ගල් වැලි ඉවත්කරන ලද හාලේ බත් දෙන්න.

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සංගීත ශිල්පීන්ගේ ’බත් පතට වැලි දාන්න එපා’..

    රටේ පැවති විවිධ තත්ත්වයන් හේතුවෙන් ආර්ථික අපහසුතාවට පත්ව සිටින ගායක ගායිකාවන් ඇතුළු එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රයේ නියැලී සිටින බොහෝ දෙනකුගේ ආර්ථිකයට ශක්තියක් වූ 'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවට බාධා නොකරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා කර විසඳාගත යුතු බවත් ශ්‍රී ලංකා සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් ඇතුළුව බොහෝ දෙනෙක් අද (26) පැවසූහ.

    'අවුරා ලංකා ' සංගීත ප්‍රසංග මාලාවේ නවවැනි ප්‍රසංගය පැවැත්වෙමින් තිබියදී එය අත්හිටුවීමට පොලීසිය කටයුතු කළ බවත් පරිසරයට හෝ කිසියම් කෙනෙකුට ඉන් හානියක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් කතා කර විසඳුමක් ලබාගත හැකි බවත් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ 100 කට අධික පිරිසක් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද පස්වරුවේ පැවසූහ.

    'අවුරා ලංකා ' ආයතන සංගීත සංදර්ශන පැවැත්වීම පමණක් නොව සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහ සෙසු පිරිසගේ සුභසාධනය මෙන්ම පුහුණු වැඩමුළු පැවැත්වීම ආදී සේවාවන් රැසක් ක්‍රියාත්මක කරන බවද එහිදී ශිල්පීහු රැසක් පැවසූහ.
    එම මාධ්‍ය හමුවට ප්‍රවීණතම සහ ජනප්‍රිය ගායක ගායිකාවන්, සංගීත කණ්ඩායම්, නිවේදක නිවේදිකාවන් සහ නර්තන කණ්ඩායම් නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගි වූහ.

    ප්‍රවීණ සංගීතඥ ටී. එම්. ජයරත්න, දයාන් විතාරණ, රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා ඇතුළු ප්‍රවීණ සහ ජනප්‍රිය සංගීත ශිල්පීන් 100 කට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

    Lankadeepa
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,359
    32,086
    113
    thaman wenas nowee kohomada system change wenne lol
    thamanta hambena salli kohenda enne kiyalath ganna un hoyanna ona...
    nathuwa badata kanne kalu salli unoth lebada yana bawath sihiye thiyaganna ona...