ගර්භාශ වෙලදාම

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,230
    12,298
    113
    132037473_1570553639798341_8674922200037158069_o.jpg

    හෙදියකගේ දින පොත

    tdrSnYeposrteutiuriuninsdantiyio agtr h1e2:0hd5 ·
    අපේ රටේ ජිවත් වෙන බත් වෙනුවට තණකොල කණ මිනිස්සු දැක්කම ඇත්තටම මාර කලකිරීමක් දැනෙනවා සහ උං ඇත්තටම මිනිස්සුද කියලා හිතෙනවා..
    😊

    හොඳම උදාහරණය ලංකාවෙ මෙතෙක් වටලපු විශාලතම බේබි ෆාම් එකක අයිතිකරු උන මංජුල උක්වත්ත නැමැත්තා නීතීයේ රැහැනට අසු වීම සම්බන්ධයෙන් සමහර ස්ථාන වල සමහර මිනිස්සු දරපු ආකල්පය උනේ
    " අඥී පොලිස්පති හලි වීරකමක්නෙ ඔය කොරලා තියෙන්නෙ විඤුනුවා උනත් මසට විකිඥුවෙ නෑඥී හ්ම් .. අම්මලට කම්න බොම්න දෙඥනනේ සල්ලි ගත්තෙ .. අනේ පව්කාර පොලිසීය .. ගබ්සා මජ්ජියස්ථාන වල උන්ට රජ මඟුල් දැන් "
    🥴

    ඔන්න ඔහොමයි අර හොරු tv එකේ ෆෑන්ස්ලා එහෙම කොමෙන්ට් දාලා තිබුනෙ ..
    මේකට ඇත්තටම මිනිස්සුන්ටම දොසක් කියන්නත් බෑ. හේතුව මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීම main stream media හැම එකකම ගියේ
    " නීතීවිරෝධිව දරුවන් දරුකමට හදා ගන්න දීම එහෙම නැත්තම් බේබි ෆාම් " යන සිරස්තලය යටතේ.. නමුත් ඒක නෙමේ ලොකුම සිරස්තලය විය යුතුව තිබුනේ..
    ලොකුම සිරස්තලය වියයුතුව තිබුනේ
    " ලංකාව තුල එතෙක් මෙතෙක් සිදුකල විශාලතම ගර්භාශ වෙලදාම අණාවරණය වෙයි " කියන එකයි
    අර විදියට භාගෙට කියන්න ගියාම නිතැතින්ම මිනිස්සුන්ගෙ ඔළුවට යනවා "අනේ ඔන්න ඔහෙ මැරෙන්නෙ නැතුව කොහෙ හරි හැදෙන එකම මදෑ " වගෙ චින්තනයක්..
    🥴

