ගවමස්‌_අලෙවිය තහනම්

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    ගවමස්‌_අලෙවිය තහනම්

    වවුනියාව, අනුරාධපුරය, පුත්තලම, ත්‍රිකුණාමලය හා අම්පාර යන ප්‍රදේශවල කුකුළු මස්‌ හැරුණු විට එළු මස්‌, ගව මස්‌ හා ඌරු මස්‌ අලෙවි කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කොට ඇත.

    මේ පිළිබඳ චක්‍රලේඛය හා ගැසට්‌ නිවේදනය නිකුත් කොට ඇති බවත් එය මාස තුනක කාලයකට වලංගු වන බවත් සත්ව හා සත්ව නිෂ්පාදන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ඩී. ආර්. ටී. රත්නායක මහතා පැවසීය.

    ඉහත දිස්‌ත්‍රික්‌කවල ගවයන් අතර කුර රෝගය හා මුඛ රෝගය ඉතා ශීඝ්‍රයෙන් පැතිර යැම නිසා මේ තීරණය ගෙන තිබේ. උතුරු පළාතේ පරිසර හා සත්ව කටයුතු පිළිබඳ සහකාර අධ්‍යක්‍ෂිකා වෛද්‍ය තබෝදනී තේවනේසන් මහත්මිය ප්‍රකාශ කළේ උතුරු පළාතේ ගවයන් 60,000 කගෙන් 30,000 කට පමණ ගවකුර හා මුඛ රෝගය වැළඳී ඇති බවයි. රෝගය වැළඳුණු සතුන් අනෙක්‌ සතුන්ගෙන් වෙන්කොට රෝගය මර්දනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

    යම් හෙයකින් මාස තුනක කාලය ඉක්‌මයැමෙන් පසුව ද රෝගය එම ප්‍රදේශවලින් පහව ගොස්‌ නොමැති නම් මස්‌ විකිණීම පිළිබඳ වූ තහනම් ගැසට්‌ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට සිදුවන බව ද සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කොට සිටිති. :)

    Source : http://www.divaina.com/2014/02/25/news14.html
     

    Similar threads