමටත් ඔහු උනන්දු වුණා.

    VgzPaTkZtZkGts0t_1971-Libyan-leader-Muamma-024.jpg

    තරුණ මුවම්මර් ගඩාෆි - theguardian.com
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113

    අතීතය සිහිනයක් පමණ යි!

    ගඩාෆිගේ පාලන සමය කොතරම් සෞභාග්‍යමත් වුවත්, ඔහුගේ පාලන තන්ත්‍රය අතිශයින් ඒකාධිපති ස්වරූපයක් ගත්තා. ලිබියාවට දේශපාලන පක්ෂ හෝ ව්‍යවස්ථාවක අත්දැකීමක් ගඩාෆි යටතේ ලබන්නට හැකි වුණේ නැහැ. වෘත්තීය සමිති හෝ සමාජයක් ලෙස සංවිධානගත වීමේ අවකාශයත් පුරවැසියන්ට තිබුණේ නැහැ.
    ගඩාෆි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් රාජ්‍ය තන්ත්‍රයේ වැදගත් භූමිකා නිරූපණය කිරීම, අධික ධනයක් ඔවුන් වටා කේන්ද්‍රගත වීම, වැනි කරුණු ලිබියානුවන් කලක් තිස්සේ නිහඬ ව ඉවසා දරා ගෙන සිටියා. සරල ව ම, මුවම්මර් ගඩාෆි යන පුද්ගලයා වටා කේන්ද්‍රගත වූ පද්ධතියක් නිර්මාණය කිරීම හැර ලිබියානු පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු නොවූ තරම්.

    qc75HcnzgOuSnI26_bbb.jpg

    ආරාබි වසන්තය 2011 - 2021 කාටූන් ඇසින් - Khalid Albaih - ]aljazeera.com
    ගඩාෆි කොතරම් ශක්තිමත් නායකයකු වුවත්, පුද්ගල කේන්ද්‍රගත පාලනය හමුවේ දුර්වල නායකයකු අනාගතයේ දී පත් වුවහොත්, ලිබියාවේ සෞභාග්‍යය දිගට ම රැකේවියැ යි සිතීම උගහට යි. අරාබි වසන්තය හරහා ලිබියානුවන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මඟකට ප්‍රවිෂ්ට වී එම අවදානමෙන් මිදීමට උත්සහ කළත්, ගඩාෆිගේ ඝාතනයෙන් පසු ලිබි‍යානුවන්ට නිවැරදි දැක්මක් තිබුණේ නැහැ. ගඩාෆි අවසන් ගමන් ගියේ ඔහු ගොඩනැඟූ පද්ධතියත් සමඟ යි.
    කැරැල්ල ආරම්භ වූ දා පටන් ලිබියාවේ මුදා ගත් ප්‍රදේශ පාලනය කළ තාවකාලික රජයන් සහ සිය ගණන් ගුවන් ප්‍රහාර එල්ල කරමින් ලිබියාව සුනු විසුණු කළ නේටෝ හවුල්කරුවන්ට පශ්චාත් ගඩාෆි සමයේ ලිබියාව සඳහා යථාර්වාථදී සැලසුමක් ලබා දීමට නොහැකි වුණා. අවසානයේදී යන එන මං නැති අරාජික රාජ්‍යයක් බවට ලිබියාව පත් වුණා.

    Ap6Sw84z0XIadwlp_%E0%B6%82%E0%B7%92.jpg

    මුවම්මර් ගඩාෆි මධ්‍යම මින්ස්ක් හි වික්ටරි චතුරශ්‍රයේ මල් වඩම් තැබීමේ උත්සවයකට සහභාගී වී - reuters.com

    ගඩාෆි විරෝධී කැරැල්ල අතරතුර හමුදා පුහුණුව ලැබූ සිවිල් කණ්ඩායම් ලිබියාව පුරා අදටත් විසිරී සිටිනවා. ඔවුන් ලිබියාව තුළ භීෂණය වපුරමින් කලකට ඉහත සෞභාග්‍යමත් රාජ්‍යයක් ව පැවති ලිබියාව දිනෙන් දින අඳුරු ආගාධයකට ඇද දමමින් සිටිනවා.

