ගම්මිරිස් ඇට හතේ කථාව
මේක සමහරුනම් අහලත් ඇති..මමත් යාලුවෙක්ගෙන් තමයි ඇහුවේ..නිකමට වගේ හිතුනා ඔන්න ඔහේ දානවා කියලා..පුලුන්ව තරමින් කථාවේ තියෙන සැර බාල කරලා කථා රසයත් ඔයාලට දෙන්න උත්සාහ කලා...බලලා රස විදපල්ලා..හිනා යන්නේ නෑ කියලා මට බනින්න නම් එපා...
ඔන්න එහෙනම් කථාව පටන් ගමුකෝ...
ඔන්න එකෝමත් එක රටක(ඔව් ඔව් ලංකාවෙ) බොහොම කාලෙකට කලින්,කසාද බැදපු ජෝඩුවක් හිටියලු එක්තරා ගමක..
මේ ගෙදර පිරිමියා වැඩ කලේ ගමෙන් ටිකක් ඈතට වෙන්න තිබ්බ වැඩපළක නැවතිලාලු..
ගෙදර එන්නෙත් කාලෙකට පස්සෙලු(මාසයක් විතර ගියාම)...ඉතින් ඔහොම ගෙදර ආපු දවසක මේ මනුස්සයා රෑට කාලා බීලා එහෙම නිදාගන්න ලෑස්ති උනාලු..ඇද ගාවට කාරිය ගිහිල්ලා නිදාගන්න හදනකොට දැක්කලු ඇද උඩ ගම්මිරිස් ඇට හතක්..(සාමාන්‍යයෙන් ඇදක් උඩ ගම්මිරිස් දාන්නේ නෑ නොවෑ..)මේක දැක්කම මිනිහා ගෑණිට කථා කරල ඇහුවලු "මේ මොකද ගම්මිරිස් ඇට හතක් ඇද උඩ" කියලා...මෙන්න බොලේ මේක ඇහුවා විතරයි මෙච්චර වෙලා හොදට හිටපු ගෑණි ඉකි ගගහා අඩන්න පටන් ගත්තලු..මිනිහටත් දැන් ඉතින් මේක මාරම ප්‍රශ්නයක්ලු..ඇයි බොලේ වැරදි දෙයක් නෙවෙයිනේ ඇහුවේ මේ ගෑණිට අඩන්න තරම්..බලන් ඉන්න බැරිම තැන මිනිහා ඇහුවලු "අඩන්නේ මොකද හාමිනේ මොකක්ද ප්‍රශ්නේ" කියලා..එහෙම අහනකොට ගෑණි තව හයියෙන් අඩනවලු..මිනිහටත් දැන් ඕනිකම කොහොමහරි මේක දැන ගන්නමලු ...එහෙම හිතලා මිනිහා කිව්වලු "ඔයාගේ ඕනිම දෙයක් මට කියන්න පුලුවන්නේ හාමිනේ ඉතින් අඩන්නේ නැතුව කියන්න මොකක්ද ප්‍රශ්නේ"කියලා..ඒ පාර ගෑණි ඉකි ගගහා කියන්වලු "මම ඔයාට ලොකු වැරැද්දක් කලා,එහා ගෙදර නිමල් ඔයා නැති දවසට මෙහේ එනවා(උඹලා හිතන එකට තමයි එන්නේ),ඒ එන හැම දවසකම දවසට එක ගම්මිරිස් ඇටේ ගානේ ගේනවා,එව්වා තමයි ඔයා ඔය දැක්කේ,අනේ මට සමාවෙන්න දෙයියෝ" කියලා...මේක ඇහුවම මිනිහට ටිකක් තරහා ගියත් ගෑණි තමන්ට ඇත්ත කිව්ව එක ගැන සලකලත් ගම්මිරිස් ඇට හතක් විතරක් තිබ්බ එක ගැන හිතලත්(ගම්මිරිස් ඇට හතක් කියන්නේ දවස් හතක් විතරනේ කියලා හිතලා)මිනිහා කල්පනා කරලා "කමක් නෑ හාමිනේ ආයෙත් ඔයවගේ වැරදි කරන්න හදන්න එපා,මීට පස්සෙවත් හොදින් ඉන්න,දැන් ඉතින් අඩන්න එපා"වගේ එක එක දේවල් කියලා ගෑණිගෙ හිතත් සනසලා නිදාගන්න ලෑස්ති වෙලා කොට්ටේ ඔලුවට තියගන්න හැදුව විතරලු මෙන්න බොලේ කොට්ටේ අස්සේ රුපියල් දෙසීයක්ලු..(ඒ කාලේ ඉතින් රුපියල් දෙසීයක් කියන්නේ ලොකු ගානක්නේ..)ඉතින් මිනිහට හරි පුදුමයිලු ගෑණි රුපියල් දෙසීයක් කොට්ටෙ අස්සේ තියලා තියෙනවා දැක්කහම..ඒ පාර ගෑණිට අයෙත් කථා කරලා "මොකද හාමිනේ මේ කොට්ටෙ අස්සේ රුපියල් දෙසීයක්" කියලා ඇහුවලු..මේක ඇහුවම ගෑණි ආයෙත් අඩන්න පටන් ගත්තලු ඉස්සෙල්ලා වගේම..ඒ පාරත් මිනිහා ගෑණිව shape කරලා අහනකොට ගෑණි ඉකිගහන ගමන්ම කිව්වලු"ඔය මම එකතු කරපු ගම්මිරිස් කිලෝ දෙකක් විකුණලා ගත්තු සල්ලි......"කියලා
කථාව හොදනම් කමේන්ටුවක් හෙම කොටලා රෙප් දීලා යන්න......