ගණිකාවෝද~මනුෂ්‍යයෝය

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගණිකාවෝද~මනුෂ්‍යයෝය

    ගණිකාවෝද~මනුෂ්‍යයෝය

    “ගණීකා වෘත්තිය“ යනු අතිශයින්ම අප්‍රසන්න හා ලොව පවත්නා පහත්ම රැකියාවක් හෝ රැකියාව බව රාමුගත සංස්කෘතියේ අදහසයි.
    මසකදී ගණිකාවන් දුසිම් ගණනින් ඇසුරු කරන්නන් පවා ගණිකා වෘත්තිය හෝ ගණිකාව පිළිබද දක්වන්නේ පිළිකුල් සහගත අදහසකි.
    ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ අභ්‍යන්තරික අදහස එවැන්නක් නොවුණ ද රාමුගත සංස්කෘතියක් තුළ ජනසම්මතවාදී ‘පොරක්‘ වීම සදහා එවැනි අදහසක් දරණු දක්නට ලැබේ.
    මූලිකවම කියන්නේ නම්, ගණිකාව යන වචනය ‘වල් අලි‘ වැනි වචනයක් වී ඇත.
    එහෙයින්, අප විසින් මේ කියවීම ආරම්භ කිරීමට පෙර ‘වල් අලි‘ පසුව ‘වන අලීන්‘ බවට පත් කළා සේ ‘ගණිකාව‘ හෝ එම වෘත්තිය ලිංගික ශ්‍රමිකයා හෝ ලිංගික කර්මාන්තය බවට හෝ වෙනත් අර්ථ රසයෙන් උසස් වන තත්ත්වයට පත් කළ යුතුමය.
    එසේ නොවන්නේ නම්, තවදුරටත් ගැඹුරු කියවීමක් දක්වා ඔබට-මට ලගා වීමට මෙම ජනසම්මතවාදී අදහස් යම් බලපෑමක් එල්ල කරනු ඇත.



    අද වන විට ලිංගික ව්‍යාපාරය මුහුණුවර කිහිපයකින් ක්‍රියාත්මක වේ.
    මෙය ඇත්ත වශයෙන්ම අද වන විට යාවත්කාලීන වූ තත්ත්වයක් නෙවෙයි.
    මෙවැනි ක්‍රියාවලියක් ගණිකා වෘත්තිය නමින් නම් කිරීමට පවා පෙර සිට පවත්නා තත්ත්වයකි.
    එහි අප දන්නා බහුල භාවිතය නම්, මුදල් ගෙවා කුලී පදනම මත කෙටි කාලීනව සිදු කරන ආශ්‍රයකි.
    මෙය ද තවදුරටත් කැටගරි කිහිපයකට වෙන් කළ හැකිය.
    ඒ පිළිබද සාකච්ඡා කිරීම පසුවට තබමි.
    අනෙක් ප්‍රධාන කැටගරිය නම්, තමා විසින් විවාහ ජීවිතය තුළ ලිංගික විෂයෙහි තෘප්තිමත් නොවන විට ඒවා ඉටු කර ගැනීම වෙනුවෙන් සිදු කරනු ලබන අනොන්‍ය අවබෝධය මත පදනම් වන කෙටි කාලීන හෝ දිගු කාලීන ආශ්‍රයන්ය.
    විවාහයට පෙර පෙම්වතියක් හෝ මිතුරියක් ලෙස ඇසුරු කරමින් සිට තමාගේ ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීම සිදු කිරීම තවත් කැටගරියකි.