    සරණාගතයන් වූ ලිබියානුවෝ

    අද ලිබියාව යනු ඉරාකය, සිරියාව, යේමනය තරමට ම අනාගතය අවිනිශ්චිත වූ අසමත් රාජ්‍යයක්. ලිබියාවේ වාසය කිරීම සහ මාරයා සමඟ වාසය කිරීම අතර විශාල වෙනසක් නැති හෙයින්, බොහෝ ලිබියානුවන් බෝට්ටුවල නැඟී මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට පලා යෑමට උත්සහ කරනවා. බෝට්ටු හරහා පලා යන සංක්‍රමණිකයන් බොහෝමයක් මුහුදට බිලි වී ජීවිතක්ෂයට පත් වෙනවා. සෞභාග්‍යමත් රාජ්‍යයක ගෞරවණීය පුරවැසියාගේ සිට යුරෝපයේ සරණාගතයකු වීම දක්වා ගෙවුණු දශකය තුළ ලිබියානුවන්ගේ ජීවිත අවාසනාවන්ත පරිවර්තනයකට ලක්ව තිබෙනවා.
    ගඩාෆි විරෝධී කැරැල්ල ආරම්භ වනවිට බොහෝ තරුණ සටන්කරුවන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලිබියාවක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත්, අද ඔවුන්ට සන්නද්ධ කල්ලි වලට එකතු වී නොනවතින සටනක නිරත වීමට සිදු වී තිබෙනවා. ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන් ම, ආරක්ෂාව සලසා ගැනීම සඳහා හොඳ ම විකල්පය ලෙස එම තරුණයන් දකින්නේ මෙම සන්නද්ධ කල්ලිවලට එකතු වීම යි
    .
    2021-10-12T112721Z_286886209_RC2B8Q92RDKB_RTRMADP_3_LIBYA-MIGRANTS-UN.jpg

    සෞභාග්‍යමත් රාජ්‍යයක ගෞරවණීය පුරවැසියාගේ සිට යුරෝපයේ සරණාගතයකු වීම දක්වා - aljazeera.com

    උසස් අධ්‍යාපනය ලැබීමේ ඉහළ විභවයක් සහිත දක්ෂ තරුණ පරම්පරාවක් ලිබියාව සතුව තිබුණා. ඔවුන්ට අනුග්‍රහය දැක්වීමට ගඩාෆි පාලනය කිසිසේත් පැකිළුණේ නැහැ. නමුත්, අද ඔවුන්ගේ අනාගතය විපරීත සමාජ ක්‍රමයකට හසුවෙමින් තිබෙනවා.
    වසර ගණනාවක ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන ගණනක් වටිනා යටිතල පහසුකම් ලිබියාවට අහිමි වී අවසාන යි. ලිබියාවේ ආර්ථිකය ඉතා පහළ මට්ටමක දැන් පවතින අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු නිසා ඛනිජ තෙල් කර්මාන්තයත් අඩාල වෙමින් තිබෙනවා. සිරියානු යුද්ධය, ඇෆ්ගනිස්තාන අර්බුදය, වරින් වර කරළියට පැමිණෙන ඊශ්‍රායල්-පලස්තීන අර්බුදය හමුවේ ලිබියාවේ සැබෑ තත්ත්වය කාලයත් සමඟ ජගත් ප්‍රජාවගේ සංවේදනයෙන් ඈත් වීමත් සිදු වුණා.

    කවුද වැරදි..?

