ගණිකාවකගේ කදුළු කතාව...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ගීතයක් හරවත් වියයුතුය - තේරවිල්ලක් නොවිය &#351

    ඉහත සදහන් අරුත්පුන් ගීතයේ අදහස අපහා බෙදාගැනීමට අදහස් කිරීම ගැන මේ ලිපිය පලකල සොයුරාට ස්තුති!!!

    නමුත් මටත් ඔබ සදහන්කල අදහස හා එකගවීමට අපහසු බව සදහන් කිරීමට සිතේ... මෙම ගීතය "මාතර ආච්චී" නම් සිංහල සිනමා පටයට අයත්වුවකි...එහි කතාහරය ඔබ සදහන්කල ගී-අරුත හා පැහැදිලි සම්බන්දකමක් නොදක්වන බව මගේ හැගීමයි.... එලෙසම මගේ අදස නමි "ගීතයක් හරවත් වියයුතුය - තේරවිල්ලක් නොවිය යුතුය" යන්නයි....

    පහත අදහස හා මාද එකගවේ.....




    'සඳකඩපහණක' ගීතය අරුත් සුන් ගීයක් නොව 'අරුත් පුන්' ගීයක් වන්නා සේම එය දුලබ ගේය පද රචනයක් ද බව අපේ හැඟීමයි. එය වදනින් වදන සීරුවෙන් අමුණමින් කැටයම් කළ පිරිපුන් සඳකඩපහණකි. මෙය ගනිකාවක් සදහා ගායනා කල ගියක් නෙවො.. මෙවන් බොලද තෙරුමක් මෙතරම් සියුම් පදගැලපිමක් තුල තිබිය හැකිද ??? :no::no::no::no::no::no:


     

    Koalabanti

    Well-known member
  • Mar 12, 2012
    1,601
    527
    113
    ටසිරිලක
    ඉහත සදහන් අරුත්පුන් ගීතයේ අදහස අපහා බෙදාගැනීමට අදහස් කිරීම ගැන මේ ලිපිය පලකල සොයුරාට ස්තුති!!!

    නමුත් මටත් ඔබ සදහන්කල අදහස හා එකගවීමට අපහසු බව සදහන් කිරීමට සිතේ... මෙම ගීතය "මාතර ආච්චී" නම් සිංහල සිනමා පටයට අයත්වුවකි...එහි කතාහරය ඔබ සදහන්කල ගී-අරුත හා පැහැදිලි සම්බන්දකමක් නොදක්වන බව මගේ හැගීමයි.... එලෙසම මගේ අදස නමි "ගීතයක් හරවත් වියයුතුය - තේරවිල්ලක් නොවිය යුතුය" යන්නයි....

    අදහස් දැක්වූවාට ස්තූතියි.. ගීතයක් ලියවුනේ කුමන අර්තයක් පදනම් කරගෙනද කියලා හරියටම දන්නේ එහි රචකයා විසිනි.... නමුත් එය අසන පුද්ගලයාගේ දැනුම අනුව එම ගීතයේ අරුත විවිදාකාරයෙන් වටහා ගන්න පුලුවන... උදාහරනයක් ලෙස ලූෂන් බුලත්සිංහල මහතා විසින් රචනා කරන ලද "කඩමන්ඩියේ දොල අයිනේ නුබව පෙනේ" ගීතයේ අර්තය වටහා ගන්නෙකුට සිතෙන්නේ එය තහනම් ප්‍රේමයක් ගැන ලියුවුනු ගීතයක් ලෙසය.. නමුත් එම ගීතය රචනා කර ඇත්තේ කුඩා ලමයෙකු සහ කඩයක් තුල විකිනීමට අති බෝනික්කෙකු සම්බන්දවයි...
     
    Last edited:

    RobinWood

    Active member
  • Jun 12, 2012
    269
    103
    43
    සඳකඩපහණක කැටයම් සේම ස්ථීර යයි පෙම්වතා සිතූ ප්‍රේමය අද පාවෙන දේදුන්නක් තරමටම වෙනස් වන සිතුවිල්ලක් පමණකි. එදා ප්‍රේමය නිසා හදවතෙහි ඇතිවූ කැලතීමෙන් හටගත් ආදරය නැමැති අකුරු වැල අද දිය බුබුළක් වන් අස්ථීර තත්වයකට පත් වී ඇත. එහි පැවැත්මක් නැත.

    ප්‍රේමයෙන් බැඳුණු කාල පරිච්ඡේදය එක්තරා යුගයක් නම් ප්‍රේමය මුහුකුරා ගොස් විවාහයට එළැඹීම යනු තවත් යුගයකි. එසේ දෙදෙනා එක්වීමේ කාලය එළැඹෙත්ම නොසිතූ විරූ ලෙස ඔවුන්ට වියෝ වන්නට සිදුවිය. එය, සංසාරගත බැඳීමක් තරමටම තහවුරුවී පැවතියා යැයි සිතූ ආදරය, පිපෙන්නට පෙර කැකූළු අවධියේදීම මැළවී යාමක් බඳුය. ඒ පිළිබඳ තැකීමක් හෝ නොමැතිව පෙම්වතිය වෙන තරුණයෙකුට විවාහ කර දී පෙම්වතා වෙතින් ඈත් කරනු ලැබ ඇත.

    මී මැස්සා මලින් මලට ගොස් සුවහසක් පෙති මත දැවටෙමින් එකතු කර ගන්නා මල් පැණි තුඩින් තුඩ එක් කරමින් වදය වෙත ගෙන යයි. එසේ වෙහෙස ගෙන එක්රැස් කළ පැණි තැන්පත් කරමින් වදය බඳින්නේ ගවුවක් පමණ ඉහළ ස්ථානයකය. ප්‍රේමවන්තයා ද එසේ සිය ප්‍රේමයේ මල්ඵල දකිනු පිණිය එයට අදාල වන සම්පත් එක්රැස් කරයි. ඒවාට ලොබ බඳියි. කළුවක් වපුරා අසහක් ගුගුරා යාම අමිහිරි අත්දැකීමකි. වහින වැස්ස මී පැණිවල තත්වය බාල කරයි. එලෙසින් ඔවුන්ගේ ප්‍රේමයට බාධා මතුවෙයි.

    පෙම්වතාගේ අතීත ප්‍රේම ලෝකය නටබුන් වී අවසාන ය. ඒ වන විට ඔවුන්ගේ ලෝකයට පිවිසෙන අනෙකෙකු ඇය වෙත හදවත විවර කර ඇත.

    ප්‍රේමය නමැති මල් කැකුළ ගසෙහි මෝදු වී කල් බලා පිපෙන්නට පෙර නටුවෙන් ගලවා, ඉන් නොනැවතී දුරක යවා ඇත. මේ නම් මිහිකත පවා නුහුලන වියෝ දුකකි. ඒ වෙනුවෙන් ගිලිහුණු කඳුළ සමුදුර කරා ඇදී යයි. ඒ කඳුළු සත් සමුදුරෙහි සැඟව ගිය කල එය වෙන් කර හඳුනාගන්නට කෙනෙකු නැති සේම පෙම්වතාගේ වේදනාව හඳුනාගන්නා අයෙකු ද නැත.

    පෙම්වතිය වෙනුවෙන් වැළපෙන පෙම්වතාගේ හදවත එක්ටැම් මැඳුරක් බඳුය. එහි බලාපොරොත්තු නමැති කවුළු පියන් පත් විවර කොට ඇත. ඇය වෙසෙන ලොව රුවන් විමානයක් විය යුතු යයි ඇගේ යහපතම පතන ඔහු සිතයි. ප්‍රේමවන්තයාගේ පොපියන හදවත ඇය වසන රුවන් විමානයෙන් මිදී පියඹා එන තුරු බලා සිටියි.
     
    • Like
    Reactions: Koalabanti