ගලගොඩ අත්තේ ඥාණසාරයන්ට මුස්ලිම් මාගෙන් ආ
ගලගොඩ අත්තේ ඥාණසාරයන්ට මුස්ලිම් මාගෙන්
ආයාචනාවක්...
- ජෙම් සලීම් විසිනි
අද ලංකාවේ භික්ෂූන්ට තම නියම වගකීම් අමතක වී ගොසින් යැයි මට විටෙක සිතේ.
නැත්නම් එම වගකීම් ඉටු කිරීමට තමන්ට නොහැක යැයි ඔවුන් සිතති. එසේත් නැත්නම්
මිනිසුන් නිසි මග පත් කරවන තරම් යහපත් දෙසුම් බුද්ධාගමේ නැත. මෙයින් කුමන
කාරනාව නිවැරදිද යැයි බුද්ධ දර්ශනය ගැන ගැඹුරින් නොදන්නා මම සත්තකින්ම නොදනිමි.
නමුත් මින් එකක් හෝ දෙකක් හෝ නැත්නම් සියල්ල නිවැරදි විය යුතුය.
බහුතරයක් සිංහළ බෞද්ධයන් වාසය කරන ශ්‍රී ලංකාව දිනෙන් දින සදාචාරයෙන් පිරිහෙමින්
පවතින්නේ මේ නිසාය යැයි මට සිතේ.
මෙම කුඩා ධර්ම දූපත බේබදු කමින් අද ලොව සිව්වන ස්ථානයට පත්ව ඇත. සුරාවෙහි
සූදුවෙහි ප්‍රතිවිපාක ගැන දෙසන බුදු දහම අදහන්නන් සැලකිය යුතු ලෙසින් නොමැති
ඇමරිකාව, මහ බි්‍රතාන්‍යය, ඉතාලිය, ජර්මනිය, ප්‍රංශය, ස්පාඥ්ඥය, කැනඩාව, නෙදර්ලන්තය,
ඩෙන්මාර්කය වැනි අබෞද්ධ රටවල් අතර බේබදු කමින් ලංකාව ඉහළ තැනක වැජඹීම ගැන
මෙහි සිටින සංඝයා සංවේගයට පත් නොවන්නේද? මා මෙසේ පවසන්නේ හලාල් ගැන හෝ
හිජාබ් ගැන කථා කරන හා ඒවා වෙනුවෙන් ප්‍රචණ්ඩ උද්ඝෝෂණ පවත්වන භික්ෂූන් මෙය
ගැන වචනයක් හෝ සඳහන් කරනු මා ඇසූවේ හෝ දුටුවේ නැති හෙයිනි.
තවද බෞද්ධයන් බහුතරයක් වන මෙම කුඩා රටෙහි එක් දිනකට සදුි වන සත් ී්‍ර දූෂණ සංඛාව
5 හක් යැයි ගණන් බලා ඇත. පියවරුන් දියණියන් දූෂණය කිරීම, ගුරුන් සිසුවියන් කෙළසීම,
වෙදුන් තමන් වෙත පැමිණෙන රෝගී කාන්තාවන් පමණක් නොව ගැබිණියන්ට පවා අතවර
කිරීම්, මිනිමැරීම්, සොරකම්, මං කොල්ල කෑම්, අල්ලස් දූෂණ යනාදිය දිනපතා පුවත් පත්වල
වාර්තා වේ. හෙළිදරව් වන සහ වාර්තා වන අපරාධ සංඛ්‍යාවට වඩා වාර්තා නොවන
සංඛාව වැඩි බවට තර්කයක් තිබිය නොහැක. අද මව්වරු මැද පෙරදිග රැකියාවලට යන්නට
දෙවරක් සිතන්නේ එහි සිදු වන ඛෙලි කැපීම්වලට වඩා සිය බේබදු සැමියා භාරයේ තරුණ
දියණිය තනි කර දමා යන්නේ කෙසේද යන චකිතය නිසාම යැයි මා සිතමි.