    වර්තමාන ලිබියාවට සාපේක්ෂ ව ගඩාෆි යටතේ වූ ලිබියාව දහස් ගුණයකින් යහපත් වුණත්, ලිබියාවේ වර්තමාන ශෝකාන්තයට මුවම්මර් ගඩාෆිත් වග කිව යුතු බව දේශපාලන විචාරකයන් පවසනවා. ජනතාව බලාපොරොත්තු වන වෙනස්කම්වලට ඇහුම්කන් දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ පාලන තන්ත්‍රය තුළ සිදු කළා නම් ලිබියාවේ ස්වාධීනත්වය මෙතරම් ඉක්මනින් බිඳ නොවැටෙන්න ඉඩ තිබුණා. වසර 42 ක ගඩාෆි පාලනය මාස කිහිපයක සිවිල් යුද්ධයකින් බිඳ වැටීමට තරම් ජනතාව තුළ ක්‍රියාත්මක වූ විරෝධයේ පසුබිම මෙහි දී අවතක්සේරු කළ නොහැකි යි.
    රටක නායකයෙක් යනු තවත් එක මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයන් වෙනස් වනසුලු යි. නායකයකුගේ ආකල්ප, විශ්වාස, ක්‍රියා කලාපය, දරණ දේශපාලන මතවාදය සහ අනාගතය ගැන සිතන අන්දම වෙනස් වන පුරවැසි මනුෂ්‍ය ස්වභාවයත් සමඟ නොගැළපීමේ හැකියාව කාලයත් සමඟ වර්ධනය විය හැකි යි. එවිට ඔහු හෝ ඇය කොත‍රම් ශක්තිමත් නායකයකු වුවත්, වෙනස් විය නොහැකි නම් ජනතාවගේ සිත් තුළින් ප්‍රතික්ෂේප වීම ඇරඹෙනවා. ඒ අනුව ලිබියාව ආරම්භයේදී ම ජනතාවාදී පාලන තන්ත්‍රයකට ප්‍රවිෂ්ට නොවීමේ ප්‍රතිඵලය දශක ගණනාවකට පසු දැන් අත්විඳිමින් සිටිනවා.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව

    අතීතය සිහිනයක් පමණ යි!

    ගඩාෆිගේ පාලන සමය කොතරම් සෞභාග්‍යමත් වුවත්, ඔහුගේ පාලන තන්ත්‍රය අතිශයින් ඒකාධිපති ස්වරූපයක් ගත්තා. ලිබියාවට දේශපාලන පක්ෂ හෝ ව්‍යවස්ථාවක අත්දැකීමක් ගඩාෆි යටතේ ලබන්නට හැකි වුණේ නැහැ. වෘත්තීය සමිති හෝ සමාජයක් ලෙස සංවිධානගත වීමේ අවකාශයත් පුරවැසියන්ට තිබුණේ නැහැ.
    ගඩාෆි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් රාජ්‍ය තන්ත්‍රයේ වැදගත් භූමිකා නිරූපණය කිරීම, අධික ධනයක් ඔවුන් වටා කේන්ද්‍රගත වීම, වැනි කරුණු ලිබියානුවන් කලක් තිස්සේ නිහඬ ව ඉවසා දරා ගෙන සිටියා. සරල ව ම, මුවම්මර් ගඩාෆි යන පුද්ගලයා වටා කේන්ද්‍රගත වූ පද්ධතියක් නිර්මාණය කිරීම හැර ලිබියානු පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු නොවූ තරම්.

    qc75HcnzgOuSnI26_bbb.jpg

    ආරාබි වසන්තය 2011 - 2021 කාටූන් ඇසින් - Khalid Albaih - ]aljazeera.com
    ගඩාෆි කොතරම් ශක්තිමත් නායකයකු වුවත්, පුද්ගල කේන්ද්‍රගත පාලනය හමුවේ දුර්වල නායකයකු අනාගතයේ දී පත් වුවහොත්, ලිබියාවේ සෞභාග්‍යය දිගට ම රැකේවියැ යි සිතීම උගහට යි. අරාබි වසන්තය හරහා ලිබියානුවන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී මඟකට ප්‍රවිෂ්ට වී එම අවදානමෙන් මිදීමට උත්සහ කළත්, ගඩාෆිගේ ඝාතනයෙන් පසු ලිබි‍යානුවන්ට නිවැරදි දැක්මක් තිබුණේ නැහැ. ගඩාෆි අවසන් ගමන් ගියේ ඔහු ගොඩනැඟූ පද්ධතියත් සමඟ යි.
    කැරැල්ල ආරම්භ වූ දා පටන් ලිබියාවේ මුදා ගත් ප්‍රදේශ පාලනය කළ තාවකාලික රජයන් සහ සිය ගණන් ගුවන් ප්‍රහාර එල්ල කරමින් ලිබියාව සුනු විසුණු කළ නේටෝ හවුල්කරුවන්ට පශ්චාත් ගඩාෆි සමයේ ලිබියාව සඳහා යථාර්වාථදී සැලසුමක් ලබා දීමට නොහැකි වුණා. අවසානයේදී යන එන මං නැති අරාජික රාජ්‍යයක් බවට ලිබියාව පත් වුණා.
    Ap6Sw84z0XIadwlp_%E0%B6%82%E0%B7%92.jpg

