ගල විදලයි එලියට ගත්තේ

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    කඩුගන්නාව ගල විද සෑදු කොළඹ නුවර පාරේ පුරාවත

    4Qur3Sj.jpg


    පසුගිය 2021 නොවැම්බර් මාසයේ එකදිගට වැටුණු මහවැස්ස නිසා කොළඹ – නුවර පාර, ඉතිහාසයේ පළමු වතාවට වසා දැමීමට සිදුවුණා. ඒ කඩුගන්නාව කන්ද නාය යාමේ අවදානමක් හටගත් හින්දයි.වෙනදා කඩුගන්නාවේ නැවතී විසිතුරු බලමින් ගිය මහනුවර චාරිකාවලට මේ නිසා විරාමයක් තබන්නට සිදුවුණා. නුවර – කොළඹ බස්රථවලටත් විකල්ප මාර්ග ඔස්සේ මහනුවරට ධාවනය කිරීමට සිදු ව තිබෙනවා.

    kAUh0Sd.jpg


    නාය යාමේ අවදානම​

    කොළඹ සිට කිලෝ මීටර් 100ක දුරකින් පිහිටා ඇති කඩුගන්නාව පහතරට සිට නුවර පාර කඳුරටට අවතීර්ණවන දුර්ගය යි. මෙහි දී මාර්ගය මධ්‍ය කඳුකරයට පිවිසෙන්නේ රමණීය දර්ශන සහිත වටපිටාවක් මැදින්. කඩුගන්නාව කන්ද නගින විට පහළ කඩුගන්නාවේ දකුණු පසින් දිස්වන්නේ සබරගමු කඳු පිහිටි කෑගල්ල දිස්ත්‍රික්කයේ හතර කෝරළේ නිම්න පෙදෙස්.

    QHV1EKT.jpg



    DuV22vQ.jpg



    ඈතින් බතලේගල මෙන් ම දෙවනගල හා අම්බුලුවාව කන්දත් දැක ගැනීමට ලැබෙනවා. උඩරට දුම්රිය මාර්ගය ඇදී යන්නේ කඩුගන්නාව කන්දේ මහා මාර්ගයට ඉහළින් පිහිටි බෑවුම හරහා යි. හුඟ දෙනෙක් කන්ද අතරමඟ දී තම වාහන නවතා අවට දර්ශනය නරඹන අයුරු දැක ගැනීමට පුලුවන්. මේ අවට නරඹන්නන්ට විවිධ භාණ්ඩ විකුණන අලෙවිසල් ගණනාවක් ද බිහි වී තිබුණා.ගල විදලු තැනින් පහළ පිහිටි මේ ස්ථානය අයත් වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයට යි. දැන් එම ස්ථානයේ ගිමන් හැරීමට අවස්ථාවක් නැහැ.


    I9vizu3.jpg



    5Ghv9zU.jpg


    කන්දේ එක් කොටසක පස්තට්ටුවක් පහළට පැමිණ පලතුරු කඩ තුනක් මතට වැටීමෙන් ඒවාටත් හානි වුණා. මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 25 /A ගනේතැන්න ග්‍රාම නිලධාරී වසමට තමයි මේ ස්ථානය අයත් වන්නේ. එහි භූමි අස්ථාවරත්වයක් ආරම්භ වී ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.


    6qYIPIz.jpg


    ඒ අවට ආතති පැළුම් (Tension Cracks) වර්ධනය වන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් පවසා තිබෙනවා. මේ හදිසි අවදානම නිසා මීටර 200ක පමණ දුරක පිහිටා තිබූ කඩ 30ක් පමණ මේ වනවිට ඉවත්කර තිබෙනවා. ඒ කෑගල්ල ආපදා කළමනාකරණ ඒකකය මඟින්.