    දැන් අප විසින් මුල්‍යමය පදනම මත සිදු
    කරනු ලබන ලිංගික ව්‍යාපාරය පිළිබද කියවා ගත යුතුය.
    මෙහි ද ඍජු හා වක්‍ර ගෙවීම මත සිදුවන අවස්ථාවන් ඇත.
    ර්‍ර්‍ජු ගෙවුම් ගණිකා වෘත්තිය යනු කෙළින්ම තමා විසින් මුදල් ගෙවීමක් සිදු කර අවශ්‍යතා ඉටු කර ගැනීම හැදින්විය හැකිය. මසාජ් සෙන්ටරයක් තුළට රිංගා ගන්නා පිරිමියා බොඩි මසාජ් එකක් වෙනුවෙන් මුදල් ගෙවා පසුව, අනෙකා විසින් ස්වයං වින්දනය කරවීම වෙනුවෙන් ‘ටිප්‘ එකක් දී එය සිදු කර ගනියි. නැතිනම්, කෙළින්ම ඒ වෙනුවෙන්ම ගෙවීමක් සිදු කරයි. ශුක්‍ර ධාතු පිටකිරීමේ වාර ගණන මත පදනම් වූ සීමාවන් හා එකගතා ඇතිව හෝ නැතිය මෙය සිදු වෙයි.
    එසේති නැතිනම්, ගණිකා මඩමක් තුළට ගොස් තෝරා ගත් හෝ ලබා දෙන කාන්තාවක සමග මුදල් පදනම මත මෙම කාර්යය සිදු වීම ද දක්නට ඇත.
    මෙය සුඛෝපභෝගී, අර්ධ සුඛෝපභෝගී හා සාමාන්‍ය වශයෙන් වෙන් කර ගත හැකිය.
    එහි තත්ත්වය තීරණය වන්නේ ගෙවනු ලබන මුදල හා ඒ වෙනුවෙන් ලබා දෙන ස්ථානයේ ඇති තත්ත්වයන් මතය.
    එසේත් නොමැති නම්, කාන්තාවක් යම් තැරැව්කාරයකු මාර්ගයෙන් සම්බන්ධ කර ගනිමින් ඔවුන් යෝජනා කරන තැනකට ගොස් හෝ “අරගෙන ගිහිං“ අදාල කාර්යය සිදු කිරීමට අවස්ථාව උදා කර දෙයි.
    මෙම උප කැටගරියේ ගණිකා ඇසුර සම්පූර්ණයෙන්ම රහස් හා මුල්‍යමය පදනම මත සිදුවන සංවිධානාත්මක ව්‍යාපාරයක ලක්ෂණ ඇත.



    යටකී කැටගරියටම අයත් වන්නා වූ තවත් ඍජු ගෙවීම් ගණිකාවන් ඇත.
    වීදි ගණිකාවන් ඒ සදහා තවත් එක් උදාහරණයකි.
    සම්පූර්ණ සංසර්ගයක් වෙනුවෙන් අනන්‍ය මිලක් ද, සීමිත ලිංගික කාර්යයන් ප්‍රමාණයක් වෙනුවෙන් වෙනම අනන්‍ය මිලක් ද එහි ඇත. එසේම, අවශ්‍යතා මත මුඛ සංසර්ගය, ස්වයං වින්දනයේ යෙදවීම ආදී වශයෙන් ද උප මිල නියම කිරීම් මේ හා බැදේ.
    මෙවැනි ගණිකාවන් ඇතැම්විට මිල අධික නොවන කාමර තුළට ගොස් හෝ වෙනත් අයුරින් මේ කාර්යය සිදු කරයි.
    එක වසා දැමූ හෝ ඉදි වෙමින් පවත්නා ගොඩනැගිලි තුළ ද ඇතැම් විට පාළු මං මාවත් තුළ එලිමහනේ ද මෙම කාර්යය සිදු කරයි.



    වීදි ගණිකාවන් හෝ තැරැව්කාරයන් මගින් අදාල මූලික ගණු දෙනුව සිදු කරනු නොලබන කාන්තාවන් අතැමෙක් වීදි හෝ වෙනත් ස්ථානයන්හි රැදී සිට තමන් විසින්ම ර්‍ර්‍ජුවම තම සේවාදායකයා සොයා ගනියි.
    වාහනයක යන සේවා දායකයෙකු හෝ ත්‍රී රෝද රථ මගින් හෝ මෙම කටයුතු සදහා අවශ්‍ය මූලික තත්ත්වයන් නිර්මාණය කර ගනියි.





    ර්‍ර්‍ජු ගෙවීම් ක්‍රමයක් පවතින්නේ නම්, වක්‍ර ගෙවීම් ක්‍රමයක් ද පැවතිය යුතුය.
    මෙය මුදල් මගින් හෝ වෙනත් දේ මගින් සිදු කර ගත හැකිය.
    තමා ඇසුරු කිරීමට කැමති කාන්තාවක් හෝ තරුණියක් වෙනුවෙන් තමාගේ ආයතනය තුළ රැකියාවක් ලබා දෙන ඇතැම් පිරිමින්.
    එම කාන්තාව සමග තම ලිංගික අවශ්‍යතා ඉටු කර ගනු ලබන්නේ ද්වීපාර්ශවීය එකගතාවය ඇතුව හෝ පළමුව එසේ නැතිව ආරම්භ කර පසුව කැමැත්ත ලබා ගැනීමෙන් පසුවය.
    මේ වෙනුවෙන්, එක් සංසර්ගයක් වෙනුවෙන් නියම කරනු ලැබූ මිලක් ලබා නොදුන්න ද මාසික වැටුපක් හෝ කාර්යාලයට ඒමට යාමට වාහනයක් හෝ එවැනි වරදාන වරප්‍රසාද ලබා දෙයි.
    එසේත් නැතිනම්, තෑගි බෝග හෝ වෙනත් දේ වෙනුවෙන් ද මෙය සිදු වෙයි.



    ම විසින් මෙහිදී සදහන් කරනු ලැබූ පළමු කැටගරිය, එනම් එකගතාවය මත සිදුවන දිගු කාලීන හෝ කෙටි කාලීන සබදතා ද පවතියි.
    ස්වාමියාගෙන් තෘප්තිමත් නොවන භාර්යාවන් ද භාර්යාවගෙන් තෘප්තිමත් නොවන ස්වාමීන් ද එසේ නොවන කාන්තාවන් හා පිරිමින් ද මෙම කටයුත්ත සිදු කරයි.
    මේ වෙනුවෙන් ඍජු හෝ වක්‍ර ගෙවීමක් සිදු නොකළ ද මෙය ද එක් පැත්තකින් ගණිකා වෘත්තිය හෝ ලිංගික ශ්‍රමිකත්වය ලෙස ම අර්ථ ගැන්විය හැකිය.



    ඍජු ගෙවීමකදී පණවනු ලබන සීමාවන් රැසත් මෙවැනි අවස්ථාවන් වලදී දක්නට නොලැබෙයි.
    කොන්ඩමයක් භාවිත කරනු වෙනුවට අදාල කාර්යය පූර්ණ වශයෙන්ම ස්වභාවිකව සිදු කර, ගැබ් ගැනීම නැවතීම සදහා ඖෂධ භාවිත කිරීම එක් ක්‍රමයකි.
    විවිධ තාක්ෂණික ක්‍රමයන් භාවිත කිරීම හෝ ගැබ් ගැනීමක් දක්වා නොයන තත්ත්වයට අදාල ආශ්‍රය කළමණාකරණය කර ගැනීමට මෙම ගණිකා වෘත්තියේදී, ගණිකාව ද සේවාදායකයා ද වග බලා ගනියි.



    ඍජු ගෙවුම් ගණිකා වෘත්තියේ දී තම තමන්ගේ ‘ටේස්ට්‘ එ තෝරා ගැනීමේ නිදහසක් සේවාදායකයාට ඇත.
    වක්‍ර ගෙවුම් හෝ එකගතා ගණිකා වෘත්තිය තුළ මේ නිදහස යම් ප්‍රමාණයකින් සීමා වේ.
    අතැම් අය දේශිය හෝ විදේශිය වශයෙන් ද විදේශිය වන විට ද රටවල් හෝ කලාප අනුව කැමැත්ත දක්වයි.
    ඇතැම් අය වයස හා ශාරීරික වර්ණය පිළිබදව ද සැලකිල්ලට ගණියි.
    ශරීරයේ ප්‍රමාණය ආදී වශයෙන් ද එක් එක් ක්‍රමවේදයන් පිළිබදව ද මෙවැනි අවස්ථාවන් වල දී අවධානයට ලක් වේ.






