ගන්නකොට දෙයියා ඉල්ලනකොට පොලියා

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ගන්නකොට දෙයියා ඉල්ලනකොට පොලියා

    00000140.png


    2005 ජනාධිපතිවරණය පැවැත්වුණේ බල කඳවුරු දෙකක් අතරය. එක් පැත්තකින් රට බෙදන හා රට විකුණන ප්‍රතිගාමී, ෆෙඩරල්වාදී, අධිරාජ්‍ය ගැති, බෙදුම්වාදී, දේශද්‍රෝහී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. අනෙක් පැත්තෙන් රට නොවිකුණන, රට නොබෙදන, ප්‍රගතිශිලී, ඒකීයවාදී, අධිරාජ්‍ය විරෝධී, දේශප්‍රේමී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද රාජපක්ෂය.


    එකල රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට ඉදිරිපත් වූවන් අතර කෙහෙලිය රඹුක්වැල්ල, එස්.බී. දිසානායක, බන්දුල ගුණවර්ධන, රාජිත සේනාරත්න, හේමකුමාර නානායක්කාර, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, මිලින්ද මොරගොඩ, නවීන් දිසානායක, ජී.එල්. පීරිස්, මහින්ද සමරසිංහ ඇතුළු විශාල පිරිසක් වූහ. අද ඔවුන් කිසිම හාංකවිසියක් නොදන්නා උක්කුං බබාලා පිරිසක් සේ, මහින්ද රාජපක්ෂ මහතාට සේවය කරන්නට පතා ගෙන ආවා සේ හැසිරෙති.


    අනෙක් අතට මංගල සමරවීර, රුවන් ෆර්ඩිනන්ඩස්, ටිල්වින් සිල්වා, සෝමවංශ අමරසිංහ, අනුර කුමාර දිසානායක, විජිත හේරත්, විජේදාස රාජපක්ෂ, අර්ජුන රණතුංග වැනි අය මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මරාගෙන මැරෙන මෙහෙයුමට එක්වූවෝ වෙති. අද ඔවුන්ට ඇති ලොකුම ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ මහතා ගෙදර යවා ගන්නේ කෙසේද යන ප්‍රශ්නයයි.


    කොහොමින් කොහොම නමුත් ජනාධිපතිවරණයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පරදවා කෙස් ගහෙන් ජනාධිපති ධුරයට පත් විය. සමහර විට ලංකා ඉතිහාසයේ කිසිම අවස්ථාවක විපක්ෂ නායක ධුරය දරමින් සිටින පුද්ගලයා ජනාධිපති ධුරයට පත් නොවීම සහ සෑම විටම ජනාධිපති ධුරයට පත් වී ඇත්තේ අගමැති ධුරය දැරූ පුද්ගලයා වීම යන සහසිද්ධිය මෙතැනදී බලපෑවා වන්නටද පුළුවන. ජේ.ආර්, ප්‍රේමදාස, විඡේතුංග, චන්ද්‍රිකා සහ මහින්ද යන සියලුම ජනාධිපතිවරුන් එම තනතුර ලැබූවේ අගමැති ධුරය හොබවමින් සිටින අවස්ථාවේය.


    කෙසේ වුවත් ජනාධිපති මහින්ද රට නොබෙදන සහ රට නොවිකුණන තම අලුත් පාලනයේ න්‍යාය පත්‍රය අනුව වැඩ පටන් ගත්තේය. රට බෙදීමට විරුද්ධ නිසා දෙමළ සන්නද්ධ අරගලය යුදමය වශයෙන් පරාජය කිරීමට එය කටයුතු කළ අතර ඒ කාලය තුළ කිසිදු පාඩු ලබන හෝ ලාභ ලබන රාජ්‍ය ආයතනයක් විකිණීමට එම රජය කටයුතු නොකළේය. ඊටත් අමතරව කලින් ආණ්ඩුව යටතේ පෞද්ගලික අංශයට විකුණනු ලැබූ ෂෙල් ගෑස් ව්‍යාපාරය, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය ද නැවතත් ආණ්ඩුවට පවරා ගත්තේය.


    කලින් ආණ්ඩු විසින් කරන්නට බැරි වැඩ යැයි සලකා ප්‍රතික්ෂේප කර තිබූ මේ පියවර දෙක නිසා මහින්ද රාජපක්ෂ ආණ්ඩුව රටේ ජනතාව අතර, විශේෂයෙන්ම සිංහල ජනතාව අතර අතිශය ජන ප්‍රසාදයට පත්විය. එක පැත්තකින් දැවැන්ත යුද්ධයක් සිදු කරන අතර ඒ සඳහා විශාල වශයෙන් හමුදාව සේවයට බඳවා ගැනීම නිසා රැකියා නියුක්තිය ඉහළ ගියේය. අනෙක් පැත්තෙන් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අති විශාල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නට විය. මේ නිසා දේශප්‍රේමීන් මෙන්ම ප්‍රගතිශීලීන්ද ආණ්ඩුව පිළිබඳ අමන්දානන්දයට පත් විය. ප්‍රතිගාමී කඳවුරේ සිටි විශාල පිරිසක්ද පක්ෂ කඩා ගෙන ජනාධිපතිගේ දෑත ශක්තිමත් කිරීමට පැමිණි නිසා ආණ්ඩුවේ ශක්තිය මෙන්ම ජනප්‍රියතාවේ රේටිංග්ස් බලා සිටිද්දී ඉහළ නැංගේය.


    ජනතා අපේක්ෂා ඉටුකරමින්ද, විපක්ෂය නන්නත්තාර කරමින්ද මේ ගෙනගිය ප්‍රාතිහාර්ය සඳහා මුදලක් වියදම් වන බව බොහෝ දෙනෙකුට නොවැටහුණු අතර එසේ තේරුණත් ඒ බව මහජනයාට තේරුම් කරදීමට නොහැකි වූයේ ඔවුන්ගේ නෙත් ගිනි කණ වැටී තිබූ නිසා විය හැකිය. එකී ප්‍රාතිහාර්ය පෑමේදී ආයුධ මිලදී ගැනීමටත්, ඊනියා යටිතල පහසුකම් සංවර්ධනය කිරීමටත් මුදල් සොයා ගන්නා ලද්දේ පිට රටවල්වලට ණය වීමෙන් බව දැන් පැහැදිලි වී ඇත.


    යුද්ධයක පැටලී සිටි දුප්පත් රටක් වුවත් අපටත් ආත්ම ගෞරවයක් ඇති බව ලෝකයට පෙන්වන්නට අපට අවශ්‍ය විය. ඒ සඳහා අපට චීනය උදව් කළ අතර අපි චීනයෙන් ණය ගත්තෙමු. අධිරාජ්‍යවාදී පර සුද්දන්ගෙන් ණය ගන්නවාට වඩා ආසියාවේ කොමියුනිස්ට් රටක් වන චීනයෙන් ණය ගැනීම ආඩම්බරයක් නොවේද? දැන් බලා ගෙන යනකොට ඩැඩී සංගීත කණ්ඩායමේ ගීතයක කියවෙන්නා සේ ටිකෙන් ටික, ටිකෙන් ටික අපි ඇමරිකානු ඩොලර් බිලියන 2.96 ක් හෙවත් ඩොලර් කෝටි 296 ක් චීනයෙන් ණයට ගෙන ඇත. දැන් ඒ මුදලට පොලියද එකතු වීම නිසා අප විසින් ආපසු ගෙවිය යුතු මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 4.9 ක් හෙවත් ඩොලර් කෝටි 490 ක් බවට පත් වී ඇත. දැන් ඔබ කියනු ඇත්තේ ඔය අධිරාජ්‍යවාදීන්ගේ ඩොලර්වලින් නැතිව සිංහල අපට තේරෙන අපේම මුදල් ඒකකවලින් ඔය ගණන කියන ලෙසය. නමුත් ප්‍රශ්නය ඇත්තේ ණය මුදල් ලබා ගෙන ඇත්තේ අධිරාජ්‍යවාදී ඩොලර්වලින් බැවින් ආපසු ගෙවීමද ඩොලර්වලින්ම සිදු කළ යුතු වීමයි. දැන් තියෙන විනිමය අනුපාතිකය අනුව බැලුවොත් ගෙවිය යුතු මුදල රුපියල් 643,957,991,027.83 කි.


