ගනිකාවගේ පුතෙක්. 18+ නෙමෙයි.
වියැකෙන මුදු සුසුම් හඬ
සමග ගොරහැඬි රැවුම් හඬ
ඇසී අවදිව පෙර දිනක
සෙවුවා මම කෝ කොහෙද
පැදුරේ නුඹ නෑ
අනිත් කොන..
මියැදෙන ලාම්පු දැල්ලට
මැටි බිත්තියට මුවා වී හිද
වලදන්න දී මත්
රකුසෙකුට කුණු කය
කැවුවා මට ඇනූ බත් ගුලි
බඩගින්නෙ අඩන මා නලවන්න...
සෙල්ලම් පිටිය පුරාවට
පාසලේ කොට බිත්ති අතර මැද
ගම්සභා පාර
කඩමන්ඩියෙත් අද
රැවුදුන්න හඬ හැමදාම
නොදෝකින් අවජාතක
වේසිගෙ පුතා උඹ....
ආ බව නපුර අඳුරට මුවා වී
දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී
හොයන්නෑ පෙර වගේ මම නුඹ
අවුල් කෙස් මැද ගිලුනු දෑසේ
බෑ බලන්නට
ඇති කඳුලු කැට...
සින්න වූ පසුත් නුඹෙ
උගස් කල ආලය
දුන්න ඇති මට ඉඩ
දකින්නට ලෝකය...
වඩන්නට මා බිලිදී..
නුඹ වතේ තාලය
මතු බුදුවන්න කරපු පිං ඇති
ආඩම්බරයි තව ඒ..
වේසිගෙ පුතා මම...!!!
මේ නිසදැස ටිකක් විතර ගැබුරුයි.
එක පාරටම තේරේවිද කියල දන්නෙ නැහැ.
ගොඩක් හිතන්න දේවල් තියනව මේ නිසදැස ඇතුලෙ.
කරුණාකරල මේක දිහා වැරදි විදියට බලන්න එපා.

ඇත්තටම මේ වගේ චරිත අපේ සමාජෙ කොච්චර නම් ඉන්නව ඇත්ද?
තමන්ගෙ දරුවන්ව ජීවත් කරවන්න පොරකන තනිවෙච්ච ගෑනියෙක් කරන සටන...............? මට මේක දැක්කම elakiri එකේ දන්න හිතුවෙ මම මේක බැලුවම මට කතාවක් මතක් උනා. මම අදුරන කොල්ලෙක් නම් නෙමෙයි. දවසක් කොල්ලො ටිකක් සෙට් වෙලා අපි කලින් කියවපු විදියෙ කෙනෙක් ගාවට ගිහින්.මොකටද කියල කියන්න ඕන නැහැනෙ.

ගිහිල්ල බැලුවම ඒ ගියපු කොල්ලෙන්ගෙන් එක්කෙනෙක් ගෙ අම්ම කෙනෙක්ලු. හිතාගන්න පුලුවන්නෙ ඒ වෙලාවෙ උට මොන වගේ හැගීමක් එන්න ඇත්ද කියල. මේ කොල්ල ඒ වෙලාවෙම ගෙදර ගිහින් බෙල්ලෙ වැල දාගෙන මැරිල.උට විනාඩියක් හරි හිතන්න තිබුනනේද අම්ම ඒ වගේ දෙයක් කලේ මොකද කියල.මේක කියවපු වෙලාවේ මටත් හිතුන අපේ සමාජෙන් කොච්චර අදුරු පැතිකඩයන් තියනව ඇත්ද කියල.

වියැකෙන මුදු සුසුම් හඬ
සමග ගොරහැඬි රැවුම් හඬ
ඇසී අවදිව පෙර දිනක
සෙවුවා මම කෝ කොහෙද
පැදුරේ නුඹ නෑ
අනිත් කොන..
මියැදෙන ලාම්පු දැල්ලට
මැටි බිත්තියට මුවා වී හිද
වලදන්න දී මත්
රකුසෙකුට කුණු කය
කැවුවා මට ඇනූ බත් ගුලි
බඩගින්නෙ අඩන මා නලවන්න...
සෙල්ලම් පිටිය පුරාවට
පාසලේ කොට බිත්ති අතර මැද
ගම්සභා පාර
කඩමන්ඩියෙත් අද
රැවුදුන්න හඬ හැමදාම
නොදෝකින් අවජාතක
වේසිගෙ පුතා උඹ....
ආ බව නපුර අඳුරට මුවා වී
දෙදරණ කුස්සි දොර කෑ ගසද්දී
හොයන්නෑ පෙර වගේ මම නුඹ
අවුල් කෙස් මැද ගිලුනු දෑසේ
බෑ බලන්නට
ඇති කඳුලු කැට...
සින්න වූ පසුත් නුඹෙ
උගස් කල ආලය
දුන්න ඇති මට ඉඩ
දකින්නට ලෝකය...
වඩන්නට මා බිලිදී..
නුඹ වතේ තාලය
මතු බුදුවන්න කරපු පිං ඇති
ආඩම්බරයි තව ඒ..
වේසිගෙ පුතා මම...!!!
මේ නිසදැස ටිකක් විතර ගැබුරුයි.
එක පාරටම තේරේවිද කියල දන්නෙ නැහැ.
ගොඩක් හිතන්න දේවල් තියනව මේ නිසදැස ඇතුලෙ.කරුණාකරල මේක දිහා වැරදි විදියට බලන්න එපා.

ඇත්තටම මේ වගේ චරිත අපේ සමාජෙ කොච්චර නම් ඉන්නව ඇත්ද?
තමන්ගෙ දරුවන්ව ජීවත් කරවන්න පොරකන තනිවෙච්ච ගෑනියෙක් කරන සටන...............? මට මේක දැක්කම elakiri එකේ දන්න හිතුවෙ මම මේක බැලුවම මට කතාවක් මතක් උනා. මම අදුරන කොල්ලෙක් නම් නෙමෙයි. දවසක් කොල්ලො ටිකක් සෙට් වෙලා අපි කලින් කියවපු විදියෙ කෙනෙක් ගාවට ගිහින්.මොකටද කියල කියන්න ඕන නැහැනෙ.

ගිහිල්ල බැලුවම ඒ ගියපු කොල්ලෙන්ගෙන් එක්කෙනෙක් ගෙ අම්ම කෙනෙක්ලු. හිතාගන්න පුලුවන්නෙ ඒ වෙලාවෙ උට මොන වගේ හැගීමක් එන්න ඇත්ද කියල. මේ කොල්ල ඒ වෙලාවෙම ගෙදර ගිහින් බෙල්ලෙ වැල දාගෙන මැරිල.උට විනාඩියක් හරි හිතන්න තිබුනනේද අම්ම ඒ වගේ දෙයක් කලේ මොකද කියල.මේක කියවපු වෙලාවේ මටත් හිතුන අපේ සමාජෙන් කොච්චර අදුරු පැතිකඩයන් තියනව ඇත්ද කියල.

මට මතක තිබ්බා මේක උඹ ලියපු එකක් කියලා ..