යම් ජනකොටසක් සදාචාරයෙන් පිරිහෙන විට එම ජනකොටස එයින් මුදා යහපත් දෙසුම්
මගින් ඔවුන් නිසි මග පත් කිරීම ඒ ජනකොටසේ ආගමික නායකයන් සතු වගකීමකි. ඔවුන්ට
ගරුබුහුමන් දෙමින්, යාන වාහන දෙමින්, නම්බු නාම දෙමින්, අමාත්‍යාංශ පිහිටුවමින් ඔවුන්ව
නඩත්තු කරන්නේ මෙම භාරදූර අධ්‍යාත්මික අවශ්‍යතාවය ඔවුන් ඉටු කරනු ඇතය යන
අපේකෂාව මතය. නමුත් අද සිංහළ බෞද්ධයා වැටී සිටින තත්ත්වය බලන කල එවන් මග
පෙන්වීමක් සාසනය ආරකෂා කිරීමට සිටින මුරදේවතාවුන් වන් සංඝයාගෙන් සිදු නොවන බව
පැහැදිලිවම කිව හැකිය. විටින් විට තමන් හමුවන්නට පැමිණෙන රටේ නායකයන් හා මැති
ඇමතිවරුන්ගෙන් අටපිරිකර හා තෑගි භෝග ලබා ගෙන ඔවුන්ට පිරිත් නූල් බෑඳීම පමණක්
සිය වගකීම් යැයි මෙරටේ සංඝ රත්නය සිතනවාවත්ද?.
ඒ අතින් මුස්ලිම් ආගමික නායකයින් පමණක් නොව සාමාන්‍ය මුස්ලිම්වරුන්ද කැපවීමෙන්
කි්‍රයා කරමින් සිටිති. ආගමානුකූලව ජීවත් වීමේ උනන්දුව මුස්ලිම් ජනකොටස අතර වැඩි
වෙමින් පවතින්නේ එම වෑයම්වල ප්‍රතිඵලයක් ලෙසිනි. මුස්ලිම් තරුණ තරුණියන් අද වැඩි
වැඩියෙන් ආචාරශීලී ගතිපැවතුම්වලට නැඹුරුව ජීවත් වනු දැකිය හැකි වී තිඛෙන්නේ මුස්ලිම්
ආගමික නායකයන් මෙන්ම ගෘහ මූලිකයන් හා ජමියතුල් උලමා වැනි ආයතන ඔවුන්ට හිමි
වගකීම -සාපේකෂව ගත් කළ ඔවුන්ට මේ සඳහා ඇති රාජ්‍ය අනුග්‍රහය සහ වරප්‍රසාද ඉතා
අඩු වුවද- නිසි ලෙසින් ඉටු කරමින් සිටින හෙයිනි.
නමුත් බෞද්ධ සිංහළ ආගමික නායකයන්ගෙන් මෙවන් සේවයක් ඉටු වනවාද?
ඉටු වන්නේ නැති බවට වාර්තා වෙමින් පවතින පුවත් සහ වැඩි වෙමින් පවතින අපරාධ
සංඛ්‍යාවම දෙස් දෙයි.
එය වෙනුවට එම බෞද්ධ භික්ෂූන්ගෙන් ඇතැමුන් ඉස්ලාම් ධර්මයේ නීති රීති ගැන වැරදි
විග්‍රහ දක්වන්නටත් එහි ඇති යහපත් සියලූ කරුණුවලට යකෂ මුහුණු ආදේශ කරන්නටත්
පටන් ගෙන ඇත්තේ තමන්ගේ පරාජිත ආගමික වගකීමේ නිරුවත වසන් කරන්නටමය.
පසුගිය දිනෙක බසයක අසුනක වාඩි වී සිටි වයස පනහක් ඉක්මවූ මගියෙකු අසලින් කොටට
කොටේ ගවුමක් ඇඳගත් නාඹර තරුණියක් සිය කලව පෙදෙස මනාව ප්‍රදර්ශනය කරගෙන
සිටිමින් ඔහුගේ සිතට කරදර දී ඇත. පසුව එතෙක් තමන්ගේ පාඩුවේ සිටි එම මගියා සෙමින්
සිය ජංගම දුරකතය එළියට ගෙන ඇයගේ කලව ප්‍රදේශය වීඩියෝ කර ඇති අතර එය දුටු
තරුණයන් කිහිප දෙනෙකු ඔහුව අල්ලා හොඳට තඩි බා බසයෙන් එළියට දමා ඇත.
