ගන්නෝරු සටනට වසර 377 යි..!

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගන්නෝරු සටනට වසර 377 යි..!

    දෙවන රාජසිංහ රජු පෘතුග්‍රීසීන් පරාජයට පත් කළ ගන්නෝරුව සටනට මාර්තු 28 වැනිදාට වසර 377 ක් සපිරිණි.

    ඓතිහාසික ගන්නෝරු සටන පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රෝහිත දසානායක මහතා අදහස් දැක්වීය.

    ගන්නෝරුව ශ‍්‍රී ලංකාවේ විශාලතම ගම් අතරින් එකකි. වංශකථාවලට අනුව ශ‍්‍රී මහා බෝධියේ දෙතිස් ඵල අංකුර අතරින් එක් අංකුරයක් ගන්නෝරුවේ රෝපණය කර ඇත.

    1583 නොවැම්බර් මස 12වැනි දින කෝට්ටේ ධර්මපාල රජු තෑගි ඔප්පූවක් මගින් කෝට්ටේ රාජධානිය පෘතුගාල රජුට ප‍්‍රදානය කිරීමෙන් අනතුරුව ඔවුහු උඩරට රාජධානිය අල්ලා ගැනීමට ප‍්‍රයන්ත කිහිපයක නිරත වූහ. 1602 දී පෘතුග්‍රීසි කපිතාන් දොන් ජෙරොමිනෝද අසවෙදුගේ බලනහිදී සිදු වූ අසාර්ථක උඩරට ආක‍්‍රමණයෙන් පසුව1607 සිට 1617 දක්වා උඩරට රාජධානිය අල්ලා ගැනීමට විවිධ උපක‍්‍රම යෙදිණී. උඩරට රාජධානියට වසරකට දෙවරක් බැගින් පහරදී කුඹුරු ගිනි තබා ගව මහීෂාදීන් විනාශ කොට එහි ආර්ථිකය දුර්වල කිරීමට ප්‍රයත්න ගනු ලැබූවද එවා සියල්ල අසාර්ථක විය. 1617 දි උඩරට සෙනරත් රජු හා පෘතුගීසි කපිතාන් නූනෝ අල්වාරෙස් පෙරෙයිරා අතර සිදු වූ සාම ගිවිසුමෙන් පසුව වසර 10 ක් පමණ උඩරට හා පෘතුගීන් අතර සාමකාමී කාලයක් පැවැතිනි. එහෙත් 1628 දී හා 1629 උඩරටට දෙවරක් පහර දී සෙංකඩගල නුවර විනාශ කිරීමට පෘතුගීසීන් සමත් වූහ.



    පසුව 1630 අගෝස්තු මස රන්දෙණිවෙලදී කුන්ස්තන්තීනු ද සා ඇතුළු පෘතුගීසින් සහ උඩරට හමුදා අතර ඇතිවූ සටනින් පෘතුගීසීන් දරුණු පරාජයකට පත් වූ අතර කපිතාන් ජනරාල් ඇතුළු පෘතුග්‍රීසි සෙබළු 350ක්ද එහිදී මිය ගියහ.

    1635 වර්ෂයේදී සෙනරත් රජු මිය ගිය නමුත් ඊට පෙර සිටම මහනුවර රාජධානියෙහි පාලන බලය දේව රාජසිංහට හෙවත් දෙවැනි රාජසිංහ රජුට පවරා තිබිණි. මීට පෙර සෙනරත් රජු පෘතුගීසින් සමග හැකිතාක් දුරට සාමයෙන් සිටීමට උත්සහ කළ නමුත් ඒ වෙනුවට දෙවැනි රාජසිංහ රජු ඔවුන් ලංකාවෙන් හැකි ඉක්මනින් පළවා හැරීමට උත්සාහ කළේය. දෙවැනි රාජසිංහ රජු සෙනරත් රජු මෙන් නම්‍යශීලී පාලකයෙකු නොවන බවත් පෘතුග්‍රීසි විරෝධියෙකු බවත් පෘතුග්‍රීසීන් හොඳින් දැන සිටි බව මෙකල ගෝවේ ප‍්‍රතිරාජයා විසින් පෘතුගාලයට යවන ලද ලිපිවලින් පැහැදිලි වන අතර දෙවැනි රාජසිංහ රජු පෘතුග්‍රීසීන් සමග සටන් කිරීමට නොඉවසිල්ලෙන් සිටින බව පෙනී ගියේය.

