මේ ඉස්කෝලෙ ද කොහෙද වැඩ කරන්න සෙට් වුන මම දන්න අයියා කෙනෙක් දැන් අවුරුදු 9කට වගේ කලින් මට හම්බ වුණා. ඒ ගමට කරන්ට් එක තිබිලා නෑ ඒ දවස්වල. පොඩි solar panel එකක් තිබ්බලු. හොස්ටල් එකේ phone එහෙම එකෙන් charge කරගන්නවා ලු. ඒ ගමේ මිනිස්සු අමුතුයි ලු. සමාජ ආශ්‍රය එහෙම වැඩිය නැති හින්දා සහ phone , tv එහෙම පාවිච්චියකුත් නැති හින්දා. අනික ගමේ ඉදලා පහළට එන්නේ නෑලු ලේසියකට. ගමේ මොනවා හරි වවාගෙන ජීවත් වෙනවා ලු. කාලෙකට සැරයක් පහළට ඇවිත් ඕන බඩු එහෙම අරන් යනවාලු. සමාජයෙන් හුදකලා වුන ගමක් නේ. අලි බෙටි එහෙම පරේ තියනවලු වෙලාවකට. මූණට නම් අලියෙක් හම්බවෙලා නෑ ඒ අයියට හැබැයි. ඒ දවස්වල නම් ළමයි ඉස්කෝලෙ එන්නෙත් නැල්ලු ලේසියකට. කුඹුරු, හෙන්වල නැත්තං වෙන වෙන වැඩ කරන්න ඉස්කෝලෙ මඟ අරිනවා ලු. අම්මලා , තාත්තලාටත් උනන්දුවක් නැල්ලු ළමයි ඉස්කෝලෙ එවන්න එච්චර. Freshmen ලා එහෙම තමයි ඔය වගේ ඉස්කෝල වලට දාන්නේ ගොඩක්ම. පොඩි කාලයක් ඉදලා මාරු වෙනවා ඇති හැබැයි.සෑහෙන කට්ටක් නේ. ඒ අතින් මේ ගුරුවරයා ලොකු සේවයක් කරන්නේ. පොඩි පිරිසක් හරි ඉගෙනගෙන ඔය cycle එකෙන් ඉක්මනට අයින් වෙලා හොඳ ජීවන මට්ටමකට එයි. ඒ අයියා කිව්වේත් මේ ඉස්කෝලෙ ගැන වෙන්න ඇති. මමත් අන්දුන් කුන්දුන් වුණා ඔය ඉස්කෝලෙ ගැන ඇහුවම.