ගණිකා වෘත්තියට හා නීතිවිරෝධී වැඩ වලට පැමිණෙන විදේශිකයන් ගණන ඉහළ යයි – ආගමන විගමන දෙපාර්තමේන්තුව ..............
ගණිකා වෘත්තියට හා නීතිවිරෝධී ව්‍යාපාර කටයුතු වලට ලංකාවට පැමිණෙන විදේශිකයන් සංඛ්‍යාව වැඩිවී ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි.
පසුගිය කාලයේදි කළ වැටලිම් වලින් සංචාරක වීසා මත මෙරට රැදී සිටි විදේශිකයන් 100 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන ඇත.
සංචාරක වීසා මගින් මෙරටට ඇතුළුවන ඇතැම් චීන ජාතිකයන් හා ඉන්දියානුවන් මෙරට රැදී සිටිමින් වෙළඳාම්වල නිරතවීම විශාල අර්බුදයක් වෙමින් පවතින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
මෙරටට ඇතුළුවන ඉන්දියානුවන් ප‍්‍රධාන වශයෙන් රෙදි වෙළෙඳාම සහ නැගෙනහිර පළාත තුළ රත‍්‍රං බඩු නිෂ්පාදනයේ යෙදෙන අතර චීන ජාතිකයන් තැනින් තැන යමින් ජංගම දුරකතන හා විදුලි උපකාරන විකිණීම සිදු කරන අතර ඇතැම් චින කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදෙන බවත් හෙළි වී ඇත.
එසේම උස්බෙකිස්තාන කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදීම සදහාද, නයිජීරුයානුවන් මුල්‍ය වංචා සඳහාද, පාකිස්තානුවන් මත් කුඩු ජාවාරම් සදහාද මෙරටට පැමිණීමේ ප්‍රවණතාවයක් පවතී. 2012-12-17~