ගබ්සාව පිළිබඳ වාදය...
ලෝකයේ බෝහෝ දෙනෙකුගෙ අවධානය යොමු වු ගැටලු අතර ප්‍රධාන ගැටලුවක් වශයෙන් ගබ්සාව හදුන්වා දිය හැකියි.
බොහෝ රටවල ඵය සදාචාරමය හා සමාජිය ගැටලුවක් මෙන්ම නෛතික ගැටලුවක් බවටද පත් වි ඇත.
ගබ්සාව සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන නීතිය දණ්ඩ නීති සංග‍්‍රහයේ තුන්සිය එකොළහ ජේදයෙහි සඳහන් ය. මීට අනුකූල ව ගබ්සාවක් කළ හැක්කේ ගැබ්බර භාවයට පත් කාන්තාවකගේ ජීවිතයට එම ගර්භය අන්තරා දායක තත්ත්වයක් ඇතිකරන්නේ නම් පමණි. එසේ ම මෙම අන්තරාදායක තත්ත්වය පිළිබඳ ව වෛද්‍යවරයෙකුගේ තීරණය ද අත්‍යාවශ්‍ය කරුණකි.
[උපන් වහාම මිය යන බව දන්නා (උදා - මොළය රහිතව ඉපදෙන දරුවන්) දරුවන් ගබ්සා කිරීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි. නීතිය එයට විරුද්ධ නොවේ.]
ගබ්සාව යනු කලලය නොමේරූ අවධියේම (එනම් තනිවම ජීවය පවත්වා ගත නොහැකි අවස්ථාවක ) ගර්හාෂයෙන් ස්වාභාවිකවම ඉවත් විම හෝ ඉවත් කිරිමයි.
මෙහිදී අවධානය යොමු කරන්නේ කෘතිමව කලලය ඉවත් කිරිම හෙවත් ප්‍රේරිත ගබ්සාව පිළිබඳ ඇති වාද සම්බන්ධවයි.
1. ජීවත්වීමේ අයිතිය හා කලලය ඉවත් කර ගැනීමේ අයිතිය -
බටහිර නූතනත්වයේදී සමූහය අභිබවා පුද්ගලයා ඉස්මතු වීම නිසා යුතුකම් හා වගකීම් නැමැති සංකල්ප ඉවත දමා අයිතිය නම් සංකල්පය පෙරට පැමිණ ඇත.
ගබ්සාව සාධාරනීකරණය කරන්නන් ඉදිරිපත් කරන මතය නම් කළලය පුද්ගලයෙකු වශයෙන් නොගත යුතු බවයි. එනම් එයට ජීවත්වීමේ අයිතියක් නැත.
එවිට මවගේ ශරීරයට ඇයට ඇති 'අයිතිය' නිසා කළලය ඉවත් කිරීම ඕනෑම හේතුවක් සඳහා සාධාරනීකරණය වේ.
මොවුන්ගෙන් අසන පළමු ප්‍රශ්නය නම් ජීවියෙකු බව පැහැදිළිව දන්නා කළලය පුද්ගලයෙකු නොවන්නේ කවර අර්ථයෙන්ද යන්නයි.
මෙයට පිළිතුරු දෙන්නන් කියන්නේ කළලයට 'තමා' සිටින බවට හැගීමක් නැති නිසා ඔවුන් පුද්ගලයා යන අර්ථකතයට ඇතුළත් නොවන බවයි.
මෙහි බරපතල ගැටළු ඇත.
1. අත දරුවාටද තමා සිටින බවට හැගීමක් නැති අපට සිතිය හැක. එවිට මෙම තර්කය පිළිගත හොත් අත දරුවන් ඝාතනය කිරීම සාධාරනීකරණය වේ.
2. බරපතල මානසික දුබලතා ඇති වැඩිහිටියන්ටද තමා සිටින බවට හැගීමක් නැති බව පෙන්වා දී මරා දැමිය හැක.
3. සාමාන්‍ය පුද්ගලයෙකු අනතුරකට මුහුණ දී සුව කළ හැකි (එනම් මොළය මිය නොගිය ) කෝමා තත්වයට පත්වී සිටින විට ඉහත තර්කය යොදා ඔහුවද මරා දැමිය හැක.
මෙම තර්ක වලට පිළිතුරු දෙන ගබ්සාවාදීන් පිරිස පවසන්නේ ඉහත 3 උදාහරණයේ මානසික ක්‍රියාවළියන් පිටතට දර්ශනය නොවුනද ඔවුන්ගේ මනස ක්‍රියාකාරී බව පිලිගත යුතු බවයි. 1 හා 2 උදාහරණ ඉදිරියේ ඔවුන් නිහඬ වේ.
නමුත් දැන් ඇසිය හැකි සරලම ප්‍රශ්ණය නම් කළලයේ හා අත දරුවන්ගේ මනස ක්‍රියාකාරී නොවන බව දැනගත්තේ කෙසේද යන්නයි.
මෙම ප්‍රශ්ණය ඉදිරියේ මොවුන් සියලු දෙනා නිරුත්තරය...
තවත් කොටසක් කියන්නේ මවගේ කලලය ඉවත් කර ගැනීමේ අයිතිය දරුවාගේ ජීවත් වීමේ අයිතිය අභිබවා යන බවයි. එයට හේතුව නම් කළලය සම්පූර්ණයෙන්ම මව මත යැපෙන ජීවියෙක් වීමයි.
මෙම තර්කය පිළිගත හොත් අනතුරකට මුහුණ දී සුව කළ හැකි (එනම් මොළය මිය නොගිය ) කෝමා තත්වයට පත්වී සිටින නමුත් යන්ත්‍ර මත යැපෙන කෙනෙක්ගේ ජීවිතය පවත්වා ගැනීම සම්පූර්ණයෙන්ම වෙනත් කෙනෙක් හෝ කිහිප දෙනක් මත පදනම් වන නිසා (යන්ත්‍ර වලට වියදම්, ආහාර වියදම් ආදිය ) ඔවුන්වද මෙසේ මරා දැමිය හැකි බව පිළිගැනීමට සිදුවේ.
මීට අමතරව අංගවිකලයන් ආදීන් ගැනද මෙසේ තර්ක කළ හැක.
මෙසේ ගබ්සාව අයිතියක් ලෙස දකින්නන් හට සියලු හේතු සඳහා එය පිළිගැනීමට සිදුවේ. උදා - මවගේ රූ සපුව රැක ගැනීමට.

ප්‍රේරිත ගබ්සාව සාධාරනීකරණය කරන වාද

Last edited: