ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ගබ්සාව_සහ_දෙවියන්_වහන්සේ

ගබ්සාව සහ දෙවියන් වහන්සේගේ සැලැස්ම!

church-clipart-eiM8eR6in.jpeg

"දරුවෙක් උපදිනවා කියල කියන්නේ, දෙවියන් වහන්සේගේ සැලැස්මෙනුයි ජීවිතය උදා වෙන්නේ. එක දරුවෙක්වත් දේව සැලැස්මෙන් පිට ඉපදෙන්නේ නැහැ." යෝජිත ගබ්සා නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් පසුගියදා ප්‍රකාශ කොට ඇත. සීමිත අවස්ථාවන් සඳහා පමණක් ගබ්සා නීතිය ලිහිල් කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගෙන ආ යෝජනාවට විරෝධය දක්වමින් කාදිනල් හිමියන් ප්‍රමුඛ කතෝලික සභාව මෙසේ විරෝධය ප්‍රකාශ කරයි.

"කවර තත්ත්වයකදී වුවද ගබ්සාව එපා" යනුවෙන් ඒ විරෝධය කූටප්‍රාප්ත වී ඇත.

තම පවුලේ සමීපතමයෙක් (පියා, සහෝදරයා, බාප්පා වැනි) අතින් දූෂණයට හෝ ලිංගික අතවරය පාත්‍ර වීම හෝ ව්‍යාභිචාරය හේතුවෙන් හෝ වන "උභතෝකෝටික" ගැබ් ගැනීමකදී උපදින්නට යෙදෙන ප්‍රාණියා හට තම අනාගත ජීවිතයේදී මුහුණපාන්නට සිදුවන සමාජ සංස්කෘතික අභියෝගයන්ට කිසිදු පිළිතුරක්/ පිළියමක් මේ ආගමික සංස්ථා වලින් ඉතිරිකොට නැත. එම දරුවාගේ මවට හෝ ජානමය පියාට දරුවා සම්බන්ධයෙන් වන මානව සම්බන්ධතාවය කෙතරම් අසීරු සංකීර්ණ එකක් වනු ඇත්ද? එවැනි තත්වයක් තුල අලුත් ගැටළු ඉතිරි කිරීමට ආගමික නායකයින් නිර්දේශ කිරීම සමාජය තුල සංවාදයට ලක්විය යුතුය. අනෙක් අතට මෙවැනි අවාසනාවන්ත අවස්ථාවකදී හෝ එසේත් නැත්නම් විකෘති කලලයක් වීම වැනි තත්වයකදී හෝ එසේත් නැත්නම් සෞඛ්‍යමය හේතූන් මත (පමණක්) ගබ්සාවක් සඳහා පවතින නීතිය ලිහිල් කිරීම යනු ගබ්සාව සඳහා ලයිසන් දීමක් නොවේ.

නමුත් තත්වයේ බරපතලකම පිළිබඳව අවබෝධයක්, දැනුමක් හා සමාජ අත්දැකීම් සහිත විශේෂඥ වෛද්‍යවරු, දියුණු ලෝකයේ ප්‍රවණතාවයන්ද සැලකිල්ලට ගනිමින් මේ ආගමික තහංචියට එරහිව කරුණු දක්වමින් කියා සිටින්නේ, "ප්‍රජනන සෞඛ්‍ය ගැන දැනුවත් කමක් නැති නිසා ලාබාල දැරියන් දන්නේ නැහැ ගැබ් ගන්නකම් තමන්ට වුනදේ, අනික දූෂණයකදී ළමයෙක් හම්බ වුනාම ඒක වෙන්නේ අම්මගේ කැමැත්තකින් තොරව ඒ නිසා මානසිකව හා කායිකව ඇය විඳින දුක් වේදනාව නොසලකා හරින්න බැහැ."

