ගරිල්ලන්ගේ නැවක් අල්ලයි
ගරිල්ලන්ගේ නැවක් අල්ලයි
යේමනයේ සටන්වදින හවුදි ගරිල්ලන්ට රැගෙන යමින් තිබු කුඩා ප්‍රමාණයේ ආයුධ නැවක් ඇඩෙන් බොක්ක මුහුදු ප්‍රදේශයේදි අත්අඩංගුවට ගැනීමට එක්සත් ජනපද නාවික හමුදාව සමත් වී ඇති බව වාර්තා වේ.
ඉරානයේ සිටින හවුදි ගරින්ලන්ට සහය දක්වන කණ්ඩායම් ආයුධ සපයන්නට ඇති බවට එක්සත් ජනපද නාවික හමුදාව විශ්වාය පළ කරයි.
මෙවැනි ආකාරයේ ආයුධ පිරවු නැව් කීපයක් පසුගිය අවුරුදු කීපයදී අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වී ඇත.
අනන්‍යතාවය තහවුරු කිරීමට කිසිදු කොඩියක් එහි නොතිබී ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු කරගෙන යෑම සඳහා නැව අත්අඩංගුවට ගෙන ඇත.
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්)