ගවයෝ

Freeway90

Active member
  • Dec 2, 2011
    697
    89
    28
    Weligama
    ගවයෝ අපගේ හොඳ ම මිතුරෝ වෙති.

    “යථා මාතා පිතා භාතා අඤ්ඤෙ වාපි ච ඤාතකා
    ගාවො නො පරමා මිත්තා යාසු ජායන්ති ඔසධා”

    තේරුම: මවත්, පියාත්, සහෝදරයාත්, වෙනත් නෑයනුත් මෙන් ඇතුළත ඖෂධ හට ගන්නා ගවයෝ අපගේ හොඳ ම මිතුරෝ වෙති.

    “තතො ව දෙවා පිතරො ඉන්දො අසුරරක්ඛසා
    අධම්මො ඉති පක්කන්දුං යං සත්ථං නිපතී ගවෙ”

    තේරුම: පළමු කොට ගවයාට සැත යොදා මැරූ කල්හි දෙවියෝත්, බ්‍රහ්මයෝත්, ඉන්ද්‍රයාත්, අසුරයෝත්, රාක්ෂසයෝත් ‘අධර්මය උපනැ’ යි කියා හැඬූ හ.

    “තයො රොගා පුරෙ ආසුං ඉච්ඡා අනසනං ජරා
    පසූනඤ්ච සමාරම්භා අට්ඨානවුතිමාගමුං”

    තේරුම: පෙර ආශාව, කුසගින්න හා ජරාව යන ලෙඩ තුන පමණක් ම විය. එහෙත්, ගව ඝාතනය ඇරැඹුණු දා අටඅනූවක් (98) රෝගයාගේ පහළ වීම සිදු විය.

    “එසො අධම්මො දණ්ඩානං ඔක්කන්තො පුරාණො අහු
    අදූසිකායො හඤ්ඤන්ති ධම්මා ධංසන්තී යාජකා”

    තේරුම: නිදොස් දෙනුන් මරමින් යාග කරන්නෝ ධර්මයෙන් පිරිහෙන්නෝ ය. මේ වූ කලි දඬුවම් දිය යුතු අධර්මයෙකි.

    “එවමෙසො අණුධම්මො පොරාණො විඤ්ඤූගරහීතො
    යත්ථ එදිසකං පස්සති යාජකං ගරහතී ජනො”

    තේරුම: ගව ඝාතනය නම් වූ මේ පැරණි පාප ධර්මය නුවණැත්තන් විසින් ගැරහිය යුත්තකි. යම් තැනෙක ගව ඝාතකයෙකු දකී නම් දැඩි ව ගර්හා කළ යුතු.

    “අන්නදා බලදා චේතා වණ්ණදා සුඛදා තථා
    එතමත්ථවසං ඤත්වා නාස්සු ගාවො හනිංසු තෙ”

    තේරුම: මේ ගවයෝ අහර දෙන්නෝ ය. බලදානය කරන්නෝ ය. වර්ණය ද සැපය ද දෙන්නෝ ය යන මෙ කරුණින් ගවයන් නො නැසිය යුතු.

    (සුත්තනිපාතෙ චුල්ලවග්ගො බ්‍රාහ්මණධම්මිකසුත්තං)

    සිංහල බෞද්ධයින් විසින් ගවයන්ව බේරා ගන්නට තවත් හේතුවක් තමයි මෙම බුද්ධ දේශනාවට ගරු කිරීම. හරක් බේරගන්න කියල බුදු හාමුදුරුවෝ වදාරලා නෑ කියමින් බුද්ධ දේශනාව තම් බඩජාරි කම වෙනුවෙන් විකෘති කරමින් සමහරුන් කොච්චර පාපයක් කරගන්නවාද කියල දැන් තේරෙනවනේ.
    1625482_10152826422361934_4852207904090992417_n.jpg


    සම්පූර්ණ පාලි සූත්‍රය (මෙහි හත් වන සූත්‍රය බ්‍රාහ්මණ ධම්මික සූත්‍රයයි) http://tipitaka.org/sinh/cscd/s0505m.mul1.xml
    මූලාශ්‍රය:http://panchanajayasinghe.com/දහම් -පණිවිඩ/​