ගණිකාවන්ට සංගමයක්

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ගණිකාවන්ට සංගමයක්

    images


    වාර්තා වන අන්දමට ලංකාවේ ලිංගික ශ්‍රමිකයෝ 60,000ක් පමණ සිටිති, ඔවුන් වෙනුවන් කතා කරන්න ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර ගැනීම සදහා ලිංගික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සදහා වූ මධ්‍යස්ථානය නමින් නව සංවිධානයක් මෙරට පිහිටුවාගෙන තිබේ. මෙය පිහිටුවාගෙන තිබෙන්නේ සමාජයේ ප්‍රධාන පෙළේ සිවිල් ක්‍රියාකාරිකයන් පිරිසකගේ මූලිකත්වය මතය, නීතිඥ සේනක පෙරේරා මහතා එහි ජාතික සංවිධායක ලෙස කටයුතු කරයි.
    2015dgg1017.jpg

    මෙය ලංකාවේ මෙතෙක් කතානොකළ මාතෟකාවක්, දැන් පළමු වතාවට කතා කරන්න පටන්ගෙන තියෙනවා, එහෙම කතා නොවන්න හේතු වුණේ ගතානුගතික සමාජය නිසා, ලංකාවේ ලිංගික අධ්‍යාපනයක් නෑ එයත් යට ගහලා තියෙන්නේ. මේ පසුගාමී තත්ත්වයෙන් මිදෙන්න අවශ්‍යයි. මේ පිරිස සමාජයේම මනුෂ්‍ය කොටසක්, කම්කරුවෝ ශ්‍රමය අලෙවි කරනවා වගේ මේ ලිංගික ශුමිකයෝ ඔවුන්ගේ සේවය අලෙවි කරනවා යැයි නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

    මේ පිරිස් බොහෝවිට සමාජයේ විවිධ පීඩාවන්වට ලක්වෙති, මේ ලිංගික ශ්‍රමිකයන්ගේ කේන්ද්‍රය පුළුල් එකක්, ලෝකය පුරාම තියෙනවා, ලංකාවෙ පාරෙ දකින අය ගැන තමයි කතා කරන්නෙ, සංචාරක ව්‍යාපාරයේ මේක ප්‍රචලිතයි, මේක සමාජ තත්ත්වය මත සිදුවන දෙයක්, සමහරුන්ගේ සේවය රුපියල් 1000ට 2000ට වෙද්දි ඇතැම් අය ලක්ෂ ගණන් වලට සපයනවා, ඒක තමයි ඇත්ත, වාර්තා වන විදිහට සමාජයෙන් 50%ක් මොවුන්ගේ සේවය ලබනවා, පවතින සමාජ රටාව මතයි මේ පිරිස පහළට වැටිලා ඉන්නේ.

    සමාජයේ කොතෙකුත් පිරිස් සිටියද මේ පිරිස උදෙසා කිසිවකු පෙනී නොසිටින නිසා ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පොනීසිටින්නට තමා ඇතුළු පිරිසක් ඉදිරිපත් වූ බව නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි, මේ සංවිධානයේ ප්‍රචාරක ලේකම් තුෂාර දස්කොන්, ලේකම් වශයෙන් ප්‍රසංග ප්‍රනාන්දු සහ සම සහකාරවරුන් වශයෙන් මහේෂ්වරී සහ කුසුම් දෙපළ ක්‍රියාකරන බවත් ඒ මහතා කියා සිටී.

    මේ සංවිධානයේ පටන් ගත්තේ පසුගිය 19 වැනිදා, මේ සම්බන්ධයෙන් වාර්තාවක් රජය වෙත ඉදරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා, මේ ලිංගික ශ්‍රමිකයන් යම් පිරිස්වල ජාවාරම් වලට හසුවෙනවා, ඇතැම් විට විදේශීය රාජ්‍ය නොවන සංවිධාන හරහා සුබසාධන වැඩසටහනක් නමින් මේ පිරිස අලෙවි කරන කෑම වෙළදාම් තිබෙනවා, මේක රටට ලොකු අවදානමක්, සමහර කාන්තාවන් සමාජයේ විෂමතාව නිසා මෙතනට වැටිලා තියෙනවා, ආර්ථික දුෂ්කරතාවය, ප්‍රධාන හේතුවක්, මේ හරහා මනුෂ්‍ය ජාවාරමක් සිදුවෙනවා, පෙරදිග රටක් විදිහට පසුගාමී සංස්කෟතියක ජීවත් වන පිරිසක් විදියට මේ අයට විකල්පයක් නෑ. සමාජයේ ගොඩයාමක් නෑ. මේ අයගේ දරුවන්නටත් මේ තත්ත්වයම උරුම වෙන්න ඕනද? එතනින් මිදෙන්න සහ ඔවුනට සමාජයේ තැනක් ගෞරවයක් ගැනීම අවශ්‍යයි.

    ලිංගික ශුමිකයන්ගේ අයිතිවාසිකම් සදහා වූ සංවිධානයේ සාමාජිකාවක වූ කාන්තාවක් අපට මෙසේ පැවසුවාය. සම්බාහන මධ්‍යස්ථානවල කාන්තාවන් දුක්විදිනවා. මේ සංවිධානය අපේ මානව හිමිකම් වෙනුවෙන්. අපි මේක රැකියාවක් විදිහට කරනවා. පිරිමි ඇවිත් මුදල් ගෙවලා සේවය ගන්නවා. කාටවත් වැරදි කියන්න බෑ. අපිට ගොඩක් සමාජයේ ගැටලු එනවා. වෙන රටවල්වල මේක පිළිගන්නවා. ප්‍රශ්න නෑ. අපිටත් මේක නීතිගත කරලා දෙන්න කියලයි ඉල්ලන්නේ.


    prostitution+srilanka.jpg


    ඔච්චරයි ලංකාවට සංගමයක් කියල මදි වෙලා තිබුනේ

    http://www.gossipclanka.com/post.php?ps=9601
     
    Last edited:

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    1000ට නෙවේ බන් 100ටත් ඉන්න එකනේ 100
    එකෙයි 100.000 වෙනස තේරෙනවනේ බන් ඔන්න ඕක තමා තත්වේ :)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    99%ක් ගැහැනුන් ඉක්මන් සල්ලි හොයන්න මේ රස්සාව තෝරගන්නේ.. :sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අඩේ ගණිකා වෘත්තිය තහනම්නෙ.සංගමේටම පැනලා සෙට් එකම කුදලන් ආවනම් හරි පොලීසියට.