අනිවා මචං. කොච්චර අලි මිනිස්සුන්ට කරදර කළත් අලියෙක් මැරිල ඉන්නව දැක්කහම පුදුම දුකක් හිතෙන්නෙ.
එක සැරයක් හොඳම සිද්ධියක් උනා ගල්ගමුවෙදි. තමන්ගෙ වත්තට අලි එනවට මනුස්සයෙක් කරන්ට් වයර් එකක් ඇදල තිබුණා වත්ත වටේට. වත්තට ආපු අලියෙක්ගෙ කටට හරියටම අර කරන්ට් කම්බිය සෙට් වෙලා ඌ මැරිල හිටිය දණ ගහගෙනම. මේ සිද්ධිය උනේ ගල්ගමුව ඇහැටුවැව ප‍්‍රධාන පාර අයිනෙ ගල්ගමුව ටවුමෙ ඉඳල කිලෝමීටර් 1.6ක දි. එ් පැත්තෙ මිනිස්සුන්ට හරියට අලි කරදර. එ්ත් අර සිද්ධිය බලන්න ආපු හැමෝම කිවුවෙ මේක කරපු එකාට හෙන ගහන්න ඕනි කියල. වැඬේ කරපු මනුස්සය ගේ ඇතුළට වෙලා හැමෝම සාප දෙන එ්ව අහගෙන හිටිය.