ගල් යුගයේ දැව පිළිමයක්

lakshane251

Well-known member
  • Apr 6, 2009
    2,358
    566
    113
    උබල එන්නද ?
    ගල් යුගයේ දැව පිළිමයක්

    මෙතෙක් හමුවී ඇති ලොව පැරණිතම දැව පිළිමය ලෙස සැළකෙන ෂිගිර් පිළිමයේ කොටා ඇති අක්ෂර රටාවන්ගේ සඟවා තිබෙන බවට සැකකෙරෙන රහසිගත පණිවුඩයක් කියවා ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරමින් සිටිති.
    ෂිගිර් පිළිමයේ වයස නීර්ණය කිරීමේ කටයුතුද මේ වන විට අවසාන අදියරේ පවතින අතර එම කටයුතු වල නිරතවී සිටිනා පර්යේෂකයන් පවසන්නේ පිළිමය වසර 9500 ක් පමණ පැරණි යැයි සැළකිය හැකි බවයි.
    ගල් යුගයේ මෙසොනික අවිධියේදී නිර්මාණය කෙරී ඇතැයි සැළකෙන මෙම ප්‍රතිමාව ඊජිප්තු පිරමීඩයන්, බ්‍රිතාන්‍යයේ ස්ටෝන්හෙන්ජ් වැනි පුරාණ නිර්මාණයන් සියල්ලට වඩා පැරණිය.
    මෙම පිළිමය මුලින්ම සොයා ගැනුනේ 1890 වසරේදී රුසියාවේ ඌරල් කදු ප්‍රදේශයෙන්ය.
    සොයාගත් සමයේ පිළිමයේ උස ලෙස අඩි 17 ක් ලෙස සටහන්ව තිබෙතත් පසුකාලීනව උද්ගතවූ රුසියාවේ දේශපාලන අස්ථාවරත්වය නිසා පිළිමයටද අත්වූයේ නරක කලදසාවක් වන අතර නොසැළකිලිමත් කම නිසාවෙන් එයින් අඩි 6 ක පමණ කොටසක් කැඩී ගොස් තිබේ.
    එම කැඩුණු කොටස මේ දක්වාම සොයාගැනීමට හැකිව නොමැත.
    වර්තමානයේ පිළිමය උසින් අඩි 9 ක් පමණ වේ.
    එහි මුහුණු සතක් කැටයම් කර තිබෙන අතර එක් මුහුණක් ත්‍රිමාණව පෙනී සිටින සේ නිමවා තිබේ.
    එහි සදහන් අක්ෂර රටා සම්බන්ධයෙන් විවිධ මත ඉදිරිපත්ව තිබෙන අතර ඒවායින් මෙසෝනික යුගයේ මානවයා සතුටින් දිවිගෙවා ඇති බවක් ඇඟවෙන බව බොහෝ විද්‍යාඥයින් පළ කරන මතයකි.
    අක්ෂර රටාවන් ලෙස විද්‍යාඥයින් හදුන්වාදෙන්නේ පිළිමය මත සටහන්ව ඇති ඉරි කැබලිය.
    නමුත් පිළිමයේ ඇති මුහුණු සත සමඟද සැළකුවහොත් අක්ෂර රටාවන්ගෙන් කියැවෙන්නට ඉඩ ඇත්තේ වෙනත් දෙයක් බව ඇතැම් විද්‍යාඥයින් කියයි.
    එදවස පැවති සමාජ තලයන් හෝ වැදගත් සිදුවීම් හෝ ඇතැම් විට නොපෙනෙන බලවේගයන් හා පැවැත්වූ සබදතා හෝ එම අක්ෂර රටාවන්ගෙන් කියැවෙන පණිවුඩයේ ඇතැයි ඔවුන්ගේ මතයයි.





    1413974012026_wps_24_The_oldest_wooden_statue_.jpg



    1413974023131_wps_28_The_oldest_wooden_statue_.jpg



    1413974033966_wps_31_The_oldest_wooden_statue_.jpg



    http://www.lankadeepa.lk/index.php/articles/270886