වයස අවුරුදු 13,14 ක දැරියක් තම පවුලේ කෙනෙකුගෙන් දූෂණය වූ අවස්ථා ගණනාවක් වාර්තා වී තිබෙන බව පවසන ඔවුන් එවන් අවස්ථා වල දී මෙවැනි ගබ්සාවකට (විශේෂඥ වෛද්‍ය උපදෙස් හා නිර්දේශ මත පමණක්) ඉඩ ලබා දියයුතු බව අවධාරණය කරනවා. "කණගාටුයි මේ දේ කියන්න, තමන් කාන්තාවක් වෙන්න ඕනේ, තමන් මවක් වෙන්න ඕනේ, තමන්ට පවුලක් තිබිය යුතුයි, ඒ වගේ ළමයි ඉන්න දුප්පත් පවුල් වලට තමයි මේවගේ ප්‍රශ්නයක් තේරෙන්නේ; පුජකවරුන් වෙන ජිවිතයක් ගත කරන්නේ, පවුල් ජීවිතයක් ගත කරන්නේ නැහැ"; මේ විෂයයේ සිටින විශේෂඥයින් ප්‍රශ්නය දකින්නේ එලෙසයි.

"ඇතැම් අය ඉන්නවා මුළු ජීවිත කාලෙම ඉන්නේ ඇද උඩ මළසිරුරක් වගේ, එතකොට ඒ ගොල්ලෝ වගේම ඒ දෙමාපියනුත් පීඩාවට පත්වෙනවා." මෙවන් ජීවිතයක් යනු දෙමව්පියන්හට/පවුලේ සමීපතමයින් හට සදාතනික ඛේදවාචකයක් වනවා මිස දේව සැලැස්ම කෙරෙහි උපන් පහන් සිතින් එය ඉවසා වදාරනවා නොවේ. ඇත්තෙන්ම එවන් දරුවෙකු අවසන් මොහොත දක්වා සියල්ල දරාගෙන රැක බලා ගන්නේ සමාජයේ පවතින මානුෂීය ගුණය නිසාය. එවන් දිගුකාලීන වේදනාකාරී ප්‍රශ්නයකින් සහනයක් ලැබීම සඳහා තිබෙන විකල්පය ගබ්සාවක් නම් ඒ සඳහා අවස්ථාවක් තිබීය යුතුය.

මේ සීමිත අවස්ථා සඳහා නීතිය ලිහිල් කිරීම තුලත් ගබ්සාවකට වෛද්‍ය නිර්දේශය ලැබෙන්නේ කළලය ඉතා මුලික අවස්ථාවට අදාලව පමණි. එය මේරු ළදරු කළල අවස්ථාවකට තරම් කල් ගතවී ඇත්නම් එවිට ගබ්සාවකට විශේෂඥ නිර්දේශය හිමි නොවේ. එනිසා මෙය "ප්‍රාණියා"ට වේදනාවක් ගෙනදෙන්නක් හෝ ප්‍රාණ ඝාතනයක් හෝ නොවේ.

(දේව සැලැස්ම තුල ජීවිතයක් ලෙස සැලකෙන්නේ මානව පැටවෙකු වීම අපේ වාසනාවකි. මක්නිසාද යත් කුකුල් පටවා ද ඒ දේව සැලැස්මේම කොටසක් වී මිනිස් පැටවාට හිමිවූ අනුකම්පාවට පාත්‍ර වුනි නම් අපට බිත්තර පරිභෝජනය කිරීම අත්හරින්නට සිදුවනු ඇත!)

සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල්නම් 2004 වසරේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ආදී රටවලට සුනාමි රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක් ද ඇතුළුව ලක්ෂ ගණනක් ජීවිත විනාශ වුයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද? අද වනවිට ඉරාකයේ, සිරියාවේ හා අප්‍රිකානු රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව- සැලැස්මක කොටසක් අනුවදැයි කාදිනල් තුමා අපට පැහැදිලි කල යුතු වෙයි. එමෙන්ම අතීතයේ ලෝක යුද්ධ වලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් තිරිසන් ලෙස ඝාතනයට ගොදුරු වුයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ "දේව- සැලැස්ම" තුල මීටත් වඩා කෘර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කල යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ත ඉරණම ද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුල ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය. අතීතයේ දීට වඩා අද ලෝකයේ දේවල් පහසු වී ඇත්තේ ජීවිතය යහපත් වී ඇත්තේ විද්‍යාවේ ජයග්‍රහණ නිසාය. එහෙත් විද්‍යාව මේ තත්වය කරා එළඹුණේ ආගමික බාධාවන් මධ්‍යයේය.

ජාතික ප්‍රතිපත්ති සැකසීමේදී හා නීති පැනවීමේදී ආගමික නිර්දේශ යනු බැහැරින් තැබිය යුතු දේ වෙයි. මෑත දී සමාජ ප්‍රතිසංස්කරණ උත්සාහයන් හමුවේදී බොහෝ දුරට ආගමික සංස්ථා වලින් එල්ල වුයේ පසුගාමී ප්‍රතිචාරයන්ය. සමාජ- දේශපාලන ප්‍රපංචයන් අරබයා ඕනෑම පුරවැසියෙකුට අදහස් දැක්විය හැකිය; යෝජනා ඉදිරිපත් කල හැකිය. එහෙත් ඒ දේවල් නූතන දැනුමට අනුව, මිනිස් වර්ගයාගේ පොදු යහ- පැවැත්මට අදාළ වන්නේ කෙසේද යන්න අනුව, වෛද්‍ය විද්‍යාත්මක සාධක අනුව තීරණය විය යුතුවා මිස පැරණි විශ්වාසයන් අනුව තීන්දු කල යුතු නොවේ.

දෙවියන් වහන්සේගේ මැවීම හෝ සැලැස්ම යනු විශ්වාසයක් මිස ලෝකයේ නූතන දැනුම හා විද්‍යාත්මක සාක්ෂි අනුව කිසිදු ලෙසකින් පිළිගත හැකි දේවල් නොවේ. විශ්වාසය හා විද්‍යාත්මක දැනුම/සාක්ෂි යනු ඉතා වේගයෙන් නොපෑහෙසේ ඈත්වන හා එකකින් අනෙක අහෝසි වන සන්දර්භයකි අද තිබෙන්නේ. ඒ බව තේරුම් ගෙන සමාජ ජීවිතයේ යහපත කෙරෙහි බාධාකාරී නොවන භූමිකාව තෝරා ගැනීම ආගමික නායකයින්ගේ "යුතුකම" වනු ඇත. තම නොදැනුම හා තමන්ට අදාළ භූමිකාවේ වපසරිය තේරුම් නොගෙන සමාජ ජීවිතයට අධිකාරිවාදී ලෙස මැදිහත් වීමට යාමෙන් ඒ අයට තිබෙන "පිළිගැනීම" පවා අහිමි වීම ඉක්මන් වනු ඇත. යුරෝපයේදී සිදුවුයේ එයයි.

සියලු ආගමික නායකයින්ට හිස නැමීමට යාමේදී සමාජ ප්‍රගමනයට සිදුවන බාධාව කෙතරම්ද යන්න උගැනීමට ලංකාව තරම් සුදුසු පර්යේෂණ භූමියක් ආසියාවේ වෙන නොමැති තරම්ය. ජාතික ගැටලුවට විසඳුම් සෙවීමේ කාර්යයේ සිට අධිකරණයෙන් වරදකරුවන්/ නිවැරදි කරුවන් තීරණය කිරීමේ කාර්යය තෙක් මතුද නොව මහාමාර්ග පුළුල් කිරීමේදී අවහිර වන කපුටු බෝ රුකක් ඉවත් කිරීම වැනි ක්ෂුද්‍ර කාරණා කෙරෙහි පවා අන්තවාදී ආගමික කණ්ඩායම් බාධාකාරී ලෙස මැදිහත් වන ආකාරය අපි නොකඩවා අත්දකිමු. සමාජය මේ තත්වයට තවදුරටත් ගොදුරු වීමට ඉඩහැර රාජ්‍යය නිෂ්ක්‍රීය වීමට ඉඩ දිය යුතු නොවේ. ඒ උදෙසා බුද්ධිමතුන්ගේ මැදිහත්වීම මේ මොහොතේ අවශ්‍යතාවයකි

[SIZE=+1]Tharaka Warapitiya | තාරක වරාපිටිය | Boondi
[/SIZE]
 
Last edited:

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
අගමක් නම් මන්දා.. මට නම් අහන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලට ගැබ්ගත්තේ කාගෙන්ද කියලා හොයලා ගබ්සාව කරන්න දූශනයක්ද නැතිනම් කැමැත්තෙන් කරපු එකක්ද කියන්න තීරනය ගන්නේ කොහොමද?
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි සරලයි ඔය ඉපදෙන ළමයි ඔක්කොම පල්ලියට ගිහින් බාරදුන්න නං හරි :yes: තව ඔය අදහස් දරන පවුල් වලටත් පුළුවන් ඒ වගේ ළමයි අරන් ගිහින් හදාගන්න
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    හරි සරලයි ඔය ඉපදෙන ළමයි ඔක්කොම පල්ලියට ගිහින් බාරදුන්න නං හරි :yes: තව ඔය අදහස් දරන පවුල් වලටත් පුළුවන් ඒ වගේ ළමයි අරන් ගිහින් හදාගන්න
    ඔකට ඔක්කොම අගම් විරුද්දයි.. හැබැයි මමත් විරුද්දයි මචන්..
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    හරි සරලයි ඔය ඉපදෙන ළමයි ඔක්කොම පල්ලියට ගිහින් බාරදුන්න නං හරි :yes: තව ඔය අදහස් දරන පවුල් වලටත් පුළුවන් ඒ වගේ ළමයි අරන් ගිහින් හදාගන්න

    ^^^^^^^^^^^
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අගමක් නම් මන්දා.. මට නම් අහන්න තියෙන්නේ මෙච්චරයි. කෙල්ලට ගැබ්ගත්තේ කාගෙන්ද කියලා හොයලා ගබ්සාව කරන්න දූශනයක්ද නැතිනම් කැමැත්තෙන් කරපු එකක්ද කියන්න තීරනය ගන්නේ කොහොමද?

    කාන්තාවකට අවශ්‍ය නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හට ගන්න කලලයක් මුලික අවදියේදී ම ඉවත් කර ගැනීමට ඇති අයිතියතුල නීතිමය තත්වයක් ලංකාවේ ඇති විය යුතුය. ( මුලික කළල අවදියේදී පමණකි )
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක මමයි වයිට්වොකරයයි ඩිබෙට් කලා දවසක් ඇති වෙන්න. ආයෙනම් මට ඒ කරුනු ලියන්න බැ. නමුත් ඊයෙත් ත්‍රේඩ් එකක් දලා කිව්ව නේද ලන්කාවේ දුශනවලි වැඩි හරියක් කැමැත්තෙන් වෙන එවා කියලා. එතකොට මේක මිනිමැරිල්ලක්නේ..
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේක මමයි වයිට්වොකරයයි ඩිබෙට් කලා දවසක් ඇති වෙන්න. ආයෙනම් මට ඒ කරුනු ලියන්න බැ. නමුත් ඊයෙත් ත්‍රේඩ් එකක් දලා කිව්ව නේද ලන්කාවේ දුශනවලි වැඩි හරියක් කැමැත්තෙන් වෙන එවා කියලා. එතකොට මේක මිනිමැරිල්ලක්නේ..

    මුලික අවධියේදී කලලයක් ඉවත් කිරීම මිනීමැරීමක් ලෙස සලකන්න බැහැ.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    කාන්තාවකට අවශ්‍ය නම් කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හට ගන්න කලලයක් මුලික අවදියේදී ම ඉවත් කර ගැනීමට ඇති අයිතියතුල නීතිමය තත්වයක් ලංකාවේ ඇති විය යුතුය. ( මුලික කළල අවදියේදී පමණකි )
    ඊට වඩා හොද නැද්ද බඩු පොට් එකක් දැම්මනම්. ලන්කාවේ මුස්ලිම් ගැනු හැර බහුතර ගැනු ලමයි වදන්නේ මිනිහට ඔනා නිසාමයි. බඩට ආවම ඉතින් කොරන්න දෙයක් නැ.. ඔය නීතිය ගෙනාවොත් ඔහොම, පොලිමට ගැනු ඉදියි.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඊට වඩා හොද නැද්ද බඩු පොට් එකක් දැම්මනම්. ලන්කාවේ මුස්ලිම් ගැනු හැර බහුතර ගැනු ලමයි වදන්නේ මිනිහට ඔනා නිසාමයි. බඩට ආවම ඉතින් කොරන්න දෙයක් නැ.. ඔය නීතිය ගෙනාවොත් ඔහොම, පොලිමට ගැනු ඉදියි.