    එමනිසා උඩරට රාජධනියට එරෙහිව යුධ වැදීමේ අවශ්‍යයතාවය අවධාරණය කොට දියෝගෝද මේලෝද කස්තෝ‍්‍ර 1638 මර්තු මාසයේ ගෝවට යැවුණු ලිපිය සාකච්ඡාවට බඳුන් වීමටත් පෙර ඔහු උඩරට ආක‍්‍රමණය කිරීමට තීරණය කළේය. කෙසේ නමුදු මෙම ගන්නෝරු සටනට මුල් වුයේ කප්පමපිළිබඳ මතු වූ ගැටලුවකි. සෙනරත් රජු සමග 1617 දී අත්සන් කළ ගිවිසුම අනුවත් 1633-34 අත්සන් කළ අට්ටාපිටිය ගිවිසුම අනුවත් උඩරට රජු පෘතුගීසින්ට දළ ඇතුන් දෙදෙනෙකු දීමට බැදී සිටි අතර 1636න් පසු දෙවැනි රාජසිංහ රජු එය අතහැර දමා තිබේ. එසේම මේලෝ කපිතාන් දෙවැනි රාජසිංහ රජු වෙත යවන ලද අශ්වයන් දෙදෙනා රඳවා තබා ගැනීමද යුද්ධයට ආසන්න හේතුව බව රුබෙයිරෝගේ විස්තරවලින් පැහැදිලි වේ. කෙසේ නමුත් සෙනරත් රජු කල පටන් පැවැති කප්පම් ගෙවීම දෙවැනි රාජසිංහ රජු විසින් කඩ කිරිම මෙයට හේතු වී තිබේ. එසේම ක්වේරෝස් පියතුමා සඳහන් කරන පරිදි පෘතුගීසි ජනරාල් විසින් විකිණීම සඳහා මහනුවරට එවන ලද ආභරණවලින් කොටසක් උඩරට රජු රාජසන්තක කිරීම වැනි අතුරු කාරණාද මෙයට එකතු වී තිබේ. තවත් චෝදනාවකට අනුව තම මිත‍්‍රයෙකුගේ මුදල් දෙවැනි රාජසිංහ රජු කොල්ලකෑමද මෙම සටනට හේතුවක් වී තිබේ. මෙම සෑම කාරණාවකටම වඩා මෙකල ලන්දේසි සහ දෙවැනි රාජසිංහ රජු අතර ඇති වී තිබූ සබඳතාවය පෘතුගීන් වඩාත් බිය වූ කාරණාව ලෙසට හඳුනා ගැනීමට හැකි අතර එමනිසා උඩරට ආක‍්‍රමණය කිරීම ඉක්මන් වූ බව පෙනේ. රොබෙයිරෝ දක්වන ලෙසට පෘතුගීසින්ට වෙන කවර කලෙකටත් වඩා මෙම සටන සඳහා සේනාව එක්රැස් කරගත් අතර ලස්කිරිඤඤ භටයන් පමණක් 28000 ක් වු බව දක්වයි. බැල්ඩියස්ට අනුව එම භට සංඛ්‍යාව 60000 ක් වන අතර රාජාවලියට අනුව 9000 කි. එහෙත් මහාවංසයට අනුව පෘතුගීසින් 700ක් වු අතර ලස්කිරිඤඤ භටයන් 28000කි.

