ගබ්සාව පිළිබඳ වාදය...

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගබ්සාව පිළිබඳ වාදය...

    ලෝකයේ බෝහෝ දෙනෙකුගෙ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි.

    බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් මෙන්ම නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත.

    ගබ්සාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ තුන්සිය එකොළහ ජේදයෙහි සඳහන් ය. මීට අනුකූල ව ගබ්සාවක් කළ හැක්කේ ගැබ්බර භාවයට පත් කාන්තාවකගේ ජීවිතයට එම ගර්භය අන්තරා දායක තත්ත්වයක් ඇතිකරන්නේ නම් පමණි. එසේ ම මෙම අන්තරාදායක තත්ත්වය පිළිබඳ ව වෛද්‍යවරයෙකුගේ තීරණය ද අත්‍යාවශ්‍ය කරුණකි.
    [උපන් වහාම මිය යන බව දන්නා (උදා - මොළය රහිතව ඉපදෙන දරුවන්) දරුවන් ගබ්සා කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නීතිය එයට විරුද්ධ නොවේ.]

    ගබ්සාව ‍යනු කලලය නොමේරූ අවධියේම (එනම් තනිවම ජීවය පවත්වා ගත නොහැකි අවස්ථාවක ) ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි.

    මෙහිදී අවධානය යොමු කරන්නේ කෘතිමව කලලය ඉවත් කිරිම හෙවත් ප්‍රේරිත ගබ්සාව පිළිබඳ ඇති වාද සම්බන්ධවයි.

    ප්‍රේරිත ගබ්සාව සාධාරනීකරණය කරන වාද

    1. ජීවත්වීමේ අයිතිය හා කලලය ඉවත් කර ගැනීමේ අයිතිය -

    බටහිර නූතනත්වයේදී සමූහය අභිබවා පුද්ගලයා ඉස්මතු වීම නිසා යුතුකම් හා වගකීම් නැමැති සංකල්ප ඉවත දමා අයිතිය නම් සංකල්පය පෙරට පැමිණ ඇත. :oo:
    ගබ්සාව සාධාරනීකරණය කරන්නන් ඉදිරිපත් කරන මතය නම් කළලය පුද්ගලයෙකු වශයෙන් නොගත යුතු බවයි. එනම් එයට ජීවත්වීමේ අයිතියක් නැත.
    එවිට මවගේ ශරීරයට ඇයට ඇති 'අයිතිය' නිසා කළලය ඉවත් කිරීම ඕනෑම හේතුවක් සඳහා සාධාරනීකරණය වේ.

    මොවුන්ගෙන් අසන පළමු ප්‍රශ්නය නම් ජීවියෙකු බව පැහැදිළිව දන්නා කළලය පුද්ගලයෙකු නොවන්නේ කවර අර්ථයෙන්ද යන්නයි.:baffled:

    මෙයට පිළිතුරු දෙන්නන් කියන්නේ කළලයට 'තමා' සිටින බවට හැගීමක් නැති නිසා ඔවුන් පුද්ගලයා යන අර්ථකතයට ඇතුළත් නොවන බවයි.

    මෙහි බරපතල ගැටළු ඇත.
    1. අත දරුවාටද තමා සිටින බවට හැගීමක් නැති අපට සිතිය හැක. එවිට මෙම තර්කය පිළිගත හොත් අත දරුවන් ඝාතනය කිරීම සාධාරනීකරණය වේ. :rolleyes:
    2. බරපතල මානසික දුබලතා ඇති වැඩිහිටියන්ටද තමා සිටින බවට හැගීමක් නැති බව පෙන්වා දී මරා දැමිය හැක. :rolleyes:
    3. සාමාන්‍ය පුද්ගලයෙකු අනතුරකට මුහුණ දී සුව කළ හැකි (එනම් මොළය මිය නොගිය ) කෝමා තත්වයට පත්වී සිටින විට ඉහත තර්කය යොදා ඔහුවද මරා දැමිය හැක. :rolleyes:

    මෙම තර්ක වලට පිළිතුරු දෙන ගබ්සාවාදීන් පිරිස පවසන්නේ ඉහත 3 උදාහරණයේ මානසික ක්‍රියාවළියන් පිටතට දර්ශනය නොවුනද ඔවුන්ගේ මනස ක්‍රියාකාරී බව පිලිගත යුතු බවයි. 1 හා 2 උදාහරණ ඉදිරියේ ඔවුන් නිහඬ වේ.