    චීනයට පසු අපට වැඩිපුරම ණය ලබා දී උදව් කර තිබෙන්නේ ආසියානු සංවර්ධන බැංකුවයි.


    බටහිර රටවල සිටින ඊර්ෂ්‍යාකාරී, කුමන්ත්‍රණකාරී කාලකණ්ණි හැතිකරයෙන් අප ණය ලබා ගෙන ඇත්තේ ඉතාමත් අඩුවෙනි. චීනය අපේ මිතුරාය. ඔය බටහිර රටවල කුමන්ත්‍රණකාරයන් මෙන් නොව චීනය අපේ රටේ අභ්‍යන්තර කටයුතුවලට කිසිදා ඇඟිලි නොගසයි. අපට ආයුධ වුවමනා වූ විට බෑ නොකියා ඒවා ණයට වුවත් ලබා දෙයි. අලුත්ම වරායක්, අධිවේගී මාර්ගයක්, ගල් අඟුරුවලින් ක්‍රියා කරන විදුලි බලාගාරයක් ඉදි කිරීමට අපට උදව් වුණේ චීනයයි. ඒවා සාදන්නට අවශ්‍ය භූමිය පමණක් අපෙන් ලබාගෙන අනෙකුත් සියලුම සාධකයන් වන ප්‍රාග්ධනය, ව්‍යවසාය පමණක් නොව ශ්‍රමය පවා ලෝබ නැතිව අපට දුන්නේ චීනයයි. ඒ බව එම සංවර්ධන ව්‍යාපෘතීන්වල කඩියන් මෙන් වැඩ කරන චීන්නුන් දෙස අලසකමින් බලා සිටින ලාංකික අපට හොඳින් පෙනේ. අපේ මිනිසුන් අරාබියේ සහ ඉතාලියේ පණ ඇරගෙන වැඩකරන විට ආතල් එකේ අප දෙස බලා සිටිමින් විවේක ගන්නා අරාබිකාරයන් සහ ඉතාලිකාරයන් මෙන් අපටත් ආතල් එකක් දෙන්නේ ‛ගමන බිමන හරි කඩිසර, ඔසොවා ගෙන යන බැරි බර, අවිහිංසක, කරුණාබර’ චීනා හැර මොන ජාතිකයාද? මීටත් වඩා වැදගත් කාරණය වන්නේ එන්.ජී.ඕ. කුමන්ත්‍රණකරුවන්, විදෙස් කොටින් සහ බටහිර රටවල් විසින් ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර ආයතනවලදී යෝජනාවන් ගෙන එන විට අපේ සහයට සිටියේ චීනය වීමයි.


    මීට අමතරව යුරෝ මුදල් බැඳුම්කර 5 කින් යුරෝ බිලියන 5 ක්ද අප ණයට ලබා ගෙන ඇත. ඒ කියන්නේ ලංකාව ස්වෛරී රාජ්‍යයක් වශයෙන් තමා විසින් ලබා ගත් ණය ආපසු ගෙවනවාය යන පොරොන්දුව හෙවත් ඇපය හෙවත් බැඳුම්කරය මත යුරෝ බිලියන 5 ක් හෙවත් රුපියල් 798,760,093,411.20 ක් වටිනා බැඳුම්කර නිකුත් කොට ඇති අතර විදේශීය රටවල සිටින ආයෝජකයන් විසින් ඒවා මිලදී ගෙන ඇත. එවිට ලංකාවට ඒ මුදල් පොලියත් සමඟම ගෙවීමට සිදුවේ. ආයෝජකයාගේ පැත්තෙන් බලන කල මෙය ලංකාවේ කිසියම් ව්‍යාපාරයකට හෝ කර්මාන්තයකට ආයෝජනය කිරීමට වඩා අවදානම් රහිත ක්‍රියාවක් වන්නේ එම මුදලින් කරන සියලු ආයෝජනයන් පිළිබඳ අවදානම ශ්‍රී ලංකා රජය විසින් ගන්නා නිසා ඔවුන්ගේ ආයෝජනයට ප්‍රතිලාභය සහතික බැවිනි.


    රොයිටර් පුවත් සේවය මේ තොරතුරු වාර්තා කරන්නේ පසුගිය ජූලි 19 වන බ්‍රහස්පතින්දා විපක්ෂ මන්ත්‍රීවරයෙකු විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සරත් අමුණුගම ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී සභාගත කොට ඇති ලේඛනයක් උපුටා දක්වමිනි. (අපේ රටේ අභ්‍යන්තර තොරතුරු මෙසේ ලෝකය පුරා ප්‍රචාරය කරන්නේ රොයිටර්කාරයාට පිස්සු නිසාද නැත්නම් ඔවුනුත් බටහිර කුමන්ත්‍රණකරුවන්ගේ නියෝජිතවරු බවට පත්ව ඇති නිසාද යන්න අප විසින් විමසිය යුතුය. එවිට රොයිටර්කාරයාට ලංකාවේ ලියාපදිංචි වෙන්නට කියා අවුරුද්දකට රුපියල් ලක්ෂයක පමණ ලියාපදිංචි ගාස්තුවක් අය කිරීමෙන් රොයිටරයාට හොඳ පාඩමක් ඉගැන්වීමට හැකිවනු ඇත.) ඒ අනුව පසුගිය අවුරුදු 15 තුළ ලංකාව විසින් ප්‍රධාන වශයෙන්ම චීනයෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් ද ඇතුළුව ලබා ගත් ණය මුදල් වෙනුවෙන් ගෙවිය යුතු පොලිය සහ මුළු මුදල ඩොලර් බිලියන 15 ක් එනම් රුපියල් 1,971,299,972,534.18 ක් වේ. මෙය ආසන්න වශයෙන් රුපියල් ට්‍රිලියන දෙකක් වන අතර දැන් අප ගනුදෙනු කරන්නේ ට්‍රිලියනවලින් නිසා අප ඒ ගැන ජාතිකාභිමානයක් ඇති කරගත යුතුය.


    මේ ගණන් බලා ඇති ණය මුදල් ලබාගෙන ඇත්තේ අධිරාජ්‍ය ගැති, ප්‍රතිගාමී යූ.ඇන්.පී. පාලනයෙන් රට මුදා ගැනීමෙන් පසු පිහිටුවන ලද වාමාංශිකයන්, ප්‍රගතිශීලීන් සහ දේශප්‍රේමීන්ගෙන් සමන්විත වන වර්තමාන ආණ්ඩු පාලනය යටතේ වීම අතිශය වැදගත්කමක් ගනී.


    1997 සිට චීනයෙන් ලබාගත් බිලියන 2.96 ක ණය මුදල් සහ එයට එකතු වූ පොලිය වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදල ඇමරිකානු ඩොලර් බිලියන 4.9 කි.


    එම කාලසීමාව සඳහාම ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ඩොලර් බිලියන 3.35 සඳහා දැන් ගෙවිය යුතු ණය සහ පොලී ඇතුළත් මුළු මුදල ඩොලර් බිලියන 4.64 කි. චීනයෙන් ලබාගත් ණය මුදල් මධ්‍යන්‍ය වශයෙන් අවුරුදු 12.2 ක් තුළ ගෙවිය යුතුය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබාගත් ණය මුදල් මධ්‍යන්‍ය වශයෙන් අවුරුදු 21 ක් තුළ ගෙවිය යුතුය.


    දැන් මේ මුදල් ආපසු ගෙවීමට අපට හැකියාවක් නැත්නම් අපට සිදුවන්නේ අප බංකොළොත් බව ප්‍රකාශ කරන්නටය. එසේ කළ හොත් ඉන් මත්තට අපට ණය ගන්නට නොලැබෙනු ඇත්තේ හරියට ලංකාවේ බැංකුවලට පොලු තියා ‛ක්‍රිබ්’ එකට වැටුණු බිස්නස්කාරයෙකුගේ තත්ත්වයට අප පත්වීම නිසයි. එසේ නැත්නම් කරන්නට සිදු වන්නේ එසේ අධික පොලියට ණය ලබා ගෙන නිමා කළ සංවර්ධන ව්‍යාපෘතිවල කොටස් සහ ඒවායේ කළමනාකාරිත්වය ණයට හිලව් වීම පිණිස පෙරළා චීනයටම ලබා දීමයි. වෙනත් වචනයකින් කිව්වොත් රට උගසට තැබීමයි.