    රජ කාලේ කොළඹ නුවර පාර​

    උඩරට රාජධානි කාලේ පටන් කොළඹ සිට මහනුවරට වැටී තිබුණේ කැලණි ගංගා නිම්නය ඔස්සේ විහිදුණු අඩිපාරක්. මේ පාරේ අශ්වයකු පිටේ ගමන්කිරීමට හෝ දෝලාවක ගමන් කිරීමට තමයි රාජ්‍ය නිලධාරින්ට සිදුවුණේ. අවිස්සාවේල්ල -රුවන්වැල්ල හරහා මාඔය නිම්නය දක්වාත්, එතැන් පටන් බලන කපොල්ල හරහා ගොස් මහනුවර දක්වාත් තිබූ මේ මාර්ගය දුර වැඩි වගේ ම දුෂ්කර බවින්ද අධික වුණා.

    VzgBMzx.jpg


    එ නිසා කරත්තවලට ගමන් කළ හැකි පාරක් මහනුවරට කැපීමට ඉංග්‍රීසි ආණ්ඩුවට අවශ්‍ය වුණා. ඒ කෝපි, තේ වැනි වාණිජ බෝග කොළඹ වරාය දක්වා පහසුවෙන් ප්‍රවාහනය කිරීමට යි.



    සුද්දෝ නුවර පාර කපති​

    කොළඹ – මහනුවර මාර්ගයේ ඉදිකිරීම් 1820 තරම් කාලය වනවිට ආරම්භ වී පැවතුණා. මෙරට මාර්ග ඉදිකිරීමට ඉංග්‍රීසින් ගෙන ගිය වැඩපිළිවෙළ අනුව කොළඹ සිට ප්‍රථමයෙන් ආරම්භ කළ මාර්ගය ලෙස නුවර පාර ඉතිහාසගත වෙනවා. 1818 කැරැල්ලේ දී මහනුවරට පිවිසීමට පහසු මාර්ගයක් නොතිබීමේ අඩුව ඉංග්‍රීසි පාලකයකයන්ට තදින් දැනුණා. පළමු මාර්ගය නිසා එය අංක ගතකර ඇත්තේ A-001 ලෙස යි. බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර සර් විල්මට් හෝර්ටන්ගේ මූලිකත්වයෙන් තමයි නුවර පාරේ ඉදිකිරීම් පටන් ගත්තේ.

    8BlLhd9.jpg

    කැප්ටන් විලියම් ඩෝසන්

    සම්පූර්ණ පාරේ ම අධීක්ෂණය බාර වුණේ කැප්ටන් විලියම් ඩෝසන්ට යි. නුවර පාරේ පළමු කොටස දිව යන්නේ බස්නාහිර තැනිතලාව ඔස්සේ.කොළඹ සිට අඹේපුස්ස දක්වා එහි මුල් කොටස ඉදිකිරීම සිදුවුණා. දෙවන අදියර අඹේපුස්සේ සිට කඩුගන්නාව දක්වා තැනීම විශාල අභියෝග මැදයි කරන්නට සිදුවුණේ.


    kMEOGoN.jpg


    වරකාපොළ සිට අඹන්පිටිය දක්වාවූ සැතපුම් එකොළහක දුර ප්‍රමාණයේ ඉදිකිරීම් මේජර් තෝමස් ස්කිනර්ගේ අධීක්ෂණය යටතේ සිදුවුණා. එම කොටස ඉදිකිරීමට සහභාගිවූ එවකට තරුණ ඉංජිනේරු මේජර් තෝමස් ස්කිනර් ලංකාවේ පනස් වසක් නම් කෘතියේ එහිදී විඳි දුෂ්කර ත්‍රාසජනක අත්දැකීම් විස්තර කරනවා.

    zV0nUTf.jpg



    අලි, කොටි, සර්පයන්, කූඩැල්ලන් වැනි සතුන් හමුවේත්, ඇළ, දොළ, ගංගා, ගිරිදුර්ග, වැනි බාධක මැදත් ඔවුන් නුපුහුණු කුලීකරුවන් සමඟ පාර කැපීම සිදු කළා. මැලේරියාව වැනි වසංගත රෝග පාරේ වැඩවලට විශාල බාධාවක්වුණු බව සඳහන් වෙනවා.

    fSZeRCq.jpg
    ZI3viks.jpg


    මැලේරියාව නිසා ස්වදේශීය කම්කරුවන් මෙන් ම ඉංග්‍රීසි නිලධාරින් ද මිය ගියා. කොළඹ- නුවර පාර තැනීමේ දී දූෂ්කර ම කොටස වුණේ කඩුගන්නාව දුර්ගය හරහා පාර කැපීම යි. ගල්පර්වත ඉවත්කරමින් දැඩිබෑවුම හරහා වනාන්තරය ඔස්සේ පාර තැනිය යුතු වුණා. මහවැස්සත් එයට නිතර බාධා කළා.


    කැප්ටන් ඩෝසන්​

    පාර කැපීමට කැප්ටන් ඩෝසන් දිවා රාත්‍රී දෙකේ ම එක දිගට ම වෙහෙසුණු බව වාර්තා පවසනවා. නුවර පාර කඩුගන්නාවට ආසන්න වුණු විට කැප්ටන් ඩෝසන් උණ රෝගය වැලඳීමෙන් අසාධ්‍ය වෙනවා. ඔහුට ප්‍රතිකාර කිරීමට කොළඹට රැගෙන ගියත් මරුවාගෙන් ඔහුට ගැලවීමට ලැබෙන්නේ නැහැ. කැප්ටන් ඩෝසන් වර්ෂ 1829 මාර්තු 28 වැනි දින කොළඹ දී මරණයට පත්වෙනවා. කඩුගන්නාව දුර්ගයේ පිහිටි කළුගල විදතැනූ උමං මාර්ගය කැප්ටන් ඩෝසන්ගේ සංකල්පයක්.

    XsO8ArM.jpg



    ඩෝසන් කුලුන​

    කඩුගන්නාව දුර්ග මාර්ගයේ ඉහළ ම ස්ථානය වන්නේ ඩෝසන් කුලුන අසල ස්ථානය යි. එයට නුදුරින් කඩුගන්නාව නගරය පැතිර තිබෙනවා. කැප්ටන් ඩෝසන් සිහිපත් කිරීමට ඉදි කළ මේ කුලුන අදත් ජනප්‍රිය මං සලකුණක්. ඩෝසන්ගේ මරණය නිසා කොළඹ – මහනුවර මාර්ගයේ වැඩ අවසන් කළේ මේජර් තෝමස් ස්කින්නර්ගේ මූලිකත්වයෙන්.

    DxhOJWE.png
    i4Uuo3C.jpg


    කඩුගන්නාව ගල්පොත්ත විදිමින් ඩෝසන් සිංහලයන් මවිත කරවීය. ඔහුගේ සැලසුම් ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළා . ඔහුගේ සේවය අගයමින් 1829 ඩෝසන් රාජකීය විධායක ඉංජිනේරු ධුරයට පත් විය. මැලේරියාව නිසා දුර්වල වී සිටි ඩෝසන් පාචනය රෝගයත් වැලඳී ඔත්පළව වැඩ නිම වීමට පෙරම මරණයට පත් උනා . මේජර් ෆෝබ්ස්ගේ විස්තර අනුව ඩෝසන් රෝගාතුරව මියගියේ 1829 දී.

    ඩෝසන් මියගිය පසු ඔහුගේ සේවය ඇගැයීම් වස් ඩෝසන්ගේ මිතුරෝ පවුම් 343ක් එකතු කොට කොළඹ - නුවර පාරේ අසීරුම දුර්ගය වූ කඩුගන්නාව හෙළ මුදුනේ මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් කඩුගන්නාව ගල්පොත්ත හා දුර්ගය කෙළවර අඩි 125ක් උසට කඩුගන්නාව ‘ඩෝසන් කුලුන’ බැඳවූහ.

    විශාල අභියෝග මැද තැනූ නුවර පාරේ වැඩ 1832 වසරේදී අවසන් කිරීමට හැකියාව ලැබුණා. ඒ කාලේ තිබුණේ බොරළු පාරක් මිස අද වගේ කාපට් පාරවල් නොවේ. ඉන් පසු අශ්ව රථ මෙන්ම ගොන් කරත්ත ද මේ පාර දිගේ කොළඹ බලා ගමන් කිරීම ඇරඹුණා.

    hkOBjn8.jpg
    k9i93Y7.jpg


    ගල විදපු තැන ස්මාරකයක් වෙයි​

    3Ql5Jyy.jpg



    KVDnjDU.jpg


    කඩුගන්නාව පිහිටා තිබෙන්නේ මුහුදු මට්ටමේ සිට අඩි 1600ක් උසකින්. ගල විදපු ස්ථානය තුළින් සියලු ම රථවාහන ධාවනය 1980 දශකය වනතුරු ම සිදුවුණා. නමුත් වික්ටෝරියා‍, කොත්මලේ සහ රන්දෙනිගල යන මහවැලි ජලාශ ඉදිකිරීමේ දී බරවාහනවලට ගල යටින් යාමට නොහැකි නිසා එම ස්ථානයට මෙපිටින් පුළුල් මාර්ගයක් ඉදි කළා. පසුව එම ස්ථානයෙන් සැහැල්ලු වාහනවලට මහනුවර දෙසට පමණක් යාමට අවස්ථාව හිමි ව තිබුණත් අද වනවිට කිසිදු වාහනයක් ගමනාගමනය සිදුවන්නේ නැහැ. එම ගලේ ද පිපිරුමක් ඇති බව වසර කිහිපයකට පෙර වාර්තා වුණා. මේ නිසා කලක පටන් එම කොටස සම්පූර්ණයෙන් ම වසා දමා තිබෙනවා.


    මූලාශ්‍ර:
    ලංකාවේ පනස් වසරක්- මේජර් තෝමස් ස්කිනර්, පරි. පරාක්‍රමඑස්. විජේවර්ධන
    රජ මාවත -මහානාම දුනුමාල
    බ්ලොගර් - කුසුම්සිරි විජේවර්ධන
    රෝර්මිඩියා
    Dinamina.lk
    Siluimina.lk
    Nbro.gov.lk
    චායාරුප අන්තර්ජාලයෙනි
     
    Last edited:

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,526
    113
    මුළින්ම නුවර ගිය දවස මතක්වුනා කොළඹ පැත්තෙන්. ඒ කාලෙ නම් ගොඩක් කඩ තිබුනෙ නෑ වගේ මතක. පස්සෙනම් කැතවුනා දිගටම කඩ ගහලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඩෝසන්ට කුළුණක් හදපු හේතුව තේරුනේ නෑ

    I think its for remember him.
    like a memorial.

    podi kale rosa bus ekakin nuwara yanna set wuna oya gala yatin. :love: :love:

    eetapasse giya hama parama giye train eke.
    ------ Post added on Aug 31, 2023 at 7:11 PM

    "කඩුගන්නාව ගල්පොත්ත විදිමින් ඩෝසන් සිංහලයන් මවිත කරවීය. ඔහුගේ සැලසුම් ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළේය. ඔහුගේ සේවය අගයමින් 1829 ඩෝසන් රාජකීය විධායක ඉංජිනේරු ධුරයට පත් විය. මැලේරියාව නිසා දුර්වල වී සිටි ඩෝසන් පාචනය රෝගයත් වැලඳී ඔත්පළව වැඩ නිම වීමට පෙරම මළේය. මේජර් ෆෝබ්ස්ගේ විස්තර අනුව ඩෝසන් රෝගාතුරව මියගියේ 1829 දීය.

    ඩෝසන් මියගිය පසු ඔහුගේ සේවය ඇගැයීම් වස් ඩෝසන්ගේ මිතුරෝ පවුම් 343ක් එකතු කොට කොළඹ - නුවර පාරේ අසීරුම දුර්ගය වූ කඩුගන්නාව හෙළ මුදුනේ මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් කඩුගන්නාව ගල්පොත්ත හා දුර්ගය කෙළවර අඩි 125ක් උසට කඩුගන්නාව ‘ඩෝසන් කුලුන’ බැඳවූහ."

    සිළුමිණ පුවත් පත - 2017 අප්‍රේල් 8
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,785
    1
    58,032
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "කඩුගන්නාව ගල්පොත්ත විදිමින් ඩෝසන් සිංහලයන් මවිත කරවීය. ඔහුගේ සැලසුම් ඉංජිනේරුවන් පවා පුදුමයට පත් කළේය. ඔහුගේ සේවය අගයමින් 1829 ඩෝසන් රාජකීය විධායක ඉංජිනේරු ධුරයට පත් විය. මැලේරියාව නිසා දුර්වල වී සිටි ඩෝසන් පාචනය රෝගයත් වැලඳී ඔත්පළව වැඩ නිම වීමට පෙරම මළේය. මේජර් ෆෝබ්ස්ගේ විස්තර අනුව ඩෝසන් රෝගාතුරව මියගියේ 1829 දීය.

    ඩෝසන් මියගිය පසු ඔහුගේ සේවය ඇගැයීම් වස් ඩෝසන්ගේ මිතුරෝ පවුම් 343ක් එකතු කොට කොළඹ - නුවර පාරේ අසීරුම දුර්ගය වූ කඩුගන්නාව හෙළ මුදුනේ මුහුදු මට්ටමින් අඩි 1730ක් උසින් කඩුගන්නාව ගල්පොත්ත හා දුර්ගය කෙළවර අඩි 125ක් උසට කඩුගන්නාව ‘ඩෝසන් කුලුන’ බැඳවූහ."

    සිළුමිණ පුවත් පත - 2017 අප්‍රේල් 8
    I think its for remember him.
    like a memorial.

    podi kale rosa bus ekakin nuwara yanna set wuna oya gala yatin. :love: :love:

    eetapasse giya hama parama giye train eke.
    ------ Post added on Aug 31, 2023 at 7:11 PM

    රේල් පාරේ දිග මීටර් සිය ගානක්වූ බිං ගෙවල් හදපු සුද්දො කඩුගන්නාවේ අර පොඩි සිදුරක් හදපු එකට පුදුම වුනා කියලද මේ කියන්නෙ?
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    රේල් පාරේ දිග මීටර් සිය ගානක්වූ බිං ගෙවල් හදපු සුද්දො කඩුගන්නාවේ අර පොඩි සිදුරක් හදපු එකට පුදුම වුනා කියලද මේ කියන්නෙ?
    නැහැ තිබුන භූ විෂමතාව අනුව "බලන කපොල්ල" හරහා ඒ කාලේ තිබුණු තාක්ශනේ හැටියට නුවරට පාර කැපීම ලේසි නැහැ කියලා කියන්නේ මචන්. ඔය ගල විදිල්ල ඔකේ සංකේතයක් හැටියට ඉතුරු කෙරුවලු කරගෙන ආව වැඩේ දුෂ්කරතාවය උඩ රැටියන්ට පෙන්වන්න....:yes:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඩෝසන්ට කුළුණක් හදපු හේතුව තේරුනේ නෑ

    I think its for remember him.
    like a memorial.

    podi kale rosa bus ekakin nuwara yanna set wuna oya gala yatin. :love: :love:

    eetapasse giya hama parama giye train eke.
    ------ Post added on Aug 31, 2023 at 7:11 PM

    රේල් පාරේ දිග මීටර් සිය ගානක්වූ බිං ගෙවල් හදපු සුද්දො කඩුගන්නාවේ අර පොඩි සිදුරක් හදපු එකට පුදුම වුනා කියලද මේ කියන්නෙ?
    කඩුගන්නාව ගල් පර්වතය තියෙනකල්, ඒ ගල බිඳින්නෙ නැතුව කිසිම පිටස්තරයෙකුට නුවර රාජධානියට ඇතුලු වෙන්න බැහැ කියල මහනුවර රාජධානියෙ ජනතාව අතර අදහසක් තිබිල තියෙනව...

    ගල විදින්නෙ නැතුව පාර හදන්න පුලුවන්කම තිබුණත් ඩෝසන් මහනුවර ජනතාවගෙ ආකල්ප වලට කරපු අභියෝගයක් විදිහට තමයි
    කඩුගන්නාව ගල විදීම සැලකෙන්නෙ...
    කඩුගන්නාව මාර්ඝය තැනීමට අමතරව, ඩෝසන්ව සුදු ජනතාවගෙ ගෞරවයට පාත්‍ර වෙන්න ඒකත් එක හේතුවක් වෙලා තියෙනව...
     
    Last edited: