ගරු පොලිස්පති තුමනි

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ගරු පොලිස්පති තුමනි

    ලංකාවේ නමගිය සොරෙකු අත්අඩංගුවට ගන්නට පොලීසිය පසුගිය දිනවල උත්සාහ දරමින් සිටියේය. කෙසේ හෝ සැකකරුට මේ බව දැනගන්නට ලැබුණු අතර, පොලිස් අත්අඩංගුවට පත්වුවහොත් කුමකින් කුමක් සිදුවේ දැයි බියෙන් සිටි ඔහු අවසානයේ පොලීසියෙන් තමන්ගේ ජීවිතය බේරාගැනීම සඳහා පොලිස්පති තුමාගේ පිහිට පතන්නට තීරණය කළේය. පොලිස් පති තුමාට ලිපියක් ලියූ ඔහු, තමන්ගේ ජීවිතය අනතුරට ලක්වී ඇති බවත් තම ජීවිතය ආරක්ෂා කිරීම සඳහා කිසියම් පියවරක් ගන්නා ලෙසත් පොලිස්පති තුමාගෙන් ඉල්ලා සිටි බව දැනගන්නට තිබේ. පහත දැක්වෙන්නේ ඔහුගේ ලිපියෙන් උපුටාගත් කොටසකි.

    ගරු පොලිස්පති තුමනි,

    මා අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව මා හට දැනගන්නට ලැබී තිබේ. පොලීසියේ අත්අඩංගුවට පත්වන පුද්ගලයන්ට මේ දිනවල අත්වෙමින් පවතින ඉරණම ඔබතුමා දන්නේ යැයි සිතමි. එබැවින් මා අත්අඩංගුවට ගතහොත් අනිවාර්යයෙන්ම මාගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකි බව මම දැඩි සේ විශ්වාස කරමි. ඒ අනුව යම් හෙයකින් මා අත්අඩංගුවට පත් වුවහොත් මාගේ ජීවිතාරක්ෂාව සඳහා පහත දැක්වෙන පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් ගෞරවයෙන් ආයාචනා කර සිටිමි.

    1. මා ලංකාවේ කිසිදු ස්ථානයක අවිආයුධ සඟවා නොමැත. එබැවින් සඟවා ඇති ආයුධ සෙවීම සඳහා පොලිස් ස්ථානයෙන් බැහැරට මා ගෙනයෑමෙන් වලකින්න.


    2. මා හට පිහිණීමට නොහැකිය. එබැවින් අත්අඩංගුවට ගත් පසු කරුණාකර ජලාශ වලට හෝ ගංගා අංසලට මා ගෙනයාමෙන් වලකින්න.


    3. මා අත්අඩංගුවට ගතහොත් කරුණාකර මාගේ අත් පිටුපසට කර මාංචු දමන ලෙසට පොලීසියට නියෝග කරන ලෙස ඉල්ලා සිටිමි. පොලීසියේ ආයුධ පැහැරගැනීමට හෝ නිළධාරීන්ට පහර දීමට මාගේ කිසිදු අදහසක් නොමැති බව ද දන්වා සිටිමි.


    4. මා අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේදී පැනයාමට මාගේ කිසිදු අදහසක් නොමැති බව දන්වා සිටිමි. එබැවින් පොලිස් ජීප් රථයට නැංවීමෙන් පසුව මාගේ අත් පා බැඳ දමා එම රථය තුළ තදින් ගැටගසන ලෙසට පොලිස් නිළධාරීන්ට උපදෙස් ලබා දෙන්න.


    5. තවද, පොලිස් සිර කූඩුවේදී සියදිවි නසාගැනීමට මාගේ කිසිදු අදහසක් නොමැත. එබැවින් ඒ සඳහා ආධාර විය හැකි ලණු හෝ රෙදිපටි වැනි කිසිදු දෙයක් මා රඳවන සිර මැදිරියේ නොතබන ලෙසට පොලිස් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන්න.


    6. මා හට හෘදයාබාධ හෝ වෙනත් කිසිදු රෝගී තත්වයක් නොමැත. එබැවින් සිරමැදිරිය තුළදී මා රෝගාබාධයකින් මිය යෑමට කිසිදු හේතුවක් නොමැති බව ද දන්වා සිටිමි.

    ඉහත සඳහන් කාරණා වලට පටහැනිව කටයුතු කිරීමෙන් මාගේ ජීවිතය අනතුරට පත් වුවහොත් ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම ඔබතුමා සතු වන බව ද ගෞරවයෙන් දන්වා සිටිමි.

    ස්තුතියි,
    මෙයට ඔබේ විශ්වාසී,
    ...........................
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    timthumb.php
    :lol::lol::lol:

    rep 3+
     
    • Like
    Reactions: Jack_Sparrow

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    කොහොමත් ඔය කාලකන්නි නම් මරල දාන එකම තමා හොද නැත්නන් එලියෙ ඉන්න කාලේ මිනිස්සුන්ට අපරාද / කප්පන් අරන් හිරේ ගිහිල්ල ඒ මිනිසුන්ගෙ සල්ලි වලින්ම නිකන් කකා බිබී ඉන්නව ඊට පස්සෙ ඉති ආපහු එලියට ඇවිල්ලත් කරන්න ඕකම නෙ
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    කොහොමත් ඔය කාලකන්නි නම් මරල දාන එකම තමා හොද නැත්නන් එලියෙ ඉන්න කාලේ මිනිස්සුන්ට අපරාද / කප්පන් අරන් හිරේ ගිහිල්ල ඒ මිනිසුන්ගෙ සල්ලි වලින්ම නිකන් කකා බිබී ඉන්නව ඊට පස්සෙ ඉති ආපහු එලියට ඇවිල්ලත් කරන්න ඕකම නෙ

    mamath ohoma kalayak hithan hitiya.eth me lagadi kottawe palathuru kadayak karagena hitiya mage yaluwekta kottawe policiye ewun gahala maruna.eth marana sahathike thiyenne heart attack kiyala.sirase news walata dawas ganak pennuwa.awasan katayuthu dawase yaluwage thattata court order ekak awa kalabala kaloth arrest karanawa kiyala.policiye inna samahara kalakanni unge waradi wahagannath oka yodaganna eka thama waradi