කොටි ත්‍රස්තවාදීන් 1984 නොවැම්බර් 30 වැනිදා මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය කෙන්ට්ෆාම් හා ඩොලර්ෆාම් ගම්මාන වෙත කඩා වැදී පළමු මිනිස් සංහාරය සිදුකළ දින සිට අපේ රටේ දශක දෙකහමාරක් පැවතියේ උතුර නැගෙනහිර ඇතුලු පළාත් කිහිපයක් භීතියෙන් ඇලලුනු ඉතිහාසයක්. එදින පළමු ප්‍රහාරයෙන් ගම්වාසීන් 65 දෙනෙකුට ආසන්න පිරිසක් මියගියා. එතැන් සිට "මායිම් ගම්මාන" යන විශේෂන පදය ව්‍යවහාරයට පැමිණුනා. මුහුදට පමණක් මායිම් වූ දිවයිනක අභ්‍යන්තර මායිමක් කිසිවෙකුට හෝ සංවිධානයකට නොවූ බැවින් ඒ විශේෂන පදය අතීතයේත් වර්තමානයේත් මවිසින් භාවිතා කරන්නේ නැහැ. එයට සුදුසුම වදන වූයේ "තර්ජිත ගම්මාන" යන්නයි.
එතැන් සිට ඇරඹි ප්‍රහාර හා කපාකොටා ම රා දැමීම් ඇතුලු අහිංසක සාමාන්‍ය වැසියන් සමුහ ලෙස ඝා තනය කිරීම් මානුෂීය මෙහෙයුම් ආරම්භක අවධිය දක්වාම පැවතුනා. ප්‍රථම ප්‍රහාරයට පසුදිනත් 1984 දෙසැම්බර් 01 වැනිදා කෝකිලායි ධීවර ගම්මානයට පහරදී 29 දෙනෙකුට දිවි අහිමි කෙරුණා. එවකට අපේක්ෂා නොකළ තත්වයක් වුවත් මීට මුහණ දීම සඳහා ආරක්ෂක ක්‍රමවේද, උපාය උපක්‍රම හා යාන්ත්‍රනයක් සකසා ගැනීමට දින- සති -මාස නොව වසර කිහිපයක්ම ගතවී ගියා.
උතුරු හා නැගෙනහිර මෙන්ම ඊට මායිම්ව පිහිටි තර්ජිත ගම්මාන (Border Villages / Threatened Villages) ආරක්ෂා කරගැනීම සඳහා සාමාන්‍ය ජනතාව සන්නද්ධ කිරීම විශේෂ වැඩසටහන්, විවිධ සැලසුම් කිහිපයක් ඔස්සේ සිදුවුනේ ඒ අනුවයි.
තර්ජිත ගම්මානවල ආරක්ෂාව සඳහා සාමාන්‍ය වැසියන්ට ගිනිඅවි ලබාදීම එහි මූලික අදියරයි. එය ක්‍රියාත්මක වූයේ එවකට පැවති ග්‍රාමාරක්ෂක සේවයට අතිරේකවයි. 1980 දශකයේදී තර්ජිත ගම්මානවල වැසියන්ට තම ගම්මානය ආරක්ෂා කරගැනීම සඳහා තුවක්කු ලබාදෙමින් මෙය ආරම්භ වුනා. මුලින්ම පතුරම් තුවක්කු (Shotguns) ලබාදුන් අතර 90 දශකයේ හා වසර 2000 දශකය ආරම්භක අවධියේ තිබූ පතුරම් තුවක්කු වෙනුවට මුලික පුහුණුවක් ලබා දී T 56 වැනි ස්වයංක්‍රීය ගිනි අවි ද ලබා දීමට ක්‍රියාකෙරුණා.
මුල් කාලයේ මේ වැඩසටහන ක්‍රියාත්මක වුනේ ප්‍රදේශයේ පොලිස් ස්ථාන හරහා ස්වේච්ඡා පදනමින් ඉදිරිපත් වන ගම්වාසීන්ට අවි පුහුණුව ලබාදී අර්ධකාලීන සේවයක් ලෙසයි.
ත්‍රස්තවාදී තර්ජන පැවැති සමයේ සතුරු මායිමේ මුවවිට පිහිටි දිස්ත්‍රික්ක 8 කට අයත් ගම්මාන වලට මෙම ගිනිඅවි නිකුත් කෙරුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කය: කැබිතිගොල්ලෑව, පදවිය, හොරොව්පොතාන, මහවිලච්චිය, මැදවච්චිය.