    තවමත් ඔබ දන්නෙ නෑ තිරය පිටුපස ඔහු සිදුකල නීතීය විසින් අනාවරණය කරගත් අතුරු කතා එකක්වත්.. ඒවා එකක්වත් මේ සිදුවීම හබාගිය කිසිවෙක් විසින් මෙතෙක් මාද්‍යට හෙලි කලේ නෑ .. හේතුව එසේ හෙලිකලොත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරගෙන ගිය විමර්ශන වලට බාධා පැමිණිය හැකි වීම..
    තවමත් ඔබ නොදන්නා අතුරු කතා කිහිපයක් පමණක් මම ඔබට දැන් කියන්නම්..
    😊
    ( ලමයි මුදලට විකිණිමට අමතරව)
    # ගර්භාශ වෙලදාම හෙවත් විකිණිමේ පරමාර්ථය සහිතවම දරුවන් බිහිකරවීම..
    ලංකාවෙ දණ්ඩ නීතී සංග්‍රහයට අනුව පසුව විකුණන පරමාර්ථය පෙරදැරිවම යම්කිසි මිලක් ගැබ් ගැනිම වෙනුවෙන් ගෙවමින් අදාල ගැබිණියන් නඩත්තු කර පසුව ඉපදෙන දරුවන් මුදලට විකුණා එයින් කොටසක් මවට ගැබ් ගැනීම වෙනුවෙන් සහ ප්‍රසුතිය වෙනුවෙන් ලබා දීම ගර්භාශ වෙළදාම.. මෙතනදි අදාල ගැබිණිය තම ගර්භාශය ව්‍යාපාරයක් වෙනුවෙන් කුලියට සපයනවා..
    හිතවතුනි මංජුල උක්වත්තගෙ බේබි ෆාම් එකෙ හිටියෙ ඔබ හිතන් ඉන්න විදියට නොදැනුවත්කමට අනාථ උන අහිංසක අම්මලා විතරක්ම කියලා ඔබ හිතනවා නම් අනේ ඔබට වැරදිලා..
    විකුණන්නම බඩ උන අම්මලා රාශියක් ඔහු ලඟ සිටියා.. ( ඒ පිලිබඳ සාක්කි සාධක සහිතවයි කතා කරන්නෙ)
    ඔහුව සාධරණීකරණය ඔබ දන්නවද ගර්භාශ වෙලදාම ප්‍රචලිත වීමෙන් රටකට අත්වන පරිහානිය? ඔබ දැනුවත්ද?
    #අංක_02 අනාථව අසරණ උණ පිහිටක් සොයන ගැබිණියන්ව බ්ලැක්මේල් කිරීම සඳහා ගැබිණියන්ගෙ ගර්භයෙ ජායාරූප ගන්නා මුවාවෙන් නිරුවත් ජායාරූප රාශියක් ලබාගෙන දිනක ඔවුන් නීතිය ඉදිරියට යන බව පැවසුවහොත් අදාල නිරුවත් ජායාරූප පෙන්වමින් ඔවුන් බිය වැද්දවීම..
    ඔව් මේ මිනිස් කමට නිගා දෙන ඔබ දෙයියෙක් වගෙ අදහපු බෝධිසත්වයා කරපු පාහරම තුජ්ජම වැඩ වලින් තවත් එකක් තමයි..
    මොහු ලඟට එන සමහර අසරණ ගැබිණියන් හිටියා.. ඒ සමහර ගැබිණියන්ට යන එනමන් තිබුනෙ නෑ. දෙමාපිය පිලිසරණ පතාගෙන යන්න වාතාවරණයක් තිබුනෙ නෑ.. මොහු ඔවුන්ව රඳවාගෙන කන්න බොන්න දුන්නා.. හැබැයි නිකම් නෙමෙ ලමයා විකුණන්න කැමති කරවගන්න පොරොන්දු පත්‍ර ඔහු අත්සන් කරගත්තා.. ඒ විතරක් නෙමෙ ඒ අවස්ථාවෙ අසරණ උනාට පස්සෙ මේ අම්මලා ආයි දුක හිතිලා ඉපදුන ලමයා ඉල්ලගෙන එන්න්නත් පුලුවන් කියලා ඔහු දැනගත්තා..
    ඔහු ඒකට පාවිච්චි කරපු උපාය මොකක්ද ?
    ගැබිණි සමයේ අදාල ගැබිණිය ලවාම නිරුවත් ජායාරූප ගෙන්වා ගත්තා..ගර්භයෙ වර්ධනය පියයුරු වල වර්ධනය යෝනියෙ වෙනස්කම් බලන මුවාවෙන් ඔවුන් ලවාම ජයාරූප ගෙන්වා ගත්තා.. දිනෙක ඔවුන් තමුන්ගෙ දරුවා නැවත ඉල්ලුවොත් ඔහු මේ ජායාරූප අවියක් ලෙස භාවිතා කරන්න තියාගත්තා..
    එහෙම ලමයෙක් ඉල්ලපු අම්මා කෙනෙක් හිටියා.. ඒ අම්මගෙ දෙමාපියො මේ තරුණිය දරුවෙක් ප්‍රසුත කල බව දැනගෙන ඇයවත් ඇදගෙන මේ මිනිහා ගාවට ඇවිත් ප්‍රසුත කල දරුවා නැවත ඉල්ලා තිබුනා..
    මේ පාහර මිනිසා මොකක්ද කලේ? ඔහු අර ජායාරූප භාවිතා කලා ඒ මිනිස්සුන්ව බ්ලැක්මේල් කලා..
    එහෙම මිනිහෙක් තවමත් ඔබට දෙයියෙක්ද?
    🥴

