ගමේ බයියෝන්ට ගෑස් දෙන්නේ නැහැලු.

analytics

Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    රට ආර්ථික අර්බුදයෙන් මිදෙන තෙක් නගරවලට සහ අත්‍යවශ්‍ය සේවාවලට පමණක් ගෑස් සපයන බවත් ඒ අනුව ඉදිරියේදී ගෑස් ඉල්ලුමෙන් අඩක් පමණක් සැයීමට තීරණය කර ඇති බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
    එම තීරණයත් සමඟ දෛනික පැවැති සිලින්ඩර 60,000 ත් 80,000 ත් අතර පැවැති ගෑස් සැපයුම සිලින්ඩර 30,000 ක් දක්වා අඩු කරන බව කී එම නිලධාරියා ගෑස් පාරිභෝගිකයන්ගෙන් සියයට 27 ක් පමණක් ගෑස් පමණක් පාවිච්චි කරන බව ද සඳහන් කළේය.
    රටේ මාසික ගෑස් ඉල්ලුම සම්පූර්ණ කිරීමට නම් මාසිකව ඩොලර් මිලියන 30 ක් අවශ්‍ය වීම නිසා වර්තමාන තත්වය අනුව එවැනි වියදමක් කළ නොහැකි බවත් රට ගොඩගැනීමට නම් සියලු දෙනාට කැපවීම් කළ යුතු බවත් එම නිලධාරියා පැවසීය.
    දර ඇතුළු සෙසු ඉන්ධන වර්ග පාවිච්චි කළ හැකි සියලුම ජනතාව ගෑස්වලින් නැවත සෙසු ඉන්ධන සඳහා මාරුවීම රට වෙනුවෙන් කළයුතු බව කී එම නිලධාරියා සඳහන් කළේ ජනතාව වර්තමාන තත්වය තේරුම් ගනු ඇතැයි බලාපොරොත්තු වන බවත්ය.


    https://www.lankadeepa.lk/news/ලිට්‍රෝ-ගෑස්-සැපයුම-අඩකින්-අඩුකරයි/101-612199
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    12.5 නැතත් 37.5 එවයි මහා පරිමාණ පාවිච්චි කරන තැන් වල පාවිච්චි වෙන නිසා, ඒකක්‌ ගත්තනං හරි
     

    Similar threads