ඇත්තෙන්ම වරද එම මගියා අත පමණක්ද?
එලෙසින් අඟ පසඟ පෙනෙන්නට අඩ නිරුවතින් පාරේ යන එන, බස්වල දුම්රියවල
කාර්යාලව තලතුනා වයෝවෘධ පිරිමින් පවා වරදට පොළඹවන අකාරයෙන් සහ දූෂණ
අපරාධ ඉහළ යන ආකාරයෙන් වශ්ත්‍ර (නො)අඳින සිංහළ තරුණියන් හෝ මැදිවියේ ස්ත්‍රීන්
ගැන නොව, සංවර බව දෙසිය යුතු මෙම බුද්ධ පුත්‍රයන් අද රට පුරා කථීකා ගොඩනගන්නේ
මනා හික්මීමෙන් යුතුව සිය සිරුර මුලූමනින්ම වසා ගන්නා මුස්ලිම් කාන්තාව ගැනය.
මුස්ලිම් නාමය ඇති සෑම දෙයක්ම මෙම භික්ෂූන්ට වැරදිය. ඔවුන් පවසන අන්දමට සිරුර
වසා වශ්ත්‍ර අඳින මුස්ලිම් කාන්තාවන් ගෝනි බිල්ලන්ය. ඔවුන් බෝම්භ ගෙන ආ හැකිය
(යුද්ධය අවසන් නේද?). ආගමානුකූල බවේ හා තැන්පත් බවේ සංඛේතයක් වන යටි රැවුල
සහිතව සිටින මුස්ලිම් පිරිමින් දකින විට ඔවුන්ට බියක් ඇති වේ. (එසේ නම් ජේසුස් තුමන්
පටන් කෙහෙළිය රඹුක්වැල්ල දක්වාද කිවිඳු අලගියවන්න මුකවැටිතුමා පටන් මහා දාර්ශනික
සොක්‍රටීස් දක්වාද වන ප්‍රකට අය මොවුන් බිය ගන්වන චරිතයන්ය) පල්ලියට මුස්ලිම්වරුන්
රැස්වන්නේ කුමන්ත්‍රණ කරන්නටය. හලාල් යනු සිංහළ ව්‍යාපාරිකයන්ගේ වෙළෙඳාම
තඩාකප්පල් කරන ජාත්‍යන්තර ඉස්ලාමීය කුමන්තණයකි. එහි ආදායම යන්නේ ත්‍රස්තවාදය
සඳහාය. ළමුන්ට ආගමික අධ්‍යාපනය ලබා දෙන අරාබි පාසැල් ත්‍රස්තාවාදීන් පුහුණු කරන
රහස් කඳවුරුය. වෙනෙකක් තබා මුස්ලිම් පවුල්වල දරුවන් වැඩියෙන් ඉපදීමද ජත්‍යන්තර
මට්ටමින් සිදු කෙරෙමින් පවතින මහා පරිමාණයේ දැවැන්ත ඉස්ලාමීය කුමන්ත්‍රණයකි (අනේ
දෙවියනේ මෙය කාට කියම්ද?) තවත් නරුම චෝදනා ගනනාවකින් එකක් නම් ඇතැම්
මුස්ලිම් ව්‍යාපාර ස්ථානවල අලෙවි කරන යට ඇඳුම් ඒවා පළඳින කාන්තාවන්ව වඳ බව
ඇති කරනවා පමණක් නොව එවැනි ස්ථානවල සුහදශීලීව දෙන ටොෆිය පවා එම කූට යටි
අදහසින්ම දෙනු ලබන ඉනාවකි.
මෙලෙසින් ඔවුන්ට මුස්ලිම්වරුන්ගේ යහපත් කිසිවක යහපත නොපෙනේ. සිංහළයන්ගේ කිසිදු
අයහපතක බැරෑරුම් බවද නොපෙනේ. මෙය නම් රටේ සැබෑ කරුමයකි.
පුද භූමියක් යැයි ලාංකික බෞද්ධයන් විසින්ම ප්‍රකාශ (?) කර ඇති දඹුල්ල වැනි නගරයක
තිඛෙන මුස්ලිම් පල්ලිය බෞද්ධයන්ට පිළිලයකි. එයට විරුද්ධව සිවුර කඩා වැටෙනු
නොහැෙඟන ආකාරයට ඇතැම් හැඩි දැඩි බෞද්ධ භික්ෂුන් මැරයන් මෙන් උඩ පැන නැටූ
ආකාරය මුළු ලොවම දුටුවේය. සැබෑ බෞද්ධයන් හා භික්ෂූන් මෙය දැක
ලැජ්ජාවට පත් වූවාට සැකයක් නැත. නමුත් අපට පෙනෙන ආකාරයට එයටත් වඩා
වැදගත්කමින් දළදා මාළිගාව ඉහළය. ඉපැරණිය. වැදගත්ය. නමුත් එහි ප්‍රධාන දොරටුව
ඉදිරියේ ඇති හෝටලයේ තැබෑරුමක් ඇත. දළදා මාළිගාව අවට තැබෑරුම් නවයක් ඇත.
දළදාව පිහිටි මහනුවර තිඛෙන තැබෑරුම් සංඛ්‍යාව 45 කි. ඒවා වෙනුවෙන් සිවුර කඩා
හැලෙන විරෝධතා කිසිවක් නැත. පුදුමයකි.
සිංහළයා මාළු අනුභව කරන නිසා එහි නම ධීවර කර්මාන්තයයි. නැත්නම් ධීවර ගම්මානයයි.
ටින් මාළු ව්‍යාපෘතියයි. කුකුල් මස් ඔවුන් අනුභව කරන නිසා ඒවා ඇති කරන තැන්වලට
කියන්නේ කුකුල් ගොවි පළවල් කියායි. නැත්නම් පශ= සම්පත කියායි. එනමුන් මුස්ලිම්වරුන්
වැඩියෙන් ගවමස් අනුභව කරන නිසා එයට දී ඇති නම ගව ඝාතණයයි.
මෙසේ නොයෙකුත් අයුක්තිසහගත ගම්පෙරළි කරමින් ඇතැම් බෞද්ධ භික්ෂූන් උත්සාහ
කරන්නේ ඔවුන් සිය ජනකොටසට හරියාකාරව ඉටු නොකරන වගකීම් පැහැර හැරීම් වසන්
කරන්නටයි. වසරකට වරක් හෝ සිංහළ මිනිසුන් (මා මේ කියන්නේ 70 පසුවූ මැහැල්ලන්
නොවේ) පංසලකට ගෙන්නා ගත නොහැකි, සුරාවෙන් සූදුවෙන් සිය වර්ගයා මුදවා ගත
නොහැකි, එන්න එන්නටම කොටවන හා නැතිවන සිංහළ තරුණියගේ ඇඳුම ගැන කථා කළ
නොහැකි මෙම භික්ෂූන් දැන් ඉස්ලාම් ධර්මයේ නීති රීති සංශෝධනය කරන්නට එති. එසේ
ඔවුන් නවත්වන්නට කියා උද්ඝෝෂණය කරන්නේ හොඳ චර්යා සහ නිහතමානී ගතිපැවතුම්ය
යන කරුණ කඳුලක් තරම් හෝ මොළයක් ඇති ඕනෑම කෙනෙකුට පෙනේ. මෙනිසා බහුතරයක්
අවංක සිංහළයන් නිහ~ය.
හලාල් සහතිකයෙන්ද සිදු වන්නේ යමක හොඳ නරක බලා එයට තත්ත්ව සහතිකයක් නිකුත්
කිරීම බව කාටත් සිතා ගත හැකිය. එමෙන්ම හලාල් අපනයනය මගින් රටට ලැඛෙන
ආදායම මෙන්ම අපනයනකරුවන්ගෙන් අති බහුරතයක් වන සිංහළ සමාගම් මෙන්ම එම
කර්මාන්තශාලාවල සේවය කරන්නන් පවා ප්‍රයෝජන ලබන්නේ හලාල් සහතිකයක් නිකුත්
කිරීමට මෙහි මුස්ලිම් ප්‍රජාවක් සිටින නිසාය යන කරුන ගැන සිතා මොවුන් සතුටු විය යුතුයි
නොවේද? නමුත් එසේ ඔවුන් සතුටු නොවෙති.
පොදුවේ ගත් කල බෞද්ධයන් හලාල් යනු කලබල විය කරුණක් සේ නොසිතුවෝය. කලබල
ඇති කළේ තම නියම වගකීම පැහැර හැරීමේ නිරුවත වසා ගන්නට ඕනෑ වුනු භික්ෂූන්ය.
මෙයට විැරද්ධව ඔවුන් ඉදිරිපත් කරන තර්කයක් නම් මෙය අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන්
කැප කරන නිසා ඒවා බෞද්ධයන්ට නුසුදුසු බවයි. එම තර්කයද උපන් ගෙයිම මියෑදෙන්නකි.
මන්ද යත් ආගමික විශ්වාසය අතින් ගත් කල සිංහළ බෞද්ධයන් කවදත් සිටියේ ලිබරල්
ආකල්පයකිනි. ඔවුන් ඝණපති මෙන්ම සක්විතිටත් වඳිති. කාලි අම්මා පත්තිනි අම්මා පටන්
විශ්ණු, මුරුගන්, කි්‍රෂ්ණන්, කන්නන් ලකෂමි පාර්වතී දක්වා මෙන්ම සිව ලිංගයටද ඔවුන් කිසිදු
උස් පහත් කමක්, ගැහැණු පිරිමි වෙනසක් නොබලා වඳිති. දෙවටගහ පල්ලිය අසලින් යන
විට එයටද හිස නමා ආචාර කරන සිංහළයන්ව මා කොතෙකුත් දැක ඇත්තෙමි. එමෙන් රට
වැසියන්ට අපගේ දේශපාලනඥයන් ආදර්ශ දෙන එකම ඉසව්ව මෙය යැයිද කිව හැකිය.
ඡන්ද කාලවලදී ඔවුන් සියලූම කෝවිල්, දේවාල, පන්සල්, ආරාම, පල්ලි ගානේ යති. යමින්
ඡන්දය දිනන්නට පුද පූජා කරති. කන්නලව් කරති. භාර හාර වෙති. නැත්නම් කෙනෙකුට
ශාප කරමින් පොල් කඩති. හුණු ගාති. මෙලෙසින් මැවිල්ලේ සංකල්පය ප්‍රතිෙකෂ්ප කළ යුතු
බෞද්ධයන් වඳිනා තරම් දෙවියන්ව හින්දුන්වත් නොවඳිති.
මේ අනුව බලන කල ලොව බිලියනයක් විශ්වාස කරන අල්ලාහ් දෙවියනුත් ඒ සමග එක් කර
ගැනීම බෞද්ධයන්ට එතරම් සැලකිය යුතු කරුණක් විය නොහැක. එනමුත් ඇතැම් භික්ෂූන්
එයට පමණක් බිහිසුණු මුහුණක් ආදේශ කර නිකම් සිටින සිංහළ බෞද්ධයාට යකෂයා ආරූඨ
කරති. මෙලෙසින් මුස්ලිම් විරෝධී වීම හොඳම බෞද්ධ කම යැයිද මහා පුණ්‍ය කර්මයක්
යැයිද නිවනට ඇති කෙටිම මග යැයිද මෙම භික්ෂූන් ප්‍රචාරය කරති. ඒ අනුව අහිංසක
සිංහළ ජනයා නොමග යවමින් මුළු රටටම ගිනි තියති.
තවත් අතකින් ගතහොත් මැවිල්ලේ සංකල්පය යනු බෞද්ධ දර්ශනය අනුව මිත්‍යාවකි
නොහොත් නැති දෙයකි. එසේ නම් නැති අල්ලාහ් කෙනෙකුට කරන කැප කිරීමක් ගැන
කලබල විය යුතුද?