You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල විසින් බ්‍රයන් ෆෙඩ්‍රික් නමැති විදේශීය කෝටිපති ව්‍යාපාරිකයාට අයත් තවත් රුපියල් කෝටි ගණනක් වටිනා තේ කර්මාන්ත ශාලාවක් ඇතුළු දේපළ කෝටි 19කට විකුණා ඇතැයි එම ව්‍යාපාරිකයාගේ වත්මන් ඇටෝනි බලකරු වූ ආර්.පී.එල්.අයි. පෙරේරා පොලිස්පතිවරයා හරහා පොලිස් මූලස්ථාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට පෙරේදා (19) පැමිණිලි කර තිබේ. Ceylon tea garden නමැති දේපළ සමඟ බ්‍රෝම්බල් නමැති මෙම තේ කර්මාන්ත ශාලාව සහිත දේපළ ගම්මන්පිල විසින් ව්‍යාජ ලේඛන සකස් කර මෙසේ විකුණා ඇත්තේ 'මෙට්ට්‍රෝ පොලිටන් ෆිච් හේල්සින්ස්' නමැති සමාගමකට බව හෙළිකරගෙන තිබේ.
ගම්මන්පිල බ්‍රයන් ෆෙඩ්‍රික් නමැති ව්‍යාපාරිකයාගේ ඇටෝනි බලකරු ලෙස පෙනී සිටිමින් මීට ඉහතදී ෆෑන් ඒෂියා බැංකුවේ ඔහුට අයත්ව තිබූ කෝටි 11ක පමණ දේපළක් විකිණීමේ සිද්ධියට අදාළව එම පරීක්ෂණ සිදුවෙමින් පවතින අතරතුර මෙම වංචාව සම්බන්ධව පැමිණිල්ලද පෙරේදා ඉදිරිපත් කර තිබේ.
ගම්මන්පිල සහ එම බ්‍රොම්බල් තේ කර්මාන්ත ශාලාව ඇතුළු ව්‍යාපාරයේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
මීට පෙර ෆෑන් ඒෂියා බැංකුවේ කොටස් විකිණීමේ සිද්ධියට අදාළව පොලිස් මූලස්ථාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මඟින් සිදු කෙරෙන පරීක්ෂණ අවසන් වෙමින් පවති.
ගම්මන්පිල ඉතා සූක්ෂම ක්‍රම උපයෝගී කර ගනිමින් බ්‍රයන් ෆෙඩ්‍රික්ට අයත් දේපළ විකුණා ඇතැයි බ්‍රයන් ෆෙඩ්‍රික්ගේ ඇටෝනි බලකරු විසින් කරන ලද පැමිණිල්ලේ සඳහන් වෙයි.
මෙම වංචාකාරී ගනුදෙනුවලට අදාළ ලේඛන සියල්ලම ඇටෝනි බලකරු විසින් පරීක්ෂණ අංශ වෙත ලබාදී ඇත.
බ්‍රයන් ෆෙඩ්‍රික් ඔස්ට්‍රේලියානු ජාතිකයෙකි. ඔහුට මරණීය තර්ජන එල්ල වී තිබු නිසා ගම්මන්පිල විසින් ඔහුගේ දේපළ විකිණීම සම්බන්ධව පැමිණිලි කිරීමට නොහැකිව තිබී ඇත.
ෆෑන් ඒෂියා බැංකුවේ කොටස් විකිණීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වීම සඳහා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඔස්ට්‍රේලියාවටද ගොස් තිබේ.
ඉදිරියේදී මේ සම්බන්ධව පැවැත්වෙන පරීක්ෂණවලට සහායවීම පිණිස බ්‍රයන් ෆෙඩ්‍රික් ඕනෑම අවස්ථාවක මෙරටට පැමිණීමට සූදානමින් සිටින බවද ඔහුගේ ඇටෝනි බලකරු කියා සිටියි.

මේක පුස්සක් උනා නේද හික්හික්