අපේ පන්සලේ හාමුදුරුවෝ මම දන්න විදිහට ඔය මූලික පරාජිකා වැඩ කරන්නේ නෑ... මනුස්සයෙක් වශයෙනුත් හොදයි ශිෂ්ටසම්පන්නයි... ඒත් ඉතිං මම නම් ලොකුවට දාන දෙන්න වදින්න පුදන්න යන්නෙ නෑ... ඒක මගේ කැමැත්ත...
කැමැත්තෙන් දාන මාන දීලා සිව්පසයෙන් උපස්තාන කරන අය ඉන්නවා... ඒ මිනිසුන්ට ඒවාට හරි යන්න හමුදුරුවෝ මානසික ආතල් දෙනවා... පෝයට ස්පීකර් වලින්ම නම් කියල පිං දීලා අනේපිඩු සිටුතුමාට සමාන කරල එහෙම... තව සෙනසුරාදාට බෝධි පූජා තියල ඒ සෙට් එකේ ග්‍රහ අපල දුරු වෙන්න කියල ස්පීකර් වලින්ම ආශිර්වාද කරනවා... හාමුදුරුවෝ ඉතින් අවුල් සීන් එකක් කලොත් ඒ මිනිස්සු කොහොම රියැක්‍ට් කරයි ද දන්නෙ නෑ...