ගම්පොළ නම හැදුන හැටි.

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,908
    3,248
    113
    ගම්පොළ නම හැදුන හැටි.
    ⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

    ක්‍රි.ව. 1341 දී රාජකාරි නගරයක් බවට පත් ගම්පොළ පුරවරයට ඒ නම ලැබුණේ මහවැලි ගඟ අසල ඉදි කළ නිසාය. ගංගා + ශ්‍රී + පුර = ගඟසිරිපුර ලෙස ද ගඟ + පල = ගම්පොළ නමින් ව්‍යවහාරයට පත්විය. IV වන බුවනෙකබාහු රජු ගම්පොළ රාජධානියේ ප්‍රථම නරවරයාය. ඔහු තම රජ මැදුර තනාගත් ප්‍රදේශය අද හඳුන්වන්නේ සිංහාපිටිය නමිනි. එහෙත් එදා ඒ ප්‍රදේශය ගොඩගම නම් විය. සිංහල සන්දේශ සාහිත්‍යයේ ප්‍රථම සන්දේශය ගම්පොළ යුගයේ කවිශ්වර නම් කවියකු විසින් රචිත මයුර සන්දේශයයි. එහි ගම්පොළ රජ මැදුර පිළිබඳ වර්ණනාවක් ඇතුළත් ය.

    මයුරයා අම්බුළුවා කඩින් දෙවිනුවර බලා පිටත්ව යන්නේ ඒ එදා තිබූ මාර්ගය ඔස්සේය. මේ රජ මැදුර ගම්පොළ රාජධානි සමයේ නටබුන් විය. එගොඩගම රජ මැදුර තිබූ භූමියේ ගජසිංහ රූප කීපයක් ඉතිරිව තිබුණි. සෙසු ගල් ගඩොල් ආදිය ගම්වාසීන් විසින් ගෙන ගොස් තිබේ. මේ ප්‍රදේශය යළි ජනාවාසය වෙද්දී හැඳින් වුණේ “සිංහපිටිය” නමිනි. ඒ මෙහි තිබූ ගජසිංහ රූප නිසාවෙනි.

    මේ ගජසිංහ රූප අද එහි නැතත් එක් ගජසිංහ රූ යුවලක් මහනුවර ජාතික කෞතුකාගාරයට ගෙන ගොස් එහි ඉදිරිපස සවිකර තිබේ. තවත් එක් ගජසිංහ රූපයක් කොළඹ ජාතික කෞතුකාගාරයට ගෙනගොස් තිබේ. තව ගජසිංහ රුවක් වල්ලහගොඩ දේවාල භූමියේ දාගැබ බැඳීමේ දී යට කළ බව පැවසේ. වල්ලහගොඩ විහාරය හා දේවාලය ගම්පොළ යුගයේ සිට ප්‍රසිද්ධ ස්ථානයකි. වල්ලහගොඩ යන නම ලැබුණේ මේ අසල පර්වතයේ පැරණි කල භික්‍ෂු අාරණ්‍යවාසයක් පැවති නිසාය. වල්වාසගොඩ වල්ලහගොඩ නමින් ප්‍රකට විය.

    ගම්පොළ රජ කළ III වන වික්‍රමබාහු රජුගේ බිසව හෙනකඳ බිසෝ බණ්ඩාර නම් විය. මේ කාලයේ ඇය දේවත්වයට පත්ව තිබේ. ඇගේ උපත සම්බන්ධව ද විශ්වාස කළ නොහැකි ජනප්‍රවාද ගෙතී තිබේ. කෙසේ වෙතත් කලක් ඇම්බැක්කේ ප්‍රදේශයේ ඇය ජීවත්ව සිට පසුව කොත්මලේ ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී අභාවප්‍රාප්ත වූ ඇගේ දේහය කහට කොටයකින් සෑදූ දෙණක බහා මහවැලි ගඟේ පාකර හැර තිබේ.