    මුස්ලිම් උන් ළමයි ලෑවක් දෙවක් නැතුව හදනවා. ඒ උන් තවම හරි හැටි සිවිලයිස් වෙලා නැති නිසා. මිත්‍යාව කර පින්නාගෙන ඉන්න නිසා.

    තමන්ට අවශ්‍ය නැත්නම් කළලය මුලක අවධියේදී ඉවත් කරගැනීම කාන්තාව සතු අයිතියක්.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    මුස්ලිම් උන් ළමයි ලෑවක් දෙවක් නැතුව හදනවා. ඒ උන් තවම හරි හැටි සිවිලයිස් වෙලා නැති නිසා. මිත්‍යාව කර පින්නාගෙන ඉන්න නිසා.

    තමන්ට අවශ්‍ය නැත්නම් කළලය මුලක අවධියේදී ඉවත් කරගැනීම කාන්තාව සතු අයිතියක්.
    අපරාදේ බන් ඔය නීතිය තිබ්බ නම් උබ ඉපදෙනකොට.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔකට ඔක්කොම අගම් විරුද්දයි.. හැබැයි මමත් විරුද්දයි මචන්..
    ළමය ආබාධිත නං ගබ්සා කරන්න නීති තියෙන්න ඕනේ. අතවරයක් උනාමත් එහෙමයි. කෙල්ලට තනියම අනුන්ගේ ළමයි හදන්න පිස්සු නෑ නෙ.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ළමය ආබාධිත නං ගබ්සා කරන්න නීති තියෙන්න ඕනේ. අතවරයක් උනාමත් එහෙමයි. කෙල්ලට තනියම අනුන්ගේ ළමයි හදන්න පිස්සු නෑ නෙ.

    ඔව් අඩුම තරමේදී දුෂණයක් කියල අධිකරණයෙන් ඔප්පු උනොත් ඒ ගබ්සාව කරගැනීමේ අයිතිවාසිකම හිමි විය යුතු වෙනවා.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඔව් අඩුම තරමේදී දුෂණයක් කියල අධිකරණයෙන් ඔප්පු උනොත් ඒ ගබ්සාව කරගැනීමේ අයිතිවාසිකම හිමි විය යුතු වෙනවා.
    ඔන්න ඔය ප්‍රොසෙස් එක මට පැහැදිලි කරපන්කො..
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ළමය ආබාධිත නං ගබ්සා කරන්න නීති තියෙන්න ඕනේ. අතවරයක් උනාමත් එහෙමයි. කෙල්ලට තනියම අනුන්ගේ ළමයි හදන්න පිස්සු නෑ නෙ.
    අබාදිත නම් අම්මට කේස් නම් දැනට තියන නීතී ඇති මචන් ඇබොශන් එකකට. මේ අලුතින් ගේන නීතිය එහෙම එකක් නෙමෙයි.. ඔනැම කෙල්ලෙකුට ඔනැම අවස්තාවක දූදනයක් කියලා ගැබ නැති කරන්න අවසරය හම්බ වෙනවා. ඒක සාදාරනද කියහන්කො. කෙල්ලො පට්ටි දාගෙන වැඩ දෙල් උනාම මේක කරන්න ගත්තම දූශනයක් නෙමෙයිනේ එතන.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අබාදිත නම් අම්මට කේස් නම් දැනට තියන නීතී ඇති මචන් ඇබොශන් එකකට. මේ අලුතින් ගේන නීතිය එහෙම එකක් නෙමෙයි.. ඔනැම කෙල්ලෙකුට ඔනැම අවස්තාවක දූදනයක් කියලා ගැබ නැති කරන්න අවසරය හම්බ වෙනවා. ඒක සාදාරනද කියහන්කො. කෙල්ලො පට්ටි දාගෙන වැඩ දෙල් උනාම මේක කරන්න ගත්තම දූශනයක් නෙමෙයිනේ එතන.
    ඇත්තටම අතවරයක් උනොත් ගබ්සා කරන්න දැනට නීති තියෙනවද :oo:

    Similar threads