Questions ගමෙයි නගරෙයි වෙනස

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ගමක ඉන්න උනුයි ටවුමෙ ඉන්න උනුයි කියමු බලන්න වෙනස
    ගමට වඩා ටවුමෙ මිනිස්සුන්ගෙ කල්චර් එකේ වෙනස කොහොමද?
    ගම්වල වගේ එක එකාගෙ ඕපාදූප හොයන උන් ඉන්නවද?
    තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්ට ටවුම සෙට් වෙනවද?

     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සමාජෙට බම්බු ගහගනින් කියලා ඉන්න ඕන නම් ගම සෙට් නෑ
    හැම ගමකම රොයිටර් ඇන්ටි, අබිලිංලා ඉන්නවා:D
    උබලගේ ගෙදර මොනවාහරි සද්දයක් ඇහුණොත් ගමේ අනිත් කොනට යනවා
    අනිත් එක පන්සලේ ලොකු සාධුව හොදින් තියාගන්නත් ඕන

    හැබැයි ඉතින් ගමක ඉන්න එක තමයි මට ආතල්

    ටවුමේ වාහන සද්දයි, රස්නෙයි, ටැප් වතුරයි, දූවිලියි, කපුටොයි එපා වෙනවා
    මෙහෙ නම් එහෙම නෑ ළිදෙන් වතුර බීලා, අවුරුද්ද පුරාම සීතලේ ලස්සනට ඉන්නවා:P
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    ගමක ඉන්න උනුයි ටවුමෙ ඉන්න උනුයි කියමු බලන්න වෙනස
    ගමට වඩා ටවුමෙ මිනිස්සුන්ගෙ කල්චර් එකේ වෙනස කොහොමද?
    මම ඉන්නෙ ගමක හැබැයි ගමෙයි ටවුමෙයි සම සමව ඉන්නවා,ගමට වඩා ටවුමෙ මිනිස්සුන්ගෙ කල්චර් එක වෙනස්,
    ගම්වල වගේ එක එකාගෙ ඕපාදූප හොයන උන් ඉන්නවද?
    ඔව් අනිවාරෙන්ම ඒ දේ වෙනවා එකෙකෙට එකෙක් හිත ඇතුලෙන් ඇරියස් හැබැයි හදිස්සියක් උනාම ඒ ඇරියස් මොකුත් නෑ කට්ටිය එකතු වෙලා උදව් කර්නවා,මෙහෙ නම් අපි වැඩක් කරද්දි කට්ටිය වැඩේට ඇගිලි ගහන්න එනවා අඩුයි හැබැයි උපදෙස් දෙන්න නම් එනවා තවත් සමහරු උදව්වටත් එනවා වාසි මොකුත් නැතත්,කඩාකප්පල් කාරයෝ නම් ගොඩක් අඩුයි,හැබැයි පද නම් හදනවා අප්පටසිරි වෙන්න
    තමන්ගෙ පාඩුවෙ ඉන්න කැමති කෙනෙක්ට ටවුම සෙට් වෙනවද?
    මට නම් ගම තමයි සෙට් වෙන්නෙ මොකද සද්ද බද්ද අඩුයි නිස්කලංකයි අනික ගස් කොලන් හින්දා පරිසරෙත් හොදයි වහින කාලෙට ඇලක් ඔයක් වැවක් තියනකොට පට්ට ආතල් හැබැයි ඉතින් හොද කඩ සෙට් එකක් තියන ගමක් වෙන්න ඕනෙ නැත්නම් ටව්ම විනාඩි පහෙන් දහයෙන් යන්න පුලුවන් දුරක ගමක් වෙන්න ඕනෙ ඕනෙවට වඩා ගම්බද උනාමත් අව්ල්

    මම මගේ ගම,මට හිතෙන දේ කීවෙ අනිත් අයගෙ මීටවඩා වෙනස් වෙන්න පුලුවන්

    සමාජෙට බම්බු ගහගනින් කියලා ඉන්න ඕන නම් ගම සෙට් නෑ
    හැම ගමකම රොයිටර් ඇන්ටි, අබිලිංලා ඉන්නවා:D
    උබලගේ ගෙදර මොනවාහරි සද්දයක් ඇහුණොත් ගමේ අනිත් කොනට යනවා
    අනිත් එක පන්සලේ ලොකු සාධුව හොදින් තියාගන්නත් ඕන
    මේකනම් ඈත්ත :ROFLMAO: ලොකු සාධුට වඩා කඩවල් වල මුදලාලිලාව හොදින්තියා ගන්න ඕනෙ:ROFLMAO:
    හැබැයි ඉතින් ගමක ඉන්න එක තමයි මට ආතල්

    ටවුමේ වාහන සද්දයි, රස්නෙයි, ටැප් වතුරයි, දූවිලියි, කපුටොයි එපා වෙනවා
    මෙහෙ නම් එහෙම නෑ ළිදෙන් වතුර බීලා, අවුරුද්ද පුරාම සීතලේ ලස්සනට ඉන්නවා:P
    මේ ටිකට එකගයි
    ------ Post added on Oct 4, 2022 at 6:20 PM
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,720
    113
    මට නම් ගම තමයි සෙට් වෙන්නෙ මොකද සද්ද බද්ද අඩුයි නිස්කලංකයි අනික ගස් කොලන් හින්දා පරිසරෙත් හොදයි වහින කාලෙට ඇලක් ඔයක් වැවක් තියනකොට පට්ට ආතල් හැබැයි ඉතින් හොද කඩ සෙට් එකක් තියන ගමක් වෙන්න ඕනෙ නැත්නම් ටව්ම විනාඩි පහෙන් දහයෙන් යන්න පුලුවන් දුරක ගමක් වෙන්න ඕනෙ ඕනෙවට වඩා ගම්බද උනාමත් අව්ල්

    මම මගේ ගම,මට හිතෙන දේ කීවෙ අනිත් අයගෙ මීටවඩා වෙනස් වෙන්න පුලුවන්

    හැබැයි privacy එක අතින් ටවුන් එක හොදයි...ගමේ තමන්ගෙ පෞද්ගලිකත්වයට කිසිම ගරුසරුවක් නෑ

    හාපෝ ගම් වල ඉන්න බයියො එක්ක වසන්න බෑ 🥴 වයිෆ් දවසක් ටොයිලට් නොගියොත් උං වල හාරයි ඇවිල්ලා.
    පුළුවන් තරම් සිටි එකක ඉන්න ඕන
    ඊයෙ රෑට කාපුවත් ගූ අවුස්සලා හොයන උන් ඉන්නෙ ගම්වල 🤣🤣🤣
    ------ Post added on Oct 4, 2022 at 6:55 PM
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම අවුරුදු 15 වෙනකන් ගමක හිටිය. පස්සේ නගරේ හිටිය. අවරුදු 3 4ක් ලංකාවෙන් පිට හිටිය. මම දකින විදිහට ගම හරිම සුන්දරයි මචන් පාරිසරික අතින්. ඒ උනාට මිනිස්සු හරිම ගෝත්‍රිකයි. නගරේ මිනිස්සුන්ගේ මොකක්ද මන්ද වෙනසක් තියනවා මචන්. එක හොද ධනාත්මක වෙනසක්. ගමේ මිනිස්සු පොට ගිය ඇනේ වගේ කියල මට හිතෙන්නේ.

    ගොඩක් ගමේ අය දවස ගෙවාගන්නේ අනිත් අය ගැන හොයල දකින දේවල් ගැන කුතුහලෙන්. ඒ ගමේ හැම දවසම එක වගේ නිසා. උන්ට අලුත් දෙයක් හොයන්න පුදුම ඇම්මක් තියෙන්නේ.

    මම දැන් ගමෙයි නගරෙයි දෙකේම සම සමව ඉන්නවා. සතියට දවස් 3ක් වගේ ගමේ ඉන්නවා. ගානට ඉන්න ඕන ගමේ උන් එක්ක. එතකොට ටිකක් බයක් තියනවා. ලොකුවට කයිය ගහන්න එන්නේ නෑ එතකොට. හැබැයි ආශ්‍රය නොකර හිටියත් එකත් අවුල්. නගරේ යාලුවෝ වගේ ලං වෙන්න, බොක්කේ තියන දේ බෙදාගන්නා ටිකක් අමාරුයි ගමේ අය එක්ක. උන් හෙන පණ්ඩිතයි බන් දැනුම හෙනම අඩු උනත්. වැරදිලාවත් වැදගත් මාතෘකා වලටනම් යන්න හොද නෑ කිසිම තේරුමක් නෑ. දෙතුන් පාරක් හිතල අදහස් හුවමාරු කරගන්න ඕන. උබ වැරදි මාතෘකාවක් ඇදගෙන උන් වැරදියට වටහගත්තොත් උබ ඉවරයි ඉතින්.

    අන්තිමටත් කියන්න තියෙන්නේ ගමේ පරිසරේ පුදුම සුන්දරයි. ගමේ වැස්ස, අවුව, හුලග පුදුම නිදහසක්, පට්ට සනීපයක්. හැබැයි මිනිස්සු හරිම ප්‍රාතමිකයි.

    පවු ගම වල මිනිස්සු තවම ලෝකෙට නිරාවරණය වෙලා නැති නිසා මෙහෙම වෙලා තියෙන්නේ. පව් කියල ඉතින් අපි මොනා කරන්නද.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මුදලාලිලාව හොදින්තියා ගන්න ඕනෙ:ROFLMAO:
    අම්මෝ මේකනම් ඇත්ත
    ගමේ කඩෙන් නැතුව එහා පැත්තේ supermarket එකෙන් ගත්තොත්
    ආයේ කඩේට ගියාම ගණන් ගන්නෙත් නෑ😂
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    හොදම දේ ගම සහ නගරය අතර තැනක් ජීවත් වෙන්න. නගරෙට කිට්ටුයි. වැඩට යන්න සහ අනෙකුත් අවශ්‍යතාවලට පහසුයි.

    කොහේ හිතියත් ගානට මිනිස්සු ආශ්‍රය කරන්න ඔනේ. ඕනවට වැඩිය ලං වෙන්න එපා ගමේ උන්ටත්. එතකොට තමයි ඔක්කොම ප්‍රශ්න. සමහර දේවල් නැහුන වගේ ඉන්න.

    ලෝකය වෙනස් වෙනවා. ගමත් නගරෙත් වෙනස් වෙනවා. දැන් ඉස්සර වගේ මිනිස්සු අනුන්ගේ කුණු හොයනවා අඩුයි. තාප්ප ගහගෙන පවුද්ගලිකත්වය රැකගෙන ජීවත් වෙන්නේ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ගමේ පරිසරය හොදයි. හැබැයි ඉන්න මිනිස්සු හිතන්නෙ පතන්නෙ මහ පටු යල් පැනලා ගිය ක්‍රමේකට. ඕපාදූප හෙවිල්ල වැඩියි. මනුස්සයෙක්ට වැරදෙනකල් බලන් ඉදලා හිනාවෙන්න, අපහාස කරන්න බලන් ඉන්න අය බහුලයි. නගරෙ ඉන්න මිනිස්සුන්ගෙ තියෙන කාර්යබහුල ගතිය නිසා අනුන්ගෙ කුණු හොය හොය ඉන්න වෙලාවක් නෑ. පරිසරේ තියෙන අවුල නැත්නම් නගරෙ හොදයි කියලා මට නම් හිතෙන්නෙ.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    මෙහෙමයි සල්ලි ගොඩක් තියෙන 1% කෙනාට මේක අදාළ නැහැ.ඒවගේ අයට location අදාළ වෙන්නේ නැති හින්ද.

    ගම නිදහස්. එක තේරෙන්න town එකක අවුරුදු කීපයක් ඉන්න ඕනි. ප්‍රශ්නේ තියෙන්නේ ගමේ ඉන්න උන්ට වටිනාකම තේරෙන්නේ නැහැ. උන් හදන්නේ town එකේ වගේ වෙන්න. හැබැයි වාහයනක් තියෙන්න ඕනි. Town එකට 30min -60min වගේ යන්න පුලුවන්නම් හොඳයි.

    ඕපා දුප හොයන අය වැඩියි. හැබැයි ගානකට හිටපුවාම හරි. ඕනි ප්‍රශ්නෙකට ළඟ පාත අය දුවගෙන එනවා.

    Example : ගමේ ගෙවල් ළඟ උන් තඩි තාප්ප බදිනවා ලස්සන view එක වැහෙන්න. උන්ට එකේ අගේ තේරෙන්නේ නැහැ
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    ඒක්කො හද්දා ගමක ඉන්න ඕනෙ, නැත්තම් සිටි එකක ඉන්න ඕනෙ. ඔය දෙක මැද්ද තමා ගූම.

    SIrawata. Colombo wage honda city ekak wenna ona ekko. Naththan ara meemure, uda dumbara, thanamalwila, kebithigollewa paththe sira gamak wenna ona.
    Oya atharamada podi city walath thiyenne dekema naraka pathi. Opa dupa hoyana unuth innawa environment eka harith naha, city ekaka comforts aththeth naha.