    යුද්ධයෙන් රට එක්සත් කළත් වසර තුනකටත් පසුව තවමත් දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබා දීමට නොව අඩු ගණනේ ඒ සඳහා ක්‍රියාවලියක් ආරම්භ කිරීමට හෝ පියවර නොගැනීම නිසා ජාත්‍යන්තරයේ බලවත් රටවල්වල මෙහෙයවීම් මත රට බෙදීමේ අනතුරක් දැන් මතු වී පෙනේ.


    අවසානයේදී ලාංකිකයන්ට සිදුවන්නේ තමන් අතිශයින්ම බියෙන් සිටි අභියෝගය වන රට බෙදීම සහ රට විකිණීම වැළැක්වීම වෙනුවෙන් පත් කරගන්නා ලද ආණ්ඩුවේ ප්‍රතිපත්තිවලට පිං සිදු වන්නට අන්තිමේදී වක්‍රාකාරයෙන් රට විකිණීමේ සහ රට බෙදීමේ අනතුර එම ආණ්ඩුව විසින්ම ක්‍රමානුකූලව සිදු කරන ආකාරය බලා සිටීමටය∎

    ලිව්වේ: නීතීඥ සුදර්ශන ගුණවර්ධන
    ගත්තේ: samabima.info වෙබ් අඩවියෙන්
    කාටූනය: අද.lk පුවත්පත
     
    Last edited:
    මොකද මන්ද මොකද මන්ද
    ලැජ්ජාවයි බයයි නැත්තේ
    මොකද මන්ද මොකද මන්ද
    ලැජ්ජාවයි බයයි නැත්තේ
    පටිරෝල් කරගන්නේ මොකද මන්දා
    හනේ මන්දා...............................


     
    • Like
    Reactions: mldarshana

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පිස්සු පුසා;13272670 said:
    මොකද මන්ද මොකද මන්ද
    ලැජ්ජාවයි බයයි නැත්තේ
    මොකද මන්ද මොකද මන්ද
    ලැජ්ජාවයි බයයි නැත්තේ
    පටිරෝල් කරගන්නේ මොකද මන්දා
    හනේ මන්දා...............................



    ane palayan do yanna.... mahawaliya hadanna naya aran thamai rata naya ugulaka watune ethakota nayata hilaw wenna ewath, england walata germany walata denawada?

    ai cheene witharada naya dunne?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රට වලට අපි පෙරට :D

    ඔහොම්මම යුද්දෙ දින්නා කිය කිය බුලතට කතිරෙ ගහපං ආෂ්චර්ය බලන්න.
    වැඩි ඈතක නෑ.
    මම නම් දෙයියනේ කියලා තව අවුරුද්දකින් හමාරකින් පවුලෙ කට්ටියත් එක්කම මේ රටෙන් තොලොංචි වෙනවා.
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;13275435 said:
    රට වලට අපි පෙරට :D

    ඔහොම්මම යුද්දෙ දින්නා කිය කිය බුලතට කතිරෙ ගහපං ආෂ්චර්ය බලන්න.
    වැඩි ඈතක නෑ.
    මම නම් දෙයියනේ කියලා තව අවුරුද්දකින් හමාරකින් පවුලෙ කට්ටියත් එක්කම මේ රටෙන් තොලොංචි වෙනවා.

    ඔව් මචන් ... පුළු පුළුවන් එවුන් ඉක්මනට පැනගනිල්ල ... නැව ගිලෙන්නයි යන්නෙ :(
     
    ane palayan do yanna.... mahawaliya hadanna naya aran thamai rata naya ugulaka watune ethakota nayata hilaw wenna ewath, england walata germany walata denawada?

    ai cheene witharada naya dunne?
    ඒවාට වඩා මේක චාටර් .
    තොට මේවා තේරෙන්නේ නැහැ
    මන්ද බුද්ධිකයින්ට මොන ආර්ථික විශ්ලේශ්නද බන්
    ගිහින් පැටලුනු මකුළු දැලක් දිග ඇර ඇර හිටපන් :P:P:P