    මෙලෙස විශාල හමුදාවක් රැගෙන පැමිණෙන පෘතුගීසින්ගේ යුද සුදානම ගැන කරුණු දැන ගත් උඩරට රජුද හැකි තරම් ඉක්මනින් සේනා රැගෙන මහනුවරට පැමිණෙන ලෙසට ඌවේ විජයපාල කුමාරයාට දැන් වූ අතර ඔහු භටයන් දස දහසක් රැගෙන මාතලේ හරහා මහනුවරට ළඟා වී තිබේ. දෙවැනි රාජසිංහ රජුගේ බිසව නායක්කර් වංශික දේවියක් බව සැලකෙන හෙයින් එම සම්බන්ධය නිසා මධුරාවෙන් පැමිණි වඩිග භටයන් දහසක් උඩරට සේනාවට එක් වී තිබේ.

    පෘතුගීසින් 1638 මාර්තු 26 වන දින මහනුවරට ළගා වන විට උඩරට රජු මැද මහනුවරට පලා ගිය බව මහ සටන නම් කාව්‍යයේ පමණක් නොව බැල්දියෙස් හා ක්වෙ‘රෝස්ද වාර්තා කොට තිබේ. එහිදී පෘතුගීසින් මහනුවර කොල්ල කා වෙහෙර විහාර කඩා බිද දමා නගරය ගිනිබත් කොට විනාශ කළ බව සඳහන් වේ. අඳුර වැටෙන තෙක්ම මෙසේ නගරය කොල්ල කා ගැටඹේ තොටුපළින් එගොඩ වී බලන තෙක් ආපසු යාමට පෘතුගීසි සිතා සිටි නමුත් රෑ බෝ වීම නිසා ගන්නෝරුවේ නතර විය. එහිදී විජයපාලගේ හමුදා විසින් එම පිරිස වට කරනු ලැබ තිබේ. මේ වන විට අධික වෙහෙසට මෙන්ම ආහාර හිගකම නිසාද පෘතුගීසිහු ඉතාම දුෂ්කර තත්ත්වයක පසු වූහ. මේ අවස්ථාවේදී ඇතැම් ලස්කිරිඤඤ භටයන් උඩරට හමුදාවට එක් වූ බැවින් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් රාජසිංහ රජු ඔවුන්ට නොනවත්වාම පසු පස එලවා පහර දීමට පටන් ගත්හ. මන්දාරම් පුවත දක්වන පරිදි උඩරට රජුගේ හමුදාවට ලංකාවේ විවිධ ප‍්‍රදේශවලින් භටයන් 70000ක් පමණ ප‍්‍රමාණයක් කඩු දුනු තුවක්කු සහ පළිහ මෙන්ම තම ප‍්‍රදේශවලට අයත් ධජ පතාක ද රැගෙන සටනට පැමිණ තිබේ. දෙවැනි රාජසිංහ රජු එම පිරිසෙන් 30000ක පමණ පිරිසක් උඩරටට ඇතුළුවන මාවත් රැකවල් පිණිස යවා 40000ක් සෙනග සමග ගන්නෝරුව වෙත පැමිණ පෘතුගීසීන් හාත්පස වට කොට පහර දී තිබේ. එහිදී අල්වා ගත් පෘතුගීසින් හෙල්පත්වල ලා මඩ කවමින්ද දුර තිබෙන ගස් ලං කොට දෙකකුල් බැද රැහැන් කපා හැර දෙපලු කිරීමෙන්ද කෙනෙකු ගස් බැද මීමුන් ලවා ඇණ වීමෙන්ද බල්ලන් ලවා කෑවිමෙන්ද කරවටට පමණ වළලා පිදුරු ගිනි දැමීමෙන්ද ඇතැමුන්ගේ අත් පා බැද ළමුන් ලවා ගල් ගැස්සවීමෙන්ද පාලු ගෙවල ලා දුම් ගැස්සවීමෙන්ද මුනින් හොවා ගල් පැටවීමෙන්ද යනාදී විවිධ ක‍්‍රම මගින් වද දී මරා දැමු බව මන්දාරම් පුවතේ සඳහන් වේ. ආක‍්‍රමණ සේනා පැමිණෙන කපොලු දුර්ග මර්ග අසල දෙපස සිට මන්ත‍්‍ර ජප කරමින් ගිණිගොඩවල් ගසමින් කුණුහරුප කියමින් භයංකර ශබිද මවමින් හූකියමින් යුද බෙර ගසමින් කොමිබු නලා දවුල තමිමැටිටමි ගසමින් සතුරා බය කර මානසිකව වැටිටිම ඉතා හොදින් ඉටු කළ අතර එහිදී මළ මිනිවලට ජප කර එවාට පණ දී ඔහුන් ඉදිරියට පමුණුවා ලීමෙන් පෘතුගීසින් තවත් භය කළේය මෙි අතර ඔවුන්ට දෙබර කූඩවලින්ද දමා ගැසීමෙන් තව දුරටත් දුක්වලට මුහුණ පෑහ තවත් පිරිස් විසින් ගස් කපා ඔවුන්ගේ හස මතට පෙරලුහ තවත් පිරිසක් ගල් පර්වත පෙරලුහ

