කඩුගන්නාව ගල විද සෑදු කොළඹ නුවර පාරේ පුරාවත
පසුගිය 2021 නොවැම්බර් මාසයේ එකදිගට වැටුණු මහවැස්ස නිසා කොළඹ – නුවර පාර, ඉතිහාසයේ පළමු වතාවට වසා දැමීමට සිදුවුණා. ඒ කඩුගන්නාව කන්ද නාය යාමේ අවදානමක් හටගත් හින්දයි.වෙනදා කඩුගන්නාවේ නැවතී විසිතුරු බලමින් ගිය මහනුවර චාරිකාවලට මේ නිසා විරාමයක් තබන්නට සිදුවුණා. නුවර – කොළඹ බස්රථවලටත් විකල්ප මාර්ග ඔස්සේ මහනුවරට ධාවනය කිරීමට සිදු ව තිබෙනවා.
ඈතින් බතලේගල මෙන් ම දෙවනගල හා අම්බුලුවාව කන්දත් දැක ගැනීමට ලැබෙනවා. උඩරට දුම්රිය මාර්ගය ඇදී යන්නේ කඩුගන්නාව කන්දේ මහා මාර්ගයට ඉහළින් පිහිටි බෑවුම හරහා යි. හුඟ දෙනෙක් කන්ද අතරමඟ දී තම වාහන නවතා අවට දර්ශනය නරඹන අයුරු දැක ගැනීමට පුලුවන්. මේ අවට නරඹන්නන්ට විවිධ භාණ්ඩ විකුණන අලෙවිසල් ගණනාවක් ද බිහි වී තිබුණා.ගල විදලු තැනින් පහළ පිහිටි මේ ස්ථානය අයත් වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට යි. දැන් එම ස්ථානයේ ගිමන් හැරීමට අවස්ථාවක් නැහැ.
කන්දේ එක් කොටසක පස්තට්ටුවක් පහළට පැමිණ පලතුරු කඩ තුනක් මතට වැටීමෙන් ඒවාටත් හානි වුණා. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 25 /A ගනේතැන්න ග්‍රාම නිලධාරී වසමට තමයි මේ ස්ථානය අයත් වන්නේ. එහි භූමි අස්ථාවරත්වයක් ආරම්භ වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අවට ආතති පැළුම් (Tension Cracks) වර්ධනය වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පවසා තිබෙනවා. මේ හදිසි අවදානම නිසා මීටර 200ක පමණ දුරක පිහිටා තිබූ කඩ 30ක් පමණ මේ වනවිට ඉවත්කර තිබෙනවා. ඒ කෑගල්ල ආපදා කළමනාකරණ ඒකකය මඟින්.
එ නිසා කරත්තවලට ගමන් කළ හැකි පාරක් මහනුවරට කැපීමට ඉංග්‍රීසි ආණ්ඩුවට අවශ්‍ය වුණා. ඒ කෝපි, තේ වැනි වාණිජ බෝග කොළඹ වරාය දක්වා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට යි.
කැප්ටන් විලියම් ඩෝසන්
සම්පූර්ණ පාරේ ම අධීක්ෂණය බාර වුණේ කැප්ටන් විලියම් ඩෝසන්ට යි. නුවර පාරේ පළමු කොටස දිව යන්නේ බස්නාහිර තැනිතලාව ඔස්සේ.කොළඹ සිට අඹේපුස්ස දක්වා එහි මුල් කොටස ඉදිකිරීම සිදුවුණා. දෙවන අදියර අඹේපුස්සේ සිට කඩුගන්නාව දක්වා තැනීම විශාල අභියෝග මැදයි කරන්නට සිදුවුණේ.
වරකාපොළ සිට අඹන්පිටිය දක්වාවූ සැතපුම් එකොළහක දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදුවුණා. එම කොටස ඉදිකිරීමට සහභාගිවූ එවකට තරුණ ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර් ලංකාවේ පනස් වසක් නම් කෘතියේ එහිදී විඳි දුෂ්කර ත්‍රාසජනක අත්දැකීම් විස්තර කරනවා.
අලි, කොටි, සර්පයන්, කූඩැල්ලන් වැනි සතුන් හමුවේත්, ඇළ, දොළ, ගංගා, ගිරිදුර්ග, වැනි බාධක මැදත් ඔවුන් නුපුහුණු කුලීකරුවන් සමඟ පාර කැපීම සිදු කළා. මැලේරියාව වැනි වසංගත රෝග පාරේ වැඩවලට විශාල බාධාවක්වුණු බව සඳහන් වෙනවා.