    මුවම්මර් ගඩාෆි මධ්‍යම මින්ස්ක් හි වික්ටරි චතුරශ්‍රයේ මල් වඩම් තැබීමේ උත්සවයකට සහභාගී වී - reuters.com

    ගඩාෆි විරෝධී කැරැල්ල අතරතුර හමුදා පුහුණුව ලැබූ සිවිල් කණ්ඩායම් ලිබියාව පුරා අදටත් විසිරී සිටිනවා. ඔවුන් ලිබියාව තුළ භීෂණය වපුරමින් කලකට ඉහත සෞභාග්‍යමත් රාජ්‍යයක් ව පැවති ලිබියාව දිනෙන් දින අඳුරු ආගාධයකට ඇද දමමින් සිටිනවා.

    සරණාගතයන් වූ ලිබියානුවෝ

    අද ලිබියාව යනු ඉරාකය, සිරියාව, යේමනය තරමට ම අනාගතය අවිනිශ්චිත වූ අසමත් රාජ්‍යයක්. ලිබියාවේ වාසය කිරීම සහ මාරයා සමඟ වාසය කිරීම අතර විශාල වෙනසක් නැති හෙයින්, බොහෝ ලිබියානුවන් බෝට්ටුවල නැඟී මධ්‍යධරණී මුහුද හරහා යුරෝපයට පලා යෑමට උත්සහ කරනවා. බෝට්ටු හරහා පලා යන සංක්‍රමණිකයන් බොහෝමයක් මුහුදට බිලි වී ජීවිතක්ෂයට පත් වෙනවා. සෞභාග්‍යමත් රාජ්‍යයක ගෞරවණීය පුරවැසියාගේ සිට යුරෝපයේ සරණාගතයකු වීම දක්වා ගෙවුණු දශකය තුළ ලිබියානුවන්ගේ ජීවිත අවාසනාවන්ත පරිවර්තනයකට ලක්ව තිබෙනවා.
    ගඩාෆි විරෝධී කැරැල්ල ආරම්භ වනවිට බොහෝ තරුණ සටන්කරුවන් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලිබියාවක් ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටියත්, අද ඔවුන්ට සන්නද්ධ කල්ලි වලට එකතු වී නොනවතින සටනක නිරත වීමට සිදු වී තිබෙනවා. ජීවනෝපාය මාර්ගයක් ලෙස මෙන් ම, ආරක්ෂාව සලසා ගැනීම සඳහා හොඳ ම විකල්පය ලෙස එම තරුණයන් දකින්නේ මෙම සන්නද්ධ කල්ලිවලට එකතු වීම යි.
    2021-10-12T112721Z_286886209_RC2B8Q92RDKB_RTRMADP_3_LIBYA-MIGRANTS-UN.jpg

    සෞභාග්‍යමත් රාජ්‍යයක ගෞරවණීය පුරවැසියාගේ සිට යුරෝපයේ සරණාගතයකු වීම දක්වා - aljazeera.com

    උසස් අධ්‍යාපනය ලැබීමේ ඉහළ විභවයක් සහිත දක්ෂ තරුණ පරම්පරාවක් ලිබියාව සතුව තිබුණා. ඔවුන්ට අනුග්‍රහය දැක්වීමට ගඩාෆි පාලනය කිසිසේත් පැකිළුණේ නැහැ. නමුත්, අද ඔවුන්ගේ අනාගතය විපරීත සමාජ ක්‍රමයකට හසුවෙමින් තිබෙනවා.
    වසර ගණනාවක ගැටුම්වල ප්‍රතිඵලයක් ලෙස ඩොලර් බිලියන ගණනක් වටිනා යටිතල පහසුකම් ලිබියාවට අහිමි වී අවසාන යි. ලිබියාවේ ආර්ථිකය ඉතා පහළ මට්ටමක දැන් පවතින අතර, ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලු නිසා ඛනිජ තෙල් කර්මාන්තයත් අඩාල වෙමින් තිබෙනවා. සිරියානු යුද්ධය, ඇෆ්ගනිස්තාන අර්බුදය, වරින් වර කරළියට පැමිණෙන ඊශ්‍රායල්-පලස්තීන අර්බුදය හමුවේ ලිබියාවේ සැබෑ තත්ත්වය කාලයත් සමඟ ජගත් ප්‍රජාවගේ සංවේදනයෙන් ඈත් වීමත් සිදු වුණා.

