මට මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ මීට කලින් එළකිරි එකේ දාලා තිබ්බ 'උඹල වැඩ කරන තැන් වල ෆොටෝ දාපල්ලකෝ කාටවත් අහු නොවෙන්න අරගනිල්ලකෝ' කියන ත්‍රෙඩ් එක නිසා. එකේ එලකිරි යාලුවෙක් එයා වැඩ කරන රෝහලක පින්තුරයක් දාලා තිබ්බා. ඊට පස්සේ හොද වැදගත් සංවාදයක් ගියා. එතැනදී ගම්පහ කච්චේරිය මේ වන විට පවත්වාගෙන යන වලව්ව ගැන කතා උනා. මමත් විවිධ රාජකාරි වලට එතනට ගිහිං තිබ්බට එහි නිවැරදි තොරතුරු දැනගෙන හිටියේ නැහැ.
කොහොම හරි තව දවස් තුන හතරක් යනකොට මේ වලව්වේ තියෙන කච්චේරිය එතනින් අයින් කරගෙන අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලකට ගෙනියන්න නියමිතයි. ඉන්පසු අනාගතයේදී මෙම මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙහි පූර්ණ අධීක්ෂණය මත, කෞතුකාගාරයක්, ලෙස සංරක්ෂණය කිරීමට සැලසුම් කොට තිබෙනවා කියලයි කියන්නේ.
මම පහල විස්තරය සහ පින්තුර ගත්තේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ෆේස්බුක් ගිණුමෙන්.
'පරසතු මල් චිත්‍රපටය ගැන කතා නොකර අපට සිංහල සිනමාව ගැන කතාකරන්න බැහැ. එය තිරගත වූයේ 1966 වසරෙදියි. පරසතු මල් චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ගම්පහ ඡනමලාභය ලැබූ “චිත්‍රා ෆොටෝ ” ශාලාව හිමි චිත්‍රා බාලසූරිය මහතායි. මාගේ ප්‍රියතම නළුවකු වූ හෙළ සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා පරසතු මල් චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් ප්‍රධාන චරිතය රඟපෑවා. එහි පියගැට පෙළ බැස එන “බොනී” මහත්තයාගේ රූප රාමුව සිංහල චිත්‍රපට ඉතිහාසයේ විශිෂ්ට සලකුණක් සේ සැලකෙනවා.
පරසතු මල් සිනමා පටය මා පසුකාලවයක රූපවාහනියෙන් නැරඹුවා. එහි බොහෝ ජවනිකා රූපගත කර තිබෙන්නේ ගම්පහ අග්‍රා වළව්වේයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සුවිශේෂි වලව් රාශියක් පිහිටා තිබෙනවා. අග්‍රා වලව්ව ඒ අතරින් ගම්පහට ඉතා සුවිශේෂී වලව්වකි. මෙය දිගු අතීතයක් සහිත පෞරාණික ගොඩනැගිල්ලකි. මීට වසර සියයකට පමණ ඉහතදී මෙය ඉදිකර ඇත්තේ ඩී. ඩේවිඩ් කරුණාරත්න මහතායි.
ඩේවිඩ් කරුණාරත්න මෙරටට නිදහස ලැබීමෙන් පසු පාර්ලිමේන්තුවේ ගම්පහ නියෝජනය කළ ප්‍රථම මන්ත්‍රීවරයා ලෙස අපගේ ගෞරවයට ප්‍රාත්‍ර වෙනවා.
කීර්තිමත් සමාජ සේවකයකු හා දානපතියකු වූ එතුමන් ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය පිහිටුවීමටත්, ගම්පහ දිස්ත්‍රික් රෝහල පිහිටුවීමටත් මුල් වී තිබෙනවා. ඒ කාලේ මෙය ඉක්මවා යන මන්දිරයක් ගම්පහ අවට තිබී නැහැ.
ගම්පහ නගරයට නුදුරින් තනා ඇති මෙම මන්දිරය තැනීමට ශිල්පීය තාක්ෂණය ඉන්දියාවේ අග්‍රා ප්‍රදේශයේ ශිල්පීන්ගෙන් ලබාගත් නිසාවෙන් මෙයට අග්‍රා යනුවෙන් නම් තබා තිබෙනවා.
කරුණාරත්න පරපුරේ ඥාතීන් සහ හිතවතුන් බොහෝ දෙනෙකු මාගේ පියා වන හිටපු අමාත්‍ය රෙජී රණතුංග මහතා සමඟ ගම්පහ එකට දේශපාලනයේ නියළුණු සමකාලීනයන්. එබැවින් කරුණාරත්න පරපුරේ බොහෝ දෙනෙකුගේ ජීවමාන මතකයන් මා සතුයි.
