ගන්ධබ්බ අවස්ථාව

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,850
    11,543
    113
    Colombo
    ගන්ධබ්බ අවස්ථාව

    ගන්ධබ්බ අවස්ථාව යනු කුමක්ද? බුදු දහමෙන් ගන්ධබ්බ අවස්ථාව ප්‍රතික්ශේප වේද?
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි. ධ්‍යාන නොලැබ අනාගාමී තත්වයට පත් උත්තමයෙකු අරහත් ඵලයට පත් නොවී මිය ගියහොත් එම අනාගාමී ඵල ලාභියා හට අරූපී බ්‍රහ්ම තල වලට යාමට නොහැකි වේ. අනාගාමී ( න + ආගාමී ) ඵලයට පත් වූ නිසා නැවත කාම ලෝක වන මනුශ්‍ය සහ දේව ලෝක වලටද යා නොහැක. මේ නිසා එම උතුමන් වහන්සේ අරිහත් ඵලයට පත් වන තුරුම අනාගාමී ගන්දබ්බ අවස්තාවේ ජීවත් වේ. එම තත්වයේ සිටිමින්ම ඉතිරි ඵලය වන අරිහත් ඵලයට පත් වේ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428

    :shocked:
    රෙප් 11+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
    මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි.

    මැරිලා මව් කුසකට යන්නේ කවුද?
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
    මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..

    onna ooka mn kalpana kara kaalayak aththa thamayi. hithapn api kooma wage ledak hadila hoda wenawa ethakota e manussaya lede hadenna kalin hitapu awsthawe idala eka paara lede hodawechcha dawasata awa wage ledata danenne. nidagena aharuna wage adata giya nagitta body ekata saapekshawa witharai time eka yanne
     
    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
    මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..

    manokaayata saapekshawa gattot api time travel karala neda awurudu 4k issarahata?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,021
    1
    43,428
    113
    manokaayata saapekshawa gattot api time travel karala neda awurudu 4k issarahata?

    ඒ වගේ තමා නේද... :)
    ඒ වුණාට තමං කොහෙටවත් ට්‍රැවල් කලේ නෑ.. ලෝකෙ තමා ඉස්සරහට ගියේ.. ;)
     
    Last edited:

