ගලගොඩඅත්තේ ඥානසාර පිස්සූන් වහන්සේ ලංකාව&
ගලගොඩඅත්තේ ඥානසාර පිස්සූන් වහන්සේ ලංකාවෙන් ජපානයට අලුගුත්ථෙරවාදය රැගෙන ගිය වගයි..!
(ලංකා ඊ නිව්ස් -2016.අප්‍රේල්.06, පෙ.ව.6.05) ථෙරවාදී බුද්ධාගම ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට ගෙන ආවා සේ ගලගොඩඅත්තේ ඥානසාර තම අලුගුත්ථෙරවාදී අබ සරණ ආගම ලංකාවෙන් ජපානයට එක්ස්පෝට් කර තිබේ.
ඥානසාරගේ අලුගුත්ථෙරවාදයේදී සිවුරු දරමින් මත්පැන් බී වාහන එළවා පුද්ගලයන්ට අනතුරු කිරීම, ඒ ගැන අධිකරණයේදී වරද පිලිගෙන දඩ ගෙවීම, අන් අඹුවන් සහකාරයට ගැනීම, අන් ආගමික ස්ථාන වලට කඩා පැන ඒවා කුඩු කිරීම, අන් ආගමිකයන්ගේ ව්‍යාපාරික ස්ථානවලට කඩා පැන විනාශ කිරීම, අන් ආගමිකයන්ට ප්‍රසිද්ධියේ නින්දා අපහාස කිරීම, අන් ආගමිකයන්ට පමණක් නොව තමන්ට විරුද්ධ තමන්ගේ භික්ෂුන්ට ප්‍රසිද්ධියේ කුණුහරුපෙන් බැන වැදී පහර දීමට තැත් කිරීම, පොලිසියට කුණු හරුපෙන් බැන වැදීම, තුන් සරණය වෙනුවට අබ සරණ දේශනා කිරීම, සාමකාමී රැස්වීම් වලට කඩා පැන ගුටිකෑම, අධිකරණයට කඩා පැන කාන්තාවන්ට තර්ජනය කිරීම, අධිකරණයට අපහාස කිරීම ආදී කප්පරක් දේ ඇතුලත් වන අතර මේවායින් කිහිපයක් සඳහා අධිකරණයෙන් දඬුවම් දුන්නද ලංකාවේ සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමි ඥානසාරගේ එවැනි නරුම ක්‍රියා බුද්ධාගමේ ආරක්ෂාවට කරන ලද ක්‍රියා ලෙස උත්කර්ෂයට නැංවීම හේතුවෙන් බෞද්ධයන්ට කණගාටුවට කාරණයක් වුවද ඥානසාරගේ අලුගුත්ථෙරවාදය යථාර්ථයක් වී තිබේ.
දැන් මේ අලුගුත්ථෙරවාදය ලංකාවේ පමණක් තිබීමෙන් ගානක් කපා ගත නොහැකි නිසා ඥානසාර විසින් පසුගිය ඉරිදා එය ජපානයට එක්ස්පෝට් කරන ලද බව ලංකා ඊ නිව්ස් ජපාන වාර්තා කරුවෝ පවසති.
සිද්ධිය සැකැවින් මෙසේය.
කාලයක් පුරා ජපානයේ පිහිටි ලංකාවේ පන්සලක් නම් බානගල උපතිස්ස හිමියන්ගේ ලංකාජී විහාරයයි. එය පිහිටියේ සවරා නම් ප්‍රදේශයේ ය. එහි විසූ තුන්හිටියාවේ ධම්මාලෝක නම් එක්තරා කපටි ශ්‍රමණයෙක් එහි දායක සභාවේ දායකයන් බානගල හිමි කෙරේ භේද බින්න කොට එම දායකයන්ගේ උදව්වෙන් තවත් පන්සලක් ආරම්භ කෙළේය. ඒ මීට වසර 5 කට පමණ පෙරය. එය ඉබරාකිහි සුකුබා පළාතේ පිහිටුවා ගත් අතර නමින් ශ්‍රී සම්බුද්ධාලෝක විහාරය නම් විය. ඉතා ධනවත් ව්‍යාපාරිකයන් අල්ලා ගත් තුන්හිටියාවේ කපටි ශ්‍රමණයා මහත් වූ ධනය එක් රැස් කරමින් දායක සභාවේ ධනවතුන් අන්දවමින් ක්‍රියා කෙලෙන් කෙටි කාලයක් තුල එම පන්සල වැඩි දියුණු විය. එනිසාම ජපාන ශ්‍රී ලාංකිකයන් හැඳින්වූයේ එය බිස්නස් කාරයන්ගේ පන්සල යනුවෙනි. විශාල පිළිමයක් ගොඩ නැගූ ව්‍යාපාරිකයෝ වලාකුළු බැම්මක්ද, ඝණ්ඨාර කුළුනක් ද, සුව පහසු විහාර ගෙයක්ද, බණ මඩුවක්ද ගොඩ නැගූහ. අවසානයේ මේ සියල්ල තමන්ගේ වැඩ මිස ඒ සඳහා දායක වූ කිසිදු දානපතියෙකුගේ නමක් ගමක් සඳහන් නොකිරීම හේතුවෙන් දානපති දායක සභාවේ නොසන්සුන්තාවයක් තුන්හිටියාවේ ගල් ආඳා කෙරෙහි අනුක්රමයෙන් ගොඩ නැගුනාහ.