අද අපි අග්‍රා වළව්ව ගැන දන්නේ එහි ගම්පහ දිස්ත්‍රික්කයෙහි පරිපාලනය සිදු කරනු ලැබූ කච්චේරි සංකීර්ණය පිහිටා තිබෙන නිසයි. 70 දශකයේදී මේ මැදුර ද ඇතුළුව ඉඩම් රජයට පවරා ගැනීමේ දී අග්‍රා මැදුර ද රජයට හිමිවූයේ එහි වූ අමිල ලී කැටයම් සහිත ගෘහභාණ්ඩ ද සමඟය. ඒ නිසා එම අතීත ප්‍රෞඪත්වය අදත් අපට දැක ගැනීට හැකියාව ලැබෙනවා.
1920 දශකයේ අවසානයේ ඉදිකිරීම් ආරම්භ කළ මේ ගොඩනැගිල්ල 1930 දශකයේදී මුල දී ඉදිකිරීම් අවසන් කොට ඇති බව පැවසෙනවා. මෙම මන්දිරයෙහි අලංකාර බව සේම ගෘහයට අවශ්‍ය සිසිලස ලබා ගැනීමේ අරමුණින් වටිනා ශාක සහ ඖෂධ පැළෑටි වගා කොට තිබී ඇති අතර මින් සුළු ප්‍රමාණයක් භූමියෙහි අදටත් සුරක්ෂිතව පවතින ආකාරය දක්නට පුළුවන්.
අගනා කැටයම් සහිත ගෘහ භාණ්ඩ ද තවමත් වලව්වේ දකින්න හැකියාව ඇත. මෙහි කණ්ණාඩි මේස හා අල්මාරිවල ඇති කැටයම් ජනතාව අතර ප්‍රචලිත කතා පුවත් නිරූපණය කරනවා. කුඩා දරුවකු නාන බේසම අසලට එන නාගයකුට මුගටියකු පහරදීම, නරියා සහ මිදිවැල මෙන්ම, කපුටා සහ කේජු කැබැල්ල ආදී කතා පුවත් ඒවායේ දකින්න පුළුවන්.
ගොඩනැගිල්ලේ සිවිලිමේ දැකිය හැක්කේ මල්කම් මෙන්ම පලතුරු වර්ගවල නිර්මාණයන්ය. මේ මැදුරේ තවත් විශේෂත්වයක් නම් උඩුමහලට නඟින පියගැටපෙළහි බිත්ති කැටයම් යොදන ලද අලංකාර වීදුරු කණ්ණාඩි බොහොමයක් දක්නට ලැබීමයි. ගෙබිම පුරා පැරැණි පිඟන්ගඩොල් අතුරා ඇති ආකාරය ද ඉතා ආකර්ෂණීය වේ. දැවයෙන් කරන ලද අත්වැටවල්වල අලංකාර කැටයම්වලින්ද අමුතුම ආලෝකයක් ලැබී ඇත. විදේශ රටවලින් ගෙන්වන ලද පිටරටින් ගෙන්වූ වටිනා දැව වර්ග යොදාගෙන මෙම කැටයම් නිමවා ඇත.
1978 දී සිට ගම්පහ කච්චේරිය හෙවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලෙසින් එය භාවිත කරනවා. එතැන් පටන් කරුණාරතන්න පරපුරෙන් මෙම මැඳුර ගිලිහී රජයේ කාර්යාලයක් බවට පත්විය. වර්තමානයෙහි මෙම මන්දිරය ගම්පහ කච්චේරියේ විවිධ අංශවල කාර්යාල ලෙස සකස් කිරීමට විවිධ වෙනස්කම්වලට ලක් කොට තිබෙනවා. නමුත් මෙහි ඉපැරණි බව රැකගැනීමට මේ දක්වා සිටි රාජ්‍ය නිලධාරින් දැක්වූ උනන්දුව නිසා එහි පෞරාණික බව සුරැකී තිබේ.'
අග්‍රා කුමරිය බිහිකළ ඩේවිඩ් කරුණාරත්න මහතා සහ ඒ සඳහා වෙහෙස මහන්සිවූ සියළුම දෙනාත් අද අප අතර නැත. ඔවුන්ගේ ධනය හා දහදිය බිඳු මතින් ගොඩනැඟුණු “අග්‍රා” කුමරිය දින දින දියුණුවන ගම්පහ දිස්ත්‍රික්කය දෙස මහත් ආඩම්බරයෙන් යුතුව අද මෙන්ම හෙටත් බලා සිටී.
අනාගතයේදී මෙම මන්දිරය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මඟපෙන්වීම යටතේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයෙහි පූර්ණ අධීක්ෂණය මත, කෞතුකාගාරයක්, ලෙස සංරක්ෂණය කිරීමට සැලසුම් කොට තිබෙනවා.
@Amila llll @Kalegana