    කවුද වැරදි..?

    වර්තමාන ලිබියාවට සාපේක්ෂ ව ගඩාෆි යටතේ වූ ලිබියාව දහස් ගුණයකින් යහපත් වුණත්, ලිබියාවේ වර්තමාන ශෝකාන්තයට මුවම්මර් ගඩාෆිත් වග කිව යුතු බව දේශපාලන විචාරකයන් පවසනවා. ජනතාව බලාපොරොත්තු වන වෙනස්කම්වලට ඇහුම්කන් දී අවශ්‍ය ප්‍රතිසංස්කරණ පාලන තන්ත්‍රය තුළ සිදු කළා නම් ලිබියාවේ ස්වාධීනත්වය මෙතරම් ඉක්මනින් බිඳ නොවැටෙන්න ඉඩ තිබුණා. වසර 42 ක ගඩාෆි පාලනය මාස කිහිපයක සිවිල් යුද්ධයකින් බිඳ වැටීමට තරම් ජනතාව තුළ ක්‍රියාත්මක වූ විරෝධයේ පසුබිම මෙහි දී අවතක්සේරු කළ නොහැකි යි.
    රටක නායකයෙක් යනු තවත් එක මනුෂ්‍යයෙක්. මනුෂ්‍යයන් වෙනස් වනසුලු යි. නායකයකුගේ ආකල්ප, විශ්වාස, ක්‍රියා කලාපය, දරණ දේශපාලන මතවාදය සහ අනාගතය ගැන සිතන අන්දම වෙනස් වන පුරවැසි මනුෂ්‍ය ස්වභාවයත් සමඟ නොගැළපීමේ හැකියාව කාලයත් සමඟ වර්ධනය විය හැකි යි. එවිට ඔහු හෝ ඇය කොත‍රම් ශක්තිමත් නායකයකු වුවත්, වෙනස් විය නොහැකි නම් ජනතාවගේ සිත් තුළින් ප්‍රතික්ෂේප වීම ඇරඹෙනවා. ඒ අනුව ලිබියාව ආරම්භයේදී ම ජනතාවාදී පාලන තන්ත්‍රයකට ප්‍රවිෂ්ට නොවීමේ ප්‍රතිඵලය දශක ගණනාවකට පසු දැන් අත්විඳිමින් සිටිනවා.
     
    • Like
    Reactions: gayan.w

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ලිබියාවට දේශපාලන පක්ෂ හෝ ව්‍යවස්ථාවක අත්දැකීමක් ගඩාෆි යටතේ ලබන්නට හැකි වුණේ නැහැ. වෘත්තීය සමිති හෝ සමාජයක් ලෙස සංවිධානගත වීමේ අවකාශයත් පුරවැසියන්ට තිබුණේ නැහැ.
    ගඩාෆි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පමණක් රාජ්‍ය තන්ත්‍රයේ වැදගත් භූමිකා නිරූපණය කිරීම, අධික ධනයක් ඔවුන් වටා කේන්ද්‍රගත වීම, වැනි කරුණු ලිබියානුවන් කලක් තිස්සේ නිහඬ ව ඉවසා දරා ගෙන සිටියා. සරල ව ම, මුවම්මර් ගඩාෆි යන පුද්ගලයා වටා කේන්ද්‍රගත වූ පද්ධතියක් නිර්මාණය කිරීම හැර ලිබියානු පාලන තන්ත්‍රයේ වෙනසක් සිදු නොවූ තරම්.

    රාජපක්ෂලා යටතේ ලංකාව වගේ. පාර්ලිමේන්තුවක්‌ තියෙනවද නැද්ද වත් ගානක් නෑ ගෙදර ඉඳන් පවුලේ අයට ඕන විදිහට විතරයි තීරණ ගන්නේ 😅
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,740
    87,149
    113
    ආශ්චර්යමත් රටක
    ගඩාෆි අයින් කරාම නේ උන්ට කලවුනේ. අපිට කෙළවුණේ සෙට් එකක් බලේ ඉද්දි..

    ඉතුරු බිතුරු වෙලා ඉන්න අසරණ බයියො තවත් අසරණ කරන්න එපා. උබලට හිතක් පපුවක් නැද්ද 🤭