මැලේරියාව නිසා ස්වදේශීය කම්කරුවන් මෙන් ම ඉංග්‍රීසි නිලධාරින් ද මිය ගියා. කොළඹ- නුවර පාර තැනීමේ දී දූෂ්කර ම කොටස වුණේ කඩුගන්නාව දුර්ගය හරහා පාර කැපීම යි. ගල්පර්වත ඉවත්කරමින් දැඩිබෑවුම හරහා වනාන්තරය ඔස්සේ පාර තැනිය යුතු වුණා. මහවැස්සත් එයට නිතර බාධා කළා.
කඩුගන්නාව ගල්පොත්ත විදිමින් ඩෝසන් සිංහලයන් මවිත කරවීය. ඔහුගේ සැලසුම් ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළා . ඔහුගේ සේවය අගයමින් 1829 ඩෝසන් රාජකීය විධායක ඉංජිනේරු ධුරයට පත් විය. මැලේරියාව නිසා දුර්වල වී සිටි ඩෝසන් පාචනය රෝගයත් වැලඳී ඔත්පළව වැඩ නිම වීමට පෙරම මරණයට පත් උනා . මේජර් ෆෝබ්ස්ගේ විස්තර අනුව ඩෝසන් රෝගාතුරව මියගියේ 1829 දී.
ඩෝසන් මියගිය පසු ඔහුගේ සේවය ඇගැයීම් වස් ඩෝසන්ගේ මිතුරෝ පවුම් 343ක් එකතු කොට කොළඹ - නුවර පාරේ අසීරුම දුර්ගය වූ කඩුගන්නාව හෙළ මුදුනේ මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් කඩුගන්නාව ගල්පොත්ත හා දුර්ගය කෙළවර අඩි 125ක් උසට කඩුගන්නාව ‘ඩෝසන් කුලුන’ බැඳවූහ.
විශාල අභියෝග මැද තැනූ නුවර පාරේ වැඩ 1832 වසරේදී අවසන් කිරීමට හැකියාව ලැබුණා. ඒ කාලේ තිබුණේ බොරළු පාරක් මිස අද වගේ කාපට් පාරවල් නොවේ. ඉන් පසු අශ්ව රථ මෙන්ම ගොන් කරත්ත ද මේ පාර දිගේ කොළඹ බලා ගමන් කිරීම ඇරඹුණා.
කඩුගන්නාව පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 1600ක් උසකින්. ගල විදපු ස්ථානය තුළින් සියලු ම රථවාහන ධාවනය 1980 දශකය වනතුරු ම සිදුවුණා. නමුත් වික්ටෝරියා, කොත්මලේ සහ රන්දෙනිගල යන මහවැලි ජලාශ ඉදිකිරීමේ දී බරවාහනවලට ගල යටින් යාමට නොහැකි නිසා එම ස්ථානයට මෙපිටින් පුළුල් මාර්ගයක් ඉදි කළා. පසුව එම ස්ථානයෙන් සැහැල්ලු වාහනවලට මහනුවර දෙසට පමණක් යාමට අවස්ථාව හිමි ව තිබුණත් අද වනවිට කිසිදු වාහනයක් ගමනාගමනය සිදුවන්නේ නැහැ. එම ගලේ ද පිපිරුමක් ඇති බව වසර කිහිපයකට පෙර වාර්තා වුණා. මේ නිසා කලක පටන් එම කොටස සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.
මූලාශ්‍ර:
ලංකාවේ පනස් වසරක්- මේජර් තෝමස් ස්කිනර්, පරි. පරාක්රමඑස්. විජේවර්ධන
රජ මාවත -මහානාම දුනුමාල
බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
රෝර්මිඩියා
Dinamina.lk
Siluimina.lk
Nbro.gov.lk
චායාරුප අන්තර්ජාලයෙනි

නාය යාමේ අවදානම
කොළඹ සිට කිලෝ මීටර් 100ක දුරකින් පිහිටා ඇති කඩුගන්නාව පහතරට සිට නුවර පාර කඳුරටට අවතීර්ණවන දුර්ගය යි. මෙහි දී මාර්ගය මධ්‍ය කඳුකරයට පිවිසෙන්නේ රමණීය දර්ශන සහිත වටපිටාවක් මැදින්. කඩුගන්නාව කන්ද නගින විට පහළ කඩුගන්නාවේ දකුණු පසින් දිස්වන්නේ සබරගමු කඳු පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ හතර කෝරළේ නිම්න පෙදෙස්.
ඈතින් බතලේගල මෙන් ම දෙවනගල හා අම්බුලුවාව කන්දත් දැක ගැනීමට ලැබෙනවා. උඩරට දුම්රිය මාර්ගය ඇදී යන්නේ කඩුගන්නාව කන්දේ මහා මාර්ගයට ඉහළින් පිහිටි බෑවුම හරහා යි. හුඟ දෙනෙක් කන්ද අතරමඟ දී තම වාහන නවතා අවට දර්ශනය නරඹන අයුරු දැක ගැනීමට පුලුවන්. මේ අවට නරඹන්නන්ට විවිධ භාණ්ඩ විකුණන අලෙවිසල් ගණනාවක් ද බිහි වී තිබුණා.ගල විදලු තැනින් පහළ පිහිටි මේ ස්ථානය අයත් වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට යි. දැන් එම ස්ථානයේ ගිමන් හැරීමට අවස්ථාවක් නැහැ.
කන්දේ එක් කොටසක පස්තට්ටුවක් පහළට පැමිණ පලතුරු කඩ තුනක් මතට වැටීමෙන් ඒවාටත් හානි වුණා. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 25 /A ගනේතැන්න ග්‍රාම නිලධාරී වසමට තමයි මේ ස්ථානය අයත් වන්නේ. එහි භූමි අස්ථාවරත්වයක් ආරම්භ වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අවට ආතති පැළුම් (Tension Cracks) වර්ධනය වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පවසා තිබෙනවා. මේ හදිසි අවදානම නිසා මීටර 200ක පමණ දුරක පිහිටා තිබූ කඩ 30ක් පමණ මේ වනවිට ඉවත්කර තිබෙනවා. ඒ කෑගල්ල ආපදා කළමනාකරණ ඒකකය මඟින්.
රජ කාලේ කොළඹ නුවර පාර
උඩරට රාජධානි කාලේ පටන් කොළඹ සිට මහනුවරට වැටී තිබුණේ කැලණි ගංගා නිම්නය ඔස්සේ විහිදුණු අඩිපාරක්. මේ පාරේ අශ්වයකු පිටේ ගමන්කිරීමට හෝ දෝලාවක ගමන් කිරීමට තමයි රාජ්‍ය නිලධාරින්ට සිදුවුණේ. අවිස්සාවේල්ල -රුවන්වැල්ල හරහා මාඔය නිම්නය දක්වාත්, එතැන් පටන් බලන කපොල්ල හරහා ගොස් මහනුවර දක්වාත් තිබූ මේ මාර්ගය දුර වැඩි වගේ ම දුෂ්කර බවින්ද අධික වුණා.
එ නිසා කරත්තවලට ගමන් කළ හැකි පාරක් මහනුවරට කැපීමට ඉංග්‍රීසි ආණ්ඩුවට අවශ්‍ය වුණා. ඒ කෝපි, තේ වැනි වාණිජ බෝග කොළඹ වරාය දක්වා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට යි.
සුද්දෝ නුවර පාර කපති
කොළඹ – මහනුවර මාර්ගයේ ඉදිකිරීම් 1820 තරම් කාලය වනවිට ආරම්භ වී පැවතුණා. මෙරට මාර්ග ඉදිකිරීමට ඉංග්‍රීසින් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව කොළඹ සිට ප්‍රථමයෙන් ආරම්භ කළ මාර්ගය ලෙස නුවර පාර ඉතිහාසගත වෙනවා. 1818 කැරැල්ලේ දී මහනුවරට පිවිසීමට පහසු මාර්ගයක් නොතිබීමේ අඩුව ඉංග්‍රීසි පාලකයකයන්ට තදින් දැනුණා. පළමු මාර්ගය නිසා එය අංක ගතකර ඇත්තේ A-001 ලෙස යි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විල්මට් හෝර්ටන්ගේ මූලිකත්වයෙන් තමයි නුවර පාරේ ඉදිකිරීම් පටන් ගත්තේ.
කැප්ටන් විලියම් ඩෝසන්
සම්පූර්ණ පාරේ ම අධීක්ෂණය බාර වුණේ කැප්ටන් විලියම් ඩෝසන්ට යි. නුවර පාරේ පළමු කොටස දිව යන්නේ බස්නාහිර තැනිතලාව ඔස්සේ.කොළඹ සිට අඹේපුස්ස දක්වා එහි මුල් කොටස ඉදිකිරීම සිදුවුණා. දෙවන අදියර අඹේපුස්සේ සිට කඩුගන්නාව දක්වා තැනීම විශාල අභියෝග මැදයි කරන්නට සිදුවුණේ.
වරකාපොළ සිට අඹන්පිටිය දක්වාවූ සැතපුම් එකොළහක දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදුවුණා. එම කොටස ඉදිකිරීමට සහභාගිවූ එවකට තරුණ ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර් ලංකාවේ පනස් වසක් නම් කෘතියේ එහිදී විඳි දුෂ්කර ත්‍රාසජනක අත්දැකීම් විස්තර කරනවා.
අලි, කොටි, සර්පයන්, කූඩැල්ලන් වැනි සතුන් හමුවේත්, ඇළ, දොළ, ගංගා, ගිරිදුර්ග, වැනි බාධක මැදත් ඔවුන් නුපුහුණු කුලීකරුවන් සමඟ පාර කැපීම සිදු කළා. මැලේරියාව වැනි වසංගත රෝග පාරේ වැඩවලට විශාල බාධාවක්වුණු බව සඳහන් වෙනවා.
මැලේරියාව නිසා ස්වදේශීය කම්කරුවන් මෙන් ම ඉංග්‍රීසි නිලධාරින් ද මිය ගියා. කොළඹ- නුවර පාර තැනීමේ දී දූෂ්කර ම කොටස වුණේ කඩුගන්නාව දුර්ගය හරහා පාර කැපීම යි. ගල්පර්වත ඉවත්කරමින් දැඩිබෑවුම හරහා වනාන්තරය ඔස්සේ පාර තැනිය යුතු වුණා. මහවැස්සත් එයට නිතර බාධා කළා.
කැප්ටන් ඩෝසන්
පාර කැපීමට කැප්ටන් ඩෝසන් දිවා රාත්‍රී දෙකේ ම එක දිගට ම වෙහෙසුණු බව වාර්තා පවසනවා. නුවර පාර කඩුගන්නාවට ආසන්න වුණු විට කැප්ටන් ඩෝසන් උණ රෝගය වැලඳීමෙන් අසාධ්‍ය වෙනවා. ඔහුට ප්‍රතිකාර කිරීමට කොළඹට රැගෙන ගියත් මරුවාගෙන් ඔහුට ගැලවීමට ලැබෙන්නේ නැහැ. කැප්ටන් ඩෝසන් වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කොළඹ දී මරණයට පත්වෙනවා. කඩුගන්නාව දුර්ගයේ පිහිටි කළුගල විදතැනූ උමං මාර්ගය කැප්ටන් ඩෝසන්ගේ සංකල්පයක්.
ඩෝසන් කුලුන
කඩුගන්නාව දුර්ග මාර්ගයේ ඉහළ ම ස්ථානය වන්නේ ඩෝසන් කුලුන අසල ස්ථානය යි. එයට නුදුරින් කඩුගන්නාව නගරය පැතිර තිබෙනවා. කැප්ටන් ඩෝසන් සිහිපත් කිරීමට ඉදි කළ මේ කුලුන අදත් ජනප්‍රිය මං සලකුණක්. ඩෝසන්ගේ මරණය නිසා කොළඹ – මහනුවර මාර්ගයේ වැඩ අවසන් කළේ මේජර් තෝමස් ස්කින්නර්ගේ මූලිකත්වයෙන්.
කඩුගන්නාව ගල්පොත්ත විදිමින් ඩෝසන් සිංහලයන් මවිත කරවීය. ඔහුගේ සැලසුම් ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළා . ඔහුගේ සේවය අගයමින් 1829 ඩෝසන් රාජකීය විධායක ඉංජිනේරු ධුරයට පත් විය. මැලේරියාව නිසා දුර්වල වී සිටි ඩෝසන් පාචනය රෝගයත් වැලඳී ඔත්පළව වැඩ නිම වීමට පෙරම මරණයට පත් උනා . මේජර් ෆෝබ්ස්ගේ විස්තර අනුව ඩෝසන් රෝගාතුරව මියගියේ 1829 දී.
ඩෝසන් මියගිය පසු ඔහුගේ සේවය ඇගැයීම් වස් ඩෝසන්ගේ මිතුරෝ පවුම් 343ක් එකතු කොට කොළඹ - නුවර පාරේ අසීරුම දුර්ගය වූ කඩුගන්නාව හෙළ මුදුනේ මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් කඩුගන්නාව ගල්පොත්ත හා දුර්ගය කෙළවර අඩි 125ක් උසට කඩුගන්නාව ‘ඩෝසන් කුලුන’ බැඳවූහ.
විශාල අභියෝග මැද තැනූ නුවර පාරේ වැඩ 1832 වසරේදී අවසන් කිරීමට හැකියාව ලැබුණා. ඒ කාලේ තිබුණේ බොරළු පාරක් මිස අද වගේ කාපට් පාරවල් නොවේ. ඉන් පසු අශ්ව රථ මෙන්ම ගොන් කරත්ත ද මේ පාර දිගේ කොළඹ බලා ගමන් කිරීම ඇරඹුණා.
ගල විදපු තැන ස්මාරකයක් වෙයි

Last edited: