ගමරාල මී කතුරක් ගෙනල්ලා...

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    ගමරාල මී කතුරක් ගෙනල්ලා...

    The-rat---not-the-best-tr-001.jpg

    ගම ගෙදරක ගුලක් ඇතුලේ ජීවත් උන මීයෙක් දවසක් ගුලෙන් එලියට ඇවිත් බලන් හිටියේ ගමරාළ නගරෙට ගිහින් ගෙනාපු පාර්සලයක් ගම මහගේට පෙන්නන්න විවෘත කරන හැටි. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා. ඒත් පාර්සලේ ඇතුලේ තිබුනු දේ දැක්කම මීයට එලොව පොල් පෙනුනා.
    පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම අලුත් මී කතුරක්.

    මේ බව ගමගෙදර වාසය කරපු අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ වත්තට වෙලා කුණු ගොඩක් පහුරු ගාමින් සිටිය කුකුළා ලගට.

    "ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා"

    හිස ඔසවලා මීයා දිහා බලපු කුකුළා මෙහෙම කිව්වා
    "මීයෝ...ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹටයි...ඒ නිසා උඹ පරිස්සම් වෙයන්"

    ඊට පස්සේ මීයා ගියේ මඩ වලක බැහැලා හිටිය ඌරා ලගට

    "ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා කෑ ගැහුවා

    "මට උඹ ගැන දුකයි මීයෝ...ඒත් මට උඹ වෙනුවෙන් කරන්න දෙයක් නෑ...මම දෙවියන් ගෙන් ඉල්ලන්නම් උඹව මී කතුරෙන් බේරන්න කියලා" ඌරා උත්තර දුන්නා.

    ඊට පස්සේ මීයා ගියේ වත්තේ තණකොළ උලා කමින් හිටිය හරකා ලගට

    "ගමරාල මී කතුරක් ගෙනල්ලා...ගමරාල මී කතුරක් ගෙනල්ලා" මීයා ආයෙත් කෑ ගැහුවා.

    "ඔය කියන්නේ ඇත්තද මීයෝ..ඒත් ඉතින් මට නම් මී කතුරක් ගැන බය වෙන්න දෙයක් නෑ"කියපු හරකා ආයෙත් තණකොළ කන්න පටන් ගත්තා.

    යාලුවෝ කියපු කතා වලින් දුර්මුඛ වුන මීයා ආයෙත් තමන් ගේ ගුලට ආවේ මී කතුරට තනියම මුහුන දෙන හැටි සිතමින්.

    එදා රාත්‍රියේම මුලු නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට ගොදුර හසු වී තිබුනා.
    ගම මහගේ මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න දුවගෙන ආවා. කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා තිබුනේ විශකුරු සර්පයෙකුගේ වල්ග ප්‍රදේශය කියලා. කෝපාවිශ්ට වෙලා හිටිය සර්පයා ඇයව දෂ්ඨ කලා.

    ගමරාළ ඇයව රෝහලට රැගෙන ගියා. දින කීපයකින් ගෙදර පැමිනියත් ඇයට සුව නොවෙන උණ රෝගයක් වැලදුනා. හිතවතුන් හැමෝම ගමරාලට කිව්වා උණ රෝගයට කුකුල් සුප් එකක් දුන්නා නම් ගුණයක් ලැබෙයි කියලා.ගමරාල ගෙදර හිටිය කුකුලව මරලා සුප් එකක් හදලා ඒක ගමමහගේට දුන්නා.ඒත් ගමමහගේට ඒකෙන් සුවයක් ලැබුනේ නෑ.

    ගමමහගේ බලන්න ආව නෑදෑ හිත මිතුතන් ගෙන් ගමගෙදර පිරුනා,මෙයාලට කන්න දෙන්න ඕනි නිසා ගමරාල ගෙදර හිටිය ඌරව මැරුවා.

    මෙහෙම ටික දවසක් දුක් විදපු ගමමහගේ මියගියා. මෙයාගේ මළ ගෙදරට සහභාගි වෙන්න ගොඩක් මිනිස්සු ගමගෙදරට ආව නිසා එයාලට කන්න දෙන්න ගමරාලට ගෙදර හිටිය හරකත් මරන්න සිද්ධ උනා.
    සිද්ද වෙච්ච සියල්ල දිහා තමන් ගේ ගුලට වෙලා බලන් හිටිය මීයා ගොඩක් දුකෙන් සුසුමක් හෙලුවා.

    ඔබ සමග එකම ආයතනයේ සේවයේ යෙදෙන,ඔබ සමග එකම විශ්ව විද්‍යාලයේ/පාසලේ අධ්‍යාපනයේ යෙදෙන කෙනෙකු කිසියම් අයෙකු ප්‍රශ්ණයකට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හරින්න එපා, ඔබෙන් එක් අයෙකු තර්ජනයට ලක් වූවා නම් ඔබ සැවොම අනතුරේ බව සිහියේ තබා ගන්න.ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම් බන් ධ අතර අන් අයෙකුට ප්‍රශ්ණයකට මුහුන දුන් විට ඔහුව/ඇයව තනි නොකර ඔහුව/ඇයව දිරිමත් කිරීම ඔබගේ වගකීමක් බව සිතට ගන්න.​
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියම කතාව මචං....ඇත්තට ම අපි මැදිහත්විය යුතු තැන දී මැදිහත් විය යුතුයි........
    අහල තියනව නාසින් ගැන කෙනෙක් කිව්ව මේ වගේ දෙයක්......