    මෙහිදී ගන්නෝරු කඳූ මුඳුනේ කඳවුරු ලා සිටි පෘතුගීසි සෙනවියා ඇතුලු භටයන් සමග රාජසිංහ රජුගේ හමුදා අතර දරුණු සටනක් ඇති වී තිබේ. පෘතුගීසි සෙනවියා ඇල්ලීමට අණ දුන් රාජසිංහ රජු ගන්නෝරු කන්ද වටලා වෙඩි සැර යවමින් පෘතුගීසින්ට පහර පිට පහර දී ඇත. මෙකල හමුදාව සංවිධානය වී තිබුණේ රදළ පවුලවල අත පැවැති ගැමි හමුදාවකින් වූ අතර පෘතුගීසින්ගේ මෙන් මැනවින් සංවිධානය වී නොපැවතිණි. එවැනි මැනවින් සංවිධානය නොවූ හමුදාවකින් සංවිධාන වු හමුදාවකට පහර දී පරාජය කිරීම පුදුම සහගතය’ එැහෙත් අනෙක් සටන්වලදී මෙන්ම මෙහිදී එම සටන්වලටත් වඩා උඩරට සෙබලුන් රණකාමීත්වයෙන් මෙන්ම දැඩි උනන්දුවෙන් සටන්වල නිරත වු බවත් රජුන් විසින් සටන් මෙහෙය වු රණශූරයන්ට විවිධ ප‍්‍රදානයන් කිරීමෙන් ඔවුන් උනන්දු කර වූ බවත් මහාචාර්ය මහින්ද සෝමතිලක මහතා පෙන්වා දෙයි’

