ගම්පහ සමහර අය රෝහල් වලට යන්න බෑ කියවාලු

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

    විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියි.
    අමාත්‍යවරිය විසින් නිකුත් කළ විශේෂ නිවේදනය පහතින්,
    " සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගම්පහ දිස්ත්‍රික්කය තුල රෝගීන් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ සිදු කරනු ලබයි. එහිදී රෝගීන් බවට තහවුරු වූ පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙනයාම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ඔවුන්ගේ නිවෙස් වෙත ගිලන් රථ සේවා ලබාදීමට පියවර ගෙන ඇත. නමුත් සමහර පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාම ප්‍රතික්ෂේප කරන බවට වාර්තා වේ.
    ශ්‍රී ලාංකික ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සළකා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් නිවෙස් වෙත යොමු කරනු ලබන ගිලන් රථ මගින් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යාමට පියවර ගන්නා ලෙසට සෞඛ්‍ය අමාත්‍ය පව්ත්‍රා වන්නිආරච්චි මහත්මිය රෝගී ජනතාවගෙන් කරුණිකව ඉල්ලා සිටියි.

    ප්‍රතිකාර සේවා සදහා යොමු නොවී මඟ හැර සිටීම නිරෝධායන පනත යටතේ වරදක් බැවින්, එසේ සිදු කරන අයට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුවන බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් දන්වා සිටියි."


    120798055-3366205560159620-3750899364213539184-o.jpg
     

    bundy123

    Well-known member
  • May 4, 2008
    3,909
    111
    63
    42
    SMICE
    යන්න බෑ කියනව කියලත් මාද්‍ය ප්‍රකාශ නිකුත් කරනවද
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    ඉතිං ගෙදර ඉන්න කියපං.අැඳිරි නීතිය මාසයක් දැම්මහම හරි..ඵක්කො ඉස්පිරිතාලේ යයි නැත්නම් ගෙදරම මැරෙයි.
     
    • Haha
    Reactions: bestdivx

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    ඇදිරිනීතිය ගම්පහ දිස්ත්‍රික්කයට තවමත් දමා නෑ . අනිවා ලෙඩ්ඩු වැඩි උනොත් ඉස්සරහට එකේ වගකීම ආණ්ඩුව බාරගන්න ඔනේ . :angry::angry::angry::angry:
     
    • Like
    Reactions: ROCCO-X

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පබා වැඩි චන්දෙන් පත් කරපු උන් නේ ඉන්නේ.... ඕවගේ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් :lol:
     
    • Haha
    Reactions: bestdivx