    "ඔවුන් කොමියුනිස්ටිවාදීන් සොයා ආ විට මම කොමියුනිස්වාදියෙකු නොවන නිසා කතා නොකලෙමි.....
    ඔවුන් වෘත්තීය සමිති කරුවන් සොයා ආ විට මම වෘත්තීය සමිති කරුවකු නොවන නිසා නිහඩව සිටියෙමි......
    ඔවුන් යුදෙව්වන් සොයා ආ විට මා යුදෙව්වකු නොවන නිසා මුනිවත රැක්කෙමි......
    අවසන ඔවුහු මා සොයා ආහ.......
    එවිට කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත..........!!"
     
    • Like
    Reactions: Proxies

    champi159

    Member
    May 23, 2011
    178
    9
    0
    නියම කතාව මචං....ඇත්තට ම අපි මැදිහත්විය යුතු තැන දී මැදිහත් විය යුතුයි........
    අහල තියනව නාසින් ගැන කෙනෙක් කිව්ව මේ වගේ දෙයක්......

    "ඔවුන් කොමියුනිස්ටිවාදීන් සොයා ආ විට මම කොමියුනිස්වාදියෙකු නොවන නිසා කතා නොකලෙමි.....
    ඔවුන් වෘත්තීය සමිති කරුවන් සොයා ආ විට මම වෘත්තීය සමිති කරුවකු නොවන නිසා නිහඩව සිටියෙමි......
    ඔවුන් යුදෙව්වන් සොයා ආ විට මා යුදෙව්වකු නොවන නිසා මුනිවත රැක්කෙමි......
    අවසන ඔවුහු මා සොයා ආහ.......
    එවිට කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත..........!!"
    E kiuwa kathawa hariyatama hari.nihada wela inna ona thanadi witarak nihada wela hitiyama hodatama athi.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    නියම කතාව මචං....ඇත්තට ම අපි මැදිහත්විය යුතු තැන දී මැදිහත් විය යුතුයි........
    අහල තියනව නාසින් ගැන කෙනෙක් කිව්ව මේ වගේ දෙයක්......

    "ඔවුන් කොමියුනිස්ටිවාදීන් සොයා ආ විට මම කොමියුනිස්වාදියෙකු නොවන නිසා කතා නොකලෙමි.....
    ඔවුන් වෘත්තීය සමිති කරුවන් සොයා ආ විට මම වෘත්තීය සමිති කරුවකු නොවන නිසා නිහඩව සිටියෙමි......
    ඔවුන් යුදෙව්වන් සොයා ආ විට මා යුදෙව්වකු නොවන නිසා මුනිවත රැක්කෙමි......
    අවසන ඔවුහු මා සොයා ආහ.......
    එවිට කතා කිරීමට කිසිවකු ඉතිරිව සිටියේ නැත..........!!"

    අපේ අයනම් ඉතිං මාරැ වෙන්න දක්ෂයෝ නේ.
    එල එල
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ඇත්තම තමා............
    දැන් සමාජයෙන් ටික ටික මේ ගුණධර්ම දියවෙලා යනවා..............
    අපි ඒ තත්වේ නැති කරන්න ඕන.............
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මේක 100% ඇත්ත
    එත් මම තාමත් බයයි අනුන්ගේ සිද්දි වලට ඇඟිලි ගහන්න
    අන්තිමේට පු# දීගෙන උදවු කරන අපටමයි කෙලවෙන්නේ
    මට ඕක අනන්නත්වත් වෙලා තියනවා
    මේ ගුණමකු මිනිස්සු ඉන්න සමාජයේ කොහොමද මචන්ලා
    අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන්නේ
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    niyama katwa

    ela kathawa mchn:D

    ඇත්තම තමා............
    දැන් සමාජයෙන් ටික ටික මේ ගුණධර්ම දියවෙලා යනවා..............
    අපි ඒ තත්වේ නැති කරන්න ඕන.............
    :yes::yes::yes::yes:

    patta kathawa machan
    11.gif

    මේක 100% ඇත්ත
    එත් මම තාමත් බයයි අනුන්ගේ සිද්දි වලට ඇඟිලි ගහන්න
    අන්තිමේට පු# දීගෙන උදවු කරන අපටමයි කෙලවෙන්නේ
    මට ඕක අනන්නත්වත් වෙලා තියනවා
    මේ ගුණමකු මිනිස්සු ඉන්න සමාජයේ කොහොමද මචන්ලා
    අන්‍යොන්‍ය සහයෝගයෙන් ජීවත් වෙන්නේ

    සිරාවටම. කථා කරපු එකා එක්කනේ කෙල ගන්න එන්නේ, උඹ හිටපන් පු@ නොදී කියල

    ක්ට්ටියටම තෑන්ක්ස්
    11.gif
    11.gif
    11.gif
    11.gif