    මෙම ගන්නෝරු සටනේදී උඩරට සෙබලුන් කෙතරම් උනන්දුවෙන් සටන් කළේද යත් පෘතුගීසි සෙබලුන්ට තුවක්කු අමෝරා ගැනීමට පවා ඉඩ කඩ නොතිබුණු බැව‘ ක්වෙ‘රෝස් සඳහන් කිරීමෙන්ම පැහැදිලි වේ. ගන්නෝරුවේ දිවිදොස් ගලෙහි සිට ඊතලවලට ගිනි ගත් පුවක්ගෙඩි යොදා ගගින් එගොඩෙ දැනට රාජකීය උද්‍යානය (මල්වත්ත) පිහිටි ස්ථානයේ තිබූ පෘතුගීසීන්ගේ වෙඩි බෙහෙත්වලට විදීමෙන් ඒවා ගිනිගෙන විනාශ වී ගොස් පෘතුගීසින්ට වෙඩි බෙහෙත් පවා අහිමි කොට තිබේ. එම වෙඩි බෙහෙත් වැස්සට තෙමීම නිසා පෘතුගීසීන් ඒවා අව්වේ වේලීමට තබා තිබූ බැව් පැවසේ. මෙවැනි ගරිල්ලා හමුදාවකට මුහුණ දීමට තරම් ශක්තිමත් නොවු පෘතුග්‍රිසි හමුදාව පරාජය දැක දැක පසුබැසීමට තීරණය කළේය’ තමත් පසුබැස යාමට කැමති බවත් පහර දිම නතර කරන ලෙසටත් පෘතුගීසි කපිතාන් විසින් සිය ඥාති පුත‍්‍ර බෑනා අත රාජසිංහ රජුට පනිවිඩයක් යවනු ලැබුවද එය රජු නොපිළි ගත්තේය’ එහිදී ගනනෝරු කන්දෙන් පහළට බැස යාමට මෙ‘ලෝ තිරණය කළද ඒ වන විටත් ගන්නෝරු කත්දේ තැනිතලා භූමියට සිංහල හමුදාව විසින් ඔවුන් කොටු කර ගෙන තිබිණි’ එහිදී දෙපිරිස අතර කඩු පළිහ සහිත ද්වන්ව සටනක් ඇති වී තිබෙ‘’ පෘතුගීසින්ට නොපෙනී කැලෑව මැදින් පැමිණි සිංහල හමුදාව මෙලෙස කොටු වී සිටි පෘතුගීසි හමුදාවට එල්ල කළ වෙඩි වර්ෂාවෙන් ඔවුන් මරුමුවට පත් විය’ මෙහිදී එක් පෘතුගීසි සෙබලෙකු ප‍්‍රධාන සේනාපති අල්මේදා ලගට පැමිණ ඔබ මෙම විනාශයට මුල් වූ ද්‍රෝහියා යැයි පවසා උදුරා ගත් තුවක්කුවකින් ඔහු මරා දැමු බැව් ක්වේරෝස් සඳහන් කොට තිබේ. අවසානයේ සියලු පෘතුගීසී නිලධාරීන් හා සෙබලුන් මරා දැමු සිංහල හමුදාව විසින් කපිතාන් දියෝ ගෝද මේලෝද මරා දමනු ලැබූහ. මෙහිදී සිංහල හමුදාව පෙර කිසිදු කලෙක නොවු අයුරින් අනුකම‘පා විරහිතව ඔවුන් ඝාතනය කළ බව සඳහන්වේ. මෙම සටනින් ඉතිරි වූ පෘතුගීසි සෙබලුන් තිදෙනා නොමරන ලෙස රාජසංහ රජු නියෝග කළ බව පැවසේ. මෙම සටනින් මිය ගිය පෘතුගීසි සෙබලුන්ගේ හිස් එක තැනකට එකතු කළ පසුව ඒවා ගොඩගසන ලද පොල් ගෙඩි තොගයක් ලෙසින් දිස් වූ බව කියවේ.මෙම ගන්නෝරු සටනින් පෘතුගීසින් තොතරම් පරාජයට පත් වූයේද යත් කපිතාන් දියෝ ගෝද මෙ‘ලෝගේ මළ කඳ පවා සොයා ගැනීමට නොහැකි වී තිබේ. පසුව ඔහුගේ අසිපත සොයා ගැනීමෙන් එය ජයග‍්‍රහණයේ සංකේතයක් ලෙසට උඩරට රජුට පිරිනැමු බවත් පසුව එය දෙවැනි රාජසිංහ විසින් වෙස්ටර් වෝල්ඩ් නමැති ලන්දේසි අද්මිරාල්ට පිරිනැමු බව සෝමතිලක මහතා පෙන්වා දෙයි. මීට අමතරව එම ජයග‍්‍රහණයෙන් අනතුරුව දෙවැනි රාජසිංහ රජු තම සවර්ණමය කිරීටය සහ ලෝහයෙන් තැනු කඩුව දොඩම්වල දේවාලයට පිරි නැමු බවත් සඳහන් වේ.

    මෙම ගන්නෝරු සටනින් පසු දෙවැනි රාජසිංහ රජු ඉතාමත් කීර්තිමත් තත්ත්වයට පත් වූ බව එතුමා වෙනුවෙන් ලියන ලද අප‍්‍රමාණ ප‍්‍රශස්ති ප‍්‍රමාණායෙන්ම සිතා ගත හැකිය. අභීත රණශූරයෙකු ලෙසට ප‍්‍රසිද්ධියට පත් දෙවැනි රාජසිංහ රජු රසිං දෙවියෝ නමින් ගෞරවයෙන් ව්‍යහාර කිරීමෙන්ම මෙම තත්ත්වය හොදින් තේරුම් ගත හැකිය. සිංහලයන්ගේ අවසන් අභීත ජයග‍්‍රාහි සටන ලෙස මෙය ලංකා ඉතිහාසයේ සැලකිය හැකි අතර ගන්නෝරු සටන 1638 මාර්තු23-24 දින සිදු වී ඇති බව මූලාශ‍්‍රගත තොරුතුරුවලින් හොදින් පැහැදිලි වේ. උඩරට කිරුළ පෘතුගීසි කිරුළට ඈඳා ගැනීමේ පෘතුග්‍රීසි සිහිනය මෙම ගන්නෝරු සටනින් බොඳ වී ගිය අතර පෘතුගීසි බලය ලංකාවෙන් තුරන් කිරීමට බලපෑ තීරණාත්මක සටන ලෙසටද ගන්නෝරු සටන පෙන්වා දිය හැකිය. මෙම ගන්නෝරු සටන අනුස්මරණය කිරීමට ගන්නෝරු සටන පවැති භූමියේම අභීතව නැගී සිටින ගන්නෝරුව රණබිම රාජකීය විද්‍යාලයෙන් දේශයට ආදරය කරන වීරෝදාර දරුවන් බිහි කරන බව එම විද්‍යාලය ඉදිරිපිට ඇති ගන්නොරුව සටනේ නායකත්වය දුන් අභීත රණවිරුවාගේ පිළිරුවේ තේජාන්විතභාවයෙන් නිහඩව කියා පායි.
    raajakiiya-vidhy-1.jpg

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම දන්න ටිකකුත් එකතු කරන්නම් , දෙවන රාජසිහ රජතුමා රජවෙන්ඩ කලින් හැදින්වුයෙ මහ අස්ථාන කුමාරය කියල ඒවගේම එතුමා තිසිහලාධිශ්වර කියල නම්බුනාමයක් බාවිතා කරා පරන්ගි ව්ගේම ලන්දේශි කාරයොත් එකුමාට ලිපි ලියද්දි බාවිතා කරල තියෙන්නෙ රජතුමාගෙ යටහත් සේවකය වගේ වචන්, ඒ තරන් ශේශ්ඨ රජ එකෙක්

    rep++++
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම දන්න ටිකකුත් එකතු කරන්නම් , දෙවන රාජසිහ රජතුමා රජවෙන්ඩ කලින් හැදින්වුයෙ මහ අස්ථාන කුමාරය කියල ඒවගේම එතුමා තිසිහලාධිශ්වර කියල නම්බුනාමයක් බාවිතා කරා පරන්ගි ව්ගේම ලන්දේශි කාරයොත් එකුමාට ලිපි ලියද්දි බාවිතා කරල තියෙන්නෙ රජතුමාගෙ යටහත් සේවකය වගේ වචන්, ඒ තරන් ශේශ්ඨ රජ එකෙක්

    rep++++

    දෙවන රාජසිංහ රජු මෙතරම් දක්ෂ රණශූරයෙකු වූයේ කෙසේද?
    මේ ගැන ඇති රසවත් කතාවක් මා විසින් කලකට පෙර එළකිරියේ දමන ලදී....

    http://elakiri.com/forum/showthread.php?t=1368599
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    good post saho.eka dawasak mama oya school eka langa giya e wele hostel eke lamayi dennek mal kada kada hitiye issaraha mal gahe hee,mama ahuwwa malli oya pilime inne kawuda kiyala,gath katatama kolla kiwwa a e mage mama ayi mokada kiyala haa,ethana hitiya okkotama hina :D
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    රට සුද්දට ගිය එක හොදයි කියලා හිතෙනවා, නැත්නම් අපිට තාමත් රජෙක් යටතේ ඉන්න වෙන්නේ, දෙතිස් වදයන් එක්ක. :(
    කලින් රජා මතකනේ, තව රජෙක් ගැන හිතනකොටත් එපා වෙනවා.