දායක සභාවේ යම් යම් පිරිස් වල විරෝධතාවය නොතකා ජාතිවාදී උම්මතකයෙක් වූ ගලගොඩඅත්තේ ඥානසාර එහි පැමිණෙනන්නේ ඒ අතර වාරයේ ය. ලංකාවේ ආණ්ඩු වෙනසත් සමග තමන්ට හානි වෙතැයි සිතූ ඥානසාර නිතර නිතර තුන්හිටියාවේ උන්දෑ මුණ ගැසෙන්නට ජපානයට ගියේ වැඩි ආරක්ෂාව පතා ය.
පසුගිය ඉරිදා සම්බුද්ධාලෝක විහාරයේ දායක සභාව රැස් වූයේ තුන්හිටියාවේ කෙරෙහි පවත්නා ගැටලු නිරාකරණය කර ගැනීමටත් ජපානයේ අනෙක් පළාත් වලට දායක සභාවේ සංවිධායකයින් පත් කර ගැනීමටත් ය. දායකයෝ 100 - 150 ක් පමණ පිරිසක් රැස්ව සිටියහ.
සිදු වූයේ කිසිවෙක් නොසිතූ දෙයකි. සම්බුද්ධාලෝක විහාරයේ උන්දෑ වෙනුවට ආවේ ඒ පන්සලට කිසිදු සම්බන්ධයක් නැති ගලගොඩ අත්තේ ඥානසාර ය. තුන්හිටියාවේ ධම්මාලෝක පසෙක නිහඩව සිටියදී සභාව මෙහෙයැවීම අතට ගත්තේ කොහේවත් නැති ඥානසාර ය.
ඔහු ආවේම දායක සභාවේ පිරිසට තර්ජනය කරමිනි. “අයිෆෝන් කැමරා ටැබ් ආදිය තිබෙනවා නම් ඕෆ් කර ගන්නවා. රෙකෝඩ් කරලා තිබුනොත් මං නරක මිනිහා යැයි කියන්න එපා“ යැයි තර්ජනය කළෙන් දායක සභාව විපිළිසර විය. ඥානසාර සමග ජපානයේ වෙසෙන ලාංකික මැරයෙක් වන ‘පූපා‘ නමැත්තා සහ සහචරයන් කිහිප දෙනෙකු ද ඥානසාර සමග වූහ.
ඥානසාර නමැති පිස්සූන් වහන්සේගේ අලුගුත්ථෙරවාදය දේශනා කෙළේ ඉන් පසුව ය.
දායක සභා වලින් පන්සල්වලට වැඩක් නැති බවත් පන්සල් විනාශ කරන්නේ දායක සභා බවත් පැවසූ ඥානසාර, ගිහියන් කියන විදිහට හාමුදුරුවරුන් කටයුතු නොකළ යුතු අතර හාමුදුරුවන් කියන විදිහට දායකයන් වැඩ කළ යුතු යයි කීවේය. දායකයන් නිසා හාමුදුරුවරුන්ගේ privacy නැති වන බවද ඥානසාර දේශනා කළේය. සභාවේ සිටි අය ප්‍රශ්න කිරීම සිදුකළ සැනින් ඥානසාර සමග සිටි මැරයන් ඔවුනට තර්ජනය කෙළේ කට පියා ගන්නා ලෙස කියමිනි. පිට එකා නොව තම පන්සලේ උන්දෑ ගේ මතය කුමක්දැයි විමසූ විට තුන්හිටියාවේ උන්දෑ ද ඥානසාරගේ මතය පිලිගන්නා බව කීවෙන් දායක සභාව තීන්දු කෙළේ තම දායකත්වය අත්හිටුවා දායක සභාව විසිරුවා හැරීමට ය. ඒ අතර වාරයේදී පසුපස සිටි අයෙක් මෙය වීඩියෝ කරනවා දුටු ඥානසාර ‘අල්ලාපල්ලා ඌව‘ යැයි කෑ ගැසුවේය. ඥානසාරගේ මැරයන් පුද්ගලයා අල්ලා ගන්න දිව ගිය අතර එකී පුද්ගලයා දුව ගොස් සැඟවුනෙන් සොයා ගන්නට නොහැකි විය. දැඩි කනස්සල්ලට පත් දායක සභාව යලි ජීවිතයට සම්බුද්ධාලෝක විහාරයේ පස් නොපාගන්නේයැයි කියමින් විසිර ගියහ.
ඥානසාරගේ අලුගුත්ථෙරවාදී අබ සරණ ආගම ජපානය කරා ව්‍යාප්ත වූයේ ඒ ආකාරයෙන් බව දිනෙක ඉතිහාසයේ සඳහන් වනු ඇත.
අපගේ ජීවිතකාලය තුලදී ථෙරවාදී බුද්ධාගම ගිලගනිමින් ඥානසාරගේ අලුගුත්ථෙරවාදය නැගී සිටිනු දැකිය හැකි විය. අපගේ දරුවන්ගේ ජීවිත කාලය අවසන් වෙද්දී ඔවුනගේ පාංශුකූලය දෙන්නටවත් ථෙරවාදී භික්ෂුවක් සොයා ගැනීමට නොහැකි වන අතර සියලු දෙනා අලුගුත්ථෙරවාදී පිස්සූන් වහන්සේලා බවට පත්ව සිටිනු නිසැක ය.
එදිනට කිසියම් හෝ බුද්ධිමත් අයෙක් වේ නම් ලංකාවේ ථෙරවාදී බුද්ධාගමට වින කැටුවේ ඥානසාරලා වැනි පිස්සූන් වහන්සේලා පිස්සු කෙලිද්දී ඔවුන් ආරක්ෂා කළ අද සිටින මහා නායක හිමිවරුන් බව ලියා තබනු ස්ථිර ය.
(සුකුබාහි ශ්‍රී සම්බුද්ධාලෝක විහාරයේ පිළිම වහන්සේ ගේ පාට ගාන ඥානසාර සේයාරුවේ දැක්වේ)