මචංල දැන් සාමාන්‍ය පෙළ ගණන් ෆේල් වුනාම අවුරුදු දෙකකින් පාස් කරල දෙනකන් (ණයට) උසස් පෙළ කරන්න බැහැ කියන්නෙ ඇත්තද.....?
Source උසස් පෙළ විභාගයට පෙනී සිටින්න ගණිතය අත්‍යවශ්‍ය නැහැ
Published on Friday, 27 February 2015 13:26 Hits: 161 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ගණිතය විෂය අසමත් වීම අ.පො.ස.(උ/පෙළ) විභාගයට පෙනී සිටීම සඳහා ගැටලුවක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
අ.පො.ස (උ/පෙළ) විභාගය සඳහා පෙනී සිටීමේදී අ.පො.ස. (සා/පෙළ) ගණිතය විෂය සමත්ව තිබීම මෙතෙක් කාලයක් අත්‍යවශ්‍ය සුදුසුකමක් වී තිබුණි.
නමුත් මෙතැන් සිට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සාමාන්‍ය පෙළ ගණිතය සමත් වීම අත්‍යවශ්‍ය සුදුසුකමක් නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
එහෙත් යම් කිසි රැකියාවකට, වෘත්තියකට හෝ පාඨමාලාවකට ඇතුළත් වීමේදී ගණිතය විෂය සමත් වීමේ අවශ්‍යතාවය දක්වා ඇති විට මෙම සහනය මත එය නිදහස් නොවන බව අධ්‍යාපන අමාතයාංශය වැඩි දුරටත් අවධාරණය කරයි.