    #අංක_3 තමුන් ලඟ රදවාගෙන සිටි බාලවයස්කාර ගැබිණියන් අපයෝජනයට ලක් කිරීම
    මේ පුද්ගලයා කොටු කර ගැනීමට අප දරපු උත්සහයන් අපමණයි.. එතනදි යම් යම් උපාය දූතයන් පවා යොදවන්න සිදු උනා. අන්න එහෙම අවස්ථා කිහිපයකදි අපි අනාවරණය කරගත් දෙයක් තමයි.
    අපි යොදවපු උපාය දූතයන්ට පවා මොහුගෙ කාර්‍යාලයට ගියාම මොහු ගැබිණි අම්මලා එකින් එක ගෙන්වලා හදුන්වලා දුන්නා.
    " බලන්න මේ කෙල්ලට කොච්චර ලස්සන පපුවක්ද තියෙන්නෙ?
    බලන්නකො මේකිගෙ පස්ස ?මේවට තමයි අනාථකරපු එකා පිස්සු වැටෙන්න ඇත්තෙ( සමහර බාලවයස්කාර අම්මලා අත පත ගාගා පෙන්වමින්)
    ( වීඩීයෝ ඕඩීයෝ සාක්කි සාධක සහිතයි )
    ඒ වගේම අපේ එක උපාය දූතයෙක්ට මේ අම්මලා රදවා තිබු මොරටුවෙ ස්ථානයට ගියාම අසන්න ලැබී තිබුනා ඔහු එහි පාලනයෙ හිටපු කාන්තාවකට කියනවා
    " අද රෑට අරයට එන්න කියන්න ........ තැනට ( ඔහුගෙ මොරටුවෙ කාර්‍යාලයට.
    ඔහු එහෙම රෑට එන්න නියම කරලා තිබ්බෙ තවත් ගැබිණියකට..
    ඔන්න ඔහොම මෙතන කියන්න බැරි සිදුවීම් රාශියක් ඔහුගෙ අසහනය සම්බන්ධව අපි හොයාගත්තා..
    කොටින්ම කියනවා නම් මේ පුද්ගලයා හැමදාම රෑට මධුවිත පානය කරද්දි මේ සමහර අම්මලට කියලයි බයිට් පවා හදාගෙන වීදුරුවට අරක්කු පවා වක්කරගෙන තිබුනෙ.. අන්‍තප්පුර මානසිකත්වයක ඔහු ජිවත් උනබවත් අපිට හෙලි උනා..
    මේ කතා කිහිපයක් පමණයි..ඔහු ඔහුගෙ එකම අවිය ලෙස භාවිතා කලේ " ගබ්සාව "
    ගබ්සාව ප්‍රමෝට් කරමින් තමයි ඔහු තමුන්ගෙ නීතීවිරෝධි වැඩපිලිවෙලවට ආකර්ශණය ලබාගත්තෙ..
    " අඥී මසට නෙමෙනෙ විකුණුවෙ " කියලා මේ අසික්කිත පුද්ගලයා වෙනුවෙන් තවමත් පෙනී ඉන්න මිනිස්සුන්ගෙන් මන් අහන්න කැමති..?
    මොහු පිලිබඳ ලමයි 30 ක් විකිණිම ගැන දැනට සාක්කි ලැබිලා තියෙනවා.. මේ ප්‍රමාණය 100 දක්වා වැඩි වෙන්නත් පුලුවන් අපි හොයාගත් කරුණු අනුව..
    මං අහන්නෙ එක දෙයයි. මේ ලමයි ඔක්කොම හොඳ තැන් වල සැපට හැදෙනවා කියලා ඔබට ඉරහඳ පායනවා වගෙ විශ්වාසද?'
    අම්මා තාත්තාවත් විශ්වාස නැති සමාජෙක නොදන්නා පිටස්තර මිනිහෙක් දෙයියො බුදුන් වගෙ අදහන්න ඔබට තියෙන සහතිකය මොකක්ද?
    ඔබගෙ කණට කවදාවත් ඇහිලා තියෙනවද " අවයව ජාවරම "? එහෙම නැත්තක් බිළිදු මල සිරුරු ඇතුලෙ පිටරටවලට මත්කුඩු ප්‍රවාහණය වගෙ කාරණා ඔබ අහලා තියෙනවද?'
    මේ විකිණෙන ලමයි මසට නොවේ විකුණන්නෙ කියන ඔබේ ලමයෙක් මූට දුන්නා නම් ඔබට හිත හදාගෙන එක විනාඩියක් ඉන්න පුලුවන්ද?
    සාරධර්ම පිරි සමාජයක් හදන්නෙ අම්මලා බඩ වෙනකම් බලන් ඉදලා ගබ්සාව ඉනිමඟක් කරගෙන නම් ,ඇයි බැරි උනේ ඔය තරම් සද්භාවයක් තිබුන මිනිහට " උපත් පාලනය " ගැන සමාජය දැනුවත් කරන්න දායක වෙන්න..
    ජිවිතේට ඔබ දැකලා තියේද ඔහු " උපත් පාලනය " ගැන එක වචනයක් කතා කරා?
    මම ඔබෙන් අහන්නෙ එපමණයි.. හදවතට එකඟව උත්තර දෙන්න.
    😊

    චාන්‍යා
    ❤️
    🙏

    (Chanya Herath )
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,109
    113
    Leasing World
    Yakoooo pissu wage bn meke kiyewwama aththatama me wage sakkili innwada bn me loke yako mun wa nomara maranna one bn mama nm kynne kalakkanni kyne yakoo munta yanna apayak tyeida bn
     
    • Like
    Reactions: Boralugoda01

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    6,997
    1
    12,038
    113
    (Chanya Herath )

    kauda ban me.ahala thiyana vidihata fb hali liyana kenek

    katawa atta thama .eth hariyatama vistara danne nane.muge tik tok nam balala thiyanava
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    14,893
    23,932
    113
    Kandy
    bump

    අවයව ගන්න ,ඉන්සුවරන්ස් කරලා මරන්න වගේ ඒවටත් ළමයින් ගන්නවා පිටරටවලින් ,එතකොට බිල්ඩින් එහෙම හදන්න කලින් බිලි දෙන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,799
    21,394
    113
    අම්බකිස්ස
    අඩෝ මට පූසට මොනා හරි වුනත් හෙන අප්සට්.කොහොමද බන් සල්ලි නෑ කියලා ලමයි විකුනන්න්න හිත හදාගන්නේ. කුලියක් කරනවා.ඒත් මදි නන් කුඩු විකුනුවාත් කිරි සප්පයෝ විකුන්නේ කොහොමද බන්... අම්මට බබාව හදාගන්න බැරි නන් පුලුවන් පවුලක් සම්බන්ධ කරලා දෙන එක නන් කම්ක් නෑ කිව්වැකි.විකුනන එක
     
