ගම්මන්පිල මැතිවරණ කොමසාරිස්ගෙ ඡන්දය ඉල්&

monson

Well-known member
  • May 7, 2007
    25,819
    29,039
    113
    ගම්මන්පිල මැතිවරණ කොමසාරිස්ගෙ ඡන්දය ඉල්&

    ඡන්ද ප්‍රචාරක කටයුතු අත්හිටුවා තිබියදී මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාගේ නිවසට දුරකථන ඇමතුමක් ලබාදී මානාපයක් ඉල්ලීමේ පුවතක් 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ.
    මෙසේ මනාප ඉල්ලා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් බස්නාහිර පළාතට තරගවදින උදය ගම්මන්පිල මහතාගේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයක සේවය කරන අයෙක් බවද පැවසේ.
    අදාල දුරකථන ඇමතුමට පිළිතුරු දී ඇත්තේ මැතිවරණ කොමසාරිස්වරයාගේ බිරිය බවද වාර්තා වේ.
    ඇය ඇමතුමට පිළිතුරු ලබාදෙමින් තමාට කොළඹට ඡන්දය නැති බවත්, ඡන්දය ඇත්තේ අම්බලන්ගොඩට බවත් ඇය පවසා තිබේ.
    ඊට පසුව ඇමතුම ගත් අය එසේනම් අපේ අපේක්ෂකයෙක් දකුණු පළාත් සභාවට තරග වදින බවත්, හැකිනම් ඔහුට මනාපයක් දෙන්නැයි කී බවද මේ අතර, වාර්තා වේ.
    ගම්මන්පිල මහතා සිය මැතිවරණ ප්‍රචාරය ආරම්භ කිරීමේදී එහි ප්‍රධාන ආරාධිතයා ලෙස රජයේ සේවකයකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන්වා ගැනීම නිසාද අර්බුදයකට මැදිවිය.


    :lol:

    Source - http://www.sinhala.srilankamirror.com/index.php/news/16984-2014-03-28-15-37-24
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සැමදාමත් news වලින් රජයේ කුණු අවුස් ..........සනවා
    මහා ජනයා පට්ට පතුරු ගැලවෙන්නට දොස් .......කියනවා
    ලබන සැරේ මුන්හටනම් චන්දය දෙන් නැහැ ........කියනවා
    චන්දය දා පොලට ගිහින් ආණ්ඩුවට කෙලලා ..........එනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රජයේ ඉගෙන රජයට වන්දි බට්ට කම් ......කරනවා
    බුදු හිමියන්ගේ සිවුරේ ඉල්ලී ජඩ වැඩ ......කරනවා
    ජාතිය අගමැ කියමින් ජාතියට ඇම ..........දානවා
    ජාතික ආලෙන් මත් වී ජනයා ඒ ඇම ........ගිලිනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    ආණ්ඩුවේ හොර මැරකම් නොදැක්කා වාගේ ............ඉන්නවා
    සිංහල අපේ කතිරේ බලේ ජඩ විදිහට පවා ..............දෙනවා
    කුඩුත් සමග එතනොලුත් රටේ තොටේ රජ .............කරනවා
    ජේම්ස් පැකර් එක්ක මොවුන් ධර්ම රජ්ජෙට ..........කෙලිනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    කරුණා පිල්ලෙයාන් සමග සාමනේර වරු ..........මරනවා
    කරුණා ගග හිදී ගොසින් අන්දකරෙයෙන් .......වැසෙනවා
    කරුණා කර සිංහල නම් මෙමට චන්දෙ දෙනු ......කියනවා
    කරුණා බර අපේ ඇත්තෝ විහින් ජාතියම .........නසනවා
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    කුඩ්ඩො පාරවල් අයිති කරන්
    තාප්ප වල හොරු පේලි වලින්
    චන්දෙට වේදන් බිලියන වලින්
    මුන්ට දෙන දෙන හැත්ත මැරියන්
    :lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    සිංහල සිංහල සිංහල කියමින් සැම තැන......... යනවා
    සිංහල ලේ දාතුව මේවා දැක්කම............. කකියනවා
    සිංහ වනසේ පෙන්නගෙන සිගාලයෝ .......මොරදෙනවා
    සිංහල අපේ අමන පැටවූ ගේ සිංහල කම .....මැරෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    රටේ ළමුන් පවහනක් ගන්න නැතුව .........එල්ලෙනවා
    පාසල් වෙත බැහැ යන්නට ගාස්තුවක් ........ඉල්ලනවා
    මේවා ගෙවා ගන්න නැතුව සාරි පොටේ හිර ...බලනවා
    ලුවී විටොන් සගලින් යුතු රජ කුමරුන් වැජ .....බෙනවා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    බිමට වතුරක් ඉල්ලුව මින්ස්සුන්ව මහා පාරේ මුන් .....මරනවා
    රතුපස්වල පොලෝ තලය රත්ත වරණයට ............හැරෙනවා
    නිදහස ලැබිලා කියලා පෙලපලිත් ගමන් ..................යනවා
    ළමයි මරුන සොහොන් වලේ චන්ද පෝස්ටර් ..........ගහනවා