    නමුත් දැන් ඇසිය හැකි සරලම ප්‍රශ්ණය නම් කළලයේ හා අත දරුවන්ගේ මනස ක්‍රියාකාරී නොවන බව දැනගත්තේ කෙසේද යන්නයි.

    මෙම ප්‍රශ්ණය ඉදිරියේ මොවුන් සියලු දෙනා නිරුත්තරය...

    තවත් කොටසක් කියන්නේ මවගේ කලලය ඉවත් කර ගැනීමේ අයිතිය දරුවාගේ ජීවත් වීමේ අයිතිය අභිබවා යන බවයි. එයට හේතුව නම් කළලය සම්පූර්ණයෙන්ම මව මත යැපෙන ජීවියෙක් වීමයි.

    මෙම තර්කය පිළිගත හොත් අනතුරකට මුහුණ දී සුව කළ හැකි (එනම් මොළය මිය නොගිය ) කෝමා තත්වයට පත්වී සිටින නමුත් යන්ත්‍ර මත යැපෙන කෙනෙක්ගේ ජීවිතය පවත්වා ගැනීම සම්පූර්ණයෙන්ම වෙනත් කෙනෙක් හෝ කිහිප දෙනක් මත පදනම් වන නිසා (යන්ත්‍ර වලට වියදම්, ආහාර වියදම් ආදිය ) ඔවුන්වද මෙසේ මරා දැමිය හැකි බව පිළිගැනීමට සිදුවේ.
    මීට අමතරව අංගවිකලයන් ආදීන් ගැනද මෙසේ තර්ක කළ හැක.

    මෙසේ ගබ්සාව අයිතියක් ලෙස දකින්නන් හට සියලු හේතු සඳහා එය පිළිගැනීමට සිදුවේ. උදා - මවගේ රූ සපුව රැක ගැනීමට.

     
    Last edited:
    • Like
    Reactions: Mr:Virus and kandya

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    ගබ්සා විරෝධීන් පවසන්නේ තමන්ට දරුවා අවශ්‍ය නොවේ නම් දරුවන් නොමැතිව අවුරුදු ගණන ලතවන අසරණ පවුලකට ඒ දරුවා හදාගන්නට දීම සුදුසු බවයි.

    නමුත් මෙයට විරුද්ධව ඉහත ගණයේ ගබ්සාවාදීන් ගෙනෙන තර්කය නම් ගර්භනීභාවය හා දරු ප්‍රසූතිය යන ක්‍රියාවළි දෙකම අවදානම් සහගත නිසා එවන් ක්‍රියාවළි දෙකක් පුද්ගලයෙකු මත බලයෙන් පැටවීම වැරදි බවයි.

    මොවුන්ගේ තර්කය නම් තමන්ට කැමති ඕනෑම අවස්ථාවක ඉහත ක්‍රියාවළි නවතා දැමීමේ අයිතිය මවට ඇති බවයි.

    මෙහි ප්‍රශ්ණයක් ඇත. ගර්භයට සති 36-37 පමණ වන විට (එනම් ජීවත් විය හැකි අවස්ථාවේ) එය තමන්ට අවශ්‍ය නොවන බව මව තීරණය කළා යයි සිතන්න. දැන් සීසර් සැත්කමකින් දරුවා ඉවතට ගෙන හදාගන්නට දිය හැක (මෙය ගබ්සාවක් නොවේ).

    එහෙත් ඉහත තර්කයට අනුව මවට 'දරු ප්‍රසූතිය' අනවශ්‍ය බව තීරණය කොට කුස තුළදීම දරුවා මරා දැමිය යුතු යයි ඉල්ලා සිටිය හැක. එවිට කරන්නේ කුමක්ද? :rolleyes:


    මේ අතර මධ්‍යස්ථ ගබ්සාවාදීන් යයි කියාගන්නා පිරිසක්ද ඇත. මොවුන් ගබ්සාව අයිතියක් ලෙස පිලි නොගනිති. මොවුන් ගබ්සාව වැරදි වුවත් සමහර හේතූන් මත (දූෂණය, අපචාර ආදිය ) එය සාධාරනීකරණය කරති.