පොළොන්නරුව දිස්ත්‍රික්කය: වැලිකන්ද, දිඹුලාගල, මනම්පිටිය, මැදිරිගිරිය
වවුනියාව දිස්ත්‍රික්කය: චෙට්ටිකුලම්, පූවරසන්කුලම, මඩුකන්ද, මහකච්චකොඩිය (සිංහල සහ දෙමළ වැසියන් සහිත තර්ජිත ගම්මාන).
මුලතිව් දිස්ත්‍රික්කයේ වැලිඔය,ජනකපුර යාබදව පිහිටි පරාක්‍රමපුර,ඇතාවැටුනුවැව ඇතුලු ගම්මාන සමූහය..
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය: කන්තලේ, ගෝමරන්කඩවල, සේරුවිල, මූතූර්, පදවි ශ්‍රී පුර.
අම්පාර දිස්ත්‍රික්කය: මහඔය, උහන, දමන, පුළුකුණාව, බක්මිටියාව (සිංහල, දෙමළ සහ මුස්ලිම් ගම්මාන).
මොණරාගල දිස්ත්‍රික්කය: බිබිල, සියඹලාණ්ඩුව,
පුත්තලම දිස්ත්‍රික්කය: වනතාවිල්ලුව, කරුවලගස්වැව ආශ්‍රිත ගම්මාන සහ
මඩකලපුව දිස්ත්‍රික්කයේ මංගලගම ඇතුලු සිංහල දෙමළ ගම්මාන රැසකට මේවා බෙදාහැරුනා.
2006 වසරේදී මෙම ග්‍රාමාරක්ෂක සේවය වඩාත් විධිමත් කර සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව (Civil Security Department) ලෙස ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එහිදී ග්‍රාමාරක්ෂකයන්ට හමුදා පුහුණුව, නිල ඇඳුම්, ස්ථිර වේතන සහ T-56 ස්වයංක්‍රීය ගිනිඅවි පූර්ණ කාලීනව ලබාදීමටත් පියවර ගත්තා.
යුද්ධය උච්ඡතම අවධියට පත්වූ 2006-2009 කාලසීමාව වන විට ග්‍රාමාරක්ෂකයන් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන් වෙත නිකුත් කර තිබූ T-56, සහ G3/FAL යනාදී වර්ගවල ස්වයංක්‍රීය ගිනිඅවි සංඛ්‍යාව 35,000 කට අධිකයි.
1980 දශකයේ දී නිකුත් කෙරුණේ බෝර 12 පතුරම් තුවක්කු සහ පැරණි රයිෆල් අවි 5,000කට ආසන්න සංඛ්‍යාවක්. 2006 දී සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව පිහිටුවන විට එහි සක්‍රීය සාමාජික සංඛ්‍යාව වුයේ 33,000 – 41,000 අතර පිරිසක්. ඒ වන විට මෙම සියලු දෙනාටම පාහේ T-56 ස්වයංක්‍රීය ගිනිඅවි නිකුත් කර තිබුණා.
සියලුම ගිනිඅවි අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානවල අනුක්‍රමික අංක (Serial Numbers) සහිතව ලියාපදිංචි කර තිබූ අතර, ජීව පතුරම් නිකුත් කිරීමද පොලිසිය මගින් දැඩි ලෙස නියාමනය කළා.
රාත්‍රී කාලයේදී ගම්මාන වටා මුරපොල (Bunkers/Watchtowers) සහ මායිම් ආරක්ෂා කිරීමට ග්‍රාමාරක්ෂකයන් යෙදවුනා. ත්‍රිවිධ හමුදා භට පිරිස් උතුරු හා නැගෙනහිර ක්‍රියාන්විත සඳහාම යොමු කරවීමට එය හේතුවක් වුනා.
ගමේම තරුණයන් හා නායකත්ව හැකියාවන් සහිත පුද්ගලයන් පුහුණු කර ගිනිඅවි ලබාදීම නිසා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකදී හමුදාව හෝ පොලීසිය පැමිණීමට පෙර ක්ෂණික ප්‍රතිප්‍රහාර එල්ලකර බේරීමටත්, ප්‍රහාර මර්දනය කිරීමටත් ගම්වාසීන්ට හැකියාව ලැබුණා. සාමාන්‍ය වැසියන් ඝාතනය වූ සිදුවීම් අවම කරගැනීමටත්, රාත්‍රී කාලයේදී සිදුවන ක්ෂණික කොටි ප්‍රහාර මැඩපවත්වා හමුදාව පැමිණෙන තෙක් ගම ආරක්ෂා කරගැනීමටත් මෙම වැඩපිළිවෙළ මගින් විශාල පිටිවහලක් ලැබුණු බව අවිවාදිතයි.
Video from AP Archive