ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)

    ගරු කතානායකතුමියනි...! (2011 පවුලේ අයවැය යෝජනා)




    (පැහැදිලි කිරීමකි - මා ලියන බොහෝ කතා වල ප්‍රධාන කතා නායිකාව ඔබ වන හෙයින් ‘ගරු කතානායකතුමිය’ යනුවෙන් ඇමතීමට අවසර දෙන්න.)

    ගරු කතානායකතුමියනි,
    නුදුරු අනාගතයේදී අප පුංචි පවුල, අප ඡන්ද කොට්ඨාශයේ ආශ්චර්යය බවට පත් කිරීමත්, මා සහ ඔබතුමිය විසින් කසාදයට පෙර සිටම සැලසුම් කල සහශ්‍රක සංවර්ධන අභියෝග ජය ගැනීමත් අරමුණු කොට මා විසින් සකස් කරන ලද 2011 අප පවුලේ අයවැය යෝජනා මාලාව මෙසේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරමි.

    ආදායම්
    සාමාන්‍ය ක්‍රමයට පටහැණිව යමින් 2011 වසරේ අප පවුලේ අය වැය පරතරය පළමුව ඉදිරිපත් කරමි.
    පවුලේ ආදායම් - සාමාන්‍ය වාතාවරණය තුල 2011 වසරේ අප පවුලේ මාසික ආදායම රු. 19500/- කට නොවැඩි විය හැකිය. එයින් නිවාස ණය වාරිකය රු. 6000/- ක්ද, මෙම වර්ෂයේ ලබාගත් පාරිභෝජන ණය වාරිකය රු. 2200/- ක්ද අඩුකල විට රු. 11300/- ක මුදලක් අතට ලැබෙනු ඇතැයි උපකල්පනය ‍කෙරේ.

    වියදම් - (පවත්නා උද්ධමන අනුපාතිකය මත මාසිකව)

    ආහාර පාන සඳහා (ලෙව කෑමට ප්‍රමාණවත් පරිදි) - රු. 8900/-

    කිරිපිටි (පොඩි එකාට පමණි) – 820/-

    සනීපාරක්ෂාව සහ රූපලාවණ්‍ය - 900/-

    සෞඛ්‍ය (ඔබතුමියගේ සහ දරුවාගේ පමණි) - රු 800/-

    බලශක්තිය (විදුලිය+භූමිතෙල්) - රු. 1100/-

    ජලය - රු. 600/-

    සන්නිවේදන (දුරකථන+අන්තර්ජාල) - රු. 1800/-

    ප්‍රවාහන (පෙට්‍රල්) – 3000/-

    ආරක්ෂාව (උපත් පාලන පෙති) - රු. 90/-

    සේවා ස්ථානයේ ටිකට් පොත්/යාචකයින්/සමිති සමාගම් - රු. 600/-

    මගුල් ගෙවල්/මළ ගෙවල්/දානෙ ගෙවල් සහ ඥාති/මිතුරන්ගේ අතුරු ආන්තරා - 2000/-

    අධ්‍යාපන (දරුවාගේ පමණි) - රු. 1500/-

    විනෝදාත්මක (ඩී.වී.ඩී ‍2 යි/ගල් බාගයයි/පොත් 1යි/සිරිකත
    පත්තර 4යි/බින්දු පත්තර 4යි) – 1320/-

    ඇඳුම් - අනපේක්ෂිතයි.

    වෙනත් අනපේක්ෂිත වියදම් (යතුරු පැදියේ පැච් යාම/ ඉන්ෂුවරන්ස් නැතිව පොලිසියෙන් ඇල්ලීම/ නිවසේ උපකරණ හානිවිම/ මහ මගදී දරුවා සෙල්ලම් බඩු ඉල්ලීම///... වැනි) - රු. 1500/-


    අපේක්ෂිත මුළු වියදම - රු. 24930/-

    එම නිසා ඉදිරි වර්ෂයේ සාමාන්‍ය මාසික අයවැය හිඟය - රු. 13630/-


    ගරු කතානායකතුමියනි,
    ඉදිරි වර්ෂයේ සෑම මාසයකම මෙම අයවැය හිඟය සීයට හැත්තෑවකින් හෙවත් රුපියල් 9541/- කින් අඩු කිරීමට සහ, අප පවුලේ ස්ථාවර භාවය ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් ආර්ථික ප්‍රතිසංස්කරණයන් යෝජනා කර සිටිමි.

    1. කිරිපිටි සීමා කෙරේ. මින්මතු ටී.වී එකේ පෙන්වන පරිදි පුරවා හැඳි දෙකක් දැමීම තහනම්ය. එමෙන්ම දැනට කරන ඉඳහිට හෝ මස් මාංශ අනුභවය නවතා දැමීමට යෝජනා කරමි.

    2. ඇඳුම් සේදීම අවම කිරීම සඳහා එක ඇඳුම අමාරුවෙන් හෝ දින තුනක් ඇඳිමට යෝජනා කරමි. ගෙදර සිටින විට හැකිතාක් ඇඳුම් අඩුවෙන් සිටීම උචිතයි. අපේ වැසිකිළියට යන්නේ අප පමණක් බැවින් වැසිකිළිය පවිත්‍ර කිරීමට අළු යොදා ගත හැකිය. ෆෙයානස් ක්‍රීම් වැද්ද නොගන්නා අතර දත් මදිනු ලබන්නේ දිනකට එක් වරක් පමණි.

    3. මින් මතු අසනීප වලදී ආණ්ඩුවේ ඩිස්පැන්සරියට යාමට හිත හදා ගන්නා මෙන් යෝජනා කරමි.

    4. බලශක්තිය පිරිමැසීම සඳහා සියළු කාමර වලට එළිය වැටෙන පරිදි එක් බල්බයක් වහල මුදුනේ එල්වනු ඇත.

    5. ජල භාවිතය අවම කෙරේ. නෑම සඳහා දින තුනකට වරක් ජලය සලාක ක්‍රමයට නිකුත් කෙරේ.

    6. මින් පසු එක එකාගේ මිස් කෝල් වලට කතා කිරීම තහනම්ය. අන්තර්ජාල භාවිතය සීමා කෙරේ. තෝරාගත් බ්ලොග් 10 ක් දිනපතා බැලීමට මා හට අවසර ඇති අතර මෙම බ්ලොගයට මාසිකව දාන පෝස්ට් ගණන දෙකකට සීමා කෙරේ.

    7. පුෂ් බයිසිකලය නැවත භාවිතා කිරීමේ හැකියාව සොයා බැලේ.

    8. ආරක්ෂක වියදම් ඉහල නැංවිමට යෝජනා කරමි. මේ තත්වයේ හැටියට වැරදිලාවත් තවත් එකෙකු බඩට ආවොත් වහකන්ඩ වෙන බැවින් පෙති අවසන්ව ඇති හදිසි අවස්ථාවලදී ප්‍රයෝජනයට ගැනීම පිණිස කොණ්ඩෝම සංචිතයක් පවත්වා ගැනීම පිණිස රු 100/- ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

    9. නිවසේ ඉදිරි පස දොර වසා තැබීමට යෝජනා කරමි. එයින් අනවශ්‍ය යාචකයන් හා පිංපත්තර කරුවන් වාරණය කෙරේ.

    10. දුරකථනය නිතර විසන්ධි කොට තබනු ලැබේ. එමගින් ඥ‍ාති මිත්‍රයන්ගේ හදිසි චාටර් වලට කර උර දීම අවම වේ. එමෙන්ම ඔවුන් අතේ දුරින් තබා ගැනීමද වැදගත්ය.

    11. විනෝදාත්මක පිරිවැය සම්පූර්ණයෙන් කපා දමනු ලැබේ. මුදල් වියදම් වන ‘මත’ට තිත තබන අතර නිකන් ලැබෙන ‘මත’ සුළු පමණ අකැප නොවේ. විනෝදය පිණිස අයි.ටී.එන් නිව්ස්, ලයිව් ඇට් එයිට්, ඉරා අඳුරු පට වැනි විනෝදාත්මක වැඩසටහන් වලට හුරු විය යුතු අතර පබළු/අමන්දා වැනි ටෙලි නාට්‍ය කෙරෙහි ඇති අපුල ඉවත් කර ගැනේ. දරුවාට කුරුම්බැට්ටි වලින් කරන සෙල්ලම් ඉගැන්වීමට යෝජනා කරමි.

    ගරු කතානායකතුමියනි,
    ඉහත ප්‍රතිසංස්කරණ මගින් අප පවුලේ අය වැය පරතරය ඉලක්ක කල පරිදි පහත හෙළිය හැකි වනු ඇත. එහෙත් ඉදිරියේදී ඇතිවිය හැකි ආශ්චර්යමත් හදිසි උද්ධමන තත්වයන්හිදී මෙම ක්‍රියාමාර්ග සාර්ථකත්වයක් නොපෙන්වන්නේ නම් ගත හැකි හදිසි ආරක්ෂණ පියවරක් ඇති අතර, ඒ සඳහා පෙර සූදානමක් ලෙස නිකම් ඉන්නා වේලාවට ඔබගේ ශරීරයට කම්බි ඇණ, ඇල්පෙනෙති ආදීය ඇතුලත් කරගැනීමෙන් අදාල වෘත්තීය සුදුසුකම් ලබාගැනීමට කටයුතු කරන මෙන් ඉල්ලමි.

    ගරු කතානායකතුමියනි,
    ඇත්ත වශයෙන්ම අපගේ සහශ්‍රක සංවර්ධන අභියෝග සහ ආශ්චර්යමත් පුංචි පවුල වැනි අනගි සංකල්ප මෙම අයවැය යෝජනාවලිය සකස් කිරීමේදී අමතක කොට නැත. 2012 වසරේදී එම ඉලක්ක සපුරා ගැනීම උදෙසා, 2011 වසරේදී පණ ගැට ගසා ගැනීම පමණක් මෙම යෝජනාවලියේ අරමුණ වන්නේය.

    අපිට සුනබ අනාගතයක්!

    ප/ලි - සෝපොත්තා වගේ ඉන්න දරුවාට ඉඳ හිට හෝ චීස් කෑල්ලක් දෙකක් දීම පිළිබඳව ඔබ මෙයට පෙරද මා සමඟ සාකච්ඡා කර ඇත. එහෙත් ඒ සඳහා ඉහත වැය ශීර්ෂයන්ගෙන් කපා දැමීමට ඉතිරිව ඇත්තේ ආරක්ෂක වියදම් පමණි. දරුවාගේ පෝෂණය ගැන සිතා ඔය කාර්යය සදහටම නවත්වා දැමීමට අපට හිත හදා ගත හැකිනම්, රජය බලාපොරොත්තු වන ආකාරයටම නිරෝගී පුෂ්ඨිමත් දරුවෙකු සමාජයට දායාද කිරීමට අප දෙදෙනාටම හැකි වනු ඇත.:lol::lol:

    reargate.blogspot.com:D:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: paralk and XibitZ
    Nov 24, 2014
    789
    64
    0
    වේදනාවේ උපරිම සලකුනු.

    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    10410111_1570532219845257_3505196919236634686_n.jpg
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    දෙන්නම් මං අද මෛත්‍රිට... තිස්සට යවනව සල්ලි ටික...
    ලස්සන පාටට පේන්නට...
    කටවුට් ගහනව මඟදිගට..
    කටවුට් මදි පෝස්ටරුත් ගහනවා.
    තෙල් මිල හතකින් අඩු කරලා...
    විදුලි බිලත් පහලට දාලා.. යුද්දෙ දිනව්වෙත් මං කියලා..
    (ගසාකාපු ඒවත් කියලා..)

    නෑ..!
    ඈ..!!!. ආහ්, නැද්ද..?

    බජට්එකෙන් ටිකකුත් දාලා...
    බයික් එකක් පනහට දීලා..
    සමහරුන්ට දෙදහක් දීලා...
    කියනව හොඳටම රසකරලා.. එක්කො දෙදාස්පන්සීයක් ම දෙනව...
    ජනතාවට යවනව කැරට් ටික...
    ලස්සන පාටට කියන්නට රදලිය දානව විමසුමට..
    (විමල්වත් දානව නේද..?) නෑ...!
    ඈ...! නැද්ද..? හ්ම්ම්ම්...

    විදුලි පුටුවකුයි කුමණ්ත්‍රනයි...
    වඩාගන්න තව පොඩිඑකෙකුයි..
    බය වෙන්නට කොටි ත්‍රස්තයෙකුයි..
    නෑ නෑ බොරු කොමිෂන් 3 කුයි..
    වැඩී වැඩී 1 ක් හොදටෝම ඇති..

    හයි වේ දෙක තුනකුත් හදලා...
    කාපට් දානව ගස් කපලා...
    හොද හැටි පදමට රට කාලා ...
    (හොර වහන්න කියනව බයිලා)..
    නෑ... ආ.. කියනවා නේන්නම්.. (ඒ පාරනම් යන්තම් හරි ගියා)

    ගත්තේ ණය ටික අපි දෙන්නයි.. අහුවෙන්නේ අර ජනතාවයි.. සංවර්ධනෙ වැඩ මග නවතියි.. රටේ උන්ව දැන් චීන්නු කයි... සා... රී.. ගා......ආ... ස නි ධ ප ම ග රි සා..... (ඕ යේ.....)
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,672
    5,515
    113
    ඔන්න ඔකයි අන්තිමට මහින්දට උනේ තුන්පාරක් කන්ඩ ගිහිල්ලා,මිනිස්සු රජ වෙනව බලු වෙනවා, කර්මය.....