ඕක හරියට වේලෙන්නෙ නැති තුවාලයක් වගේ...
වේලෙන්න ඕනෙ කරන බෙහෙත් දෙනවට වඩා තවත් තුවාලෙ පාරපු එක සහ වැඩි දියුණු කරපු එක තමයි මෙතෙක් සිදුවෙලා හා තවමත් සිදුවෙමින් පවතින්නේ...
රට ලස්සන කරන්න... සංවර්ධනය කරන්න කියල අවුරුද්දකට සැරයක් ඔය පැල්පත් වල ඉන්න අහිංසකයෝ ටික එලියට ඇදල දාලා පැල්පත් කඩල බිඳල සුනු විසුනු කරන එකනම් අපේ දේශපාලුවෝ වරද්දන්නේ නැතිව කර ගෙන යනවා..
මොකද දුප්පතුන්ගේ ඉන්න හිටින්න තියෙන ඔය පැල්පත් ටික කඩන්න දෙන ටෙන්ඩරයෙන් කුට්ටි ගනන් සල්ලි වලින් උන්ගේ මඩිය තර කර ගන්න පුළුවන් වෙන හින්දා...එතකොට උන්ට ඒවයින් මන්දිර ඉදිකරගන්න හ උන්ගේ දරුවන්ට පිට රට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් වෙන හින්දා....
අපේ සමාජයේ කීයෙන් කී දෙනාද අනුන් ගැන හිතන්නේ..
නිකන් පපුවට තට්ටු කරල අහල බලමු ඔය දුක් විඳින ජීවිත ගැන එදිනෙදා ඔතනින් මේ නිර්මානකරුවා වගේම අපි දෙනෝ දාහක් ගමන් කරනවා.
නිකමටවත් කෙනෙක් ඇස් ඇරල මේවත් ජීවිත නේද කියල හිතපු අවස්ථා තියෙනවද කියල. එහෙම හිතන්න අපිට සමාජය ඉඩ තියල නැහැ..මොකද අපිත් හැල්මේ දුවන රේස් එකක නිරතව ඉන්න හන්දා...
ඇස් ඉදිරිපිට ඇති සැබෑව නිර්මානයෙන් එලි කොට ජනතාව දැනුවත් කිරීම ගැන මල්ලියට මගේ ආචාරය...
පවතින සමාජ ක්‍රමයේ වරදින් ඇස ගියත් හිත නොයන පැත්තක් ගැන කථා කිරීමට පෙලඹීම සතුටට කරුනක්..අපුරු ජනතාවාදී නිර්මානයක්......
මල්ලිට ජය!!