ලංකාවෙ මිනිස්සු ඉතිහාසයේ කිසිම දවසක තවත් ලාංකිකයකුගෙ මරණයෙන් සතුටට පතවෙලා, රතිඤ්ඤා පත්තු කරල, පාර දිගට කිරිබත් කාල නෑ අවස්ථා දෙකකදි හැරෙන්න. ඔය දෙකම මම දැක්ක. රතිඤ්ඤා සද්දෙත් ඇහුනා. ඉන් එකක් ප්රභාකරන් මරණයට පත් උන දවස. අනෙක් අවතාව මම කියන්නෙ නෑ. මොකද මේ රටේ ඒ වෙනකොට හිටපු හැමෝම දන්නවනෙ, මොකද උනේ කියල. අපට ආයෙත් කවදාවත්ම ඕනෙ නෑ, අපේම ලාංකිකයෙක් මැරුණ දවසට සතුටු වෙන්න, රතිඤ්ඤා පත්තු කරන්න, කිරිබත් කන්න. අනේ ඔය දෙක හොදටම ඇති.





