සැමියාගෙ නම් ඔහු මියගියාට පස්සෙ, බිරිඳට විවාහ උරුමයට සම්පූර්ණ අයිතිය එනවා. ළමයි ඉන්නව නම් බිරිඳට බාගයක් අයිතියි විවාහ උරුමයට. ළමයින්ගෙට ඉතිරි බාගය සමසේ බෙදෙනවා. මෙතන සැමියා මැරිලා, බිරිඳත් මැරිලා. ළමයිත් නැත්නම්. කියන විධියට ඔප්පුවක් ලියලත් නැතුව, අන්තිම කැමති පත්‍රයක්වත් නැතුව. එතකොට වෙන්නෙ ළඟම ලේ ඥාතීන්ට ඕක බෙදෙනවා. සැමියගෙ පැත්තට බාගයයි, බිරිඳගෙ පැත්තට බාගයයි යයිද නැත්නම් සැමියගෙ පරම්පරාගත බූදලයක් නිසා ඒ පැත්තෙ ළඟම ඥාතීන්ට දෙනවද කියලා උසාවිය තීරණය කරයි. සේවකයන්ට නීත්‍යානුකූලව පවරපු දෙයක් තියෙනව නම් ඒක ලැබෙයි. සේවකයන්ට නම් දෙන්නෙ නැහැ වලව්ව කොහොමත්. උන් ඉතින් පඩියට වැඩ කරපු අය නිසා ජීවත් වෙලා ඉන්න කාලෙ කට වචනෙන් මොනවා කිව්වත් අයිති අය, නීතියානූකූල පැවරීමක් හෝ කැමැත්ත ප්‍රකාශ කිරීමක් තියෙන්න ඕනි අයිතියක් ලැබෙන්න නම්. සේවකයන්ට මාස 3 ක පඩියක් දෙයි වෙන තැනක් හොයාගන්න.