    කෙසේ නමුත්, ගණිකාවක් යනු ‘සල්ලි දීම සංසර්ගය කිරීම‘ යන තත්ත්වයේ සිට පමණක් කියවා ගන්නා තෙක් ගණිකාව යනු පිළිකුල් හා අප්‍රසන්න ස්ත්‍රියක් ලෙස බහුජන සමාජයේ වර්ගීකරණය වෙයි.
    නමුත්, එම වෘත්තියේ සුඛෝපභෝගී භාවය වැඩි වෙත්ම හා ක්‍රමවේදනයන්ගේ තත්ත්වයන් වෙනස් වන විට එය ගණිකා වෘත්තිය නොවන එකක් බවට පත් වේ.
    එහෙයින්, අඩු වැඩි වශයෙන් ස්වාමි-භාර්යා ලිංගික සම්බන්ධය නොවන අනෙක් සෑම එකක්ම ගණිකා කටයුත්තක් වන බැව් පිළිගත යුතුය.
    එහෙයින්, ගණිකාව යනු සමාජයෙන් කොන් කිරීමට ලක් විය යුතු හෝ ගර්හාවට ලක් විය යුතු කාන්තාවක් නොවේ.
    ජීවිතයේ එක් වරක් හෝ පූර්ණ ලිංගික ඇසුරක් හෝ පූර්ණ නොවන ලිංගික ඇසුරක්.
    ස්වාමියා හෝ භාර්යාව සමග හැර වෙනත් අයෙකු සමග සිදු කර ඇති සෑම අයෙක්ම අවස්ථානෝචිතව ගණිකාවක් වන්නේය. ගණිකාව යනු කාන්තාවම පමණක් නොවන, පිරිමින් ද යහමින් අයත්වන වර්ගීකරණයකි.

    http://idea365.blogspot.com/2012/11/blog-post_21.html
     
    • Like
    Reactions: DangerMan119

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එම වෘත්තියේ සුඛෝපභෝගී භාවය වැඩි වෙත්ම හා ක්‍රමවේදනයන්ගේ තත්ත්වයන් වෙනස් වන විට එය ගණිකා වෘත්තිය නොවන එකක් බවට පත් වේ.

    nadeesha_hemamali252832529.jpg
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියලුම මනුශ්‍යන් ගණිකාවන් වන නමුත් සියලුම ගණිකාවන් මනුශ්‍යන් නොවේ...
     

    blue_in_rio

    Well-known member
  • සියලුම මනුශ්‍යන් ගණිකාවන් වන නමුත් සියලුම ගණිකාවන් මනුශ්‍යන් නොවේ...


    සියලුම ගණිකාවන් මනුශ්‍යන් වන නමුත් සියලුම මනුශ්‍යන් ගණිකාවන් නොවේ... :angry::angry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සියලුම ගණිකාවන් මනුශ්‍යන් වන නමුත් සියලුම මනුශ්‍යන් ගණිකාවන් නොවේ... :angry::angry:

    :no: නෑ යකෝ මම කියල තියන එක හරි... එක ටිකක් ගැඹුරෙන් විග්‍රහ කරන්න ඕනෙ...:nerd::yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පෝස්ට් එකනම් හොදයි මචන්. .
    ගැහැනුන් ලින්ගිකත්වය අලවිකරන විවිද ක්‍රම තිබෙනවා. .
    අන්තිමට අයියා මහන්සි වෙලා මට සල්ලිත් දෙනවනේ කතාව තමයි කියන්න වෙන්නේ. .
    සල්ලි වලට ගොන්බඩු නොගහා අතේපාරක් ගහල බුදියගනින් ඔයිට හොදයි. .
    මිනිස්සු නිසා ලින්ගිකත්වය අවශ්යයයි ඒත් ඒ අවශ්යතාවය කිසිම ආදරයක් හැගීමක් නැති ගැහැනුන්ගෙන් හෝ පිරිමින්ගෙන් ලබාගන්න බෑ. . එවිට ලින්ගික කාර්යයන් එපාවීම පමනක් සිදුවේවි. .
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ජීවිතයේ එක් වරක් හෝ පූර්ණ ලිංගික ඇසුරක් හෝ පූර්ණ නොවන ලිංගික ඇසුරක්.
    ස්වාමියා හෝ භාර්යාව සමග හැර වෙනත් අයෙකු සමග සිදු කර ඇති සෑම අයෙක්ම අවස්ථානෝචිතව ගණිකාවක් වන්නේය.
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ජීවිතයේ එක් වරක් හෝ පූර්ණ ලිංගික ඇසුරක් හෝ පූර්ණ නොවන ලිංගික ඇසුරක්.
    ස්වාමියා හෝ භාර්යාව සමග හැර වෙනත් අයෙකු සමග සිදු කර ඇති සෑම අයෙක්ම අවස්ථානෝචිතව ගණිකාවක් වන්නේය.
    :no::no::no::no:
    වෙනත් අයෙකු සමග මුදලට
     
    • Like
    Reactions: akilar25