    • Like
    Reactions: rckdck

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,230
    12,298
    113
    නර්ස් දන්න දේවල්. එයා රහස් පොලිසියෙ නර්ස් කෙනෙක්ද?
    මම හිතන්නේ ලියපු කෙනා නෙවෙයි වෙන්න ඇති share කරන්න ඇත්තේ :rolleyes:

    හැබැයි රහස් පොලිසියට වඩා ඔව්ව ගැන දන්නා නර්ස් ල හොයාගන්න පුළුවන් සොයිසා එකෙනුයි කාසල් එකෙනුයි :yes: :yes:
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    549
    93
    ගර්භාශයක් කුලියට ගැනීම කියන එකනම් හින්දි චිත්‍රපටියක දැක්කා...
    චුප්කේ චුප්කේ තමයි නම මතක විදියට..
    සල්මන් කාන්ගේ නෝනාට ළමය හම්බ වෙන්න ඉන්දැද්දි අනතුරකින් මැරෙනවා..
    ගෙදරට කියන්න බැරිකම නිසා වෙන ගෑනු කෙනෙක්ව (ප්‍රීතිසින්ටා) රහසිගතව තියාගෙන එයාව ප්‍රෙග්නන්ට් කරලා එයාගේ ලමයා බිහි වුනාම එයාව තමන්ගේ බිරිඳගේ ළමයා විදියට තියා ගන්නවා.. ඒකට ගාස්තුව ඇත්ත අම්මට(ප්‍රීතිසින්ටා) ගෙවනවා..

    මේවැඩේ ඉන්දියාවේ නම් වෙනවා

    ලංකාවේ සමහරු ඉන්දියාවේ යනවා ළමයි හදන්න ප්‍රතිකාර කරන්න කියලා.. සමහර විට එහෙම ක්‍රමයක්ද දන්නේ නෑ අනුගමනය කරන්නේ..
     
    • Wow
    Reactions: rckdck

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    17,036
    17,149
    113
    හස්තිශෛලපුර
    ලමයි හම්බුනාම කුනු කානු වල දාලා යනවට වඩා හොදයි මේ වගේ දේවල්.. ලමයි වදන්න බැරි නම් හදන්න ඕන නෑ කියලයි මම නම් කියන්නේ
     
    • Like
    Reactions: ukkuwa

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,230
    12,298
    113
    අඩෝ මට පූසට මොනා හරි වුනත් හෙන අප්සට්.කොහොමද බන් සල්ලි නෑ කියලා ලමයි විකුනන්න්න හිත හදාගන්නේ. කුලියක් කරනවා.ඒත් මදි නන් කුඩු විකුනුවාත් කිරි සප්පයෝ විකුන්නේ කොහොමද බන්... අම්මට බබාව හදාගන්න බැරි නන් පුලුවන් පවුලක් සම්බන්ධ කරලා දෙන එක නන් කම්ක් නෑ කිව්වැකි.විකුනන එක
    බබාලා හම්බුනාට පස්සේ ඔහොම වෙච්ච අම්මල තුන්දෙනෙක්ට වඩා මම දැකල තියනව මාස 3කදි
    වෙන කාට හරි බබව දෙන්න ඉඳල හම්බුනාට පස්සේ දෙන්න බෑ කියා කියා ඇඩුව
    දෙන්නෙක් ව හොදට මතකයි

    අවුරුදු 14 ක විතර කෙල්ලෙක් , යාලු වෙලා හිටපු කොල්ල දාල ගිහිං ... බබාව ගන්න කෙනෙක් ලාස්තිවෙලා හිට්යේ
    අනික් එක්කෙනා අවුරුදු 30 කට වැඩි එක්කෙනෙක් අරාබියේ වැඩකරලා , බොස් අතින් pregy වෙලා , ළමය දෙන්න හිට්යේ , දෙන්න නෙවෙයි ඉපදෙනකන් ළමය එක්ක පුදුම වයිරෙකින් හිටියේ,

    අම්ම කෙනක් ළමයෙක්ට කොච්චර ආදරේ කරනවද කියල තේරුනේ ළමය ඉපදුනාට පස්සේ, මට හිතාගන්න බෑ ඒ මනුස්සයාගේ වෙනස් වීම, බබා අතට දුන්න විතරයි ළමය දෙන්න බෑ කිව්වා, හෙන සීන් එකක් ගියා ඉස්පිරිතාලේ, මිනිහයි කියල ආපු එකා අන්තිමට පොලිස් කුඩුවේ නතර උනේ

    ඉස්පිරිතාලෙන් ගියාට පස්සේ මොනවා කරගත්තද දන්නේ නෑ

    මොහු ලඟට එන සමහර අසරණ ගැබිණියන් හිටියා.. ...... හැබැයි නිකම් නෙමෙ ලමයා විකුණන්න කැමති කරවගන්න පොරොන්දු පත්‍ර ඔහු අත්සන් කරගත්තා.. ඒ විතරක් නෙමෙ ඒ අවස්ථාවෙ අසරණ උනාට පස්සෙ මේ අම්මලා ආයි දුක හිතිලා ඉපදුන ලමයා ඉල්ලගෙන එන්න්නත් පුලුවන් කියලා ඔහු දැනගත්තා..
    ඔහු ඒකට පාවිච්චි කරපු උපාය මොකක්ද ?
    ........ දිනෙක ඔවුන් තමුන්ගෙ දරුවා නැවත ඉල්ලුවොත් ඔහු මේ ජායාරූප අවියක් ලෙස භාවිතා කරන්න තියාගත්තා..
    එහෙම ලමයෙක් ඉල්ලපු අම්මා කෙනෙක් හිටියා...
    ඒ අම්මගෙ දෙමාපියො මේ තරුණිය දරුවෙක් ප්‍රසුත කල බව දැනගෙන ඇයවත් ඇදගෙන මේ මිනිහා ගාවට ඇවිත් ප්‍රසුත කල දරුවා නැවත ඉල්ලා තිබුනා..
    මේ පාහර මිනිසා මොකක්ද කලේ? ඔහු අර ජායාරූප භාවිතා කලා ඒ මිනිස්සුන්ව බ්ලැක්මේල් කලා..
     
    • Like
    Reactions: proceso and rckdck

    පූසා ලෙඩ වුනාම පහුවදාම වෙට්ගාව්ට අරන් යන අනුරාධයා ඌ උටම ලෙඩා ලෙඩා කිව්ව්ට උන් දෙවියෝ වගෙ.
     
    • Like
    Reactions: rckdck

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,659
    1
    3,613
    113
    JAPAN
    සමහර සල්ලි කාර දෙමව්පියෝ තමන්ගෙ දරුවගෙ මොකක් හරි අවයවයක අවුලක් තියෙනව නම් (බද්ද කරන්න පුලුවන්) මේ වගේ තැන් වලින් ලමයි අරගෙන ඒ ලමයගෙන් ඒ අවශ්‍ය පාට් එක අරගෙන තමන්ගෙ ලමයට බද්ද කරල සල්ලි වලට ගත්ත අහින්සකයව මරල දාන සීනුත් තියෙනව.

    සමහර හොස්පිට්ල් වල එක එක අඩුපාඩු ඇතුව හම්බුවෙන ලමයි සල්ලි වලට වෙන හොද ලමයින්ට මාරු කරනව.
     
    • Wow
    Reactions: asylum and rckdck

    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    549
    93
    132037473_1570553639798341_8674922200037158069_o.jpg

    හෙදියකගේ දින පොත

    tdrSnYeposrteutiuriuninsdantiyio agtr h1e2:0hd5 ·
    අපේ රටේ ජිවත් වෙන බත් වෙනුවට තණකොල කණ මිනිස්සු දැක්කම ඇත්තටම මාර කලකිරීමක් දැනෙනවා සහ උං ඇත්තටම මිනිස්සුද කියලා හිතෙනවා..
    😊

    හොඳම උදාහරණය ලංකාවෙ මෙතෙක් වටලපු විශාලතම බේබි ෆාම් එකක අයිතිකරු උන මංජුල උක්වත්ත නැමැත්තා නීතීයේ රැහැනට අසු වීම සම්බන්ධයෙන් සමහර ස්ථාන වල සමහර මිනිස්සු දරපු ආකල්පය උනේ
    " අඥී පොලිස්පති හලි වීරකමක්නෙ ඔය කොරලා තියෙන්නෙ විඤුනුවා උනත් මසට විකිඥුවෙ නෑඥී හ්ම් .. අම්මලට කම්න බොම්න දෙඥනනේ සල්ලි ගත්තෙ .. අනේ පව්කාර පොලිසීය .. ගබ්සා මජ්ජියස්ථාන වල උන්ට රජ මඟුල් දැන් "
    🥴

    ඔන්න ඔහොමයි අර හොරු tv එකේ ෆෑන්ස්ලා එහෙම කොමෙන්ට් දාලා තිබුනෙ ..
    මේකට ඇත්තටම මිනිස්සුන්ටම දොසක් කියන්නත් බෑ. හේතුව මේ පුද්ගලයා අත් අඩංගුවට ගැනීම main stream media හැම එකකම ගියේ
    " නීතීවිරෝධිව දරුවන් දරුකමට හදා ගන්න දීම එහෙම නැත්තම් බේබි ෆාම් " යන සිරස්තලය යටතේ.. නමුත් ඒක නෙමේ ලොකුම සිරස්තලය විය යුතුව තිබුනේ..
    ලොකුම සිරස්තලය වියයුතුව තිබුනේ
    " ලංකාව තුල එතෙක් මෙතෙක් සිදුකල විශාලතම ගර්භාශ වෙලදාම අණාවරණය වෙයි " කියන එකයි
    අර විදියට භාගෙට කියන්න ගියාම නිතැතින්ම මිනිස්සුන්ගෙ ඔළුවට යනවා "අනේ ඔන්න ඔහෙ මැරෙන්නෙ නැතුව කොහෙ හරි හැදෙන එකම මදෑ " වගෙ චින්තනයක්..
    🥴

    තවමත් ඔබ දන්නෙ නෑ තිරය පිටුපස ඔහු සිදුකල නීතීය විසින් අනාවරණය කරගත් අතුරු කතා එකක්වත්.. ඒවා එකක්වත් මේ සිදුවීම හබාගිය කිසිවෙක් විසින් මෙතෙක් මාද්‍යට හෙලි කලේ නෑ .. හේතුව එසේ හෙලිකලොත් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කරගෙන ගිය විමර්ශන වලට බාධා පැමිණිය හැකි වීම..
    තවමත් ඔබ නොදන්නා අතුරු කතා කිහිපයක් පමණක් මම ඔබට දැන් කියන්නම්..
    😊
    ( ලමයි මුදලට විකිණිමට අමතරව)
    # ගර්භාශ වෙලදාම හෙවත් විකිණිමේ පරමාර්ථය සහිතවම දරුවන් බිහිකරවීම..
    ලංකාවෙ දණ්ඩ නීතී සංග්‍රහයට අනුව පසුව විකුණන පරමාර්ථය පෙරදැරිවම යම්කිසි මිලක් ගැබ් ගැනිම වෙනුවෙන් ගෙවමින් අදාල ගැබිණියන් නඩත්තු කර පසුව ඉපදෙන දරුවන් මුදලට විකුණා එයින් කොටසක් මවට ගැබ් ගැනීම වෙනුවෙන් සහ ප්‍රසුතිය වෙනුවෙන් ලබා දීම ගර්භාශ වෙළදාම.. මෙතනදි අදාල ගැබිණිය තම ගර්භාශය ව්‍යාපාරයක් වෙනුවෙන් කුලියට සපයනවා..
    හිතවතුනි මංජුල උක්වත්තගෙ බේබි ෆාම් එකෙ හිටියෙ ඔබ හිතන් ඉන්න විදියට නොදැනුවත්කමට අනාථ උන අහිංසක අම්මලා විතරක්ම කියලා ඔබ හිතනවා නම් අනේ ඔබට වැරදිලා..
    විකුණන්නම බඩ උන අම්මලා රාශියක් ඔහු ලඟ සිටියා.. ( ඒ පිලිබඳ සාක්කි සාධක සහිතවයි කතා කරන්නෙ)
    ඔහුව සාධරණීකරණය ඔබ දන්නවද ගර්භාශ වෙලදාම ප්‍රචලිත වීමෙන් රටකට අත්වන පරිහානිය? ඔබ දැනුවත්ද?
    #අංක_02 අනාථව අසරණ උණ පිහිටක් සොයන ගැබිණියන්ව බ්ලැක්මේල් කිරීම සඳහා ගැබිණියන්ගෙ ගර්භයෙ ජායාරූප ගන්නා මුවාවෙන් නිරුවත් ජායාරූප රාශියක් ලබාගෙන දිනක ඔවුන් නීතිය ඉදිරියට යන බව පැවසුවහොත් අදාල නිරුවත් ජායාරූප පෙන්වමින් ඔවුන් බිය වැද්දවීම..
    ඔව් මේ මිනිස් කමට නිගා දෙන ඔබ දෙයියෙක් වගෙ අදහපු බෝධිසත්වයා කරපු පාහරම තුජ්ජම වැඩ වලින් තවත් එකක් තමයි..
    මොහු ලඟට එන සමහර අසරණ ගැබිණියන් හිටියා.. ඒ සමහර ගැබිණියන්ට යන එනමන් තිබුනෙ නෑ. දෙමාපිය පිලිසරණ පතාගෙන යන්න වාතාවරණයක් තිබුනෙ නෑ.. මොහු ඔවුන්ව රඳවාගෙන කන්න බොන්න දුන්නා.. හැබැයි නිකම් නෙමෙ ලමයා විකුණන්න කැමති කරවගන්න පොරොන්දු පත්‍ර ඔහු අත්සන් කරගත්තා.. ඒ විතරක් නෙමෙ ඒ අවස්ථාවෙ අසරණ උනාට පස්සෙ මේ අම්මලා ආයි දුක හිතිලා ඉපදුන ලමයා ඉල්ලගෙන එන්න්නත් පුලුවන් කියලා ඔහු දැනගත්තා..
    ඔහු ඒකට පාවිච්චි කරපු උපාය මොකක්ද ?
    ගැබිණි සමයේ අදාල ගැබිණිය ලවාම නිරුවත් ජායාරූප ගෙන්වා ගත්තා..ගර්භයෙ වර්ධනය පියයුරු වල වර්ධනය යෝනියෙ වෙනස්කම් බලන මුවාවෙන් ඔවුන් ලවාම ජයාරූප ගෙන්වා ගත්තා.. දිනෙක ඔවුන් තමුන්ගෙ දරුවා නැවත ඉල්ලුවොත් ඔහු මේ ජායාරූප අවියක් ලෙස භාවිතා කරන්න තියාගත්තා..
    එහෙම ලමයෙක් ඉල්ලපු අම්මා කෙනෙක් හිටියා.. ඒ අම්මගෙ දෙමාපියො මේ තරුණිය දරුවෙක් ප්‍රසුත කල බව දැනගෙන ඇයවත් ඇදගෙන මේ මිනිහා ගාවට ඇවිත් ප්‍රසුත කල දරුවා නැවත ඉල්ලා තිබුනා..
    මේ පාහර මිනිසා මොකක්ද කලේ? ඔහු අර ජායාරූප භාවිතා කලා ඒ මිනිස්සුන්ව බ්ලැක්මේල් කලා..
    එහෙම මිනිහෙක් තවමත් ඔබට දෙයියෙක්ද?
    🥴

    #අංක_3 තමුන් ලඟ රදවාගෙන සිටි බාලවයස්කාර ගැබිණියන් අපයෝජනයට ලක් කිරීම
    මේ පුද්ගලයා කොටු කර ගැනීමට අප දරපු උත්සහයන් අපමණයි.. එතනදි යම් යම් උපාය දූතයන් පවා යොදවන්න සිදු උනා. අන්න එහෙම අවස්ථා කිහිපයකදි අපි අනාවරණය කරගත් දෙයක් තමයි.
    අපි යොදවපු උපාය දූතයන්ට පවා මොහුගෙ කාර්‍යාලයට ගියාම මොහු ගැබිණි අම්මලා එකින් එක ගෙන්වලා හදුන්වලා දුන්නා.
    " බලන්න මේ කෙල්ලට කොච්චර ලස්සන පපුවක්ද තියෙන්නෙ?
    බලන්නකො මේකිගෙ පස්ස ?මේවට තමයි අනාථකරපු එකා පිස්සු වැටෙන්න ඇත්තෙ( සමහර බාලවයස්කාර අම්මලා අත පත ගාගා පෙන්වමින්)
    ( වීඩීයෝ ඕඩීයෝ සාක්කි සාධක සහිතයි )
    ඒ වගේම අපේ එක උපාය දූතයෙක්ට මේ අම්මලා රදවා තිබු මොරටුවෙ ස්ථානයට ගියාම අසන්න ලැබී තිබුනා ඔහු එහි පාලනයෙ හිටපු කාන්තාවකට කියනවා
    " අද රෑට අරයට එන්න කියන්න ........ තැනට ( ඔහුගෙ මොරටුවෙ කාර්‍යාලයට.
    ඔහු එහෙම රෑට එන්න නියම කරලා තිබ්බෙ තවත් ගැබිණියකට..
    ඔන්න ඔහොම මෙතන කියන්න බැරි සිදුවීම් රාශියක් ඔහුගෙ අසහනය සම්බන්ධව අපි හොයාගත්තා..
    කොටින්ම කියනවා නම් මේ පුද්ගලයා හැමදාම රෑට මධුවිත පානය කරද්දි මේ සමහර අම්මලට කියලයි බයිට් පවා හදාගෙන වීදුරුවට අරක්කු පවා වක්කරගෙන තිබුනෙ.. අන්‍තප්පුර මානසිකත්වයක ඔහු ජිවත් උනබවත් අපිට හෙලි උනා..
    මේ කතා කිහිපයක් පමණයි..ඔහු ඔහුගෙ එකම අවිය ලෙස භාවිතා කලේ " ගබ්සාව "
    ගබ්සාව ප්‍රමෝට් කරමින් තමයි ඔහු තමුන්ගෙ නීතීවිරෝධි වැඩපිලිවෙලවට ආකර්ශණය ලබාගත්තෙ..
    " අඥී මසට නෙමෙනෙ විකුණුවෙ " කියලා මේ අසික්කිත පුද්ගලයා වෙනුවෙන් තවමත් පෙනී ඉන්න මිනිස්සුන්ගෙන් මන් අහන්න කැමති..?
    මොහු පිලිබඳ ලමයි 30 ක් විකිණිම ගැන දැනට සාක්කි ලැබිලා තියෙනවා.. මේ ප්‍රමාණය 100 දක්වා වැඩි වෙන්නත් පුලුවන් අපි හොයාගත් කරුණු අනුව..
    මං අහන්නෙ එක දෙයයි. මේ ලමයි ඔක්කොම හොඳ තැන් වල සැපට හැදෙනවා කියලා ඔබට ඉරහඳ පායනවා වගෙ විශ්වාසද?'
    අම්මා තාත්තාවත් විශ්වාස නැති සමාජෙක නොදන්නා පිටස්තර මිනිහෙක් දෙයියො බුදුන් වගෙ අදහන්න ඔබට තියෙන සහතිකය මොකක්ද?
    ඔබගෙ කණට කවදාවත් ඇහිලා තියෙනවද " අවයව ජාවරම "? එහෙම නැත්තක් බිළිදු මල සිරුරු ඇතුලෙ පිටරටවලට මත්කුඩු ප්‍රවාහණය වගෙ කාරණා ඔබ අහලා තියෙනවද?'
    මේ විකිණෙන ලමයි මසට නොවේ විකුණන්නෙ කියන ඔබේ ලමයෙක් මූට දුන්නා නම් ඔබට හිත හදාගෙන එක විනාඩියක් ඉන්න පුලුවන්ද?
    සාරධර්ම පිරි සමාජයක් හදන්නෙ අම්මලා බඩ වෙනකම් බලන් ඉදලා ගබ්සාව ඉනිමඟක් කරගෙන නම් ,ඇයි බැරි උනේ ඔය තරම් සද්භාවයක් තිබුන මිනිහට " උපත් පාලනය " ගැන සමාජය දැනුවත් කරන්න දායක වෙන්න..
    ජිවිතේට ඔබ දැකලා තියේද ඔහු " උපත් පාලනය " ගැන එක වචනයක් කතා කරා?
    මම ඔබෙන් අහන්නෙ එපමණයි.. හදවතට එකඟව උත්තර දෙන්න.
    😊