    බහදෙණ ගම්පොළ අසල ප්‍රදේශයකට ගොඩගසා තිබේ. දැනට ආනුභාව ඇති මුස්ලිම් පල්ලියක් ඇත්තේ ද මේ ගොඩ ගැසූ ස්ථානයේය. සිංහල, මුස්ලිම් හැම මේ ස්ථානයේ පඬුරු දමා භාර හාර වෙති. කහට දෙණ ගොඩ ගැසූ ප්‍රදේශය කහටපිටිය නමින් ප්‍රසිද්ධ විය.

    ගම්පොළ රජ කළ III වැනි වික්‍රමබාහු රජුගේ බිසව හෙනකඳ බිසෝ බණ්ඩාර නම් වූවාය. මේ කාලයේ ඇය දේවත්වයට පත්ව තිබේ. ඇගේ උපත සම්බන්ධව ද විශ්වාස කළ නොහැකි ජනප්‍රවාද ගෙතී තිබේ. කෙසේ වෙතත් ඇය කලක් ඇම්බැක්කේ ප්‍රදේශයේ ජීවත්ව සිට පසුව කොත්මලේ ප්‍රදේශයට ගොස් තිබේ. එහිදී අභාවප්‍රාප්ත වූ ඇගේ දේහය කහට කොටයකින් සෑදූ දෙණක බහා මහවැලි ගඟේ පාකර හැර තිබේ.
    හෙනකඳ බිසෝ බණ්ඩාර දේවියගේ දේහය ආදාහනය කර ඇත්තේ දඹදෙණි සමයේ ප්‍රසිද්ධියක් උසුලන බෝතලාපිටියේ දීය. දඹදෙණි සමයේ දෙවන පරාක්‍රමබාහු රජු ගම්පොළ හරහා වැටී තිබූ ශ්‍රී පාද මාවත පිළිසකර කිරීමට දේව ප්‍රතිරාජ ඇමැතියා එවීය. ඔහු බෝතලයෙහි සේතුවක් (පාලමක්) බැඳ බෝධි රෝපණයක් කළේය. එම බෝධිය අද දක්වාත් පවතින අතර ප්‍රදේශය බෝතලාපිටිය නමින් ප්‍රසිද්ධ විය. පූජාවලියේ අවසාන පරිච්ඡේද දෙකේ එහි ඉතිහාස තොරතුරුවල මෙම බෝධි රෝපණය ගැන ද සඳහන් වේ.

    බෝතලාපිටියේ දී හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය ආදාහනය කරනු ලබන්නේ උනම්බුවේ නිලමේට දන්වන ලදුව පසුව එය වික්‍රමබාහු රජුට දැන්වීමෙන් පසුවය. දින පහක් පෙරහර පවත්වා ආදාහනය කළ බව ජනප්‍රවාදයේ සඳහන් වේ. එහි කුඩා දේවාලයක් ඉදිකරනු ලැබීය. මේ සිද්ධිය වාර්ෂිකව පෙරහර කොට මේ දක්වා සිහිපත් කරනු ලැබේ.
    ඇම්බැක්ක, ලංකාතිලක, ගඩලාදෙනිය, වල්වාසගොඩ, ගනේගොඩ යන දේවාලවල වාර්ෂික දිය කැපුම් උත්සවය පවත්වනු ලබන්නේ බෝතලාපිටිය අසල මහවැලි ගං ඉවුරේය. මෙහිදී විශේෂයෙන් ඇම්බැක්කේ දේවාලයෙන් පැමිණෙන දේවාල කපු මහත්වරු හෙනකඳ බිසෝ බණ්ඩාර දේවිය සිහිපත් කිරීමට දියකපා කාංගං (කළුරෙදි) හා ඉස්පෝලියල් (හිස් වැසුම්) ඇතිව පැමිණෙති. එහිදී පළමුවෙන් දමන්නේ උනම්බුවේ රාළ පෙළපතේ කෙනෙකි.
    ගඩලාදෙණි විහාරය සය වන බුවනෙකබාහු රජු දවස ශීලවංස ධර්මකීර්ති සඟ රජ හිමියන් විසින් දකුණු ඉන්දියාවේ ගණේශ්වරාචාරී නම් ශිල්පියකු ප්‍රධාන ශිල්පීන් කණ්ඩායමක් ගෙන්වා ඉදි කරනු ලැබිණ. සම්පූර්ණ කළුගල් නිර්මාණයක් වූ මෙයට අවශ්‍ය කළුගල් දෙණිය නම් ස්ථානයෙන් ගෙන ආ බැවින් ගල්ආදෙණිය යයි ව්‍යවහාර වී පසුව එම ප්‍රදේශයම ගඩලාදෙණිය නම් විය.