    මෙහිද බොහෝ දෙනා නොදකින ගැටළුවක් ඇත.

    ගබ්සාව කිරීමට පුද්ගලයෙක් අවශ්‍ය වේ. ගබ්සාව පාප කර්මයක් නම් එය කරන්නාට පවු සිදුවේ. එවිට ගබ්සාව වැරදි යයි සිතන්නන් එවන් පාප කර්මයක් තවත් කෙනෙක් මත පටවන්නේ කෙසේද?:baffled:

    උදාහරණයක් ලෙස භක්තිමත් බෞද්ධයෙක් සමහර හේතු මත ගබ්සාව සාධාරනීකරණය කරන්නේ යයි සිතන්න. මවගේ ජීවිතය ගලවා ගැනීමට ගබ්සා කරන්නා හට පව් සිදු නොවන බව ඔහු දනී. එහිදී මරණ චේතනාවක් නැත.

    එහෙත් දූෂණයට ලක්ව ගැබ් ගන්නා කාන්තාවගේ ගැබ නසන්නා හට පවු සිදුවේ. එවිට ගබ්සාව පාප කර්මයක් වශ්‍යයෙන් හඳුනාගෙන එය සමහර හේතු වලට නීති ගත කළ යුතු යයි කීම විහිළුවකි.

    එසේ කියන්නා එම ගබ්සා කරන්නට ඉදිරපත් වන්නේද?

    නැත. ඔහු/ඇය කියන්නේ කිසියම් පුහුණුව ලත් කෙනෙක් (වෛද්‍යවරයෙක්) එසේ කළ යුතු බවයි. එනම් අහක යන පුද්ගලයෙක් තවත් කෙනෙක් වෙනුවෙන් පවු කළ යුතු බවයි.

    මෙහි සාරාංශය නම් - ගබ්සාව හොඳද නරකද යන්නට පිලිතුරු දිය හැක්කේ මානව හිමිකම් ආදී අංගවිකල බටහිර සංකල්ප වලින් නොවේ. එවන් සංකල්ප යොදා ගන්නා තැනැත්තා එම සංකල්ප වලම අතරමං වේ.

    මේ ප්‍රශ්ණයට ආගම හා දර්ශනය යොදා ගැනීමට සිදුවේ. ගබ්සාව සාධාරනීකරණය කරන ආගමක් නැත.

    ගබ්සාව සමහර හේතු වලට නීතිගත කළ යුතුයි කියන්නන් පළමුව එය හොඳද නරකද වැරදිද නිවැරදිද යන්නට පිලිතුරු දිය යුතුය. නැතහොත් ඔවුන්ගේ තර්ක අසම්පූර්ණ වේ. එය වරදක් නම් තවත් කෙනෙකුට එය කරන්නට කියන්නේ ඇයිදැයි පැහැදිළි කළ යුතුය. නිවැරදි නම් සියලු අවස්ථා වලදී නිවැරදි නොවන්නේ ඇයිදැයි පැහැදිළි කළ යුතුය. මේ තර්ක කිරීමේ අවසානයක් දැකිය නොහැක.

    2. ඉල්ලුම හා අවශ්‍යතාවය පිළිබඳ තර්කය -


    සමහර ගබ්සාවාදීන් ගබ්සාව හරිද වැරදිද යන ප්‍රශ්නයට පිළිතිරු දීම වුවමනාවෙන්ම මඟ හරිමින් කියන්නේ ගබ්සාවේ දැඩි අවශ්‍යතාවය නිසා එය කළ යුතු බවයි. එනම් අප ගබ්සාව නීති මඟින් කෙතෙක් සීමා කිරීමට උත්සහ කළද එය අවශ්‍යතාවය මත නිරන්තරයෙන් සිදුවේ. එමනිසා එය නීතිගත කළ යුතුය යන්න ඔවුන්ගේ තර්කයයි.

    ළමා අපචාරද අඩු වයස් විවාහයන්ද අවශ්‍යතාවය නිසා නිරන්තරයෙන් සිදුවේ. මේවාද නීතිගත කරමුද?

    3. අවසාන ප්‍රතිඵලය සලකා බැලීම - තවත් කොටසකගේ තර්කය නම්, ගබ්සාව නීති විරෝධී කිරීමෙන් අඩු සෞඛ්‍ය පහසුකම් සහිතව කෙරෙන ගබ්සා වැඩි වන නිසා මව්වරුන්ගේ ජීවිත අවදානමේ වැටීමත්, රජයට එවන් ජීවිත ගලවා ගැනීමට යන වියදමත් සලකා ගබ්සා නීතිගත කළ යුතු බවයි.

    එවිට ගබ්සා නිවැරදි යයි සිතන්නන් පමණක් නිවැරදි පුහුණුව ලබා එවන් කටයුතු වල යෙදීමෙන් 'සියළු ප්‍රශ්ණ' විසඳෙන බවයි.

    පවුකාරයන් අපාගත වනු ඇත. නමුත් සෞඛ්‍ය ගැටළු අඩු වේ... අවසාන ප්‍රතිඵලය යහපත් නම් ක්‍රමය කුමක් වුවත් කම් නැත.

    මේ ගැන සිතීම ඔබට ඉතිරි කරමි.

    අවසාන වශ්‍යයෙන් මේ කතාව කියමි - ලංකාවේ ගබ්සා වලට නමගිය එක්තරා වෛද්‍යවරයෙක් සිටියේය. ඔහු තමාගේ තරුණ බිරිඳට දැඩි ලෙස ආදරය කළ බව කියවේ. මොවුනට දරුවන් නොවීය.

    තරුණ බිරිඳට ගර්භාශයේ පිළිකාවක් සෑදිණි. (මෙම පිළිකා තරුණියන්ට සාමාන්‍යයෙන් නොසෑදේ.) වෛද්‍යවරයා බිරිඳ ගලවා ගැනීමට නොකළ දෙයක් නැත. නමුත් අවසානයේ ඇය මිය ගියාය. ඇයගේ අවසාන ඉල්ලීම වූයේ 'දැන්වත් මේ පවුකාර වැඩේ නවත්වන' ලෙසයි.

    වෛද්‍යවරයාටද ගැලවීමක් නොවීය. ඔහු ගබ්සාවන් නැවැත්වුවද අවුරුද්දකින් පමණ මිය ගියේ විවිධ රෝග වලට ගොදුරු වීමෙනි. මෙය බොහෝ දෙනා දන්නා කතාවකි...

    මහාචාර්ය නන්දසේන රත්නපාල මෙවන් ගබ්සා වෛද්‍යවරු ගණනාවක් ගැන පරීක්ෂණ කොට ඇත. ඔවුන් කිසිවෙකුට සැනසීමෙන් මිය යන්නට නොලැබිණි.

    තමා අවසාන වශයෙන් නෙලා ගන්නේ තමා වපුරන දෙයෙහි අස්වැන්නයි.
     
    Last edited:
    • Like
    Reactions: bathalaya

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    hamoma wagakeemen wada karnwannm me wage prashna wenne nane bn,unata passe dagalala wadak na,mechhra diyunu kale minissunta swanpalanayk nathnm gal yugeta hapan ne
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?


    තමා අවසාන වශයෙන් නෙලා ගන්නේ තමා වපුරන දෙයෙහි අස්වැන්නයි.

    මටත් කියන්න තියයෙන්නෙ මේකම තමයි මචන්...වපුරල ඉවර වෙලා අස්වැන්න එපා කියන්න ඕ‍‍නෙ නෑ‍නෙ...අස්වැන්නක් ඕනෙ නැත්නම් වපුරන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ:baffled::baffled:

    Nice Post Machan
    ~Rep added~
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටත් කියන්න තියයෙන්නෙ මේකම තමයි මචන්...වපුරල ඉවර වෙලා අස්වැන්න එපා කියන්න ඕ‍‍නෙ නෑ‍නෙ...අස්වැන්නක් ඕනෙ නැත්නම් වපුරන්නෙ නැතුව හිටියනම් ඉවරනෙ:baffled::baffled:

    මෙන්න නියම කතාව
     
    May 21, 2013
    80
    13
    0
    අනවශ්‍ය ගැබ් ගැනීමක් ඉවත් කරගැනීමට මවට ඇති අයිතියට සැවොම ගරු කළ යුතුය. ගබ්සාවට විරුද්ධ වන්නේ කෙහෙල් මල් ආගමික විශ්වාස වලින් ඔලුව කුරුවල් කරගත් නූගත් ගෝත්‍රිකයින් පමණි.
     
    • Like
    Reactions: subspace