    චාන්‍යා
    ❤️
    🙏

    (Chanya Herath )

    මේ මනුස්සයා වගේම කැමැත්තෙන් සල්ලිවලට ප්‍රෙග්නන්ට් වෙච්ච ගෑනු කට්ටියටත් දඬුවම් කරන්න ඕනේ.. තනි අතින් අප්පුඩි ගහන්න බෑනේ.. මේ විදියට අපරාධ සිද්ධ වෙන්න එක් පාර්ශවයකට පමණක් දඬුවම් කිරීමත් හේතු වෙනවා.. බාල වයස්කාර දැරියක් කැමැත්තෙන් ලිංගිකව හැසිරුනත් ව්‍යවස්තාපිත දූෂනයක් කියලා කොල්ලව හිරේ දානවා.. කෙල්ල එලියේ..
    පාර්ශව දෙකටම දඬුවම් ලැබෙනව නම් ඒ ගැන දැනුවත් නම් කට්ටිය බය වෙනවා..

    බෞද්ධ දර්ශනයට අනුව විවාහයට පෙර ලිංගිකව එක්වීම පාපයක්.. නමුත් අද කීදෙනෙක් කාන්තවෝ විවාහයට පෙර ලිංගික හැසිරීම OK කොන්ඩම් use කරන්න උපත් පාලන පෙති use කරන්න කියල වරදට පොළඹවනවද?

    කන්‍යා පටල යම් ප්‍රතිශතයකට පිහිටන්නේ නෑ කියමින් කී ඕක බැලුවට වැඩක් නෑ ඕවා හනමිටි අදහස් කියමින් කී දෙනෙකු හැසිරෙන්වද? මුන් කතා කරන විදියට මේ ලංකාවේ ගෑනු තමයි මුලු ලෝකෙන්ම කන්‍යා පටල පිහිටන්නේ නැති/කැඩෙන්නේ නැතුව ඈත් වෙන ආකාරයට පිහිටලා තියෙන්නේ.. ඇයි? හැමතිස්සේම කියවන්නේ ඒක ගැන හිතන්නේ ඕනේ නෑ කියලනේ..

    මේ විදියට මිනිස්සු වරදට පෙළඹෙන්න අවශ්‍ය පසුබිම සකසා ඔවුන්ම තමයි සූක්ශම ලෙස පෙත්තයි, කොන්ඩම් එකයි promote කරන්නේ... අවසානයේ පවු කිරීමට ඇති ලැජ්ජාව බය නැති කරගෙන ප්‍රශ්න වැලක පැටලිලා සිද්ධියක් දෙකක් අහුවුනාම මගුල් දර්ශනයයි, නීතියයි දඬුවමයි කාන්තා විමුක්තියයි කතා කරනවා..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,735
    1
    36,397
    113
    තාම ලන්කාවේ
    මූ ධාතුවෙක්.. මේක ලියපු කෙනා..චාන්යා පට්ට ගේම ක් දීලා තියෙන්නේ.. මූ ඒ කෙල්ලට තර්ජනය කරලා පෝස්ට් දෑම්මා අම්බානක්. අර චුටි කොටේ වනන නලුවගේ ගෑණීත් මූව අම්බානක් ප්‍රොමෝට් කලා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,230
    12,298
    113
    මූ ධාතුවෙක්.. මේක ලියපු කෙනා..චාන්යා පට්ට ගේම ක් දීලා තියෙන්නේ.. මූ ඒ කෙල්ලට තර්ජනය කරලා පෝස්ට් දෑම්මා අම්බානක්. අර චුටි කොටේ වනන නලුවගේ ගෑණීත් මූව අම්බානක් ප්‍රොමෝට් කලා
    ඒ මොකක්ද ඒ seen එක
     
    rckdck

    Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    මූ ධාතුවෙක්.. මේක ලියපු කෙනා..චාන්යා පට්ට ගේම ක් දීලා තියෙන්නේ.. මූ ඒ කෙල්ලට තර්ජනය කරලා පෝස්ට් දෑම්මා අම්බානක්. අර චුටි කොටේ වනන නලුවගේ ගෑණීත් මූව අම්බානක් ප්‍රොමෝට් කලා
    චූටි කොටේ වවන එකා කවූද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,744
    84,542
    113
    චාන්‍ය මාරම රිස්ක් එකක් ගත්තෙ ඕකට. ඒකිගෙ හෑලි නන් අල්ලන්නෙ නෑ ඒ උනාට මේ වැඩේ පට්ට.

    චූටි කොටේ වවන එකා කවූද
    දසුන්
     
    • Haha
    Reactions: malakadss