    ගම්පොළ අද උලපනේ රජඇළ ඉතා පැරණි වාරි කර්මාන්තයකි. එහි ඔය මැද ගලක ක්‍රි.පූ. යුගයට අයත් ගෙවී ගිය බ්‍රාහ්මී සෙල් ලිපියක් ඇත. එසේම මේ වාරි කර්මාන්තය ගම්පොළ යුගයේ නැවත ප්‍රතිසංස්කරණය කරන විට කරවන ලද මෙතෙක් පළ නොවූ සෙල්ලිපියක් එම ගල්තලාවක පසට යට වී තිබේ. එසේම ගම්පොළ සමයට අයත් තවත් මෙතෙක් පළ නොවූ සෙල් ලිපියක් ගම්පොළ දොළුව ආසන්න ගොඩවෙල බෝධි ප්‍රාකාරයට යට වී පවතී.

    මහනුවර රජුගේ වී අටුවක් තිබූ ස්ථානය අද වීගුලවත්ත නමින් ප්‍රසිද්ධ විය. නුවර යුගයේ තවත් වී අටුවක් ගම්පොළ නාරංවිට අසල තිබුණි. මේ වී අටුව තිබූ ප්‍රදේශය අද අටුවේවත්ත නමින් හඳුන්වයි. එම අටුවේ අවශේෂ ශිලා කර්මාන්ත අටුවේ වත්ත ජනපදයේ නිවසකට යට වී පවතී. රජුගේ ගබඩා ගමක් තිබූ වෙල්යාය අද ගම්පොළවෙල නමින් හැඳින්වේ.

    මේ ගම අසල ඇරෑගොඩ ගමට ඒ නම ලැබුණේ අලින්ගේ උවදුරු නිසා මුල් ගම්වාසීන් ප්‍රදේශය අතහැර ගිය නිසාය. ඇර + ආ + ගොඩ = ඇරැගොඩ නමින් ප්‍රකට විය. මේ ගම නැවත මහනුවර යුගයේ සිට ජනාවාස විය.
    නියම්ගම්පාය විහාරය පිහිටි භූමිය අසල ප්‍රදේශය මරියාවත්ත නම් වූයේ ඉංග්‍රීසි පාලන යුගයේ මරියා නම් කතකගේ රබර් වත්තක් එහි තිබූ නිසාය.

    නුවර යුගයේ II රාජසිංහ නිරිඳු නාරං ගසකින් රිටක් කපා ගෙන ඔරුව පැද ගොඩවූ ප්‍රදේශය නාරංවිට නමින් ප්‍රසිද්ධ විය. මෙම ගම වඩාත් ප්‍රසිද්ධ වූයේ නාරංවිට සුමනසාර හිමියන් රුවන්වැලි සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු මුලින් ඇරඹීම නිසාය. වග වලසුන්ගෙන් ගහණ වූ අනුරාධපුරයට ගොස් උන්වහන්සේ බර කරත්ත ආඹරාවක ලැගුම් ගෙන මේ මහා භාරදූර කාර්යය පටන් ගත්තේය. උන්වහන්සේ මුලින් පැවිදි වූයේ නාරංවිට පුරාණ විහාරයේ දීය. පසුව උඩුනුවර ගල්ලෙන්ගොල්ල විහාරයේ සිට තිබේ. ගල්ලෙන් සමූහයකින් යුතු ප්‍රදේශය ගල්ලෙන්ගොල්ල විය.

    අනුරාධපුර සමයට අයත් බිතුසිතුවම් දක්නට ලැබෙන හිඳගල විහාරස්ථානය පිහිටි භූමියට හිඳගල යන නම ලැබී ඇත්තේ එම පැරණි බිතු සිතුවම් ඇසුරිනි. එම චිත්‍ර අතර ශක්‍රයා බුදුරජුන්ව ඉන්දසාල ගුහාවේ දී හමුවීම තිබේ. ඉන්දසාර යන්න ඉද + සල වී පසුව ඉදගල/ හිදගල බවට පත්විය. මෙය සෙනරත් පරණවිතාන මහතා විසින් පෙන්වා දී තිබේ.

    ගම්පොළ අසල දුනුවානාගල නමින් හඳුන්වන පර්වතයට ඒ නම ලැබුණේ එකල ආරක්‍ෂාවට දුනුවායින් නවතා සිටි බැවිනි. පැරණි රජුගේ ආරක්ෂා ස්ථාන වූ මුරපොළවල් තිබූ ස්ථාන අද බොරලු මංකඩ අම්බුළුවාකඩ කළුවාහල්කඩ ආඬියාකඩවත ආදී නම්වලින් ප්‍රකටය.
    FB_IMG_1660803470774.jpg
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    ගම්පොළ රජ කළ III වන වික්‍රමබාහු රජුගේ බිසව හෙනකඳ බිසෝ බණ්ඩාර නම් විය. මේ කාලයේ ඇය දේවත්වයට පත්ව තිබේ

    Rajata witharak newei uge ganitath wadapu hinanana jathiyak
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ගම්පොළ රජ කළ III වන වික්‍රමබාහු රජුගේ බිසව හෙනකඳ බිසෝ බණ්ඩාර නම් විය. මේ කාලයේ ඇය දේවත්වයට පත්ව තිබේ

    Rajata witharak newei uge ganitath wadapu hinanana jathiyak
    රජවරු විතරක් නෙමෙයි බණ්ඩා මැරිච්ච වෙලාවෙ මුං බණ්ඩාවත් දෙයියෙක් කොරන්න හදලා...
     

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    රජවරු විතරක් නෙමෙයි බණ්ඩා මැරිච්ච වෙලාවෙ මුං බණ්ඩාවත් දෙයියෙක් කොරන්න හදලා...
    gale bandara

    කළු බණ්ඩාර දෙවියෝ

    වාහල බන්ඩාර
    මැණික් බන්ඩාර

    thawa innawa


    1. මංගර දෙවියෝ​

    local-gods-worshipped-in-sri-lanka-1.jpg


    මංගර දෙවියන්ගේ උපත පිළිබඳව ජනකතා රාශියක් තියෙනවා, ඒවා එකිනෙකට එකක් පරස්පරයි. උදාහරණයක් විදිහට එක ජන කතාවක කියවෙන විදිහට මංගර දෙවියෝ නාග පෙණෙන්, මවු කුසෙන්, දෙපියයුරු මැද්දෙන් ආදී වශයෙන් සත්වාරයක්‌ ඉපදිලා තියෙනවා.

    අත් හතරක් තියෙන මංගර දෙවියෝ එක අතක ගිනි කබලක්, අනෙක් අතේ පොල්මලක්, ඊළඟ අතේ ආශිර්වාදාත්මක මුද්‍රාවක් නිරූපණය කරන ගමන් අවසාන අතේ කඩුවක් දරනවලු. වාහනය විදිහට බැටළුවෙක්ව පාවිච්චි කරනවලු.

    කිරි හරකුන් බාරව සිටින දෙවියන් විදිහට සලකන මංගර දෙවියෝ වෙනුවෙන් සබරගමුව කිරි මඩුව සහ මංගර මඩුව කියන ශාන්තිකර්ම සිදු කරනු ලබනවා.



    2. රන්වල දෙවියෝ​

    local-gods-worshipped-in-sri-lanka-2.jpg


    ජීවතුන් අතර සිටියදී විවිධ පින්කම් කිරීම හේතුවෙන් දේවත්වයට නැගුණු සාමාන්‍ය පුද්ගලයෙක්ට හොඳම උදාහරණයක් තමයි රන්වල දෙවියෝ. එතුමා දෙවැනි රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ රන්දෝලිස් නමින් රන්වල ප්‍රදේශයේ ජීවත් වෙලා තියෙනවා. කැලණි ගඟ ආශ්‍රිතව ජීවත්වෙන ජනතාව වෙනුවෙන් රාත්‍රි කාලයේ මඟ පෙන්වන්න සහ අනතුර අඩු කරන්න මේ රන්දෝලිස් පුහුල් පහන් පත්තු කරලා තියෙනවා. සිල්වත් ජීවිතයක් ගත කරපු රන්දෝලිස්ව මරණයෙන් පස්සේ ජනතාව “රන්වල දෙවියෝ” විදිහට වන්දනා මාන කරන්න පටන්ගන්නවා. රන්වල දෙවියන් වෙනුවෙන් කැප වුණු දේවාල කීපයක් කැලණි මිටියාවත ආශ්‍රිතව මේ වෙන කොට පිහිටලා තියෙනවා.



    3. පිටියේ දෙවියෝ​

    local-gods-worshipped-in-sri-lanka-3.jpg


    උඩරට ප්‍රදේශවල පුද සත්කාර ලබන පිටියේ දෙවියන්ගේ උපත ගැන උප්පත්ති කථා රාශියක් තියනවා. එක උප්පත්ති කතාවක කියවෙන විදිහට එළාර රජ්ජුරුවො තමන්ගේම පුතාව වසු පැටියෙක්ව තමන්ගේ රථයට යට කොට මරා දැමීම නිසා ඒ රථයටම යට කරලා මරණයට පත් කරනවා. මේ කුමාරයා පස්සේ පිටියේ බණ්ඩාර විදිහට උප්පත්තිය ලබනවා.

    තවත් කතාවක කියවෙන විදියට ඉන්දියාවෙන් ලංකාවට එන පිටියේ දෙවියෝ ඒ කාලේ දුම්බර මිටියාවතට අධිපතිව හිටපු නාථ දෙවියෝ එක්ක ගැටුමක් ඇති කරගන්නවා. අවසානයේදී පරාද වෙන නාථ දෙවියො දුම්බර මිටියාවතේ අධිපතීත්වය පිටියේ දෙවියන්ට බාර දීලා දළදා මාලිගාවේ නාථ දේවාලයට යනවා.



    4. මොරටු දෙවියෝ​

    local-gods-worshipped-in-sri-lanka-4.jpg


    ගවයෙක් හරි කුඩා දරුවෙක් හරි නැති උනාම සමහර ප්‍රදේශවල අය මොරටු දෙවියන් වෙනුවෙන් භාරහාර වෙනවා. මොරටු දෙවියෝ දින කීපයක් ඇතුළත නැතිවුණු ගවයා හෝ දරුවා ව තමන් ළඟට ගෙනත් දෙනවා කියලා මේ අය විශ්වාස කරනවා. ජන කතාවක කියවන විදිහට මොරටු දෙවියෝ කලින් හේන් ගොවියෙක්. දවසක් පැල් රකිමින් ඉද්දි ඔහුගේ පැළට එන හිඟන්නෙක් එදා රෑ නවාතැන් ඉල්ලනවා. එදාම පැළට ගිනි ගන්නවා. හිඟන්නා මේ ගින්නට අසු වෙලා මිය යනවා. ඇඳුම් වලට ගිනි ඇවිලීම නිසා කැලේට දුවන් යන ගොවියා කැලේ අතරමං වෙනවා. මේ අතරතුරේ දී ගොවියා ගේ ඥාතීන් මේ කිසිම දෙයක් දන්නේ නැතුව හිඟන්නගේ සිරුර වැරදිලා භූමිදාන කරනවා. නිරුවතින් ඉන්න හින්දා රෑ ගෙදර එන ගොවියා නිවැසියන්ට කතා කරත් මේ අවතාරයක් කියලා නිවැසියෝ බය වෙනවා. තමන් මිය ගිය පුද්ගලයෙක් විදිහට හැම දෙනාම හිතනවා කියලා දැනගන්න මේ ගොවියා ජීවත් වෙන්න අපුරු උපක්‍රමයක් යොදනවා. ඒ තමයි කෙනෙක්ගේ ගවයෙක්ව හොරකම් කරලා මහ රෑ අදාළ නිවසට ඇවිත් දොරට තට්ටු කරලා ගවයව හොයාගන්න නම් මේ මේ පුද පඬුරු තමන්ට දෙන්න ඕන කියලා කියන එකත් ඉන් පස්සේ ගවයා ඉන්න තැන කියන එකත්. මේ ගොවියා මිය ගියායින් පස්සේ මොරටු දෙවියෝ විදිහට දේවත්වයට පත් වෙනවා.



    5. අයියනායක​

    local-gods-worshipped-in-sri-lanka-5.jpg


    දැදුරු ඔය ඉහළ ප්‍රදේශය පුරාවටම අයියනායක දෙවියෝ තමන්ගේ බල පරාක්‍රමය පතුර ගෙන ඉන්නවා. හැබැයි ඒ වුණාට අයියනායක දෙවියන් ගැන මුළු ලංකාව ම දැනගන්නේ විමලරත්න කුමාරගම කවියගේ අයියනායක කවි පන්තිය හින්දා. අයියනායක දෙවියන් වෙනුවෙන් කැපවුණු දේවාලයක් නැහැ. නමුත් උතුරු මැද පළාතේ කැලේ වදින මිනිස්සු වගේම අයියනායක දෙවියන් වෙනුවෙන් විවිධ බාරහාර වෙන අය සම්ප්‍රදායක් විදිහට අතු රිකිල්ලක් කඩල ඒක ගහේම එල්ලලා උන්වහන්සේ වෙනුවෙන් යාතිකා කරනවා.



    6. තනියවැල්ලේ දෙවියෝ​

    local-gods-worshipped-in-sri-lanka-6.jpg


    කෝට්ටේ යුගයේ රජ කෙනෙකු වුනු ධර්ම පරාක්‍රමබාහු රජතුමාගේ දෙවන බිසවක ගේ පුතෙක් තමයි තනිය වල්ලභ කුමාරයා. එතුමා එවකට මාදම්පා ප්‍රදේශය පාලනය කරලා තියෙනවා. ඒ ප්‍රදේශයේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් එතුමා අතින් ඉෂ්ටවෙලා තියෙනවා. එක්තරා යුද්ධයක් පැවතුණු අවස්ථාවකදි රජතුමා මිය ගියාය කියලා අහන රජ බිසව සියදිවි හානි කරගන්නවා. මේක අහන්න ලැබෙන තනිය වල්ලභ රජතුමාත් සිය දිවි හානි කර ගන්නවා. මරණින් පස්සේ තමන්ට සෙත සැලසූ රජතුමාව දේවත්වයෙන් අදහන්න ප්‍රදේශයේ ජනතාව කටයුතු කරනවා. කොළඹ හලාවත මාර්ගයේ යද්දී තිනිපිටිය වැව ඉස්සරහ තනියවල්ලභ දේවාලය පිහිටලා තියෙනවා.



    7. හත් රජ්ජුරු බණ්ඩාර​

    local-gods-worshipped-in-sri-lanka-7.jpg


    හත්රජ්ජුරු බණ්ඩාර විදිහට වන්දනාමානයට පත්වෙන්නේ මහසෙන් රජතුමාව. එතුමාව මින්නේරිය දෙවියන් විදිහටත් වන්දනා මාන කෙරෙනවා. ජනප්‍රවාදයක කියවෙන විදිහට මින්නේරිය වැව පිහිටපු ස්ථානයේ වැවක් හදන්න ඊට කලින් රජවරු හත් දෙනෙක් උත්සාහ කරල තියෙනවා. මේ කිසිම රජකෙනෙක්ට නිම කරන්න බැරි වුණු මේ වැව මහසෙන් රජ්ජුරුවෝ නිම කරන්න සමත් වෙනවා. මේ නිසා එතුමාව හත්රජ්ජුරු බණ්ඩාර විදිහට දේවත්වයට නංවන්න ජනතාව කටයුතු කරලා තියෙනවා.