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    ගන්ධබ්බ යනු ගන්ධ + අබ්බ යන්නයි. හෙවත් ගන්ධය අබ්බ කරමින් ( ගන්ධය උරා බොමින් ) ජීවත් වන යන අර්ථය දේ. අනාගාමී ගන්ධබ්බ උතුමන් වහන්සේලාටද අප තබන බුද්ධ ආහාර පූජා ආදිය කැපය.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදු දහමේ ගන්ධබ්බ අවස්තාව ගැන කියවෙන තැනක් වන්නේ අනාගාමී ගන්දබ්බ අවස්තාවයි. ධ්‍යාන නොලැබ අනාගාමී තත්වයට පත් උත්තමයෙකු අරහත් ඵලයට පත් නොවී මිය ගියහොත් එම අනාගාමී ඵල ලාභියා හට අරූපී බ්‍රහ්ම තල වලට යාමට නොහැකි වේ. අනාගාමී ( න + ආගාමී ) ඵලයට පත් වූ නිසා නැවත කාම ලෝක වන මනුශ්‍ය සහ දේව ලෝක වලටද යා නොහැක. මේ නිසා එම උතුමන් වහන්සේ අරිහත් ඵලයට පත් වන තුරුම අනාගාමී ගන්දබ්බ අවස්තාවේ ජීවත් වේ. එම තත්වයේ සිටිමින්ම ඉතිරි ඵලය වන අරිහත් ඵලයට පත් වේ.
    100%ක් සුවර්ද මට නම් පිලිගන්ඩ බැ ඔක, ඔය කතාව තරමක් නිවරදියි එත් එහෙම ධ්‍යාන ලාබින් ගන්ධබ්බ වෙන්නෙ නැ කෙලින්ම ගිහින් බ්‍රහ්මලොකෙ උපදිනව.රූපාවචල සහ අරූපාවචල කියල බ්‍රහමලොක වර්ග් දෙකක් තියෙනව මට උපදින බ්‍රහ්මලොකෙ නම නම් හරියට මතක නැ, දැනටත් එහෙම රහත් භාවයට පත් වෙලා බ්‍රහ්මලොව වැඩවසන වැඩ වසන රහතන් වහ්න්සේ නමක් තමයි උපක ආජීවක කියල අපි දන්න උතුමන් වහන්සේ.ඒක නිසා මේ කතාව වැරදියි ගන්ධබ්බ වෙලා උපදින් නැ ධ්‍යාන වඩපු උතුමන්. :no: ඔයාගෙ දැනුම ගැන සතුටු වෙනව ඒත් තව ටිකක් ඉගෙන ගන්න.:):):)
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිහෙක් 2016 මැරුණ කියමු. එයා ආයෙ ඉපදුනේ 2020 කියමු.. අපිට අවුරුදු 4 ක් ගියාට, එයාගෙ ආත්මයට කාලය ගතවීමක් නෑ.. මැරුණ ඒ සැණින් ඉපදුනා වගේ...
    මම කියන්නෙ ශරීරය අත ඇරපු මනසකට කාලය ගතවීමක් නෑ.. කාල අවකාශ රාමුවක් නෑ..
    වැරදියි ඔය බුදු දහම නෙමේ, මරනයේදි මතක්වු කර්මයට අදාල උප්පත්තිය සිද්ද වෙනව, ඒක ප්‍රේත බුත දේව මනුස්ස තිරිසන් අපා ඔය ඔනෙම තැනක. කාලය යන් නැත්තෙ නැ කලය යනව, අනික මනුස්සයෙක් වෙලා ඉදල ආයෙ මනුස්ස ආත්මයක් ලබන්ම්නෙ/සුගතියක උපදින්නෙ ඇගිල්ලෙ තියෙන වැලිකට ගානක මිනිස්සු කියල බුදු දහමෙ සදහන් වෙනව,
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගන්ධබ්බ යනු ගන්ධ + අබ්බ යන්නයි. හෙවත් ගන්ධය අබ්බ කරමින් ( ගන්ධය උරා බොමින් ) ජීවත් වන යන අර්ථය දේ. අනාගාමී ගන්ධබ්බ උතුමන් වහන්සේලාටද අප තබන බුද්ධ ආහාර පූජා ආදිය කැපය.
    ඔය කවුරුත් තියෙන දේවල් උරා බිබි ඉන්ඩ ඔනෙ නැ බන් ධ්‍යාන ලබපු අයට
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43
    ගන්ධබ්බ අවස්ථාව යනු කුමක්ද? බුදු දහමෙන් ගන්ධබ්බ අවස්ථාව ප්‍රතික්ශේප වේද?

    බුදුදහමේ කොතැනවත් ගන්ධබ්බ අවස්ථාවක් පිලිබදව සදහන් වෙන්නේ නැහැ, පටිච්ච සමුත්පදයට අනුව විඤ්ඤාණ පච්චය නාමරූප
    කෙනෙක් මරණයට පත් උන මොහොතේම චුති සිත ප්‍රතිසන්ධියකට යනවා

    එක එක්කෙනාගේ පුද්ගලික මත වලට අනුව ධර්මය ගලපන්න එපා
    බුද්ධ දේශනාවේ සදහන් වෙන්නේ අනාගාමී උන කෙනා ඊලග භාවය බ්‍රහ්ම ලොව ඉපදිලා අරහත්වයෙන් ඒ භවය අවසන් කරනවා කියලයි
     
    Last edited:

    hpalpola

    Well-known member
  • හිතවත් නුදුටු මිතුර,

    කරුණාකර අභිධර්ම පිටකයේ කථාවත්ථුප්පකරණය කියවන්න. එහිදී ඔබට ගන්ධබ්බයකු හෝ අන්තරාභවයක් නොපවතින බව වැටහෙනු ඇත. නමුත් ඔබ මහායානික හෝ වජ්‍රයානිකනම් එය කියවීමෙන් ඵලක් නොවනු ඇත. මන්ද යත්, ගන්ධබ්බයා සහ ඔහු ජීවත්වන අන්තරාභවය ඇත්තේ එම ධර්මයන් තුළ නිසාවෙනි. ථෙරවාද ධර්මයේදී මේ දේවල් පිලිගන්නේ නැති අතර ඒවා පිලිගන්නෝ මිථ්‍යදෘෂ්ඨිකයන් ලෙස සලකනු ලැබේ. මක්නිසාදයත් ථෙරවාදයට අනුව එවැනි ධර්මයක් පිලිගැනීම සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ ධර්මයට පටහැනි නිසිවෙනි. මේ ගැන දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේදි බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කර ඇත.

    ඔබට තෙරුවන්සරණයි.

    • Like
    Reactions: V for Vendetta

    Similar threads